පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 21 වැනි ‘හරිත සටන’ මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට පානදුර රාජකීය විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 254 ක් රැුස්කරමින් ලකුණු 192 ක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කළ රාජකීය විදුහල් මැද පෙළ පිතිකරු 16 හැවිරිදි මාධව නිමේෂ් පන්දු 144 කදී හතරේ පහර 23 ක් සමගින් නොදැවී ලකුණු 143 ක් රැුස්කිරීමට සමත්ව සිටියේය. දඟ පන්දු යවන තේනුක ධනංජය (25/4) සහ කවිඳු අෂාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම ලකුණු 62 කට සීමා කිරීමට සමත් වූහ. හෙට (17) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි. ශාන්ත ජෝන් විදුහල ඕවර 29 කදී සියලූ දෙනා දැවී 62 (හර්ෂ චන්ද්‍රශාන් 15, තරිඳු විදුෂාන් 12, අසංක අල්විස් 8/2, තේනුක ධනංජය 25/4, කවිඳු අෂාන් 18/3) රාජකීය විදුහල ඕවර 56 කදී කඩුලූ 6 ට 254 (මාධව නිමේෂ් නොදැවී 143, කවිඳු අෂාන් 31, දමිඳු අෂාන් 19, හෂාන් විමුක්ති 17, අකිල ලක්‍ෂාන් නොදැවී 12, පසිඳු මධුෂාන් 71/3)
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාධවගේ (143*) ශතකයෙන් පානදුර රාජකීය පෙරමුණට