IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මධූෂ් ඇතුළු පිරිස ගැන ඩුබායි විමර්ශන අවසන්

(තරිඳු ජයවර්ධන සහ දිල්රුක්ෂි ග්‍රේරු)
 

මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ   විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි.
 
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි.
 
අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු කොකේන් භාවිතා කර නොසිටි බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.
 
මේ වන තෙක් කිසිම සැකකරුවකුට ඇප ලබා දී නොමැති අතර ඔවුහු බර්ඩුබායි පොලිසියේ රඳවා සිටිති. 
 
විමර්ශන අවසන් නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එරට පොලිසිය කඩිනම් තීරණයක් ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.



අදහස් (31)

මධූෂ් ඇතුළු පිරිස ගැන ඩුබායි විමර්ශන අවසන්

Asanka Sunday, 10 February 2019 03:28 PM

මධුෂ් මත්ද්‍රව්‍ය භාවිත නොකර සිටි නිසා ඔහුට විරුද්ධව ඇත්තේ හොර වීසා මගින් ඩුබායිහි සිටීම යන චෝදනාව පමණයි. ලංකාවේ ඔහු සිදු කළ මිනීමැරුම්, කුඩු ජාවාරම් වලට ඩුබායි අධිකරණයට දඬුවම් කළ නොහැක. ඩුබායි වල ඔහු කිසිම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් සිදු කර නොමැති නිසා ඉක්මනින් මොහු රටින් පිටුවහල් වේවි... ලංකාව වෙනත් රටවල් සමග අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම් හිතාමතාම අත්සන් නොකර සිටි නිසා අද ජාත්‍යන්තරයෙන් සහයක් ලබාගැනීමට නොහැකිව කොන් වී ඇත. ලංකාවේ දේශපාලකයින් සිටිනතුරු අපට කිසිදා නිදහසේ ඉන්නට නොලැබේවි..

:       7       706

akilaMonday, 11 February 2019 03:02 AM

අපේ අගමැතිතුමයි, ජනාධිපතිතුමයි අවුරුද්දේ 365 දවසෙම වගේ වෙනත් රටවල්වල එ් ගොල්ලන්ගේ රාජ්‍යනායක මිත්‍රයින් බලන්න යන විදිහට මන් හිතුව ඒ දෙන්නට එක කෝල් එකකින් ඕන වැඩක් කරගන්න පුළුවන් ඇති කියලා...

:       4       226

senaMonday, 11 February 2019 05:26 AM

අකිල කියන එකේ ඇත්තක් තියෙනවා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට ඔය කෙනාගේ සම්බන්දයක් තියෙනවා කියලා අර නාමල් කුමාර කියන කෙනා දැන් මාස ගානකට කලින් සාකච්චාවක් තියලා කිව්වා, නමුත් මමනම් දැක්කේ නැහැ ජනාධිපතිතුමා කිසිම ක්‍රියාවක් ගන්නවා.

:       3       60

janatha anura Monday, 11 February 2019 03:38 AM

පාතාල හිතවත් 6, පාතාල විරෝධී ජනතාව 137... ඕකයි තත්වේ.

:       0       13

kujithaMonday, 11 February 2019 03:21 PM

එම අවස්ථාවේ ඇතිවූ ගැටලුවක් මත ඉන්දීය ආගමන විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ටික දිනක් එරට බන්ධනාගාරයක සිටි බවටද වාර්තා ලැබී තිබූ අතර ඔහුව ඒ අවස්ථාවේ ලංකාවට ගෙන්වා ගැනීමට රජය සමත්ව තිබුනේ නැත.

:       0       2

smn Sunday, 10 February 2019 03:30 PM

අපි මේ ආසාවෙන් බලං ඉන්නේ ඔතන හිටින කුඩ්ඩො සෙට් එකේම ගෙල සිඳිනවා ඉක්මනින් දකින්නයි.

:       2       486

LashanSunday, 10 February 2019 11:51 PM

සරියා නීතියට ඔබත් ආසයිද

:       148       198

harryMonday, 11 February 2019 01:52 AM

හරියට හරි, කබරගොයා තලගොයා වූ වගයි...

:       139       42

sudeshMonday, 11 February 2019 04:34 AM

මේ වගේ අයට දඬුවම් දෙන්න මොන නීතිය වුණත් කමක් නෑ...

:       0       103

de silva berlin Sunday, 10 February 2019 04:02 PM

ලොකු මහත්මයා දැන්වත් කටමැත දෙඩවීම නවතා අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම වැනි ගිවිසුම් දැන්වත් අත්සන් කිරීමට කටයුතු කරන්න...

:       50       230

nimal Sunday, 10 February 2019 04:10 PM

ඔන්න පොලීසි ..... දවස් කීයද ගියේ වැඩේ ඉවරයි.

:       1       244

LashanSunday, 10 February 2019 11:52 PM

දැන් දැක්කද සිංහල රටේ සහ මුස්ලිම් රටේ වෙනස.

:       506       309

සමන්තMonday, 11 February 2019 01:25 AM

සිංහල රටයි, මුස්ලිම් රටයි නෙමේ මහත්තයෝ නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටයි, නීතිය අවනීතිය වූ ර⁣ටකයි තියෙන වෙනස.. රට බෞද්ධද, කතෝලිකද, මුස්ලිම් ද, හින්දුද, යුදෙව්ද නෙමේ වැදගත් නීතිය ක්‍රියාත්මක වෙනවාද? නැද්ද? යන්නයි...

:       39       860

harryMonday, 11 February 2019 01:51 AM

සමන් මහත්තයෝ, ඉතින් කියන්න බලන්න සිංහල බෞද්ධ ප්‍රෞඩ ඉතිහාසය රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න නැති හේතුව...!!!

:       273       283

don Sunday, 10 February 2019 04:25 PM

ලංකාව වෙනත් රටවල් සමග අපරාධකරුවන් හුවමාරු කරගැනීමේ ගිවිසුම් හිතාමතාම අත්සන් නොකර ඉන්නේ බොහෝවිට, දේශපාලකයින් හට හොරකම් කර මේ රටවලට ගොස් සැඟවී සිටීමේ අවස්ථාව ඉන් අහිමි වන බැවින් විය හැකියි.

:       0       423

jagath Sunday, 10 February 2019 04:29 PM

රාජපක්ෂලා එයාලගේ කට්ටියක් බේරගන්න දැඩි උත්සාහයකලු..

:       1018       928

BamunuarachchiSunday, 10 February 2019 05:49 PM

රනිලා රවී රාජපක්ෂලාට හෙල්ප් කරනවලු... ජෙප්පෝ පොස්ට්මන් වැඩේ කරනවාලු...

:       102       541

Janak Sunday, 10 February 2019 08:07 PM

මේ ඔක්කොම එකයි. දැන් ඔය ඔතන ඉන්න රයන් වැගන් ආර් ද මොකාද එකා මුකුත්ම දන්නේ නැති බබා. අර කීර්ති පස්කුවෙලුත් කලාකාරයන් ලංකාවට ගෙනත් ඔවුනට සහනයක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. නීතිය කියන්නේ හැමෝටම එකයි. කාලාකරයන්ට පොලිස්කාරයන්ට දේශපාලකයන්ට රණවිරුවන්ට පුජ්‍ය පක්ෂයට දොස්තරයන්ට කියා වෙනසක් නොවීය යුතුය. මේ අපරාධකාරයන්ට දෙන සහනයන් නිසා තමයි නිදහසෙන් පස්සේ රට සොමාලියාවටත් පහලින් නොදියුණු ගෝත්‍රික රටක් වෙලා තියෙන්නේ

:       1       524

ගල්කටස් Sunday, 10 February 2019 11:16 PM

කට අැරන් බලන් ඉමිමු මෙකෙද කරන්නෙ කියලා ඩුබායි පොලිස් වුණත් සමහර අය ෂුවර් නැහැනෙ අත්දැකීමි අැති දන්නො දනිති.මත් දව්‍ය භාවිතා කර නැතිනමි කල හැකි කිසිවක් නැත.

:       0       177

charles Monday, 11 February 2019 01:31 AM

මදුෂ් ලංකාවට ගෙනාවොත් මිනිහ නිදහස්...

:       0       86

Sriyal Monday, 11 February 2019 02:34 AM

කාර්‍යක්ෂමතාව ඉහළ පොලීසියක් අපේ රටටත් ආදර්ශයක්

:       0       19

jayath Monday, 11 February 2019 03:35 AM

‍මේ නාටකෙත් අවසානය පුස්සක්... මේ රටේ දේශපාලකයෝයි, පාතාලෙයි, කුඩු ජාවාරමයි ඉන්නේ "සමකෝනි ත්‍රිකෝණයකි ඔබත් මමත් "ඔබත් " තිදෙනා " කියාගෙන එක එදත් එහෙමයි අදත් එහෙමයි මත්කුඩුවලට නම ගෑවිච්ච අයව හෙලිකොප්ටර් වලින් ගිහින් ඉඹිණ, විවාහ උත්සවවලට පාතාලය, අනුග්‍රහය දක්වන දේශපාලකයන් ඉන්න මේ රටේ කවදාවත් ඕක නැතිවෙන්නේ නැහැ. පුදුම නැහැ. අවාසනාවන්තම දේ තමයි මදුෂ් එක්ක අහුවෙච්ච කලාකාරයන් හමගහන අය (මාධ්‍යයත් ඇතුළුව -- අර අය හරි කියනවා නෙමෙයි) මේ දේශපාලකයන් ගැන මිසක් නැති එකයි. අඩු ගණනේ විකල්ප මාධ්‍යයත් මේ ගැන නිහඬයි. මම ඉන්න මතය තමයි. මේක හරි යන රටක් නෙමෙයි...

:       0       25

sandy123 Monday, 11 February 2019 04:26 AM

මෙතන අදහස් වලින් පැහැදිලිවම ගම්‍ය වන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන විදිහ සහ රටේ පොදු ජනතාව බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන දරන මතය. සත්‍යයත් එයයි. ලංකාවේ දේශපාලනය මිනිසුන්ගේ සිත් වැදී තිබෙන ආකාරය මොනවට පැහැදිලි කරනවද? ජනතා සේවයේ මූලික පරමාර්ථය පසෙකලා මිල මුදල්, යාන වාහන, බලය සහ දුරාචාරවලට කෑදරවෙමින් හොඳ නොහොඳ තෝරා නොගනිමින් තමන්ගේ වාසිය පතාම දේශපාලන බලය භාවිතා කිරීම නිසා ඇතිවූ අනිසි ප්‍රතිඵල ඔඩු දුවා ඇති මෙවන් අවධියක සුන්දර පැහැපත් දේශපාලන ගමනක් ගැන පවා සිතීම සිහිනයක්ම පමණයි. තමන් අත මුදල් යහමින් ගැවසෙනවා නම් තමන්ට රිසිසේ ඕනෙම දෙයක් කර නීතියෙන් බේරීමට ඕනෑ තරම් නීතියේ මුර දේවතාවන් උදව් උපකාර කරන්න සැදී පැහැදී සිටින වගත් අප දනිමු. එය කොයි රටෙත් වන දෙයක් නමුත් ලංකාවේ එය උපරිමයට ඇවිත් වගද අප සිහියේ තබා ගත යුතුය. එමනිසා සිදුවෙන දෙයක් උපේක්ෂාවෙන් බලා අවශ්‍ය පැහැදිලි වෙනස ඊළඟ මැතිවරණයකින් නොපමාව ඉටු කරන මෙන් සියලුම ජනතාවගෙන් කාරුණිකව ඉල්ලමි.

:       0       5

sri lankikaMonday, 11 February 2019 06:05 AM

මෙයට කලයුත්තේ එකම දෙයය්, ඊලග මැතිවරණයේ මොවුන්ට චන්දෙ නොදී ඉන්න..

:       0       5

sandy123Monday, 11 February 2019 06:47 AM

පැහැදිලිවම මම ආයාචනය කරන්නෙත් එයමයි.

:       0       4

gayanthaTuesday, 12 February 2019 10:07 PM

දෙන්නම් ඇඬෙන්න

:       0       0

sumudu Monday, 11 February 2019 06:31 AM

ෂාහ්. මර ඉක්මන් නේ. ලංකාවේ පොලිසිය වගේමයි. අපි හිතුවේ අවුරුදු 3 ක් විතර රිමාන්ඩ් කරලා පස්සේ සාක්ෂි නෑ කියලා නිදහස් කරයි කියලා ලංකාවේ වගේ.

:       0       2

මංජුල බිරැට් Monday, 11 February 2019 06:39 AM

මෙකත් ෆෙස් බුක් එකට පොඩි චුන් එකක් දුන්න සින් එකක් ආන්ඩුවෙන් නම් කරපු කිසිම මගුලක් නෑ.

:       0       3

පෙරුමාල් Monday, 11 February 2019 07:05 AM

අපේ ඊ ළඟ පොදු ජනාධිපති අපේක්ෂකයා මධුෂ් වහාම ලංකාවට ගෙන්වන්න !!!

:       0       17

maarayaa Monday, 11 February 2019 07:42 AM

මෙම ජවනිකාව අතර ආණ්ඩුව අනිත් ඒවගෙන් කර අරිමින් සිටි. මෙම නාටකය හුදෙක් ජනමනයාගේ ඔලු වෙනතකට හරවන්න යෙදු උපායකි

:       0       7

jagath Monday, 11 February 2019 09:33 AM

ඊළඟ මැතිවරණයෙන් මාකදුරෙන් මදුෂ් මල්පොහට්ටුවෙන් ඡන්දේ ඉල්ලුවොත් අපි පුදුම වෙන්නේ නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 2 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 462 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 336 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 219 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 328 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 478 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 669 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site