(ජේ.කේ.එල්. චාමින්ද)
මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තුවලට අයත් වාහන 31ක් පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිතාකරණ බවටද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
විගණනය මගින් පෙන්වා දි ඇති ආකාරයට ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක්, පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 09ක්, පළාත් කෘෂිකර්ම දේපාර්තමේන්තුවට අයත් වාහන 06ක්,පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන 05ක්, පළාත් සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 04ක්, පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබුණි.
එමෙන්ම පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවට අයත් වාහන 01ක් , ආයුර්වේද දේපාර්තමේන්තුවට අයත් වාහන 01ක්, කෘෂිකර්ම අමාත්‍යංහයට අයත් වාහන 01ක් පිළිබදවද තොරතුරු අනාවරණය කර නොතිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.
වාහනවල තොරතුරු නිසි පරිදි පවත්වාගෙන යාමටත් අදාළ තොරතුරු රැස්කර ගැනිමටත් කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ තොරතුරු සොයාබලා වාර්තා කරන බවය.
මධ්‍යම පළාත් සභාවේ 2023 මුල්‍ය වර්ෂය වෙනුවෙන් මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.
ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
මිදිගම ,ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය
දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
මධ්‍යම පළාත් සභාවේ වාහන 31ක් අතුරුදන්
Shashika51 Tuesday, 17 September 2024 11:51 AM
මහීපාලගේ වතුවල තිබුණා.
Gaminirathna Tuesday, 17 September 2024 11:52 AM
මේ අතුරුදහන් කියන වාහන භරගාණක් තියෙනවා. හිටපු පළාත් සභා මන්ත්‍රී ගලේවෙල එල්. ඩී. නිමලසිරි ලඟ අවුරුදු ගාණක ඉඳන් මෙයා මේ වාහන තමන්ගේ පුද්ගලික පාවිච්චියට ගන්නවා. හොයන්න බලන්න කිසිම කෙනෙක් නෑ. රටේ සම්පත් වලට ගිය කලක්.