IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මැන්චෙස්ටර් කේතුමතී විහාරයේ කඨින පිංකම

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර කේතුමතී බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පුජෝත්සවය 15 වැනි වතාවටත් පැවැත්විණි.

කේතුමතී විහාරස්ථානාධිපති පිදිවිල්ලේ පියතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු පිංකම සඳහා බර්මින්හැම් නුවර ජේතවන විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ සංඝ නායක කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි, එම විහාරවාසී මාපලගම සෝරත හිමි, බෙරගම පියරතන හිමි, තිස්සපුර සුගතරතන හිමි,නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමි, ලෙස්ටර් බෞද්ධ විහාරවාසී මල්දෙනියේ චන්දාලෝක හිමි, මැන්චෙස්ටර් කේතුමතී විහාරවාසී ගල්පොතයයේ පේමානන්ද හිමි සහ පන්නල සුමන යන හිමිවරුන් වැඩම කළහ.

මැන්චෙස්ටර් නගරය අවට පදිංචි ශ්‍රී ලාංකික මෙන්ම අන්ජාතික බෞද්ධ සැදැහැවත්හු විශාල පිරිසක්ද සහභාගී වුහ.කේතුමතී දහම් පාසලේ දරුවෝ දෙමාපියෝ සහ දායකයෝ පිංකම සංවිධානය කළහ. වෛද්‍ය නාලිනී ගජවීර සහ බන්දුල ගජවීර පවුලේ සැමදෙනා ප්‍රධාන දායකත්වය දැරුහ.

තෙල්දෙණියේ අමිත හිමියන් විසින් කඨින චීවර පුජාවෙහි ඇති වැදගත්කම විස්තර කරමින් අනුශාසනාව පවත්වනු ලැබීය.  පිංකමෙහි වැඩකටයුතු ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වාගෙන යාම සඳහා උපකාරී වූ වැඩමකළ මහා සංඝ රත්නයට, විහාරස්ථානයේ දායක කාරකාදීන්ට, දහම් පාසලේ දරුදැරියන් සහ දෙමාපියන් හට සහ  පිංකමට සහභාගී වූ සියලු දෙනාටම උන්වහන්සේ පුන්‍යානුමොදනා කළහ.

තිස්සපුර සුගතරතන හිමි ඉංග්‍රීසි බසින් ධර්මදේශනාවක් කළහ. 

දහම්පාසලේ ඉගෙනුම ලබා අවසන් විභාගය සමත්වූ අයේෂා මැදගොඩ, ප්‍රභාශ ඔමාල් ජයවර්ධන, හරිනි රත්නායක, අයින්දා ගමගේ, අනුක්ෂා අමරසේන, ඉනූශි රණවීර සහ නධීර හෙට්ටිපතිරණහෙලගේ යන සිසු සිසුවියන්ගේ සහතික පත් ඔවුන් වෙත පිදිවිල්ලේ පියතිස්ස හිමියන් අතින් පිරිනමනු ලැබීය.

කේතුමතී විහාරස්ථාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධ විස්තර දිමුතු ජයවන්න විසින් ඉදිරිපත් කෙරුණි.

532898_10204362000784582_8847096989943192627_n 1016430_10204361998904535_7508844230031119526_n 1932193_10204362003384647_4309088522160758526_n 10394519_10204362000144566_1069511578942748110_n 10629635_10204362006344721_608965588958498566_n IMG_0464



අදහස් (0)

මැන්චෙස්ටර් කේතුමතී විහාරයේ කඨින පිංකම

රත්නායක Wednesday, 05 November 2014 10:04 AM

මෙය ඉතා සාර්ථකව ඉටු වුනේ , සැදැහැවත් ශ්‍රී ලංකා වාසීන්ගේ සහයෝගයත් සමහර බෞද්ධ විදේශිකයන්ගේ සහයෝගයත් නිසා , සිලල්ලන්ට ස්තුති කරමි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 271 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 112 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 162 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 179 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 161 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 68 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38364 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site