IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මැන්චෙස්ටර් වීරයා, ශී‍්‍රමත් ෆර්ගසන්, වසර 26 කට පසු ඉරිදා සමුගනී

එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඞ් පාපන්දු කණ්ඩායම පාපන්දු ලෝකයේ හිණි පෙත්තටම කැඳවාගෙන ගිය කළමනාකරුවා වන ශී‍්‍රමත් ඇලෙක්ස් ෆර්ගසන් හෙට (මැයි 12, ඉරිදා) දැඩිසේ හැගීම්බරව සිය අවසන් රාජකාරිය සඳහා සූදානම් වෙයි.

වසර 26 ක් පුරා මැන්චෙස්ටර් යුනයිටඞ් පිලේ අසහාය කළමණාකරුවා වූ ශී‍්‍රමත් ෆර්ගසන් මෙවර එංගලන්ත පාපන්දු සමය නිමාවත් සමගම සිය හද බැඳි කණ්ඩායමෙන් සමුගන්නේ බි‍්‍රතාන්‍ය ප‍්‍රධානතම පාපන්දු ලීග් ශූරතා 13 ක්, ශූරයන්ගේ කුසලාන දෙකක්, පාපන්දු සංගම් කුසලාන 5 ක්, ලීග් ශූරතා 4 ක්ද ඇතුළුව කුසලාන රාක්කයක්ම මැන්චෙන්ටර් යුනයිටඞ් පිලට ඉතිරි කරමිනි.

මෙය ඇදහිය නොහැකි දස්කමක් සේ ලෝපුරා පාපන්දු විචාරකයෝ පවසති.
ශී‍්‍රමත් ෆර්ගසන්ගේ අවසන් තරගයේදී මැන්චෙස්ටර් යුනයිඞ් පිලේ ප‍්‍රතිවාදීන් වන්නේ ස්වෝන්සී කණ්ඩායමයි. මෙම තරගය වඩාත් අවස්ථාවෝචිත එකක් වන්නේ මෙම තරගය අවසානයේදී මෙවරත් බි‍්‍රතාන්‍ය ප‍්‍රධානතම පාපන්දු ශූරතාවලියේ ජයග‍්‍රාහකයන්ට හිමි කුසලානය, තරගය අවසානයේදී මැන්චෙස්ටර් යුනයිටඞ් පිලට ප‍්‍රදානය කිරීම නිසාය.

කණ්ඩායම් 20 ක් සහභගි වන බි‍්‍රතාන්‍ය ප‍්‍රධානතම පාපන්දු ශූරතාවලියේ මෙවර තරග 36 කට සහභාගි වූ මැන්චෙස්ටර් යුනයිටඞ් පිල, තරග 27 ක් ජයගනිමින්, කුසලානය තමන් සතුකරගත්තේ සති තුනකට පමණ කලියෙනි. එහෙත් ස්කොට්ලන්ත ජාතිකයකු වන ශී‍්‍රමත් අලෙක්ස් ෆර්ගසන්ගේ අවසන් තරගයේදී මැන්චෙස්ටර් යුනයිටඞ් පිලට තවත් කුසලානයක් එක්වීම ඔහුගේ වසර 26 ක සේවය වෙනුවෙන් පිරිනැමෙන අමිල ත්‍යාගයක් වන නිසැකය.

මෙම තරගය දෙපිලටම එතරම් වැදගත් නොවේ. එහෙත් මැන්චෙස්ටර් යුනයිටඞ් පිලට නම් එය ශී‍්‍රමත් ඇලෙක්ස් ෆර්ගසන්ට අලංකාර සමුදීමක් සඳහාම නිර්මාණය වූ අගනා අවස්ථාවකි. එහි විශේෂත්වය වන්නේ වසර 26 ක් පුරා කිසිම කුසලානයක් දිනැගැනීමට අසමත්ව සිටි මැන්චෙස්ටර් යුනයිටඞ් පිල ශී‍්‍රමත් ඇලෙක්ස් ෆර්ගසන්ගේ ආගමනයත් සමගින් පුනර්ජීවයක් ලබා අති විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වීමත්, එතැන් සිට බි‍්‍රතාන්‍යයේ මෙන්ම යුරෝපයේත් අති විශිෂ්ට පාපන්දු කණ්ඩායමක් බවට පත්වෙමින් වසර ගණනාවක් පුරා යුරෝපා පාපන්දු පිටියේ අණසක පැතිරවීමයි.

ශී‍්‍රමත් ෆර්ගසන් සමුගැනීමත් සමගම මැන්චෙස්ටර් යුනයිටඞ් පිලේ කණමනාකරු ධූරයට එවර්ටන් පිලේ හිටපු කළමණාකරුවා වන ඬේවිඞ් මෝයිස් පත්ව සිටී. ඉතා දැඩි පාපන්දු කළමණාකරුවකු වශයෙන් නමක් දිනා සිටින ඬේවිඞ් මෝයිස් සහ මැන්චෙස්ටර් යුනයිටඞ් පිල අතර ඇතිකරගත් ගිවිසුම වසර 6 කි.

මේ අතර 71 හැවිරිදි ශී‍්‍රමත් ඇලෙක්ස් ෆර්ගසන්ගේ පුතණුවන් වන ඩැරන් ෆර්ගසන් මහතා පවසන්නේ තම පියා මැන්චෙස්ටර් යුනයිටඞ් පිලෙන් සමුගන්නේ කිසිදු සෞඛ්‍ය හේතුවක් මත නොවන බවයි.

”ඔහු අපිත් එක්කත් කතා කළා. ඔහු හිතන්නේ මේක සමුගන්න හොඳම වේලාව කියලයි. විශේෂයෙන්ම කිසිම ප‍්‍රශ්නයක් නැති වෙලාවක” යයි පීටර්බරෝ පාපන්දු කණ්ඩායමේ කළමණාකරුවා වන ඩැරන් ෆර්ගසන් පාපන්දු ලෝකයේ ජනපි‍්‍රය වෙබ් අඩවියකට ප‍්‍රකාශ කර තිබිණ.

ස්වෝන්සී පිලේ කළමණාකරු මයිකල් ලවුඩ‍්‍රප් පවසන්නේ ශී‍්‍රමත් ඇලෙක්ස් ෆර්ගසන් මැන්චෙස්ටර් පිලේ කළමණාකරු වන අවසන් තරගයේදී ඔහුගේ ප‍්‍රතිවාදියා වීම තමන් ලද ගෞරවයක් බවයි.

ශී‍්‍රමත් ෆර්ගසන් විසින් පාපන්දු පිටියේදී කළ කී දේ කිරීමට වෙනත් කිසිම පාපන්දු කළමණාකරුවකුට අපහසු වනු ඇතැයිද ලවුඩ‍්‍රප් මහතා පවසයි.

”අප හැමෝම දන්නවා අපට කවදා හෝ සමුගෙන යන්න වෙන බව. ඒත් ශී‍්‍රමත් ෆර්ගසන් නම් දිගින් දිගටම ඉන්න බවයි පෙනෙන්නට තිබුණේ”

”වසර කිහිපයකට ඉහතදීත් මේ ගැන (ශී‍්‍රමත් ෆර්ගසන්ගේ සමුගැනීම සම්බන්ධයෙන්) විවිධ කටකතා තිබුණා. ඒත් හදිසියේම ඒ බව ප‍්‍රකාශයට පත්කෙරුණේ අප සියලූ දෙනාම මවිතයෙන් මවිතයට පත්කරමින්” යයිද ලවුඩ‍්‍රප් පැවසීය.

”පුදුම සහගත දේ නම් ඔහු මැන්චෙස්ටර් යුනයිටඞ් පිල සමග වසර 27 ක් ගතකිරීමයි. ඒත් වෙන තැනකදී නම් වසර 10 ඉඳීමත් අසීරුයි”

”කොහොම වුණත් කුසලානයක් දිනාගැනීමෙන් පසුව ඉවත්ව යාම, සමුගෙන යාමට ඇති හෙඳම ක‍්‍රමයයි. යයිද ස්වෝන්සී පිලේ කළමණාකරුවා පැවසීය.

 



අදහස් (0)

මැන්චෙස්ටර් වීරයා, ශී‍්‍රමත් ෆර්ගසන්, වසර 26 කට පසු ඉරිදා සමුගනී

අරුණ Saturday, 11 May 2013 07:49 PM

සෑම ක්ෂේත්‍රයකටම ලොකු පුර්වාදර්ශයක් විශේෂයෙන්ම දේශපාලකයන්ට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 314 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 202 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 335 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1035 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2825 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 346 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site