ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමා සමඟ දේශපාලනමය ගැටළුවක් තිබෙනවා නම් විශ්වාසභංගයක් ගෙන ඒමට තිබූ බවත් එසේ නොකර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය කර පළාතේ මහ ජනතාවගේ සෞඛ්‍ය හා සමාජසේවා ආදී කෙරෙහි බලපෑම් වන සේ කටයුතු කිරීම මහජන නියෝජිතයින්ට නොගැලපෙන්නක් බවත් බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා කටයුතු අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
පසුගිය කාලයේදී ජාතික හෙළ උරුමය ගත් දේශපාලන තීන්දු තීරණ සම්බන්ධයෙන් විරසකව සිටි මන්ත්‍රී කණ්ඩායමක කුමන්ත්‍රණයක් ලෙස තම වැය ශීර්ෂය පරාජය කැරුණු බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ දී මන්ත්‍රීවරුන්ගේ ප්‍රාණ ඇපකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් නැතැයි කී අමාත්‍යවරයා ඉදිරියේදී තම පක්ෂය වන ජාතික හෙළ උරුමය සමගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගත් සාකච්ඡා කර ජනතාවගේ සුභසිද්ධිය උදෙසා තීරණයක් ගන්නා බව ද සදහන් කළේය.
ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් තනතුරු තාන්න මාන්න අත් හැරීමට වුවද තමා සූදානම් බවද ඇමතිවරයා පැවසීය.
බස්නාහිර පළාත් අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ බව පැවසුවේ ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයවීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මන්ත්‍රීන්ගේ ප්‍රාණ ඇපකරුවකු වෙන්න බෑ‘
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 23 December 2015 08:34 AM
රටට ආදරය කරන නියම ශීලාචාර මන්ත්‍රීවරුන් පත්වෙනතුරු මේ රටේ සුපිරි දේශපාලනයක් බලාපොරොත්තුවීම බොහෝදුරට සිහිනයක් පමණක් වියහැකිය. (නි)
සෝමපාල Wednesday, 23 December 2015 10:01 AM
ඔබට සුදුසුම ලැබිය යුතු දෙයම වී ඇති බව මගේ අදහසයි. ඉදිරියට තව හොඳ දේවල් බලාපොරොත්තුවෙන්න පුළුවන් (නි)
මුනිප්‍රිය Wednesday, 23 December 2015 01:41 AM
අනේ අපි නම් ඕවා දන්නෙ නැහැ මහත්තයෝ (නි)
දුමින්ද Wednesday, 23 December 2015 02:03 AM
රට ප්‍රාණ ඇපයට ගන්නත් එපා (නි)
යසපාල Wednesday, 23 December 2015 02:28 AM
මන්ත්‍රීධුරය තුටු පඬුරක් සේ ලැජ්ජාවකින් තොරව ලබාගත් අය අප අතර ඉන්නවා. ඒ වගේ අයට මිනිසුන්ගේ ශාපයෙන් ගැළවීමක් නැහැ. (නි)
සම්පත් පතිරණ Wednesday, 23 December 2015 03:06 AM
මම නම් හිතන්නේ මේ හැමකෙනාම ජනතාවගේ ප්‍රාණ ඇපකරුවන් වියයුතු බවයි (නි)
දිල්කි Wednesday, 23 December 2015 03:55 AM
කෙසේ නමුත් මෙය වැරදි පුර්වාදර්ශයක්. (කෞ)
තමර Tuesday, 22 December 2015 05:47 PM
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
නාමල් Tuesday, 22 December 2015 05:56 PM
ඔබේ කතාව අගය කරනවා (නි)
අනුපම Wednesday, 23 December 2015 07:07 AM
වැය ශීර්ෂයේ ඇති ජනතා හිතවාදී ප්‍රවණතා ගැන ත් කියන්න, කුමන්ත්‍රණයක් ද නැද්ද කියල ජනතාව තීරණය කරාවි. පරද්දලා තියෙන්නෙ යෝජනාව නෙව. (ස)