IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මන්ත්‍රීන් දෙදෙනෙකුට සැසිවාර හතක උපරිම තහනමක්?

පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා සිදුවූ ගුටිකෙළිය  සම්බන්ධයෙන් මන්ත්‍රීන් දෙදෙනකුට එරෙහිව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට වාර්තා කිරීමට ඉඩ කඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි කියයි.

වරප්‍රසාද කමිටුවට පැණවිය හැකි උපරිම දඬුවම විය හැක්කේ පාර්ලිමේන්තු සැසිවාර හතකට හෝ මාසයකට නොවැඩි කාලයක් සඳහා මන්ත්‍රීට තහනමක් පැණවීමයි.

මන්ත්‍රීන් පාර්ලිමේන්තු භූමියේ දී කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට හැර නීතිය ක්‍රියාත්මක කරන පොලිසියට හෝ කිසිම අධිකරණයකට බලයක් නැති බව නීති විශාරදයෝ කියති.

මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරියමහතාගේ නියමයෙන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල හා නියෝජ්‍ය කාරක සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහත්වරු වාර්තාවක් සකසා කතානායකට බාර දුන්හ. එම වාර්තාව කතානායකවරයා විසින් වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් පසු වරප්‍රසාද කමිටුව යෝජනාවක් සම්මත කර ගත යුතු අතර කතානායකවරයාට ඒ යෝජනාව අනූව පමණක් ක්‍රියා කළ හැකි බව ද පාර්ලිමේන්තු අණ පනත් වල සඳහන් වේ.



අදහස් (0)

මන්ත්‍රීන් දෙදෙනෙකුට සැසිවාර හතක උපරිම තහනමක්?

ට්‍රිෂාන් Wednesday, 04 May 2016 10:11 PM

මේ අයට මේ දඬුවම නම් හොඳටම මදි කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 04 May 2016 10:15 PM

භද්‍රානි, ජනතාව අකමැතිවෙලා ඉවත් කරපු අයට මොකද වුණේ? සමහර අය පස්ස දොරෙන් ආවා. සමහරු ඉස්සරහ දොරෙන්ම ඇතුළට ගත්තා (නි)

:       0       0

ඩිලාන් Thursday, 05 May 2016 12:34 AM

අපේ සීයලාට තිබුන දේශපාලන දැනුම අද අපේ තරුණ පරපුරට නැහැ. කාලයට ඔබින විදිහට මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී දෙන දඬුවමුත් වෙනස් කළයුතුය (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 05 May 2016 12:57 AM

සිල්වා, විජය, උපාලි, භද්‍රානි, ඔබ සියල්ලන්ගේ අදහස් ගරුකරමි. (නි)

:       0       0

ජනක Thursday, 05 May 2016 01:14 AM

මෙවන් සමාජයක නැවත නොඉපදේවා කියලා මම පතනවා. (නි)

:       0       0

බටගල Thursday, 05 May 2016 02:26 AM

මේකට සම්පුර්ණයෙන් වගකියන්න ඕනෑ හිස් මිනිසුන් පාර්ලිමේන්තු යැවූ අපිම නේද? (නි)

:       0       0

චන්න ප්‍රසන්න Thursday, 05 May 2016 02:36 AM

ඉවසුවා ඇති! යහපාලනය පැත්තක දාලා මේ චණ්ඩි කල්ලියට එරෙහිව දේශපාලන තීරණ ගන්න එක තමයි දැන් කළයුතු දේ. (නි)

:       0       0

එරන්ද Thursday, 05 May 2016 02:41 AM

මේ වගේ අය නිසා තමයි රට හදන්න බැරි (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 04 May 2016 12:02 PM

පක්ෂ පාට නොබලා දඩුවම් කරනවානම් අගෙයි.කාට, කාටත් එ්ක පාඩමක් වේවි. (බ)

:       0       0

මනෝජ් Wednesday, 04 May 2016 12:07 PM

කියන දේටනම් පොලිසියට මොනවත් කරන්න බෑ කියලා අහලා තියෙනවා. කරන දේටත් බැරිද? මිනිහෙක් මැරුවොත් මොකද වෙන්නේ. (බ)

:       0       0

රොෂාන් Wednesday, 04 May 2016 12:21 PM

1980 ගණන්වලදී එවකට පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වාසුදේව නානායක්කාරට සිහි නැතිවෙන්නම පාර්ලිමේන්තුවේදී පහරදුන්නා. දඬුවම් දුන්නද? (බ)

:       0       0

වීර Thursday, 05 May 2016 03:48 AM

පාර්ලිමේන්තුවේ වටිනා කාලය නාස්ති කරන්න අනවශ්‍ය ප්‍රශ්න මතුකරන පුද්ගයලයන්ටත් විනය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. (ර)

:       0       0

තාබුක් සිල්වා Wednesday, 04 May 2016 12:47 PM

වැරැද්ද අපේ මොකද?පාර්ලිමේන්තුවට අපි තෝරා පත් කර යවන්නේ නුගත් පුද්ගලයන් නිසා (බ)

:       0       0

විජය Wednesday, 04 May 2016 01:29 PM

එතකොට අර ෆොන්සේකා මහත්තයා කතාකරනකොට පාර්ලිමේන්තුව මැදට කඩා බිදගෙන ආව අයට විනය ක්‍රියා මාර්ග නැත්ද. ඒවා විනය විරෝධී නැත්ද. (බ)

:       0       0

උපාලි Wednesday, 04 May 2016 02:05 PM

දින හතක තහනමක්? වෙහෙරවල් ගිලපු අයට අග්ගලාවත් කජ්ජක්ද කිව්වලු. (බ)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 04 May 2016 02:36 PM

මන්ත්‍රී දෙන්නා කව්ද කියා කියන්න බැරිද ? (බ)

:       0       0

භද්‍රානි Wednesday, 04 May 2016 02:59 PM

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, හා සන්ධාන මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන මන්ත්‍රී වරු දෙදෙනා පාර්ලිමේන්තුවක් වැනි තැනකට තරම් සුදුසු නොවන බව මේ වන විටත් ඔප්පු කොට හමාරයි. එ්ත්, ඉතින් අපි මොනවා කරන්නද අපේ රටේ සම හරක් ජනතාව කැමති ඒ වගේ අයට නම්? (බ)

:       0       0

නසාර් Wednesday, 04 May 2016 03:03 PM

ගුටි කෙළගෙන මැරුනොත් මොකද වෙන්නේ .පැහැදිලි කිරීමක් කරනවද කරුණාකරලා ....(බ)

:       0       0

ඉසුරන්දි Thursday, 05 May 2016 04:47 AM

ඕවාට කලබල වෙන්න එපා දැන් . ඉදිරියටවත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න බලමු අපි. (ර)

:       0       0

රොහාන් දයාදර Wednesday, 04 May 2016 03:35 PM

එතකොට මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේදී තවත් මන්ත්‍රී කෙනෙක්ව ඝාතනය කළොත් ඒ මිනිමරුවාව පොලිසියට අල්ලලා දෙන්නේ නැතිද..? මාර පාර්ලිමේන්තුවක් නේ මේක. (බ)

:       0       0

විද්‍යා Wednesday, 04 May 2016 04:33 PM

පාසල් යන දරුවන් ඉදිරියේ පාර්ලිමේන්තුවේ බාධා කර කෑගහන අටටත් දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

අමිරා Wednesday, 04 May 2016 04:53 PM

උපරිමය සති හත නම්, නඩුත් නැත්නම් ඔක්කොම ගහ මරාගෙන හරි ජනතාවට සහනයක් දෙන්නකෝ (නි)

:       0       0

සමිත් Wednesday, 04 May 2016 04:58 PM

මට නම් හොඳටම විශ්වාසයි මේ දෙන්නම ඒකාබද්ධ විපක්ෂයේ කියලා. යුඇන්පී අය නම් කවදාවත් මේ වගේ වැඩ කරන්නේ නැහැ (නි)

:       0       0

චන්න Wednesday, 04 May 2016 05:28 PM

මහින්ද සමග නැගිටින්න ඉන්නේ මේ වගේ අය පමණයි (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 04 May 2016 06:00 PM

මේ සියල්ලටම හේතුව ඡන්දදායකයාකගේ නූගත්කමත්, දේශපාලනය නොදැනීමත්ය. අද පාර්ලිමේන්තුවේ බහුතරයක් පාර්ලිමේන්තුවට සුදුසු අය නොවේ. එනිසා මෙවැනි දේවල් නිසැකවම සිදුවේ (නි)

:       0       0

උමයංගනී Wednesday, 04 May 2016 06:15 PM

අනේ මන්දා මේවා දැකලා අපේ අනාගත පරම්පරාව මොන විදිහට හැසිරෙයිද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 0 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 124 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 97 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 809 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 22 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 76 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25315 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site