IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් තෙල් දීම නවත්වයි

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මන්ත්‍රීවරුන්ගේ වාහනවලට  පොලීසියේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන  වෙළෙඳපොළේ මිලට  ලබාදීමද අද ( 19) සිට අත්හිටවූ බව   විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

සමාජයේ වැරදි මතයක් ඊයේ රාත්‍රියේ ඉඳලා පළවෙනවා.  පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරැන්ට මේ වැරදි මතය නිසා බරපතල අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා. ඛණිජතෙල් සංස්ථාව මේ මොහොතේදීවත්, මීට පෙරදිවත් කිසිදු අවස්ථාවක කිසිදු මන්ත්‍රීවරයෙකුට වෙළෙඳපොළේ මිලට අඩු මිලකට කොහේවත් තෙල් මිලදී ගැනීම සඳහා ඉඩ සලසලා දීලා නෑ. ඒක මේ මොහොතේ දීලත් නෑ, මීට පෙර දීලත් නෑ, ඉදිරියේදී දෙන්නෙත් නෑ.

මේ පිළිබඳ අද සමාජයේ කථිකාවතක්  ඇති වෙලා තිබෙන්නේ ඉන්ධන අර්බුදය ඇතිවීමත් සමග. ඔබතුමා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා පසුගිය දවසේ පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරැන්ට ඒ අවශ්‍ය ඉන්ධන පහසුකම් ලබා ගෑනීම සඳහා යම්කිසි ඉඩකඩක් ලබා දෙන්න පුලුවන්ද කියලා. පොලිස් ස්ථානයේ පවතින ඉන්ධන පිරවුම්හලෙන් සාමාන්‍යයෙන් අලෙවියක් සිදු කරන්නේ නෑ. ඒ අදාල මුදල් ගෙවලා තමයි ඉන්ධන ලබාදීම පොලීසිය සිදු කරන්නේ. ඔබතුමාගේ ඉල්ලීම මත පොලිස්පතිවරයා අපෙන් ඉල්ලීමක් කළාම මේ අදාල දින කිහිපය පමණක් අත්පිට මුදලට ලබා දෙන්න කටයුතු කරන්න කියන එක ඛණිජතෙල් සංස්ථාව පැහැදිලිවම ඔවුන්ට ලිඛිතව අවසර ලබා දී තිබුණා . වෙළෙදපොළේ තිබෙන සිල්ලර මිලට පවතින කොන්දේසි යටතේ අත්පිට මුදලට ලබා දෙන්න කියලා. නමුත් බරපතල වැරුද්දක් කරලා තිබෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ ගරාජයෙන්. මේ තිබෙන ඩිස්පෙන්සර් එක යාවත්කාලීන කරලා නෑ. අවුරැදු තුන හතරක් යනකන්. මේ 121 සඳහන් වෙලා  තිබෙන්නේ අවුරැදු කිහිපයකට පෙර තිබුණු අගයක්. ඒ අනුව වහාම අත්පිට මුදලට වෙළඳපොළේ මිලට ලබා දෙන එකත් අද උදේ සිට නතර කරන්න ඔවුන්ට දැනුවත් කරලා තිබෙනවා. මේක යාවත්කාලීන නොකිරීම පිළිබඳ අපි පරීක්ෂණයක් පවත්වන්න කියලා තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ -

කතානායකවරයාගේ අවධානායට කොළ දෙකක් එවනවා. මන්ත්‍රීවරැන්ට රැපියල් 121ට ඩීසල් දෙනවා කියන එක පජාත වැඩක්. මගේ බල්ලෙක්වත් එතනින් ඩීසල් අරගෙනත් නෑ. ගන්නෙත් නෑ. ඒ නිසා අපිට මේ පොලිස් ගැරේජ් වලින් තෙල් ගහන්න ඕනී නෑ. මේක මහ පාහර, තුච්ච වැඩක්. මන්ත්‍රීවරැන්ට එහෙම දෙන්න එපා. අපිට ඕනි නෑ. කරැණාකරලා ඒක නවත්වන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ  මහතා:

ඔබතුමා යටතේ හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ම්ලේච්ඡ විදියට ඝාතනය කළා. ඒ ඝාතනයට වග කියන්න ඕනී මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ක් වන බූරු රැල. මේ පාර්ලිමේන්තුවේ වෛරය වැපිරැවා පසුගිය මාස දෙක තුනේම. මේ තෙල් පිළිබඳ ප්‍රශ්නය කතානායකතුමාගෙන්  මාස ගානකට කලින් අපි ඉල්ලුවා. අපි මාතර එහා කෙලවරේ ඉදලා එන්නේ. කොළඹ එනකොට පැය ගාණක් පෝලිමේ ඉදලා තෙල් ගහගෙන එන්න වෙන්නේ. කොළඹින් නැවත යනකොට තෙල් ගහන්න තැනක් නෑ.  තෙල් පෝලිමක් ළගින් තෙල් ගහන්න විතරක් නෙවෙයි මේ 225න් එකෙක්ට නිකන්වත් යන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. මැරැම් කන්න වෙනවා. ඒක නිසා මේ ජනප්‍රිය දේවල් කරන්න එපා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් -

දැන් මෙතන බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කිව්වා අපිට 121ට තෙල් හම්බ වුණා කියලා. මේ පාර්ලිමේන්තුවේ 224කට ඒ ගානට ලැබුණේ නෑ. එතුමට ලැබෙන්න ඇති. ඒ නිසා එතුමා ගත්ත වරප්‍රසාදය අපිට කියන්න එපා. අපි මහජනයාට දෙන මුදලටම තමයි තෙල් ගහ ගන්නේ. ඒ නිසා කරැණාකරලා වැරදි පුවත් මවන්න එපා.

බුද්ධික පතිරණ -

මම කිව්වේ නෑ කොහේවත් රැපියල් 121ට මන්ත්‍රීවරැ ඉන්ධන ගත්තා කියලා. මෙච්චරකල් මන්ත්‍රීවරැ තෙල් ගහ ගත්තා සාමාන්‍ය විදියට. පොලීසියට කියලා වෙනම තැන් හදලා පොලිම් නැතිව කරන මේ සෙල්ලම හොඳ නෑ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග -

කතානායකතුමාගෙන් ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ මන්ත්‍රීවරැ ඉල්ලීමක් කළා මේ සතියේ පාර්ලිමේන්තු එන මන්ත්‍රීවරැන්ට ඉන්ධන ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඒ අනුව ඔබතුමා මේ සතියට විතරක් පොලීසියේ ගරාජ් එකෙන් ඒක ලබා දෙන්න අවසර දෙන ලෙස ඉල්ලීමක් කළා. මෙතුමා මේ කථාව කෙසේ කිව්වත් 09 වැනිදා මේ රටේ භීෂණයක් ඇති වුණා. සිය ගණන් ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරැන් මැරැණා. පාරට බහින්න බැරි තත්ත්වයක් තිබියදී මන්ත්‍රීවරයෙකු පෝලිමක ඉදලා මේ වගේ සිද්ධියක් ඇති වුණොත් කවුද ඒකට වග කියන්නේ? ඒ නිසා තමයි අපි ඉල්ලීමක් කළේ මන්ත්‍රීවරැන්ගේ ආරක්ෂාව සඳහා මේ කටයුත්ත කරන්න කියලා. මේ වගේ වෛරය වැපිරැවොත් මන්ත්‍රීවරයෙකුට පාරට බහින්න බැරිවෙනවා.



අදහස් (1)

මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් තෙල් දීම නවත්වයි

Bonny Thursday, 19 May 2022 06:16 PM

ඕක කියන්න බයියන්ට...!

:       0       27

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1398 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1129 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 697 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 861 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 3811 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 423 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27272 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19208 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1875 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site