IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මන්ත්‍රීවරුන්ට මේ අවුරුද්දේ විමධ්‍යගත මුදල් නැහැ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකුටත් මේ වර්ෂයේදීත් විමධ්‍යගත   මුදල් වෙන් කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

දැන් මුදල් වෙන් කෙරෙන්නේ දිස්ත්‍රික් කමිටුවලට බවද ඔහු සඳහන් කළේය.

රණතුංග මහතා මෙසේ පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

මන්ත්‍රීවරුන්ට වඩා පොදුවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙස පසුගිය කාලේ ජනතාවගේ ඉල්ලීම වූ බවත් දිස්ත්‍රික් ණය කමිටුවලට   වෙන් කරන මුදල් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට යොමු කෙරෙන බවත් ඔහු  ප්‍රකාශ කළේය

ඒ මුදල් අනතුරුව ප්‍රාදේශීය කමිටුව හරහා ග්‍රාමීය කමිටුවලට යන බවද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රණතුංග මහතා මෙසේද කීවේය.

නැත්නම් මන්ත්‍රීවරු තමන්ට ඕන විදියට තමන්ට හිතවත් තමන්ට ඡන්දය දුන්න අයගේ  පාරවල් වලට විතරක් මුදල් වෙන් කරනවා. එතකොට පොදු සංවර්ධනයක් වෙන්නේ නැහැ. ඒකයි දිස්ත්‍රික්  සංවර්ධන කමිටුවට මුදල් වෙන් කරලා තියෙන්නේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 35ක් මම ඉන්නවා. හැමදාම මේක අපිට  හම්බවුණා.  ඔබතුමා මේක නැති කිරීම  අනුමත කරනවද.

කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා

නැහැ අවුරුදු තුනක් තිස්සේ දෙන්නේ නැහැ.

ප්‍රසන්න රණතුංග මහතා;

සංවර්ධන කමිටුවලට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලට  මෙතන ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා.



අදහස් (2)

මන්ත්‍රීවරුන්ට මේ අවුරුද්දේ විමධ්‍යගත මුදල් නැහැ

සල්ලි Friday, 12 January 2024 07:44 AM

උබලාගේ සංවර්ධන ව්‍යාපෘති නොකර උන්නානම් රට මීට වඩා සංවර්ධනය වෙලා බන්.

:       0       1

Athula Rathnayaka Friday, 12 January 2024 10:33 AM

වෙන්කල මුදල් මාස හයකින් අවසන් කරන්න කිව්වම තවත් විමධ්‍යගත මුදල් මොනවා කරන්නද .ඔය මුදල් වුනත් දිරවාගන්න බැරිවේවි. ඇත්තටම ජූලි වලට පෙර කරන්න කිව්වට තවමත් සැලසුම් සකසා නැතුව ඇති. ඉතින් ඒවා අවසන් වෙලා එනවිට අප්‍රේල් අවසන් ,වැඩක් කරන්න වෙලාව හොදටම මදි .ඔයින් වෙන්නෙ ජනතා මුදල් නිකරුණේ නාස්ති වෙනවා පමණයි .සාමාන්‍යයෙන් අයවැය සදහා මුදල් ප්‍රතිපාදන ඉල්ලන අවස්ථාවේ අදාල සැලසුම් ඉදිරිපත් කරන්නෙ නැහැ කියලා හිතෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 280 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 423 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 323 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1190 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1085 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5727 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site