(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටදැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
එසේම හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුපද අහෝසි කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමිනි.
අවුරුදු තිස් එකක් වයස තමාට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් විශ්‍රාම වැටුප නැති කළහොත් සමහර මන්ත්‍රීවරුන් බලයේ සිටියදී විවිධ දූෂණ ක්‍රියාවලට වැඩි වශයෙන් යොමු විය හැකි බවත් පසුගියදා පැවැත්වුණු එක්තරා සාකච්ඡාවකදී එවැනි සූදානමක් ගැන කතාවක් සිදුවී ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බවත් රාසමාණික්කම් මහතා පැවැසීය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් මොකටද
Perera Monday, 15 November 2021 11:58 AM
ජනාධිපතිකමටත් සුදුසු මෙතුමා පාර්ලිමේන්තුවේ සිටියම යුතු කෙනෙක් .භාෂා තුනම චතුර ලෙස පුළුවන් .ඇත්ත ඇති සැටියෙන් කතා කරන කෙනෙක් /නියම ශ්‍රී ලාංකිකයෙක්
Hafeel Monday, 15 November 2021 02:37 PM
මමත් ඔබගේ අදහසට එකඟයි.
FernandoMonday, 15 November 2021 04:48 PM
භාෂා තුනම චතුර ලෙස කතා කරන්න සියලුම මුස්ලිම් ඇමතිවරුන්ටත් පුලුවන්... ඇත්තෙන්ම ප්රජාතන්ත්රවාදී රටක තිබිය යුතු ප්‍රධාන සාධක අතර ප්‍රධානම වෙන්නේ නිදහස් මාධ්‍ය භාවිතයක් තිබීම හා ජනතාව දේශපාලන වශයෙන් බුද්ධිමත් වීම. මේ වගේ කොමෙන්ට් වලින් තේරෙනවනේ අපේ ඡන්ද දායකයන්ගේ බුද්ධි මහිමය. සාක්ෂරතාවය තිබුණාට දේශපාලන ගොන් හරක්. ඔය වගේ සුදනා මෝඩ් එකෙන් ඇවිත් කෙලල ගියපු අය කොච්චර ඉන්නවාද? මෑත ඉතිහාසේ නාගානන්ද කොරල ගියපු එක මතකයිනේ. ද්‍රවිඩ වුනත් බුද්ධිමත් මිනිස්සු හිටියා.. ලක්ශ්මන් කදිරගාමර් වගේ. ඒත් ඒ අයව මරා ගත්තනේ... දැන් ඉන්නේ කටකාර අන්තවාදීන්. මේ වගේ අයට පව් කියලා කියන්න තමයි තියෙන්නේ...
pakeerTuesday, 16 November 2021 01:06 AM
ඔබලා වගේ අන්තවාදී මිනිස්සුත් ඉන්නවානේ.?
Hafeel Tuesday, 16 November 2021 07:04 AM
වර්තමාන පාර්ලිමේන්තුවේ මම ගරුකරන්නේ ඉම්තියාස් බාකිර් මරික්කාර් සහ එස් එම් මර්ක්කාර් පමණයි. විශේෂයෙන්ම ඉම්තියාස් ඉතා සමබරව, අවංකව හැසිරන චරිතයක්. මේක තමයි අපිට අවශ්‍යයි.
Senarath Monday, 15 November 2021 12:01 PM
ඒ සේවය කරන්න හිතලා ආවා නෙමේනේ .දැන්එන උදවිය එන්නේ තමන්ගේ මදිය තර කර ගන්න නේ .ඒ න්සිආ වෙන්න ඇති ජේ ආර් උන්නැහේ විශ්‍රාම වැටුප දෙන්න හිතුවේ
RaveendraMonday, 15 November 2021 02:47 PM
ඇත්තෙන්ම මොහුගේ අදහස් නිවැරදිය. විශ්‍රාම වැටුප් පමණක් නොව වැටුප්, කිසිදු දිමනාවක්වත් ගෙවියයුතු නැත යන මතයේ අප නම් සිටින්නෝය. මක්නිසාදයත් අප කිසිවෙකු පට්ටියේ 226 අප වෙනුවෙන් මහජන සේවය කිරීමට පැමිණෙන ලෙස කොතැනකදීවත් කියා නම් නැත. මේ හරකුන් 226 තමන් විසින්ම අවලං මුණු සහිත පෝස්ටර් තමන්ගේ පක්කලියන්ගේ උදව්වෙන් අලවමින් ( වර්ණපාල න්‍යාය බාවිතාකරමින් ) ප්‍රසිද්ධියක් ඇතිකරගෙන බලු පොරයට ආවා නොවේද ? අවංකව මහජන සේවයට පැමිණෙන මිනිසාට කිසිදු දීමනාවක් හෝ පිනට වතුර විදුරුවක්වත් අවශ්‍ය නැති බව නම් කිව යුතුය. "එසේ අවංකව මහජන සේවයට පැමිණෙන මිනිසුන් මහජන මුදල් එක ශතෙක දෙයක් තමන්ගේ බඩට නොමිලේ දමාගන්නේ නැති බවත් මිහරකුන් 226 ම කීමට කැමැත්තෙමු". මෙම අදහස් පට්ටියේ මිහරකුන් 226ම කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා.....
B.M.R. BasnayakeTuesday, 16 November 2021 09:28 AM
සෙනරත්, විශ්‍රාම වැටුප දෙන්න යෝජනා කළේ ජේ ආර්. නොව එන් එම් පෙරේරා මහතායි. ජේ ආර්. ජයවර්ධන යුගයේ කළේ එය වසර 10 වසර 5 ට අඩු කරපු එක.
gagana Monday, 15 November 2021 12:14 PM
ඔව්, දැන් ඔය දේශපාලනය කරන නිළියන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේ මොනවා කළාටද?
විපරමා Monday, 15 November 2021 04:23 PM
අපි නොදන්න ඔවුන් කරන වැඩවලට.. නිළියෝ කියන්නේ නිකම්ද ?
මහසෙන් Monday, 15 November 2021 12:47 PM
අපෙන් ද ඒකත් අහන්නේ.මෙයත් පහුගිය කාලේ එක පාරටම මංපොර කතා කියන්න රුසියෙක් උනා.ඕක අපිට කිය කියා ඉන්නේ 225ම එකතුවෙලා අහෝසි කරනවලකෝ.
පිටිගල මිලානෝ Monday, 15 November 2021 01:02 PM
ඔබ වැනි උගත් තරුන ජවයක් අපිට අවශ්‍යයි. හොරු සහ හොර උගත්තු ප්‍රතික්ශේප කරමු.
ravin Monday, 15 November 2021 01:06 PM
නැහැ... විශ්‍රාම වැටුපක් අවශ්‍ය වෙන්නේ නැතිනම් මන්ත්රීකාලේ හොරකම් කරපු, පගාගහපු සල්ලි.. මන්ත්‍රීකම නැතිවුණායින් පසුව වියදම් කරන්න ක්‍රමවේදයක් නැතිවෙනවා. එකම නිදහස විශ්‍රාම වැටුප...
Shan Monday, 15 November 2021 01:09 PM
ඒකනම් සම්පූර්ණ ඇත්ත...
sharm warn Monday, 15 November 2021 01:19 PM
ඇත්තමයි.. ඔබ වගේ කෙළින් කතාකරන තව 4ක්, 5ක් ඔතන හිටියා නම් මේ අයව මට්ටු කරන්න තිබ්බා.. කොහෙද ඉතින් අර එක්කෙනෙක් වහලෙ කැඩිලා, අරක, මේක කිය කිය අඬන්නේ කිසිම විලි ලැජ්ජාවක් නැතිව...
Chinthaka Monday, 15 November 2021 01:50 PM
ඔබ ද්‍රවිඩ ජාතිකයෙක් වුණාට, ඉතාම වටිනා අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමාට සුබ පතමි..
AsithMonday, 15 November 2021 04:40 PM
අපේ අයව අමුතුවෙන් අන්දන්න ඕන නෑ. ඔයාලා වගේ අයට රෙද්ද දුන්නාම තමන්ම මහගෙන ඇඳ ගන්නවා. හරිම ෂෝක්. ඔවුන් හැමතැනින්ම හිනා වෙනවා ඇති. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියන්නෙ නිකන් නෙමේනේ.
naleen Monday, 15 November 2021 02:02 PM
ඒ මිනිස්සු තමන්ගේ සේසතම වියදම් කරලා ජනතා සේවය කරලා අන්තිමට එතුමන්ලාට ජීවත් වෙන්න යම් දීමනාවක් දෙන එක අපේ යුතුකමක්...
sharm warnMonday, 15 November 2021 03:47 PM
සේසතම වියදම් කරලා? කෝ කවුද කරපු එක්කෙනාව පෙන්නන්නකෝ බලන්න. හරි හමන් අධ්‍යාපන සුදුසුකමක් නැතිව රටේ ඉහළම බලතල භුක්ති විඳින පෙරේත හැතිකරයක් විතරයි ඉන්නේ. අඩුගානේ එයාලගේ සැප වාහන වල ටයර් එකක් අපේ මාසික පඩිය තරම්...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 November 2021 03:02 PM
ඇත්තටම,පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටද නේද ? තියෙන සුර සැප සම්පත් හොඳටම ප්‍රමාණවත්.
ගමේ එකාලා Monday, 15 November 2021 03:52 PM
පැරදුණාම ගසාකාලා හොයාගන්න විදියක් නැති නිසා අනාගතයේ දැක්ම ගැන හිතපු සත්ගුණවත් නායකයෙකුගේ වැඩක්...
ලේක්කෝ ගලබඩ Monday, 15 November 2021 04:03 PM
මේ රාසමානික්කම් තරුණ මන්ත්‍රීවරයාට සිංහල චතුර ලෙස පුලුවන් අපේ අයවැය කියපූ කෙනාට වැඩිය....
Demuni Uduwara Tuesday, 16 November 2021 02:15 AM
විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ඩබ්ලිව් දහනායක, චෙල්වනායගම්, ටී බී ජයා වැනි සාමාජිකයන් දැන් නැත!