IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘මන්ත්‍රීවරුන් කරන්නේ වැඩකට නැති කතා‘ - විදුර

‘අද ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී නැගිටලා කතා කරන්නේ මොනවද? කිසිම හරයක් තියෙන දේවල් නොවෙයි. මේ රටේ මිනිසුන් දහස් ගණනක් බලාපොරොත්තු තියාගෙන මැතිවරණයකදි කතිරය සලකුණු කර පාර්ලිමේන්තුවට යවන්නේ මේ වැඩකට නැති කතා කියන්නද? ‘ යි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා කීවේය.



අදහස් (0)

‘මන්ත්‍රීවරුන් කරන්නේ වැඩකට නැති කතා‘ - විදුර

රනිල් Thursday, 14 April 2016 02:37 AM

දැන් ඉන්න ආණ්ඩුවේ වැඩි දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නේ විහිලු සපයන්න විතරයි. මේ ගොල්ලන්ට මෙච්චර පහසුකම් හා වැටුප් දෙන්නේ මොනවා කරනවටද කියලා හිතෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් කී දෙනෙක් ජනතාව ප්‍රතික්ෂේප කරලා ජාතික ලැයිස්තුවෙන් රිංගපු අයද? මේ රටට වෙන දේ ගැන හරිම දුක හිතෙනවා. (නි)

:       0       0

නිල්හාන් Thursday, 14 April 2016 02:42 AM

මෙච්චරකල් ඉඳලා දැන්ද මතක්වුණේ? කාගේත් ඇති වෙනසක් නැහැ. කලින් ආණ්ඩුවේ ඉඳලා මොනවද කළ වැඩක් ඇති දේ? (නි)

:       0       0

කපිල Tuesday, 12 April 2016 03:12 PM

අපේ විදුර මහත්තයා හරි. (නි)

:       0       0

මංගල වේලාරත්න Friday, 15 April 2016 02:14 AM

1977 පස්සේ බලයට අාවේ හොඳ අයට වඩා හිස් මොළකාරයන්. සමාජයට වැඩක් නැති ජාවාරම්කාර හොරු. හැමෝම නම් නොවේ. පේනවනේ දැන් පෝලිමේ ඉන්න හැටි (නි)

:       0       0

ආනන්ද Wednesday, 13 April 2016 08:11 AM

ඔය ටික තේරෙන්න ගිය කලක්. අනික දැන් පාර්ලිමේන්තු යන්නේ වැඩකට ඇති දේවල් කතාකරන්නම නොවෙයිනෙ. (නි)

:       0       0

දුමිඳු Wednesday, 13 April 2016 08:41 AM

ඔබතුමා ගැන පමණයි අපිට බලාපොරොත්තුවක් ඇත්තේ (නි)

:       0       0

නන්ද Tuesday, 12 April 2016 06:06 PM

ඕනෑම කෙනෙක් යමක් කරන්නේ තමන්ගේ දැනුමේ හැටියට, එහෙමත් නැත්නම් තමන්ට තිබෙන ඥාන ශක්තියේ තරමට. (නි)

:       0       0

නිම්මි Wednesday, 13 April 2016 09:05 AM

අනේ ඒකට අපේ අගමැතිතුමා. එතුමා නම් හරි ලස්සනට කතා කරනවා. (නි)

:       0       0

ඩිලාන් Wednesday, 13 April 2016 09:07 AM

හරයක් නැති උගත්කමක් නැති දේශපාලන කතා ප්‍රවෘත්ති කියන වෙලාවට ඇතුළත් කරන්න අවශ්‍යම නම් ප්‍රවෘත්ති අවසානයට යොදන්න. (නි)

:       0       0

හේවා Tuesday, 12 April 2016 06:14 PM

ඔබතුමාගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)

:       0       0

සොපි Thursday, 14 April 2016 06:13 AM

කාටවත් දොස් කියල වැඩක් නැහැ .අපේ මිනිස්සුම තමයි බත් පැකට් එකට ,සුළු මුදලකට , නුසුදුස්සන්ට මනාප දීලා පාර්ලිමේන්තු යවන්නේ (ම)

:       0       0

පෙරේරා Tuesday, 12 April 2016 06:39 PM

මෙතුමා කලින් පාර්ලිමේන්තුවේ ඉඳලා නැහැ වගේනේ. (නි)

:       0       0

උපුල් Wednesday, 13 April 2016 10:03 AM

කාගේත් වැඩි වෙනසක් නම් අපි දැකලා නැහැ (නි)

:       0       0

කොස්තා Tuesday, 12 April 2016 08:41 PM

ඔබතුමා පමණයි මෙහෙමවත් කෙළින් කතාකරන්නේ (නි)

:       0       0

අංජලි Wednesday, 13 April 2016 11:10 AM

ඔබතුමා කියන දේ හරි (නි)

:       0       0

අමිත් Wednesday, 13 April 2016 11:11 AM

අපේ සුන්දර මව්බිමේ අසුන්දරම දෙය දේශපාලනයයි. දුෂිතම දෙය දේශපාලනයයි. කුහකම, පව්කාරම, නපුරුම, නූගත්ම අය දේශපාලකයෝයි. (නි)

:       0       0

ජයසිරි Tuesday, 12 April 2016 09:43 PM

මමත් එකඟ වෙනවා ඔබතුමාගේ කතාවට (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 13 April 2016 11:25 AM

මේ තත්වයට වගකියන්න ඕනෑ ඡන්දදායකයෝ. දියුණු රටවල ඡන්දදායකයෝ කතිරය ගහන්නේ මනාප ලැයිස්තුවේ ඉන්න උගත් වැදගත් යමක් කරන්න පුළුවන් කෙනෙකු තෝරලා. මෙහෙ කතිරය ගහන්නේ පවුල්වාදය, පක්ෂය, පාට, මැරකම, මුදල් බලය වැනි සාධක සැළකිල්ලට අරගෙන (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 13 April 2016 12:08 AM

ඕකත් කියන්න දෙයක්ද? නවසිය හැත්තෑව, නවසිය අසුවෙන් පස්සේ අපේ පාර්ලිමේන්තුවට ගියේ කොටින්ම හොරු රැලක්. මේ අතර ගොහොරු මඩේ තිබෙන නෙළුම වගේ මඩෙන් උඩට මතුවෙලා බැබළෙන පියුම වගේ පිරිසිදු, උගත්, රට ජාතියට වැඩදායි මැති ඇමතිවරු කීපපොලකුත් ඉන්නවා අපේ වාසනාවට (නි)

:       0       0

සඳරුවන් Wednesday, 13 April 2016 01:13 AM

මෙතුමා කියන්නේ සම්පූර්ණ ඇත්ත (නි)

:       0       0

මුණසිංහ Wednesday, 13 April 2016 01:21 AM

මෙතුමා අගය කළයුතු කෙනෙක්. ජනතාවාදී අදහස් ඇති කෙනෙක්. (නි)

:       0       0

ජනක Wednesday, 13 April 2016 01:57 AM

පිටබැද්දර ජයා, ඔබ හරියටම හරි. වැරැද්ද පක්ෂ නායකයෝ. නායකයෝ හොරු සහ මෝඩයෝ ඉදිරිපත් නොකළ යුතුයි. එතකොට ජනතාව හොරුන්ට සහ මෝඩයන්ට ඡන්දෙ දෙන්නේ නැහැ. (නි)

:       0       0

කෝනාර Wednesday, 13 April 2016 02:12 AM

වැඩකට ඇති කතා කරන්න උගත්කමක් තියෙන්න එපායැ. දියවන්නාවේ ඉන්න අයගෙන් කිදෙනෙක් සා/පෙළ සහ උ/පෙළ අසමත්ද? අපේ රටේ උගත් ජනතාව පාලනය කරන්න සහ නීති හදන්නට ඉන්නෙ සා/පෙළත් අසමතුන් නම් ඉතිරි හරිය ගැන කවර කතාද? (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 13 April 2016 02:13 AM

අපි එයාලව තෝරලා පාර්ලිමේන්තු යවන්නේ ඔයවගේ කතා අහන්න තමයි. අැයි ඕක ඔබතුමාට තේරෙන්නේ නැත්තේ? (නි)

:       0       0

සමාධි Wednesday, 13 April 2016 02:14 AM

පක්ෂ වලට වගකීමක් තිබෙනවා හොරු දූෂිතයො සහ නූගතුන් ඉදිරිපත් නොකරවිමට. එය වෙන්නෙ නැහැනේ. ඕනෑම කෙනෙකුට නාමයෝජනා දෙනවා. හරිහමන් අපේක්ෂකයො දාන්නෙ නැති පක්ෂ වලට පාඩමක් ඉගැන්විම මාධ්‍ය සහ ජනතාව සතු යුතුකමකි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 13 April 2016 02:27 AM

ඒ කියන්නේ එදා සිටි මන්ත්‍රීවරු කලේ ඔක්කොම වැඩකට ඇති කතාද? කීයෙන් කීදෙනාද අඩු වශයෙන් වැදගත් විදියට කතාකරන්න දන්නේ? අපට මතකයි සමහර දිගුකාලිනව මහජන සේවයට කැපවුණා කියන අය කුණුහරුපෙන් සභා ගැබේ හිටි අයව අමතපු හැටි. (නි)

:       0       0

සුදත් Wednesday, 13 April 2016 02:50 AM

හරියට කතා කරන්නවත් දන්නෙ නැති කිසිම උගත්කමකුත් නැති මේ වගේ අයව ඇයි ජනතාව පුම්බන්නේ? මල්මාලා දාලා, ගරු කියලා කෑල්ලක් දාලා වැඳ වැටීගෙන යන්නෙ. ඇයි එහෙම කරන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 13 April 2016 01:44 PM

කාටවත් බැනලා ඇති වැඩේ මොකක්ද? මෙයාලව ඔතනට ඔසවලා තියන්නේ අපිමනේ. (නි)

:       0       0

නිර්මාල් Wednesday, 13 April 2016 03:12 AM

පඩියට වැඩ කරන, විශ්‍රාම වැටුප් තියෙන, ඉන්ධන දීමනා ඇතුළු සියළු දීමනා සහ වරප්‍රසාද ලබන දේශපාලඥයා ගැන අපි හොඳට දන්නවා (නි)

:       0       0

සෙනරත් Wednesday, 13 April 2016 03:46 AM

ඔබතුමා හරි. ඔබතුමාගේ ප්‍රතිපත්ති වලට අපි ගරු කරනවා. (නි)

:       0       0

ධම්ම Wednesday, 13 April 2016 04:23 AM

මැතිවරණ වේදිකා ගානේ කළ කතා අහලා තමයි මොවුන් පාර්ලිමේන්තුවට යැවුවේ. ජනතාව ඒ කතාවලට ආසයි. (නි)

:       0       0

ජෝන් Wednesday, 13 April 2016 04:47 AM

ඔබතුමාගේ කතාව කාලෝචිතයි. මැතිසබේ අනික් අයට මේවා තේරුනොත් හොඳයි. ඔබතුමාගේ පියාත් කෙළින් කතාකළ කෙනෙක්. (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 13 April 2016 04:50 AM

මොවුන් හොරකම් කරලා අහුවුණාම අපිම පෙළපාලි යනවා අපේ ඇමතිතුමා බේරාගනියව් කියලා. ඊටපස්සේ ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවනවා රට හදන්න කියලා. පාර්ලිමේන්තු ගියාම ඔවුන් දන්නවා අපි වගේ මෝඩ මීහරක් ඉන්නතුරු ඔවුන් මොන දේ කළත් අපි ඔවුන්ට දෙවියන්ට වගේ සළකනවා කියල. අපිට තමයි ඉතින් ගහන්න ඕනෑ මඩුවලිගෙන්. (නි)

:       0       0

හිමාල් Wednesday, 13 April 2016 04:17 PM

හරි, සාරවත් කතා කිව්වා කියමුකෝ. ඒත් ජනතාව ඒවටද තැන දෙන්නේ? නැත්නම් මෝඩ විහිළු කතා වලටද? (නි)

:       0       0

නිශා Wednesday, 13 April 2016 05:39 PM

පාර්ලිමේන්තුවේ සමහර ලොකු තනතුරු වල ඉන්න අයත් වැදගත් විදියට වැදගත් දේවල් කතාකරන්න දන්නේ නැතිකොට පොඩි අය ගැන මොන කතාද? කෝනාරගේ සහ සුදත්ගේ කතා හරියටම හරි. (නි)

:       0       0

රොකී Monday, 18 April 2016 01:25 AM

මුළු ජනතාවම ඒගොල්ලන්ට ගෙවන්නේ පරණ ණයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 38 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 49 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 149 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 31 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 261 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 209 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site