(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රීවරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ කමිටු දෙකකින් පසුගියදා ඉල්ලා අස්වූහ.
මහාචාර්ය රංජිත් බණ්ඩාර, එස්. බී. දිසානායක සහ ධම්මික පෙරේරා යන මහත්වරු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (5) දැනුම් දුන්නේය.
එම ඉල්ලා අස්වීම් හේතුවෙන් ඇතිවූ කමිටුවේ පුරප්පාඩුවලට නිමල් ලාන්සා සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරුන් සහ මංජුලා දිසානායක මහත්මිය පත් කරන ලද බවද කතානායකවරයා දැන්වූයේය.
මේ අතර මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පත් කරනු ලැබ ඇතැයිද කතානායකවරයා සඳහන් කළේය.
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී
රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු
ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මන්ත්‍රීවරු 4ක් කමිටු 2කින් අස්වෙති
සෑම් Tuesday, 05 September 2023 02:01 PM
ආර්ථිකය සමනය කරන කමිටුවට ලන්සා ව දැම්මේ කුඩු විකුණලා පහසුවෙන් ආර්ථිකය සමනය කරගන්න හැටි උපදෙස් ගන්න වෙන්න ඇති
Rata Perata Tuesday, 05 September 2023 05:34 PM
මොවුන් ඔක්කෝටම පිස්සු... රටේ ඉන්න උගත්, බුද්ධිමත් පිරිසට පාරට බහින්න කාලයයි මේ.. නැතිනම් මේ නූගත් කාලකණ්ණි ටික අපේ රට නැති කරලාම දානවා.