IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


මන්ත්‍රීවරු 50ක් තෙල් නැතුව ගම්වල හිර වෙලා

 

(සුජිත් හේවාජුලිගේ)

ඉන්ධන සොයාගත නොහැකිවීමෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක්ද  විවිධ අවශ්‍යතා සඳහා කොළඹට පැමිණීමට නොහැකිව  සිය ගම්බිම්වල කොටුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

මින් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මන්ත්‍රීවරු වෙති.

මේ තත්වය හේතුවෙන්  සමහර මන්ත්‍රීවරුන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවට පැමිණියේද  හිතවතුන්ගේ වාහනවලින් සහ  බස්රථ  හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාර්ගවලිනි.

තවත් සමහර මන්ත්‍රීවරුන් ඉන්ධන ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස   සහභාගි වූයේ පාර්ලිමේන්තුවේ එක රැස්වීමකට පමණි.

එසේම ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මන්ත්‍රීවරුන්  පසුගිය දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වූයේද  ඉතා අඩු වශයෙනි. පාර්ලිමේන්තු සභාගර්භයේ මන්ත්‍රීවරුන්ගේ සැලකිය යුතු අඩුවක් මෙනිසා අපට දැකගත හැකිවිය.

ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දැන් බොහෝ දෙනා පාපැදි යොදා ගත්තත්  ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න පවතින හෙයින් පාපැදියෙන් ගමන් කිරීමට හැකියාවක් නැතැයි  මන්ත්‍රීවරු  කිහිප දෙනෙක් ලංකාදීපයට පැවසූහ.

ඈත දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට එක් වාරයක් පැමිණීමට ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන්  රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වන බවත් එම අධික ඉන්ධන මිල  තමන්ගේ ආර්ථිකයට දැන්  දරාගත නොහැකි බවත්  ඔවුහු පෙන්වා දෙති.



අදහස් (8)

මන්ත්‍රීවරු 50ක් තෙල් නැතුව ගම්වල හිර වෙලා

ravin Friday, 08 July 2022 11:26 AM

කියලවත් කරගන්න බැරි වැඩක් . ඉතිරි අයගෙත් තෙල් ටික ඉවර කරන්නකො. සක්කිලි මඩුවක් කරලා තියන උත්තරිතරයි කියන තැනට යන වියදම සම්පුර්යෙන්ම ඉතුරුයි. දවසට කෝටි 9, මාසෙට කෝටි 270යි, අවුරුද්දට කෝටි3276. කොහොමද ඉතිරිය?

:       0       6

Sahan Friday, 08 July 2022 11:57 AM

උන්නම් මැරිලම යන්න ඕන . !!!

:       0       8

sharm warn Friday, 08 July 2022 12:50 PM

ඉතාම යහපති. ඔවුන්ට පොදු ප්‍රවාහන සේවාවල ගුණ අගුණ බලාගන්නත් එක්ක එහෙම වෙන්න ඕනෑ.. කළින් දවසේ බස්, කෝච්චියෙන් ඇවිල්ලා අර නිලනිවසේ නැවතිලා පහුවදාට පාර්ලිමේන්තුවට පොඩි වෝක් එකක් දාන්න විතරයිනේ තියෙන්නේ. මහජන සේවය නම් ඒ විදිහට තියෙන්න ඕනෑ. මෙතන සුපිරි සැප සහ සුපිරි ආදායම් භුක්ති විඳින්න බලන් ඉන්නේ නැතිව.

:       0       5

දාස Friday, 08 July 2022 12:57 PM

එහෙම්ම ඉන්න අරින්න... පව්කාර රැළ..!

:       0       4

ගජමිතුරු Friday, 08 July 2022 01:44 PM

මම දවසක් තරුණයෙක්ගෙන් ඇහුවා දැන් විදුලිය බිල් එවන්නේ නැහැ කියනවා නේද කියලා? මිනිහා කියනවා ජේආර් ගේ විවෘත ආර්ථිකය නිසා දැන් කඩදාසි ගෙන්වන්න ක්‍රමයක් නැතිනිසා බිල් එවන්න ක්‍රමයක් නැහැ කියනවා කියලා. ජේ.ආර් පළාත් සභා ඇතිකර රට අගාධයකට යොමුකළ බව සත්‍යයක් රටේ සමහර කර්මාන්ත වැසුණු එකත් සත්‍යයක්... නමුත් ප්‍රශ්නය ගෝඨාභය රජවෙනතුරු ප්‍රශ්නයක් නොවුණු විවෘත ආර්ථිකය ජේ.ආර් මියගොස් අවුරුදු විසිගණනක් ගෙවිලා තිබියදී කඩදාසි ප්‍රශ්නය ඇතිවුණේ කොහොමද කියලයි. මෙහෙම අදහස් තියෙන මොට්ටයින් සිටිනතුරු මේ රට නම් හදනවා බොරු..!

:       2       3

ගමේ එකාලා Friday, 08 July 2022 02:01 PM

එලොවටත්, මෙලොවටත් වැඩක් නැති දේශපාලුවන්..., ජනතා මුදල් කාබාසිනියා කරන දූෂිතයින්...

:       0       3

Kalinga Friday, 08 July 2022 02:56 PM

ඔච්චර දුක් විඳලා පාර්ලිමේන්තු ඇවිත් ජනතාවට සේවාවක් කරනවාට වඩා ඉල්ලා අස් වුණා නම් හරිනේ.. ඒත් අයින් වෙන්නෙත් නෑනේ...

:       0       0

මාසික පඩිය Friday, 08 July 2022 04:54 PM

මාසික පඩිය රු 60,000..! විදුලිය..පෙට්‍රල්.. ෆෝන් දීමනා රු 60,000 හා ආරක්‍ෂක බොඩිගාඩ් දෙන්නාට මාසික ගෙවීම රු 80,000 ...! පාර්ලිමේන්තුවේ මූණ පෙන්වන හැම වාරයකම දීමනාව රු 3000... අමතරව ඒ තුළ කෑමබීම්, දීමනා..! රට දියවෙන්න ආව අය..!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 859 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 213 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1755 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 200 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 494 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2416 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site