IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මන්ත්‍රී ගුටි කෙළිය හොයන්න කමිටුවක්

අද පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුට පහර දී රෝහල් ගත කිරීමට සිදුවීම හා තවත් මන්ත්‍රීන් පිරිසක් තුවාල ලැබීම ගැන පරීක්ෂා කර වහාම වාර්තාවක් සැපයීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා විශේෂ කමිටුවක් පත් කළේය.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා කාරකසභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෛක්කලනාදන් ද එම කමිටුවට අයත් වෙති.

වැරදිකරුවන් වන මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් කථානායක ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය නිසා පස්වරු 1.35ට කල් තැබුණු පාර්ලිමේන්තුව යළි පස්වරු 3ට රැස්විය.

එම ගැටුම පිළිකුළෙන් හෙළා දකින බව කථානායකවරයා ප්‍රකාශ කළේය. පාසල් සිසුන් හා අමුත්තන් රැසක් මහජන ගැලරිවල සිටියදී ඇතිවූ මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ අභිමානයට හා කීර්ති නාමයට බලවත් කැළලක් බවත් කී කථානායකවරයා, එක් මන්ත්‍රීවරයකු රෝහල් ගත කර ඇතැයි ද තවත් මන්ත්‍රීන් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයිද කීවේය.

පාර්ලිමේන්තුව බදාදා (4) පස්වරු 1 දක්වා කල් තැබිණි.



අදහස් (0)

මන්ත්‍රී ගුටි කෙළිය හොයන්න කමිටුවක්

පීරිස් Wednesday, 04 May 2016 07:30 AM

කමිටු දාලා කාලේ හා මුදල් කන්නේ නැතිව ඒ වෙලාවෙම බලන් ඉඳල පොලිසිය දාල කට්ටිය අල්ලාගත්තානම් ඉවරනේ , දෙන්නාම හෙමින්ම ෂේප් වෙලා යන්නේ නැතිව? ඒ වෙලාවේ මාරු වෙලා පස්සේ බොරුවට කමිටු දානවා! (බ)

:       0       0

දනුක Tuesday, 03 May 2016 03:00 PM

තවමත් ලංකාව නමැති දුපතේ සිටින්නේ නොදියුණු මිනිසුන් බව මුළු ලෝකෙටම කියාපානවා. මොවුන්ට ඡන්දය දුන් අයගේ මොළයක් නැති බව නැවත වතාවක් ඔප්පුවුණා (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 04 May 2016 08:52 PM

ඡන්දය පාවිච්චි කිරීමේදී එයින් ලැබෙන පලවිපාක කලින් වටහා ගැනීමටවත් නුපුළුවන් ජනතාවක් ජීවත්වන ශ්‍රී ලංකාව ලෝකයටම එකකි (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 04 May 2016 09:06 PM

විජය, ගුණමකුවෙක් නොවන්න. දැයට නිදහස ලබාදීම නිසා එතුමාගේ ජීවිතය අනතුරේ දමාගෙන ඇත. ජනතාවගේ යුතුකම එතුමාව ආරක්ෂා කිරීම බව අමතක නොකරන්න (නි)

:       0       0

රොහාන් Wednesday, 04 May 2016 07:46 AM

කසිප්පු කාරයේ, කුඩු කාරයේ, ගංජා කාරයේ, ස්ත්‍රී දුෂකයේ ,අල්ලස් කාරයේ ,කොමිස් කාරයේ ,මිනිමරුවෝ ,ආවම ඔහොම තමයි .මේවා ඡන්ද දායකයන්ගේ වැරදී ..(බ)

:       0       0

අතුල Tuesday, 03 May 2016 03:34 PM

මෙයාලා ගුටි කාපු එක ගැන නම් මගේ කිසිම දුකක් නැහැ (නි)

:       0       0

ශශිකා Tuesday, 03 May 2016 03:37 PM

ඔය තෙවරක් පෙරාපු කෙනා නම් දේදුනු විප්ලවය සමරන්න ගිහින් ආණ්ඩුවේත් මඩගාලා හිරෙත් ගියා නේද...?? (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 03 May 2016 04:31 PM

මොනවා හොයන්නද? අපි මේ බලාගෙන ඉන්නේ දෙපැත්තට බෙදිලා වෙඩිතියා ගන්නතුරුයි. එතකොටවත් අපිට කනක් ඇහිලා ඉන්න පුළුවන්. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Tuesday, 03 May 2016 04:37 PM

මහින්දට කෙසේවුවත් පාර්ලිමේන්තුවට නම් අනිවාර්ය හමුදා ආරක්ෂාව දෙන්න වෙයි ගරු කතානායකතුමනි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 03 May 2016 05:04 PM

මෙහෙම අය සිටින තැනක ඔය කියන අභිමානයක් තිබෙනවද කියන එකත් ප්‍රශ්නයක් (නි)

:       0       0

ජගත් Tuesday, 03 May 2016 10:14 AM

ඉක්මනින් පාර්ලිමේන්තු ආසන සංක්‍යාව 100 ට වඩා අඩු කොට මන්ත්‍රී වාහන පර්මිට් නවත්වා එම මුදලින් බඩු මිල අඩු කරන්න. (ර)

:       0       0

අප්පුහාමි Tuesday, 03 May 2016 05:03 PM

බලතල සහිත කමිටුවක් පත්කළ යුත්තේ මේ අයට නාමයෝජනා දුන්නේ කවුද කියලා හොයා බලන්නයි. රජයේ රැකියාවකට බඳවා ගන්නාවිට උගත්කම සොයාබලනවා. එ්ත් මෙතනට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. පාර්ලිමේන්තුව කියලා පරණ පුරුදු අතාරින්න පුලුවන්ද? (නි)

:       0       0

විජය Wednesday, 04 May 2016 08:59 AM

ජනතාවට සේවය කරන්න ඇවිල්ල, ජනතාව කන්නනේ දැන් සියලුම දේශපාලකයෝ බලන්නේ, කෝටී ගණන් ජනතාවගේ මුදල් එක්කෙනෙක් බලාගන්න, ජනතාවට ආදරෙන් ජනතාව කොටින්ගෙන් බේරාගත්තනම්, ජනතාවට අාදරේනම් ජනතාවගේ මුදල් කන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නකෝ (බ)

:       0       0

රංජිත් මංජුල Tuesday, 03 May 2016 10:18 AM

8 පාස් බුද්දි මතුන්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බෑ (ම)

:       0       0

පියුමාල් Tuesday, 03 May 2016 06:20 PM

වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

සෙනෙවි Tuesday, 03 May 2016 06:20 PM

කතානායකවරයාට සභාව පාලනය කරගැනීමට අපහසු වී ඇති බව අපට පෙනේ. (නි)

:       0       0

රිකි Wednesday, 04 May 2016 09:29 AM

සිද්ධියට සම්බන්ධ සියලුම දෙනාට විනය ක්‍රියාමාර්ග ගන්න.(හේ)

:       0       0

සුනිල් Tuesday, 03 May 2016 06:54 PM

ගරු කතානායකතුමනි, පාසල් දරුවන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීම වහාම තහනම් කරන්න. ඒ දරුවන්ට එහි ඉගෙනගැනීමට දෙයක් නොමැති නිසා. දෙමාපියනි, දරුවන් එහි යැවීමෙන් වළකිනු මැනවි. (නි)

:       0       0

සුනිල් Tuesday, 03 May 2016 06:55 PM

ඔය කමිටුවට වියදම් කරන්නෙත් මහජනතාවගේ සල්ලිද? (නි)

:       0       0

ඩේවිඩ් Tuesday, 03 May 2016 10:25 AM

හමුදා ආරක්ෂාව සියලුම මන්ත්‍රීවරුන්ට දෙන්නවෙයිද ? (ර)

:       0       0

තරුෂි Tuesday, 03 May 2016 08:10 PM

හන්දියේ ත්‍රීවිල් පාක් එකේ අයගේ හැසිරීම මිට වඩා ගොඩක් හොඳයි. අපේ රටේ දේශපාලකයෝ ගැන ලැජ්ජයි (නි)

:       0       0

විකුම් රංගන Tuesday, 03 May 2016 08:52 PM

අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ෆොන්සේකා මහත්මයා කතා කරද්දී ගැරඬින්ට භූමිතෙල් ගෑවුණා වගේ කට්ටිය කුලප්පු වුණා. නයින්ටත් බය නැති ෆොන්සේකා මහත්තයා ගැරඬින්ට බයවෙයිද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 03 May 2016 08:57 PM

බල තණ්හාවෙන් පෙළෙන්නන් නිසා රටට වන විපතක්. (නි)

:       0       0

යෝනක Tuesday, 03 May 2016 09:11 PM

අපක්ෂපාතීව මේ ‍ගැන සොයා තීන්දුවක් දෙනු ඇතැයි සිතනවා (නි)

:       0       0

රොහාන් Tuesday, 03 May 2016 10:40 AM

අනිවාර්යෙන්ම වැරදිකරුවන්ට දඬුවම් දෙන නැත්නම් රට හදන තැනින් රටට දෙන්නේ වැරදි පුර්වාදර්ශයක්.(ම)

:       0       0

ධර්මපාල Tuesday, 03 May 2016 10:45 AM

පාර්ලිමේන්තුව උත්තරීතර තැනක්. එත් හැසිරීමනම් බොහොම දුකක් කියන්න. සාම කමිටුව ප්‍රශ්න විසදා ගන්නවානම් කාගේත් මහත්ම ගුණයට හොදක්. (ම)

:       0       0

ජනක Tuesday, 03 May 2016 11:41 PM

මේ දෙය වු‍ණේ පළවන පාරට නොවෙයි නේද? වැරදිකරුවන්ට උපරිම දඬුවම ලෙස දේශපාලනය සදහටම තහනම් කරන්න. (නි)

:       0       0

ටිකිරි Tuesday, 03 May 2016 11:45 PM

මට නම් මෙහෙම දේවල් දැන් අහලා අහලාම සාමාන්‍ය දේවල් වෙලා (නි)

:       0       0

සමන් Tuesday, 03 May 2016 10:47 AM

කමිටු පත්කරගෙන මාස හයකින් විතර ඉක්මනින් වැරදිකරුවන් හොයාගනියි (ම)

:       0       0

අනූෂා Tuesday, 03 May 2016 10:47 AM

කමිටු පත්කරගෙන මාස හයකින් විතර ඉක්මනින් වැරදිකරුවන් හොයාගනියි සුපුරුදු විදියටම .ඕකේ ඉන්නා තක්කඩියන් පාලනය කරගන්න බැරිනම් පොඩි ළමයෙකුටවත් දෙන්න .(බ)

:       0       0

ජයසිරි දේශබන්දු Tuesday, 03 May 2016 10:49 AM

තවමත් අරක්කු කටේ ද ? (බ)

:       0       0

නිහාල් Tuesday, 03 May 2016 10:49 AM

පාර්ලිමේන්තුවත් පුද්ගලීකරණය කරන්න. (බ)

:       0       0

ලුම්බිණි Wednesday, 04 May 2016 02:35 AM

පසු ගිය දශක කීපය තුළ පාර්ලිමේන්තුවේ අභිමානය හා කීර්ති නාමය විනාශ කරගත්තේ මේ අයම තමා. සෙංකෝලය අරගෙන දිවීමේ පටන් කුණුහරපයෙන් සභාවේ අනෙකුත් අයට ආමන්ත්‍රණය කිරීම් කළේත් ඔතනම ඉන්න අයම තමා. කතානායකට කිසිම ගරුසරුවක් නැතුව හැසුරුනේ ඔයගොල්ලොම තමා. මේ වතාවේවත් මාස කීපයකට පාර්ලිමේන්තුව තහනම් කර නීතියේ විදියට වරදක් කරලා නම් දඬුවම් දෙන්න පොලිසියට භාර දෙන්න. (නි)

:       0       0

රොකී‍ Wednesday, 04 May 2016 02:53 AM

දේශපාලන ක්ෂේත්‍රයට අදාළ විෂයයගෙන් යටත් පිරිසෙයින් උපාධි මට්ටමේ අධ්‍යාපනයක්වත් නැති කිසිම අයෙකුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්වීමට ඉඩතැබිය යුතු නැහැ. එමෙන්ම කුමන හේතුවක් නිසා හෝ උසාවියෙන් දඬුවම් ලැබූ කෙනෙකුට හෝ එබඳු කෙනෙකුගේ කිට්ටු ඥාතියෙකුට පාර්ලිමේන්තුව පළාතටවත් එන්න දීම නුසුදුසුයි. මේ සියලු අර්බුද වලට හේතුව, නුසුදුස්සන් රැලක් ඇතුළට රිංගාගෙන සිටීමයි! (නි)

:       0       0

සෙන්සාන් Wednesday, 04 May 2016 02:56 AM

කමිටු කියලා මහජන මුදල් නාස්ති කරන්න නම් එපා (නි)

:       0       0

පලිඟු Wednesday, 04 May 2016 03:02 AM

සමහරුන්ට ගැලරියේ ළමයි ගැන කණගාටුවක් ඇති බව පෙනේ. කාලයක් තිස්සේ පාගාගෙන සිටි ආවේගයක් මෙලෙස පුපුරා පිටාර ගැලීමක් ඇතිවීම ස්වාභාවිකය. ළමයින් ගැන සිතා නිශ්ශබ්දව සිටින්න හැකිද? (නි)

:       0       0

නිමල්ලාලිත Tuesday, 03 May 2016 11:28 AM

අභිමානය ගැන නම් දේශපාලන හත්තන් නොවන අය දන්නවා. (ර)

:       0       0

තුෂා Wednesday, 04 May 2016 03:15 AM

කමිටුවක් පිහිටවා මේ මිනිසුන් පාර්ලිමේන්තු යවපු ජනතාවට දැඩි දඬුවම් දියයුතුයි (නි)

:       0       0

බටගල Wednesday, 04 May 2016 03:31 AM

රටේ ව්‍යවස්ථා සම්මත කරන තැනට නුසුදුස්සෝ යැවුවහම මේ වගේ දේවල් වෙනවා. දැන් මේක දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයකටත් වඩා පහත් ගණයට වැටිලා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 04 May 2016 03:40 AM

විකුම් රංගන, ඔබගේ අදහස සහතික ඇත්ත. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 04 May 2016 03:43 AM

මේ වෙනකොට හිරේ ඉන්න ඕනෑ කට්ටිය බලන්නේ මොනවා කරලා හරි නැවත බලය අරගෙන කරපු කප්පරක් දුෂණ වංචා මිනීමැරුම් යටගහන්නයි. කම්බා හොරු රැලට කිසිම සහනයක් නම් දෙන්නම එපා. (නි)

:       0       0

ටිරෝන් Wednesday, 04 May 2016 03:43 AM

අපි බලමු කමිටුවෙන් කරන්නේ මොකක්ද කියලත් (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 03 May 2016 11:36 AM

උත්තරිතර පර්ලිවෙන්තුවේ මෙවන් ක්‍රියා නතර වෙන්නේ කවදාද ? මහජනයා අවදියෙන්... (ර)

:       0       0

ටිලාන් Wednesday, 04 May 2016 03:45 AM

මහින්දගේ ආරක්ෂාවද දැන් මේ රටේ ලොකුම ජාතික ගැටළුව? (නි)

:       0       0

දිනේෂ් Tuesday, 03 May 2016 11:40 AM

හමුදා ආරක්සාව අවශ්‍ය පාර්ලිවෙන්තුවේ ඇතුලෙ ඉන්න අහිංසක ජනතා නියෙජිතයිනට. (ර)

:       0       0

රුචිරා Wednesday, 04 May 2016 04:10 AM

දඬුවම් දීමේදී “තෙවරක් පැරදෙයිද“ බලාසිටිමු (නි)

:       0       0

ඉසුරි Tuesday, 03 May 2016 11:46 AM

ගරු කතානායක තුමනි .. ගරු පොලිස්පති තුමනි.. මෙවන් ක්‍රියා වලට දැඩි පියවර ගන්න. මහජනයා අවදියෙන්... (ර)

:       0       0

පද්මිණි Wednesday, 04 May 2016 04:25 AM

මොන අභිමානයක්ද? ම්ලේච්ඡත්වය ලෝකෙට ප්‍රදර්ශනය කළ හැටි අපි විදේශ වල සිට නරඹනවා. (නි)

:       0       0

විද්‍යා Wednesday, 04 May 2016 04:24 AM

සුද්දා හදපු පාර්ලිමේන්තුවට නුසුදුස්සෝ ගියාම වෙන්නේ ඕක තමා. ඔය ටික ශ්‍රීමත් ජෝන් කොතලාවල මහත්තය කිවුවේ 1952දි . (නි)

:       0       0

චින්තක Wednesday, 04 May 2016 04:24 AM

උපරිම දඬුවම් දෙන එක තමයි කරන්න තියෙන්නේ දැන්. (නි)

:       0       0

සරත් Tuesday, 03 May 2016 11:55 AM

මහින්ද මහත්තයාගේ වැඩක්ද මේකත් (බ)

:       0       0

හේවා කුමාර Tuesday, 03 May 2016 11:55 AM

දැන් යුද්දෙත් ඉවර නිසා පරදවෙලා එන්න උන්ට හා අයි අර් සි මන්ත්‍රීලට යුද හමුදා ආරක්ෂාව දෙන්න (බ)

:       0       0

ඇන්ජලෝ Wednesday, 04 May 2016 04:27 AM

පාසල් ළමුන් හොඳට ආදර්ශ ගන්න ඇති (නි)

:       0       0

සරත් Wednesday, 04 May 2016 04:44 AM

මේවට වගකියන්න ඕනෑ මේ ගොල්ලන්ට ඡන්දය දී පාර්ලිමේන්තුවට එවපු අය. (නි)

:       0       0

ලංකාපුත්‍ර Tuesday, 03 May 2016 11:58 AM

ජනතාව වෙනුවෙන් ගුටි කෙළගන්න එකම පාර්ලිමේන්තුව ..(බ)

:       0       0

නුවන් Tuesday, 03 May 2016 12:10 PM

අනේ දේවි මෙන්න කියා! (බ)

:       0       0

දිලුම් Wednesday, 04 May 2016 05:08 AM

පුෂ්පකුමාර හරියට හරි. අනික නැතිවෙන්න අභිමානයක් හා කීර්තියක් තිබුණ පාර්ලිමේන්තුවක්ද ඕක. ජාතියේ සොහොන් පිටියනේ ඕක කවදත්. ඕකෙන් මිනිසුන්ගේ යහපතට කියලා දෙයක් වුණේ කවදද? ඔක්කොම කරගත්තේ ඒ අයගේ යහපතට මිසක්. (නි)

:       0       0

හේවා Tuesday, 03 May 2016 12:11 PM

අපේ ගමෙත් ගුටිකෙළියක් ගිහිල්ල කමිටුවක් පත්කරලා අවුරුදු දහයකට පස්සේ විසඳුමක් ලැබුන කියල රාවයක් තිබුනලු (බ)

:       0       0

සුදේශ් Wednesday, 04 May 2016 05:10 AM

මේ විගඩම් දැකලා ලෝකයා අපිට හිනාවෙනවා ඇති (නි)

:       0       0

අමල් Tuesday, 03 May 2016 12:10 PM

පාර්ලිමේන්තුව විනීතව හැසිරෙන්නැති අයට නීතියෙන් දඩුවම් කළ යුතුයි. (ර)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 04 May 2016 05:11 AM

මේ ආණ්ඩුව ඔහේ කියවනවා මිසක් වැඩක් කරන්නේ නැහැ. ඒකට පහුගිය ආණ්ඩුව.... කිය කියා ඉන්නේ නැහැ. සුදු වෑන් එකකින් හරි ඉස්සුවා. ඔය වගේ කොමිටි කීයක් නම් තිබ්බද..? සුදුහුණු ගෑමක් විතරයි. (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Wednesday, 04 May 2016 05:15 AM

අද ඇතුළෙන් ගුටිකන අයට හෙට එළියෙන් ගුටිකන්න වෙන්නත් පුළුවන් (නි)

:       0       0

නාමල් Tuesday, 03 May 2016 12:13 PM

කමිටු ගැන නම් ඉතින් අපේ විශ්වාසයක් නැහැ (නි)

:       0       0

හෙලන් Wednesday, 04 May 2016 05:29 AM

මෙයාලා ඔතනට ඇරියේ ගහගන්න නෙමෙයි. අහිංසක ලෝකෙන්ම දුප්පත් වෙලා කොන්වෙලා ඉන්න සිංහල ජාතිය ගොඩ ගන්න (නි)

:       0       0

සුගත් Wednesday, 04 May 2016 05:44 AM

මේ රටේ මහජනතාවට මොළේ පෑදෙන්න ඕනෑ. ඊළඟ මැතිවරණයේදීවත් හොඳින් සිතා බලා මහජන නියෝජිතයන් පත්කිරීමට නුවණ පහළවෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. (නි)

:       0       0

ඉශාක් රහීම් Wednesday, 04 May 2016 05:52 AM

ගැලරියේ ළමයි බලන්න ඕනෑ. මින් ඉදිරියට එන පරම්පරාව බුද්ධිමත්ව කල්පනාකර හොඳ වැදගත් උගත් අයව පාර්ලිමේන්තුවට යවන්න ඒක වැදගත් (නි)

:       0       0

කරු Tuesday, 03 May 2016 12:30 PM

මොවුන්ව මුලින්ම හිරේට දාන්න ඕනෑ. ඊටපස්සේ අාපසු පාසල් යවන්න ඕනෑ (නි)

:       0       0

දහම් Tuesday, 03 May 2016 12:34 PM

කමිටු මොකටද? ඔබතුමාලා මූලාසනේ හිටියනේ. ඇස් දෙකට දැක්කානේ ඔක්කොම. ඉතින් තීන්දුවක් දෙන්නකෝ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 03 May 2016 01:01 PM

මහජන මුදල් නාස්ති කරමින් රට වෙනුවෙන් යමක් නොකරන, නොහික්මුණු සමහර මන්ත්‍රීවරු ගැන සොයා බලා ගෙදරම යැවිය යුතුයි (නි)

:       0       0

ඉන්දික Tuesday, 03 May 2016 01:13 PM

දැන්වත් තේරෙන්නේ නැද්ද පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ තත්වය? ඔතන වැඩිහරියක් ඉන්නේ රටට ආදරය කරන අය නොව තමන්ගේ බඩ ලොකුකරගන්න කැමති අය. ඉක්මනින් පාර්ලිමේන්තු වරප්‍රසාද අඩුකර එම මුදල් අධ්‍යාපනය වෙනුවෙන් යෙදෙව්වා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

සේනක Tuesday, 03 May 2016 01:32 PM

අපේ සමහරුන්ගේ දිව මුල නිතරම තියෙන්නේ වෛරයෙන් අවෛරය සන්සි‍ඳේ කියලා (නි)

:       0       0

සමන්ති Tuesday, 03 May 2016 01:42 PM

මේ කමිටු වාර්තාව මොන කාල‍ේ එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ජයම්පති Tuesday, 03 May 2016 01:42 PM

ඇස් දෙකටම දැකපුදේට මොන කමිටුද? ඕකේ වාර්තාව එනකොට අමතක වෙලා තියෙයි හැමදේම. (නි)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Tuesday, 03 May 2016 02:18 PM

බොහොම හොඳ ආදර්ශමත් පාර්ලිමේන්තුවක්. දරුවනට දෙන ආදර්ශය නියමයි (නි)

:       0       0

රොකී‍ Tuesday, 03 May 2016 02:30 PM

හිටපු ජනාධිපති ඊටපෙර හිටපු ජනාධිපතිනියගේ ආරක්ෂාව කපා දැමුවිට අද මේ ප්‍රශ්න අදින 'වලිකාරයන්' වචනයක්වත් කතා කළේ නැත. ඇරත් හිටපු ජනාධිපති කොටින්ගෙන් රට නිදහස් කරගත් බවක් පුන පුනා කියන මේ මිනිසුන් සිතිය යුතුවන්නේ, එසේ නම් ආරක්ෂාවක් මොකටද යන්නය. දේශපාලන අනාථයන් රැලකට උවමනා වී ඇත්තේ කෙසේ හෝ මහජනයා කුලප්පු කරමින් රට අස්ථාවරභාවයකට පත්කිරීම බව පෙනේ. (නි)

:       0       0

රණසිංහ Tuesday, 03 May 2016 02:29 PM

පහරදීම්ගැන හොයන්න කමිටු මොකටද? තියෙන සීසීටීවී දර්ශන එක්ක පොලීසියට බාරදෙන්න. නීතිය කාටත් එක වෙන්න ඕනෑ (නි)

:       0       0

නිම්මි Tuesday, 03 May 2016 02:43 PM

යහපාලනය වැඩිවෙලා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 321 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 127 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 705 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1611 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 214 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 104 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site