2015 මහ මැතිවරණයට සමගාමීව ‘මන්ත්‍රී‘ (manthri.lk) වෙබ් අඩවිය මගින් පාර්ලිමේන්තු දත්ත විශ්ලේෂණය කොට ඉදිරිපත් කරන ‘මැතිවරණ තොරතුරු මධ්‍යස්ථානය‘ ජනගත කිරීම අද (6) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
එම වෙබ් අඩවියට පිවිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථාදායක කටයුතු ප්‍රධාන සභාව මට්ටමින් සහ උපදේශක කාරක සභා මට්ටමින් සිදුවූ ආකාරය දිස්ත්‍රික්ක වශයෙන් සන්සන්දනාත්මකව තේරුම් ගැනීමටත්, සුවිශේෂ පනත් යෝජනාවලදී එම මන්ත්‍රීවරුන් ඡන්දය භාවිතා කළ ආකාරය තේරුම් ගැනීමටත්, එක් එක් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාධනීය සහ නිශේධනීය කරුණු තේරුම් ගැනීමටත් අවකාශ සලසා ඇත.
මන්ත්‍රීවරුන්ගේ තොරතුරු භාෂා ත්‍රිත්වයෙන්ම ඡන්ද දායකයාට දැක ගැනීමට ඉඩ සලසා ඇති අතර එහිදී ඡන්ද දායකයන් පත්කළ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී විවිධ අණ පනත් සම්මත කරගැනීමේදී ඡන්දය දුන්නේ කොහොමද? , පාර්ලිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් සිදුකළේ මොනවාද? හා ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කෙසේද යන්න ගැන විශ්ලේෂණාත්මකව සොයාබැලීමේ හැකියාව මෙම තොරතුරු මධ්‍යස්ථානය තුළින් ලැබෙන බව එම පර්යේෂණ ආයතනයේ පාර්ලිමේන්තු කටයුතු පර්යේෂිකා සුරේඛා සමරසේන මහත්මිය මාධ්‍ය හමුවේදී පැවසුවාය.
manthri.lk දේශපාලනඥයින් ශ්‍රේණිගත කිරීමක්ද සිදුකරයි. එහිදී ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතුවලට ඇති සාධනීය සහභාගීත්වය, ප්‍රධාන පනත්, ව්‍යවස්ථා ආදී කටයුතුවලදී ක්‍රියාකාරීත්වය සම්න්ධයෙන් අධ්‍යයනය කිරීමක් සිදුකර ඇත. මෙම ශ්‍රේණිගත කිරීම දිස්ත්‍රික් මට්ටමින් හා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකර ඇති අතර එහිදී සමස්ත ලංකාවෙන්ම පළමු ස්ථානය එජාපයේ රවී කරුණානායක මහතාටත්, දෙවැනි ස්ථානය ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාටත් හිමිව ඇත.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මන්ත්‍රී ගැන හරියටම දැනගෙන ඡන්දය දෙන්න‘
තිලක්-ඩුබායි Friday, 07 August 2015 08:39 AM
මහජන මුදලින් වියදම් කරලා ගුවනින් ලම්බෝගිනි ගෙන්වපු අය ගැනත් තියෙනවද ?(නදී)
ඉසුරන්දි Thursday, 06 August 2015 08:23 AM
වැඩේ නම් ගොඩක් හොඳයි.හැබැයි කාලවේලාව මදි මේවා කියවලා තේරුම් ගන්න.මොන දේ කළත් ජනතාව තේරුම්ගත යුතුයි හරි දේ ඒ සැටියෙන් ඉටුකරන්න. මේවා රටේ තොටේ අත්දැකීමෙන් මිස පොතපතෙන් අමුතුවෙන් තේරුම් කරදීම නොවන බවත් දැනගත යුතුය. (නි)
දහම් Thursday, 06 August 2015 02:07 PM
හරියට හරි ශ්‍රේණිගත කිරීම. අලිමංකඩ යනවා කියල හමුදාව පාමංකඩ යන්නේ, කිලිනොච්චි යනවා කියල මැදවච්චි යන්නේ වැනි ඉතා බුද්ධිමත් සහ නියම සත්‍ය ප්‍රකාශ පාර්ලිමේන්තුවේදී වෙන කිසි කෙනෙකු නොකියපු නිසා ඔබලාගේ විනිශ්චය හරියටම හරි. (බ)
ටිකිරි බණ්ඩා Friday, 07 August 2015 08:45 AM
විශිෂ්ටයි! එ්ත් මේ නෝනා මහත්තුරු ටික නිවසේ ආරක්‍ෂිත කැමරා සවි කර ගෙනම පරිස්සන් වුනොත් හොඳයි. (නදී)
දහම් Thursday, 06 August 2015 03:03 PM
නිවැරදිම තේරීමක්. අංක 1 ට තේරුනේ ඒකනේ. (නි)
ෆෙරෝස් Thursday, 06 August 2015 08:44 AM
පරක්කුවෙලා හරි කරපු හොද වැඩක් (ම)
ද සිල්වා Saturday, 08 August 2015 06:03 AM
වැඩේ සුළු අඩු පාඩු තිබුනත් හොඳ දෙයක්. ඒ කාලේ මේ වගේ වැඩක් කලානම් යන්න වෙන්නේ සුදු වෑන් එකේ (නදී)
දුමින්ද Thursday, 06 August 2015 09:39 AM
පාර්ලිමේන්තු විහිළු ගැන විස්තරත් තියනවද (නදී)
ලංකාසිරි Thursday, 06 August 2015 09:41 AM
හොඳින් දැන දැනත් නේන්නම් මේ අය ගොන්නුන්ට ඡන්දෙ දෙන්නේ.(නදී)
රුක්ෂාන් Thursday, 06 August 2015 06:49 PM
මේක නම් බොහොම හොඳ දෙයක් (නි)
ලලිත් Thursday, 06 August 2015 09:32 PM
සමහරු නම් හරිම විහිළු තමයි කරන්නේ... (නි)
සමන් Thursday, 06 August 2015 10:13 AM
මේ ශ්‍රේණිගත කිරීමට මීට වඩා තව නිරිණායක යොදාගත යුතුයි (ම)
පිවිතුරු Thursday, 06 August 2015 10:15 PM
නියමයි. දැන් මේකෙන් පෙන්නුම් කරනවාද කොපමණ කුඩු කිලෝ ග්‍රෑම් විකුණලා තියෙනවද කියලා? පොදු දේපල හොරකම් ගැන විස්තර තිබෙනවාද? ස්ත්‍රී දුෂකයන් හෙළිකරනවද?මාල කඩන හොරුන් ගැන විස්තර තිබෙනවාද? මිනීමරුවන් ගැන හෙළිකරනවද?වැඩේ හොඳයි.හොරුන්ව හෙළිකරනවා නම් නියමම තමයි (නි)
ධම්ම Thursday, 06 August 2015 10:37 AM
අගේ කළයුතු කාර්යයක්. නිර්නායකයන් හා දත්ත පිළිබඳව නැවත සිතා බලන්න වේවි.(ම)
වසිහේ Thursday, 06 August 2015 10:45 AM
මේ සියලු තොරතුරු පුවත් පත් මගිනුත් ප්‍රසිද්ධ කරන්නේ නම් වඩාත් හොඳ යයි සිතමි.(ම)
කැනඩා දිසා Thursday, 06 August 2015 11:58 PM
විශිෂ්ටයි! මෙන්න වෙන්න ඕනෑ වැඩ. අපිට ඕනෑ ඒකාධිපති පාලනයක් සහිත හොරු රැලක් පාලනය කරන මවුබිමක් නොවෙයි. යහපත් පාලනයක් සහිත රටක් . (නි)
කුමා Thursday, 06 August 2015 11:06 AM
මෙම ක්‍රමයට ශ්‍රේණි ගත කිරීම අසම්පුර්ණයි . මේකෙන් ජනතාවට වැරදි පණිවිඩයක් දෙනවා .(ම)
අර්ජුන රණවන Thursday, 06 August 2015 07:43 AM
ඉතා අගය කළයුතු යුගයේ අවශ්‍යතාවක්. ජනතාවට දැන් හොඳ තීන්දුවක් ගතහැකිය. නමුත් වැඩි දෙනෙකුට අන්තර්ජාල පහසුකම් නැති නිසා ඡන්ද කොට්ඨාශ මට්ටමින් හෝ දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කළොත් හොඳයි. (නි)
වසන්ත Thursday, 06 August 2015 07:58 AM
වැඩේ නම් ගූඩ් එ්ත් හරියට කළා නම්. (නදී)
රෝහිත Thursday, 06 August 2015 08:04 AM
හොඳයි. අපිට දැන් පහසුවෙන්ම පුලුවන් පුටු රත්කළ අය සොයාගන්න (නි)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 06 August 2015 08:13 AM
බොහොම වටින වැඩක්. මේ ගොල්ලෝ යම් යම් නීති විරෝධී වැඩවලට චෝදනා ලබල තියෙනවා නම් ඒවත් සඳහන් විය යුතුයි. උසාවියෙන් වරදකරුවෙකු විය යුතුම නැහැ. කොටින්ම කිවහොත් පින් පවු දෙකම සඳහන් විය යුතුයි. ඡන්දදායකයට හුඟක් පහසුවේවි මේගොල්ලෝ ගැන නිගමනයකට එන්ට. මෙම වෙබ් අඩවිය දිගටම ක්‍රියාත්මක කල යුතුයි.(නදී)
විජයබාහු Thursday, 06 August 2015 08:19 AM
මරු ශ්‍රේණි ගත කිරීම. කොහෙන් හරි කුට්ටියක් කඩාගෙන වෙන්න ඇති(නදී)