(පාලිත ආරියවංශ)
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයාගේ නිවස හා කාර්යාලය අද(12) දිනයේ සෝදිසියට ලක් කළ නමුත් ඔහු නොසිටි බවද පොලිසිය සඳහන් කරයි.
සැකකාර මන්ත්‍රිවරයා කිසියම් මොහොතක පොලිසිය පැමිණ බාරවිය හැකි යැයි විශ්වාස කරන බව පොලිසිය කියයි.
අයුතු අවහිරය, රජයේ සේවකයෙකු විසින් තම රාජකාරි ඉටුකිරීම වැළැක්වීමට තුවාල කිරීම, රජයේ නිලධාරියෙකුට අඩන්තේට්ටම් කිරීම හා සාපරාධී බලවත්කාරකම් පෑම යනාදී චෝදනාවන් සැකකාර මන්ත්‍රීවරයාට එල්ලවී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
ඉකුත් 10 වනදා සවස කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාශයේ පොලිස් කොස්තාපල්වරයා පැදවූ ජීප්රථය සැකකාර මන්ත්‍රීවරයාගේ වාහනය පසුකර ධාවනය වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා ගමන් කළ වාහනය ජීප්රියට ඉස්සර කර මාර්ගය අවහිර කර නවත්වා මෙම පහරදීම සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මන්ත්‍රී චමින්ද අල්ලන්න පොලිස් මෙහෙයුමක්
dias Tuesday, 12 February 2019 11:59 AM
මෙවැනි අය නොපමාව පක්ෂයෙන් පහ කල යුතුයි.
කුමාර Tuesday, 12 February 2019 12:20 PM
පහුගිය කාලෙ තමන්ගේ පක්ෂ නායකයාටත් සමච්චල් කතා කියමින් සිටි මොහු වහාම මට්ටු කල යුතුයි
මම සපුමල් Tuesday, 12 February 2019 12:20 PM
අම්මා, තාත්තා කලත් වැරදි නම් වැරදි. පොලිසිය කියන්නෙම රාජ්‍යය සහ ජනතාව. අපි පොලිසියේ සමහර වැරදි සමග එකඟ නොවුනත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ජනතා පරමාධිපත්‍ය. ජනතාවගේ චන්ද බලයෙන් පත්වුණු පුද්ගලයෙක්, එහෙම රජයේ සේවකයෙකුට පහර දුන්නා කියන්නේම ඔහු රජයටත්, ජනතාවටත් අභියෝග කරලා තියෙනවා කියන දේ මිසක් වෙන මොකක්ද? එහෙම කාටවත් කරන්න බැහැ. රටේ නීතියක් තියෙනවා. ඒ නිතිය අනුව මේක සාපරාධි ක්‍රියාවක්. අපරාධ නිතිය යටතේ ක්‍රියා කල යුතුයි. වෙන රටක් එහෙම නම් ඔහු ඉල්ලා අස් වෙනවා.. ඒ නිසා ඔහුව අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙස රජයෙන් ඉල්ලනවා. නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙසත්, නැවත මෙවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට ඒම වැලක්වීමට ක්‍රියා කරන ලෙසත් අගමැති තුමාගෙන් ඉල්ලා සිටිනවා. මම සපුමල්
අතුල Tuesday, 12 February 2019 12:54 PM
පොහොට්ටුවට සම්බන්ධ කෙනෙක් නම් රාජපක්ෂ ගිණුමට බැරවෙන, එසේ නොවේ නම් හුදකලා සිද්ධින් වන අමුතු කලාවක් මේක .
දිමුත් Tuesday, 12 February 2019 01:04 PM
ජනතාවට වගකීමක් තියෙනවා මෙවැනි අය නැවත බලයට පත් නොකිරීමට
Raveendra Tuesday, 12 February 2019 01:06 PM
මොහු " මන්ත්‍රි " වෙලා මෙහෙම නම් "ඇමතියෙක් " වුනොත් , " අගමැතියෙක් " උනොත් කොහොම වෙයිද ???
dinesh Tuesday, 12 February 2019 04:30 PM
මේ වගේ අයව පක්ෂෙන් නෙරපන්න ඕනේ.
appuwaa Wednesday, 13 February 2019 02:14 AM
හිවලුන් පාර්ලිමේන්තු යැවීම ලබන පාරෙදිවත් නවත්වමු.
Upul Wednesday, 13 February 2019 04:58 AM
පොලිසිය නම් වන රාජ්‍ය නියෝජනය කරන අයායනයට හෝ එහි නිළධාරින්ට සිදුකළ මෙම කටයුත්ත සදහා පොලිසිය ක්ෂණිකව අවශ්‍ය බලය එම මොහෝතේදිම යෙදිමයි කලයුත්තේ. එසේ දේශපාලකයන්ගේ වැරදි වැඩ වලට ක්ෂණික බලය යෙදුවානමි කිසිදු දේශපලකයෙක් කිසිදවසක නැවත එවැන්නක් නොකරනු ඇත. මෙි රට විනාශකරන්නේ දේශපාලකයන් නොව, දේශපාලකයන්ට අවනිතික වැඩ කිරිමට ඉඩදි බලා සිටින ඒ ඒ සිද්ධි වලට මුහුණ දෙන රජයේ සේවකයන්ගේ නිවට කමයි.
ලංකා Wednesday, 13 February 2019 06:31 AM
හරිහමන් අධ්‍යායාපනයක් නොමැති අය පාර්ලිමේන්තුවට පත් වුනාම මේ වගේ දේවල් වෙනව.