IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මන්ත්‍රී දීමනාවට ජවිපෙන් විරෝධය

මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීම වෙනුවෙන් ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් 20,000 දක්වා ඉහළ දැමීමේ යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පළ කළ බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.



අදහස් (0)

මන්ත්‍රී දීමනාවට ජවිපෙන් විරෝධය

සුමනපාල Wednesday, 23 December 2015 09:55 AM

පාර්ලිමේන්තු රැස්වීම් වලට යාමට ජනතා මුදලින් දීමනා දෙන්නේ කුමටද? ඔවුන් අප පත්කොට යැව්වේ ඒවාට සහභාගිවීම අතවශ්‍ය නිසාය. කිසිම දීමනාවක් දියයුතු නැත. (නි)

:       0       0

විජිත් Wednesday, 23 December 2015 09:56 AM

මන්ත්‍රීවරයෙකුට ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් 20 000..? මේවා මහා අපරාධ. කවුද මේ යෝජනාව ගෙනා "බුද්ධිමතා"? (නි)

:       0       0

සමන් Wednesday, 23 December 2015 06:34 PM

මාගලි ෆොන්සේකා, පුරුදු විදිහටම ඔයා අනිත් අය කියන දෙයම කියවන්න එපා. වැදගත් යමක් කියන්න. (නි)

:       0       0

එම්. ගමගේ Wednesday, 23 December 2015 10:19 AM

මේක මහා විහිළුවක්. මේ තරම් ලොකු මුදලක් දෙන්නේ මොකටද? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 23 December 2015 10:22 AM

රටේ දුප්පත් ජනතාවට වේලක් හරියට කන්න නැහැ. මන්ත්‍රීලගේ දවසේ දීමනාව 20,000යි. අනේ මෙහෙමත් රටක්? (නි)

:       0       0

සෙන්සා Wednesday, 23 December 2015 10:22 AM

රනිල් මෙවර තරම් වැරද්දක් කවදාවත් කරගෙන නෑ. ජනතාව පාර්ලිෙම්න්තුවට ගල් ගසන දිනය වැඩි අෑතක නෙවෙයි. (ස)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 23 December 2015 10:35 AM

විරෝධය පල කරාට බහුතර මන්ත්‍රීන් එයට කැමති නිසා එය සම්මත උනොත් , මේ ජේ වී පි මන්ත්‍රීන් එය ප්‍රතික්ෂේප කොට , මහජන මතයක් ගොඩ නගාවිද ? නැතිනම් ඔවුනුත් එය පිළිගෙන එම මුදල ගනීද ? (ස)

:       0       0

අයන්ත Wednesday, 23 December 2015 07:58 PM

මේ මොන පිස්සුවක්ද. වැඩ කරන ජනතාවට සාදාරන වැටුපක් ගෙවන්නේ නැති මේ රටේ පාර්ලිමේන්තු රැස්වීම් වලට යන්න පමණක් 20000 ගෙවන්නේ දුප්පත් අපේම සල්ලි නේද. ලජ්ජා නැද්ද මෙහෙම අසාධාරන සල්ලි ගන්න. (ස)

:       0       0

ජනතාව Wednesday, 23 December 2015 10:50 AM

හොඳ වැඩක්. මාධ්‍ය සංදර්ශන නොවේවා කියල ප්‍රර්ථනා කරනවා. (ස)

:       0       0

නිමල්ලාලිත Wednesday, 23 December 2015 11:02 AM

යහ පාලනයක් වෙනුවෙන් චන්දය යැද්ද පිරිස මැතිවරණයට පෙර මේවා පැවසුවද? විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත වූ හිඟ වැටුප පවා කොටසකට ගෙවීම නවතා දැමු මොවුන් අද කතා කරන්නේ මුකයෙන්ද? (ස)

:       0       0

කේ පෙරේරා Wednesday, 23 December 2015 11:01 AM

මේ මහජනතාවගේ මුදල් නේද? දැන් නම් ඔක්කොම මන්ත්‍රීලා රැස්වීම් වලට එයි. (ස)

:       0       0

අමර Wednesday, 23 December 2015 11:24 AM

හූ කියන අයට 20000ක් දෙනවද? (ස)

:       0       0

නිහාල් Wednesday, 23 December 2015 11:36 AM

වැඩි ඡන්දයෙන් සම්මත වුණාම මෙයාලත් නොගෙන ඉඳීවි. නේද? (නි)

:       0       0

ප්‍රගීත් Thursday, 24 December 2015 01:16 PM

ජනතාවට කරන සේවය හැටියට අපි බඩගින්නේ ඉදලා හරි 20000 දෙන්ඩ ඕනේ වාහන පෙර්මිට් එක වගේ අනික පුලුවන්නම් පඩිත් වැඩි කරන්න ඕනේ ගරු මන්ත්‍රී තුමන්ලාගේ. (ර)

:       0       0

මහේෂ් Wednesday, 23 December 2015 11:43 AM

හොරා කන්නේ නැතුව නීත්‍යානුකූලව දීමනාව වැඩිකර ගත්තාට කමක් නැහැ. හොරාකන්න බැරිවෙන්න නීති හදන්න. එවිට නීත්‍යානුකූලව දීමනාවක් ලබාගැනීමට විරුද්ධවිය යුතු නැහැ (නි)

:       0       0

ජයවීර Wednesday, 23 December 2015 11:51 AM

අසාධාරණයට කවුරුත් විරුද්ධවෙන්න ඕනෑ (නි)

:       0       0

මානවි Wednesday, 23 December 2015 12:16 PM

රක්ෂා කරන මහජනයාගේ මාසික වැටුපවත් රු .20000.00ක් ලැබෙන්නේ නැහැ. නමුත් ජනතාව වෙනුවෙන් කියලා රාජසභාවට යන අයට දවස් 8 ට කීයක් ලැබෙනවද? අපුරු යහපාලනය! (නි)

:       0       0

ඇසළ Wednesday, 23 December 2015 12:25 PM

පාර්ලිමේන්තුවට 3/4 ක් එන්නේ එතනින් හොඳට කාලා නිදාගන්න බලාගෙන. කමක් නැහැ. 20,000 ගෙවලා දාන්න (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 23 December 2015 12:25 PM

එතකොට පඩියක් දෙන්නේ මොකටද? පාර්ලිමේන්තු නොගියත් පඩි, නිවාඩු අනුමත කරනවා. මුළු ලෝකෙම නැතුව ඇති මෙහෙම දේවල්. අහිංසක මිනිසුන්ට, කම්කරුවන්ට, අර වතු කම්කරුවන්ට දවසට රුපියල් දාහක් දෙන්න බැරුව නලියනවා. (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Wednesday, 23 December 2015 12:29 PM

25,000 දක්වාම වැඩිකරගන්න හදන්නේ කොහොමහරි. හොඳට පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාලා(ඒක නමට කැන්ටිම, හිල්ටන් හෝටලය වගේ කෑම තියෙන්නේ), ඊටපස්සේ බහුතරය ගොරව ගොරවා නිදාගන්නවා. ඕකටද 20,000 දක්වා වැඩිකරගන්න හදන්නේ? (නි)

:       0       0

පිටිගල Wednesday, 23 December 2015 12:31 PM

නොමිලේ කෑම, තෙල්, ටෙලිෆෝන්, ලයිට්බිල්, කොමිස්, කප්පම්, හොරමැර වංචා... තව විසි දහසක්? හැන්ද ඇති කෙනා බෙදාගන්නවා කියන්නෙ ඒකතමයි. අපි දුක්විඳලා එවන සල්ලි නේද මේ? (නි)

:       0       0

ටිකිරි Wednesday, 23 December 2015 12:31 PM

දොස්තරලා, මන්ත්‍රීලා, හිටපු ජනාධිපතිවරු... මේ ලොකු අය ටික දෙනා තමන්ට ඕනෑ දේ තමන් බෙදාගෙන කරගන්නවා. බහුතරයක් වැඩකරන මිනිස්සු, පුද්ගලික අංශයේ අය, ස්ථිර නැති රැකියා අය බහුතරයක් ගැන නිකමට හරි කතාකරන්නේ ජවිපෙ විතරයි (නි)

:       0       0

පද්මිණී Wednesday, 23 December 2015 12:49 PM

කාගේද මේ යෝජනාව? ජනපතිතුමනි, මෙයට ජනතාව තදින්ම විරුද්ධයි. මෙය වහා අකුළා ගන්නවා නම් හොඳයි. (නි)

:       0       0

අතුල Wednesday, 23 December 2015 01:01 PM

නිහාල් කාටද කඩේ යන්නේ? (නි)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 23 December 2015 01:13 PM

දවසට 20000ක්? මේ රටේ කන්න නැති දරුවෝ , මන්දපෝෂණය තිබෙන පොඩි දරුවෝ අනන්තයි. නමුත් මොවුන්ට දවසින් දවස දීමනා වැඩිවෙනවා. මාසෙට 20000 හොයාගන්න බැරි අසරණයන්ගේ විශ්‍රාම වැටුපට වැඩේ දීලා මන්ත්‍රීන්ට දීමනා දෙන එකද යහපාලනේ? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 23 December 2015 01:43 PM

මේ පිරිසට මෙයට වැඩිපුර ගෙවුවත් අගය කරමි. 20,000,00 නොව මොවුන් ගැන ලාංකික තාරුණ්‍යය තීරණ ගන්නා කාලය වැඩි ඈතක නොවනු ඇත (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 23 December 2015 01:47 PM

ඩිල්ෂාන්, දැන්නම් මෙහෙ යහපාලනයක් අපිට පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 02:19 PM

මොනතරම් විභාග පාස්කරලද ඔය වගේ තැන්වලට එන්නේ? ලැජ්ජාවක් තියනවා නම් ප්‍රතික්ෂේප කරයි. බලන්නකෝ බොරුද කියලා. (නි)

:       0       0

සමන්ති Wednesday, 23 December 2015 02:42 PM

දියවන්නාවට ගියොත් 20000 දීමනාවත් ඇති මට නම්. පඩිත් එපා. පාර්ලිමේන්තු දින ගණනත් 10ක් පමණ වෙනවා නේද? (නි)

:       0       0

ටෙහාන් Wednesday, 23 December 2015 02:43 PM

මොනවද මේ කරන්න හදන්නේ? (නි)

:       0       0

සල්ගාදු පැරිස් Wednesday, 23 December 2015 03:17 PM

මේ එපා කිව්වට ඕක මාසේ අන්තිමට මේ අයට ගෙවුවහම, ආපසු දෙනවද? මේවා සංදර්ශන පමණයි (නි)

:       0       0

අතුල Wednesday, 23 December 2015 03:13 PM

මෙයාලා මේ පටන්ගත්තා විතරයි. දුප්පත් ජනතාවට හතේ හත! ඔය දෙගොල්ලොම යන්නේ එකම පීල්ලේ කියලා අපේ රටේ ජනතාව කවදා තේරුම් ගනීවිද මන්දා? (නි)

:       0       0

සමන්ගී Wednesday, 23 December 2015 03:22 PM

මේ දීමනාවට විරුද්ධ වෙන්න එපා. මන්ත්‍රීවරුන් බහුතරයක් දෙනා රටට සේවයක් කරනවා. අද කාලයේ හැටියට මේ ගණන ගෙව්වට වරදක් නැහැ (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 23 December 2015 03:44 PM

වරප්‍රසාද සහ මෙම දීමනා ලබාගැනීමෙන් පසු බහුතරයට ඉතිරිවෙන යමක් තිබේද? මෙම යෝජනාව මඟින් අද තිබෙන දේශපාලන බලු පොරය දෙගුණවීම සිදුවෙනවා ඇත. මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාවටද සිදුවන්නේ දේශපාලකයන් සහ වරප්‍රසාද ලබන්නන්ගේ පෝෂණය සඳහා කැපවීමටය. (නි)

:       0       0

සේනක Friday, 25 December 2015 03:49 AM

කලබල වෙන්න එපා. ඔය 20,000/= කියන්නේ මුට්ටියක්. පස්සේ ගාන 15,000/= ට හරි 10,000/= ට හරි බස්සයි. උපක්‍රමශීලීව අරමුණ ඉෂ්ට කර ගනීවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 606 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 157 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1976 1

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1313 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 575 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1364 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33304 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23893 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site