මන්ත්‍රී දීමනා වැඩිකිරීම සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව ඉවත් කර ගැනීමට බදාදා පැවැති පක්ෂ නායක හමුවේදී තීරණය කර ඇතැයි රජයේ ආරංචි කියයි.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (24) පාර්ලිමේන්තුවට මේ සම්බන්ධ දළ සටහනක් ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තු ගෘහස්ත කමිටුවේ යෝජනාවක් අනුව මෙය ඉදිරිපත් කැර තිබිණි.
පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව මෙම යෝජනාව ඉවත් කර ගැනීමට තීරණය කරගත් බව කථානායක කාර්යාලය දැනුම් දී ඇත. මහජන අදහස් ද සැලකිල්ලට ගනිමින් මෙම යෝජනා ඉදිරියේදී සකස් කිරීම සුදුසු බව කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දී ඇත.
නමුත් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස හිමි නොවූ මන්ත්‍රීන් 7 දෙනකු වෙනුවෙන් කිසියම් සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බවටද එහිදී එකඟතාවය පළවී ඇත.
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මන්ත්‍රී දීමනා යෝජනාව අකුලා ගනී
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 March 2016 08:37 AM
හැමදාමත් හැමතැනකදීමත් හැන්ද අතේ ඇත්තෝ බෙදාහදා ගන්නා අතර හැන්ද අතේ නැත්තෝ දුක් විඳිති. වරින් වරට වසර පහෙන් පහට පාර්ලිමේන්තු යන්නේ වෙන වෙන මහජන නියෝජිත ආයතන වෙත යන්න මේ තරම්ම බෙල්ල කඩා ගෙන පොරකන්නේ වෙන මොකුත් හින්දා නෙවෙයි තමන්ට බෙදා හදා ගන්න හැන්ද අතට ගන්න බව දැන්වත් වැඩ කරන අහිංසක අසරණ මහජනතාව තේරුම් ගත්තොත් අපිට හා අපේ රටට මීට වඩා ලොකු දියුණුවක් සංවර්ධනයක් ඇති වේවි. (බ)
නිපුල් Thursday, 24 March 2016 09:21 AM
මේ විදිහටම, තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත් ලබාදීමේ යෝජනාවත් ඉවත්කරන්න හෝ, ඉන්ධන පිරිමහන, හයිබ්‍රිඩ්, සෝල පවර් හෝ අඩු ධාරිතා ඇංජින් සහිත වාහන ලෙස සංශෝධනය කරන්න. (බ)
ටිරෝන් Thursday, 24 March 2016 10:27 AM
මොනවා කරන්නද ලිප්ටන් වටරුමට වත් යමුද බෝර්ඩ් කෑල්ලකුත් අරගෙන. (ර)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 24 March 2016 10:43 AM
මන්ත්‍රී දීමනා යෝජනාව අකුලා ගත එක හොඳයි. ඒ වෙනුවෙන් සියලු පක්ෂ නායකයන්ට අපේ ආචාරය රටේ දැනට තිබෙන ආර්ථික අමාරුකම් ගැන නොහිතා, නොසලකා මන්ත්‍රී දීමනා වැඩි කිරීමේ යෝජනාවේ මුලිකත්වය ගත් අයට රජය සමාවක් නොදිය යුතුය. ඒ අයට විතරද අමාරුකම් දැනෙන්නේ ? (ර)
සොපි Thursday, 24 March 2016 04:57 AM
බයවෙන්න එපා ඔය අකුල ගත්තේ තාවකාලිකව. (ර)
තුවාන් Thursday, 24 March 2016 05:10 AM
මේකෙන් කොච්චර විශාල බදු ප්‍රමාණයක් රජයට අහිමි වෙනවද? පොඩ්ඩක් හිතල බලන්න. හැම අවරුදු 5 කට පාරක්ම මේ පර්මිට් දෙනවා කියන්නේ අවරුදු 20 ක් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී කෙනෙකුට ලක්ෂ 1000 ක් ලැබෙනවා කියන එක. මේ වගේ 225 කට දෙන්න ගියහම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? (ර)
විපුල Thursday, 24 March 2016 05:17 AM
රටේ තත්වේ හැටියට මෙවැනි යෝජනාවක් කතා කරන්නේ නැතුව හිටියනම් තමයි හොද. (ර)
ප්‍රනාන්දු Saturday, 26 March 2016 09:29 PM
මොවුන් අපේ ලස්සන ශ්‍රී ලංකාව විනාශ කරනවට අපි මොවුන්ගේ දීමනාවත් වැඩි කරදෙමු නේද? (නි)
දුමින්ද Thursday, 24 March 2016 05:36 AM
ජයවේවා! අපිට හරිම සතුටුයි (නි)