IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මන්ත්‍රී නලින්ගෙන් අලුත් ගණිත සූත්‍රයක්

2 විගී + වාසු + උදය = 0 හෝ 2V + U = 0 යනුවෙන් අලුත් ගණිත සූත්‍රයක් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඉදිරිපත් කළේය. ඒ අද (27) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

විග්නේෂ්වරන් හා වාසුදේව V වන අතර උදය ගම්මන්පිල U වශයෙන් හැඳින්වෙන බවත් ජාතිවාදය අවුලුවන අයගේ කිසිදු වටිනාකමක් නොමැති හෙයින් උත්තරය බිංදුව බවත් ඔහු කීවේය.

විග්නේෂ්වරන් වාසුදේව ගේ මස්සිනා බවද දෙන්නා එක්ව උතුරේ හා දකුණේ ජාතිවාදය අවුලවන්නට කුමන්ත්‍රණ කරන්නේ යැයි ද ඒකාබද්ධ කල්ලියටත් ජාතිවාදයෙන් තොර ගොඩ ඒමක් නැති බව ද මන්ත්‍රීවරයා කීය.

web_nalinDSC_0608



අදහස් (0)

මන්ත්‍රී නලින්ගෙන් අලුත් ගණිත සූත්‍රයක්

ජනහිත Tuesday, 27 September 2016 05:57 PM

හොඳ නැද්ද ආයෙත් සැරයක් ඉස්කෝලේ ගිහින් විභාගය සමත්වෙලා ආවොත්. ඔය වගේ සුත්‍ර නම් අපේ ගමේ ජෝන් මාමත් දන්නවා

:       0       0

අන්තෝනි Tuesday, 27 September 2016 06:11 PM

චින්තනය = ආසියාවේ ආශ්චර්ය = යහපාලනය = 0

:       0       0

හේමන්ත Tuesday, 27 September 2016 07:54 PM

නලින්ගේ සූත්තරේ කෙසේවෙතත් චන්දනගේ සූත්තරේ නම් නියමෙට ගැළපෙනවා. (නි)

:       0       0

ඔසධ Wednesday, 28 September 2016 12:33 AM

මේක නම් මහා පුදුම රටක් (නි)

:       0       0

ලසන්ත Tuesday, 27 September 2016 08:47 AM

කාගෙන්ද ඉගෙනගන්න ඇත්තේ මේක (නි)

:       0       0

සෑම් Tuesday, 27 September 2016 08:57 AM

එලොවටවත් මෙලොවටවත් පලක් ඇති දෙයක් කියන එකම දේශපාලකයෙක් වත් අද පාර්ලිමේන්තුවේ නැති බව නම් ෂුවර් (බ)

:       0       0

චන්දන Tuesday, 27 September 2016 09:05 AM

මේ සිදුවීම් සියල්ල වෙන්නේ ජනවාරි 8 විප්ලවයෙන් පස්සේ. ඒ නිසා ගණිත සුත්‍රය වෙන්නේ, එ ජා ප + මෛත්‍රී = 2 x දෙමළ ජාතිවාදය (බ)

:       0       0

කාංචන Tuesday, 27 September 2016 09:11 AM

මෙයා ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් වගේ විද්‍යාඥයෙක් වෙන්න ඇති.රට දියුණු වෙන්නේ නැද්ද මේ වගේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට. (නි)

:       0       0

ජනහිත Wednesday, 28 September 2016 03:06 AM

මේ වගේ කතා කියන අයට ඡන්දෙ දුන්න අය දැන් විස්කෝප වෙනවා ඇති අනේ අපි වගේ මෝඩ රැලක් කියලා. වැදගත් තනතුරක් දරන ජනතා නියෝජිතයෝද මේ ඇත්තටම. (නි)

:       0       0

යසීර් කටාර් Tuesday, 27 September 2016 09:15 AM

අනේ මෙහෙමත් පිරිසකට නේ අපි රට බාර දීල තියෙන්නේ (බ)

:       0       0

ශානක Wednesday, 28 September 2016 03:10 AM

අපි නොදන්න නලින් බණ්ඩාර (බ)

:       0       0

සරත් Tuesday, 27 September 2016 09:26 AM

රටේ ඉහළම තැන ඉන්න දෙදෙනාගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමු.දකුණේ මොනවා හරි වුනොත් එසැනින් ප්‍රකාශ නිකුත්කරන එම දෙදෙනා , දකුණේ දෙමල මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය ගැන පාරම් බෑවත් උතුරේ ජීවත් වීමට සිංහල මිනිසුන්ට ඇති අයිතිය ගැන කිසිම ප්‍රකාශයක් නොකරන්නේ මන්ද ? (බ)

:       0       0

මුණසිංහ Wednesday, 28 September 2016 03:28 AM

මම හිතුවේ ඩිජිටල් අන්දරෙයි යුද්ද කරන්න යන අන්දරෙයි කියල දෙන්නයි ඉන්නේ කියලා. දැන් බලාගෙන යනකොට ගණිත අන්දරේ කෙනෙකුත් ඉන්නවා. මෙවැන්නන් උත්තරීතර තැනකට යවපු අයට දැන් කනගාටු හිතෙනවා ඇති. (බ)

:       0       0

සුනිල් Tuesday, 27 September 2016 09:31 AM

මේවගේ අධ්‍යාපනයට අගෞරව කරන මන්ත්‍රීලද අපි පාර්ලිමේන්තුවට යැවූවේ. (බ)

:       0       0

මුණසිංහ Wednesday, 28 September 2016 03:32 AM

විග්නේශ්වරන්ගේ ගොන් වැඩ වලට වාසු අල්ලගන්නේ කොහොමද? එහෙම නම් උත්තරීතර තැන ඉන්න කී දෙනෙක් මේ සමීකරණයට යටත්ද? අන්දරේ කෙනෙක් කියන එකේ වැරැද්දක් නැහැ? (බ)

:       0       0

චින්තක Wednesday, 28 September 2016 03:36 AM

රෝහණ , සිංහලයෙක් කතා කළොත් විතරද ජාති වාදය ඇවිස්සෙන්නේ යහපාලනේටම කඩේ යන්න . තව ටික කාලෙකින් බලාගන්න පුළුවන් රටට යන කල (බ)

:       0       0

අනුරාධ Tuesday, 27 September 2016 09:46 AM

දේශපාලකයින් මුදලාලින් බහුතරයක් රජයේ සේවකයින් ශ්‍රී ලංකා පොලීසිය(පොලිසිය)=රටේ අහිංසක මහජනයාගේ විනාශය (බ)

:       0       0

සිරි Tuesday, 27 September 2016 09:47 AM

නලින් මහත්තයෝ,ඔයාට පක්ෂයේ කැපී පෙනෙන්න වුවමනානම් වෙන සුත්තරයක් හොයා ගන්න. නිකන් ජනතාවට විහිලු සපයල "අන්දරේ "කෙනෙක් වෙන්න එපා. (බ)

:       0       0

සජී Wednesday, 28 September 2016 03:40 AM

මෙයාලගෙන් වෙන එකම සේවය ජනතාවට විහිළු සැපයීම විතරයි වගේ (බ)

:       0       0

කුමාර මහර Tuesday, 27 September 2016 09:49 AM

චන්දන ඔබේ ගණිත සූත්‍රය හරියටම හරි. (බ)

:       0       0

සේන Wednesday, 28 September 2016 03:45 AM

මේ දේශපාලුවන්ගේ මෝඩ කතා වලට වාරණයක් වහාම ඇති කළ යුතුය . මාධ්‍යකරුවන්ද වඩා බුද්ධිමත්ව පැන හැසිරවිය යුතුය.මහජනතාවගේ බුද්ධියට නිගරු නොකර. (බ)

:       0       0

විකුම් රංගන Tuesday, 27 September 2016 09:54 AM

යුද්දේ කාලේ කොළඹට වෙලා සැපට හිටිය වාසුදේවගේ මස්සිනාට දැන් තමයි දෙමල ජාතික කැක්කුම ඔලුවට ගහලා තියෙන්නේ? ඔහුගේ හිතවත් සිංහල දේශපාලකයින්ට නැවත බලයට එන්න පොඩි ජාතිවාදී තල්ලුවක් තමයි මේ එතුමා මේ දෙන්නේ,(බ)

:       0       0

රෝහිත Tuesday, 27 September 2016 09:56 AM

ඔබ සාමානය පෙළ ගණිතය පාස් ද? (බ)

:       0       0

පුෂ්ප Tuesday, 27 September 2016 10:01 AM

කතා කරලා වැඩක් නැහැ සෑම්. වෙන රටවල ඕව යොදාගන්නේ රොකට් යවන්න, මැෂින් හදන්න. වැඩදායි දේවල් යොදා ගන්නෙත් නිෂ්ඵල කාරණා වලට නොවැ මේ රටේ මිනිස්සු. (අ)

:       0       0

මොහාන් Tuesday, 27 September 2016 10:03 AM

චන්දන, මේ නලින් මන්ත්‍රීවරයා කියන්නෙත් ඔබ කියන දේම තමා. මේ සියල්ල සිදු වන්නේ ජනවාරි 8 වෙනිදා ට පසු, ඒ කියන්නේ මොහු පසු පස සිටින්නේ ජනවාරි 8 ජයග්‍රහණය ආපස්සට හරවන්න අවශ්‍ය උදවිය. (අ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 27 September 2016 10:14 AM

ඔය විග්නේශ්වරන් කියන්නේ ද්‍රවිඩ රාජපක්ෂ වාදියෙක්. ඒකාලෙත් ටිකක් බිරුවා ආදරේට. ඒ වුණාට ඒ කාලේ හුරතලෙටනේ බිරුවේ. අනික මේ දවස්වල දකුණේ ජාතිවාදී නරි ටිකකුත් පිස්සු හැදිලා බුරනවනේ. ඉතින් සාමාන්‍ය ජනතාවට මේ නරින්ගේනුයි පිස්සු බල්ලන්ගේනුයි පුදුම කරදරයක් තියෙන්නේ. (අ)

:       0       0

ජයන්ත Tuesday, 27 September 2016 11:17 AM

රෝහිත, මෙයාල ගණිතය පාස් නම් ඔතන ඉන්න බැහැනේ ළමයෝ. (අ)

:       0       0

ධම්ම Tuesday, 27 September 2016 11:24 AM

බින්දු දෙසිය විසිපහක් එකතු කලාම උත්තරය කීයද මන්ත්‍රීතුමා. (අ)

:       0       0

ශමිල්ක ද සිල්වා Wednesday, 28 September 2016 05:17 AM

නියම එළකිරි කතාව ! කටේ මසුරන් දන්නා වටිනවා (ම)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 27 September 2016 11:45 AM

ගණිත සුත්‍ර ඉදිරිපත් කරන කෙනා,ගණන් වගේම විද්‍යාවත් අසමත් ,ඒ නිසා මේ සමිකරණයේ දෝෂ ඇති බවට කිසිම සැකයක් නැහැ (අ)

:       0       0

දහම් Tuesday, 27 September 2016 11:52 AM

අනේ මෙයා පීචන් වෙන එකේ සීමාවක් නැහැ. එ්ත් ලැජ්ජාවක් නැහැ. (බ)

:       0       0

රෝහණ Tuesday, 27 September 2016 12:17 PM

චන්දන ඔයාගේ සුත්‍රය නම් වැරදි එකක්.මට පෙනෙන හැටියට ඔයා ජාතිවාදය අවුස්සන කෙනෙක් වගේ අර උදය වගේ. (බ)

:       0       0

සංජීව Tuesday, 27 September 2016 12:31 PM

රටට වැඩදායක දෙයක් කරන්න තමයි ඔබලාව පාර්ලිමේන්තුවට යවල තියෙන්නේ. නැතිව ඔයවගේ ගොන් කතා කියන්නට නෙවෙයි.කියන්න බලන්න ඔය කතාවෙන් රටේ දියුණුවට වුණ සේවය.අවුරුදු 5 කාලය කයි වගේ. (බ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 27 September 2016 12:58 PM

චන්දනගේ තුනේ පන්තියේ ට් සුත්තරෙත් නරකම නැහැ. දෙවරක් චක්කරේ බැරි වුණාට ජම්මයෙන්ම සමීකරණ වලට දක්ෂයෙක් වගෙයි පේන්නේ.(අ)

:       0       0

සෑම් Tuesday, 27 September 2016 01:14 PM

සූත්තර පුංචා (අ)

:       0       0

දුලාන් Tuesday, 27 September 2016 01:52 PM

පුෂ්පකුමාර මහත්තයට හොදට රෙදි අපුල්ලලා පුරුදුයි වගේ (අ)

:       0       0

ජගත් Tuesday, 27 September 2016 02:01 PM

නලින් මහත්තයගේ ගණිත සූත්‍රය හරියටම හරි.නියමයි.(අ)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 27 September 2016 03:35 PM

දුලාන් සහෝදරයා, හොඳට මතකතියා ගන්න, කිලිටි අපිරිසිදු ඇඳුම් ඇදගෙන සමාජය ගඳ ගස්සවන අයගේ ඒ ඇඳුම් ගලවලා නිරුවත් කරලා ඇඳුම් ටික ගලේ ගහලා හෝදලා අපුල්ලලා නැවත ඒ අයටම අන්දවන්න මම හරිම කැමතියි. දැන් වැඩේ හොඳට හුරු පුරුදුයි . හැබැයි බල්ලෝ නාවන වැඩේ නම් කීයක් දුන්නත් කරන්නේ නැහැ. (බ)

:       0       0

ලක්සිරි Tuesday, 27 September 2016 03:53 PM

ධම්ම මහත්තයාගේ වගේ ඔලු ගෙඩි වලට තව ඔළුගෙඩි කීයක් එකතු වුණත් උත්තරය බින්දුවම තමයි. එහෙම බැලුවාම පිළිතුර හරිම සරලයි ධම්මේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 270 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1146 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1798 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4269 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1190 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site