(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරියගේ නිවසට සහ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නිවසට මෙන්ම ජාතික රූපවාහිනියට සහ තවලම ප්‍රාදේශීය සභාවේ කැබ් රථයකට පහරදී අලාභානි කළ පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පැවසීය.
මන්ත්‍රී තාරක බාලසූරිය මහතාගේ කෑගල්ල බන්ඩාරනායක මාවතේ නිවසට ඉකුත් මැයි 9 වෙනි දින පහර දී දේපළවලට අලාභානි කිරීම සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස විමර්ශන නිලධාරීන් විසින් කෑගල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ගීතා කුමාරසිංහ මහත්මියගේ රාජගිරිය නාවල පාර නිවසට ඇතුළු වී දේපළවලට අලාභානි කිරීම සම්බන්ධයෙන් වැලිකඩ මාලිගාව පාර ප්‍රදේශයේ දී පුද්ගලයකු වැලිකඩ පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
තවද මැයි නම වෙනි දින තවලම 8 කණුව ඉදිරිපිට මාර්ගයේ දී තවලම ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයකට පහර දී අලාභහානි කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් පැලවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
ඊට අමතරව ඉකුත් ජුලි 13 වෙනි දින ජාතික රූපවාහිනී සංස්ථාවට ඇතුළුවී සේවකයන් බියගන්වා රජයේ දේපළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසියට භාරදීමෙන් අනතුරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ,46 , 48 , හා 51 පසුවන කෑගල්ල මීපිටිය, රාජගිරිය,මොරටුව හා ඇතුල් කෝට්ටේ පදිංචිකරුවන් ය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් හතරක් අල්ලයි
Bamunuarachchi Thursday, 01 September 2022 06:09 PM
පින්තූර ටික දමන්නකෝ මුහුණවල් ටික බලාගන්න. ජේවීපී ලෝයර්ට වැඩ හෝගාලා.