IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මන්ත්‍රී පවුලට මන්ත්‍රී පුරුකක් ඈඳේ

පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය මෙනවිය සහ දිනේෂ් ගුණවර්ධන  මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන මහතා ලබන 14 වැනි දා විවාහ දිවියට එළඹීමට නියමිතය.

2015 වසරේ දී මහනුවරදී පැවැති ‘මහින්ද සුළග‘ රැලියේ දී මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ඇරැඹුණු බව දේශපාලන ආරංචි කියයි.

දෙදෙනාගේ දෙවැනි ගමන ලබන 17 වැනි දා ට නියමිතය.

සමන්මලී සකලසූරිය මෙනවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය යි. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ මහතාගේ ද ඥාති දියණිකි.

මේ ගැන විමසීමට සමන්මලී සකලසූරිය මෙනවිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් අසාර්ථක විය.

බොරළුගොඩ සිංහයා ලෙස විරුධාවලිය ලත් පිලිප් ගුණවර්ධන මහතාගේ මුණුබරකු වන යදාමිණී, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාය. සූරියමල් ව්‍යාපාරයේ නියමුවකු වූ පිලිප් මහතා  ඇන්.ඇම් කොල්වින්, බර්නාඩ්, ලෙස්ලි හා විලියම් වැනි වාමාංෂික නායකයන් සමග සිරබත් කෑ වාමාංශික නායකයෙකි.

පිලිප්ගේ මුණුබුරාද පිලිප් මෙන් ඇමෙරිකාවේ විස්කොන්සින් සරසවියේ අධ්‍යාපනය ලැබීය. ඔහු වේල්ස් සරසවියේ ද අධ්‍යාපනය ලැබීය. ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ කෙනඩි පාසලේ විධායක අධ්‍යාපනය ලැබීය.



අදහස් (0)

මන්ත්‍රී පවුලට මන්ත්‍රී පුරුකක් ඈඳේ

උදය රත්නායක Thursday, 07 July 2016 11:10 PM

අනික් ඇමති පුත්තු වගේ නොවෙයි යදාමිණී. පාඩුවේ ඉන්න චරිතයක්. ඔබගේ නව දිවියට සුබ පතනවා මල්ලි! (නි)

:       0       0

උපාලි Thursday, 07 July 2016 12:54 PM

අර නාමාවලියේ නියෝජ්‍ය ලැයිස්තුව එනකොට මෙයාටත් තැනක් දෙනවා නේද? (බ)

:       0       0

සුනිමල් Thursday, 07 July 2016 11:19 PM

සුබ පැතුම්! කදිම යුවළක් (නි)

:       0       0

සුමුදු Friday, 08 July 2016 06:52 AM

අමලී.. දිනේෂ් මහත්තය ගෙන මම හොඳට දන්නවා.. ඔය ගොල්ල මොනවද දන්නේ. (අ)

:       0       0

රාජු Friday, 08 July 2016 09:07 PM

ඇයි සමහරු කුණුකන්දල් අවුස්සන්නේ මේ වගේ සතුටුවෙන්න, සුබ පතන්න ඕනෑ වෙලාවක? මම ආනන්ද විද්‍යාලයේ එකට ඉගෙනගත්තේ පිලිප් මහත්තයාගේ එක පුතෙක් එක්ක. මම හොඳටම දන්නවා ඔවුන් ගැන. (නි)

:       0       0

සුමුදු Friday, 08 July 2016 06:50 AM

චමින්ද එයා හොඳ මිනිහෙක් නම් කොහොමද දෙශපලකයෙක් වුණේ. දේශ පාලකයෙකුට කවදාවත් ගුණ ගරුක වෙන්න බෑ. වෙන රස්සාවක් කරන්න තරම් ඉගෙන ගන්න නැතිව ඇති. නීතිය කරන්න ඇති අනුන්ගේ ලේ බොන්න. (අ)

:       0       0

දහම් Friday, 08 July 2016 12:36 AM

සුළි සුළඟේ ප්‍රතිඵල රට පුරාම දකින්න තියෙනවා. එයාලා අන්ධ වුණාට අපි මොනවා කරන්නද. (නි)

:       0       0

සහන් Thursday, 07 July 2016 01:39 PM

කුණු ගොඩට කුණු , හොරුන්ට හොරු එකතු වෙනවා (බ)

:       0       0

ප්‍රියන්ජන් Thursday, 07 July 2016 01:45 PM

මේ අය සමාජවාදය කතා කලාට ලෝකේ ප්‍රදාන පෙලේ ධනවාදී රටවල ඉගෙනගෙන තියෙන්නේ (හේ)

:       0       0

පෙරේරා Friday, 08 July 2016 07:55 AM

දේශපාලනය සමහර පවුල්වල ඉතින් පරම්පරාවලට යන ව්‍යාපාරයක් වෙලානේ. (ම)

:       0       0

මොහාන් Thursday, 07 July 2016 01:58 PM

ඉතා ගුණ යහපත් , කට වාචාලකම් පුරුදු නැති මහත්මයෙක්. සුබ අනාගතයක්.(හේ)

:       0       0

නිරු Friday, 08 July 2016 08:12 AM

මේ විවාහයේ පරමාර්ථය රටට හොඳ පියෙක්, හොඳ මවක්, හොඳ දරු පරපුරක් බිහි කරලීම නොවෙයි...තම තමන්ගේ දේශපාලන බලය වැඩි කරගෙන සදාකාලිකවම බලය රැක ගැනීමයි..(ම)

:       0       0

රොකී Friday, 08 July 2016 02:18 AM

අනේ සාධු! ඕවා ඔහොම තමයි (නි)

:       0       0

අමාලි Friday, 08 July 2016 02:48 AM

බොරුවට මඩ ගහන්න එපා. දිනේෂ් මැතිතුමා කවදාවත් හොරා කෑවේ නැහැ. එතුමන්ලාගේ පුද්ගලික දේපල විකුණලා තමයි එතුමන්ලා දේශපාලනය කළේ. ඒක ගමේ මිනිස්සු විදියට අපි හොඳටම දන්නවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 07 July 2016 03:50 PM

සුළි සුළඟේ එකම ප්‍රතිඵලයද (බ)

:       0       0

චමින්ද Thursday, 07 July 2016 04:22 PM

සහන්, මිනිස්සු ගැන නොදැන අදහස් දක්වන්න එපා. යදාමිණී නියම මහත්මයෙක්. කියන්න තියන දේ කෙළින් කියන ගුණගරුක, ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්. දිනේෂ් ගුණවර්ධන මහතාවත් ඔබ කියන ගොඩට වැටෙන්නේ නැහැ. යදාමිණී මහතාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

ටිෂාන් Friday, 08 July 2016 04:20 AM

කවුද දෙවැනි මනමාලයා? (නි)

:       0       0

මොරවක Friday, 08 July 2016 04:25 AM

අපෙනුත් සුබ පැතුම්! (නි)

:       0       0

ලොකුගේ Thursday, 07 July 2016 05:14 PM

සහන්, ඔයාගේ හිත නම් නියම කුණුගොඩක් බව පැහැදිලියි. (නි)

:       0       0

රජිත් මංජුල Thursday, 07 July 2016 07:10 PM

එතුමිය කතා නොකර ඉන්න තරමට වැඩිදුරක් යන්න පුලුවන් වෙයි (නි)

:       0       0

අනුරාධ Friday, 08 July 2016 05:11 AM

සහන්ලට යමක් තේරෙනවා. චමින්ද, ලොකුගේ, ටිකක් හිතලා අදහස් දාන්න (නි)

:       0       0

සුලෝචන Thursday, 07 July 2016 07:16 PM

හොඳ එක්වීමක්. ඔබ දෙදෙනාට සුබ අනාගතයක් පතමි! (නි)

:       0       0

සඳුන් Friday, 08 July 2016 02:23 PM

සුමුදු අමාලිලා වගේ අය මොනවා කිවුවත් රටේ මොළයක් තියන අය ඇත්ත දන්නවා (නි)

:       0       0

තිස්ස Friday, 08 July 2016 05:20 AM

හදවතින්ම සුබ පැතුම්! (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 07 July 2016 08:09 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රගීත් Friday, 08 July 2016 05:22 AM

අනේ වාසනාවන්! මෙතුමිය කලින්නම් එස් බී දිසානායක මහත්තයාගේ "නිරුවත" අරුත්ගන්න්වන්නට උත්සහකරා. (අ)

:       0       0

විමල් Friday, 08 July 2016 05:28 AM

සුබ පැතුම් අක්කි . (අ)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 08 July 2016 06:08 AM

දිනේෂ් ගුනවර්දන මහත්තයාගේ පුතා ඉගෙන ගෙන තියෙන තැන් බලපුවහම හොඳට තේරෙනවා නේද අපේ නිදහස් අධ්‍යාපනය ගැන එතුමාගේම තිබිල තියෙන පැහැදීම. (ම)

:       0       0

වසන්ජය Friday, 08 July 2016 05:21 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ජයතු Thursday, 07 July 2016 10:07 PM

කවුරු වුණත් ගුණයහපත් වුණාට වැඩක් නැහැ, මහජන මුදලින් නඩත්තු වෙනවා නම් (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 08 July 2016 06:45 AM

කැලේ ගසකට කැලේ වේලක් එතෙනවා කියන්නේ මේවගේ සිද්ධීන් වලට , සුබ පතමි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1023 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 679 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1837 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 356 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 601 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1576 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site