IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී පළාත් සභාවේ සරම ගලවයි

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී මන්ත‍්‍රීවරුන්ට හිමිවන කෝටා ක‍්‍රමයේදී තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඉෆ්තිකාර් ජෙමීල් අද (7) පැවති සභා රැස්වීම අතරතුර තම අසුනින් නැගිට මේසය මත නැගී විරෝධය පළ කළේය.

මේසය මත නැගී සිටි මන්ත‍්‍රීවරයා තමන් ඇ`ද සිටි සරමද ගලවා දැමීය.

සිසුන් ඇතුළත් කිරීමේදී පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට පුරප්පාඩු 5ක් පිරවීමේ අවස්ථාව ලැබී ඇති අතර ඉන් තුනක්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ප‍්‍රසන්න සංජීව මහතා විසින් පුරවා ඇති බවයි.

ඉතිරි දෙකෙන් එක් අවස්ථාවක් සුදුසුකම් ඇති සිසුවෙකුට ලබාදෙන ලෙස තමන් ගොස් විදුහල්පතිනියගෙන් ඉල්ලූ අවස්ථාවේ එම පුරප්පාඩු දෙකද ප‍්‍රසන්න සංජීව මන්ත‍්‍රීවරයා පුරවන බව ඇය පැවසූ බව මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය.

මේ අවස්ථාවේ ඉෆ්තිකාර් ජෙමීල් මන්ත‍්‍රීවරයා සහ ප‍්‍රසන්න සංජීව මන්ත‍්‍රීවරයා අතර දැඩි වචන හුවමාරුවක් සිදුවූ අතර ප‍්‍රසන්න සංජීව මන්ත‍්‍රීවරයා පැවසුවේ ගැටලූව විස`දීම ස`දහා සභාවෙන් පිටතදී හමුවෙන ලෙස ඉෆ්තිකාර් මන්ත‍්‍රීවරයාට පවසන බවය.

මුලසුනෙහි සිටි උප සභාපති යසපාල කෝරළගේ මහතාට දැඩි පරිශ‍්‍රමයක් දරා සභාව සන්සුන් කිරීමෙන් පසු ඉෆ්තිකාර් ජෙමීල් මන්ත‍්‍රීවරයා බිම තිබූ තම සරම ඇ`දගෙන යළිත් අසුන් ගත්තේය.



අදහස් (0)

මන්ත්‍රී පළාත් සභාවේ සරම ගලවයි

නුවන් Wednesday, 08 June 2016 07:06 AM

මේ වගේ අයගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. (ර)

:       0       0

සිරි Tuesday, 07 June 2016 07:20 PM

මොකක්ද මේ හැදිලා තියෙන අමුතු පිස්සුව ඒ ගමන? (නි)

:       0       0

කුරුවිට සුනිල් Tuesday, 07 June 2016 09:17 PM

දෙවියනේ! කාට මොනවා පෙන්වන්නද? (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 07 June 2016 10:56 PM

අනේ මෙහෙමත් ලැජ්ජා නැති වැඩ? (නි)

:       0       0

අමල් Wednesday, 08 June 2016 08:23 AM

මෙහෙම අය තමයි ඉතින් අපිට ඉන්න නායකයෝ. (ර)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 08 June 2016 08:31 AM

මේ කවුරු මොනවා කිව්වත් මීළඟ මහා මැතිවරණයෙන් මෙතුමාට පාර්ලිමේන්තු ආසනයක් නියතයි... (ර)

:       0       0

සරත් Wednesday, 08 June 2016 01:05 AM

දේශපාලකයන්ට ජනතා වරමින්ද පාසල් වලට දාන්න කෝටා එක ලැබුනේ? මොවුන් හැම එකම බෙදාගන්නවා. ජනතාව හාමතේ (නි)

:       0       0

චන්දි Wednesday, 08 June 2016 02:39 AM

බාර් ලයිසන්, ඉස්කෝලෙට ළමයි දාන කෝටා...මේවා සංවර්ධනයට අදාළ දේද? අපිත් ඉන්නේ මරු රටක. මේවා හරිගස්සන්න කිසිම මිනිහෙකුට ඕනෑකමක් නැහැ. (නි)

:       0       0

ජයම්පති Tuesday, 07 June 2016 12:46 PM

අපොයි දෙයියනේ, යටට මොකුත් ඇඳලා හිටියේ නැද්ද?(හේ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 08 June 2016 02:45 AM

මේවට අදහස් දාලා වැඩක් නැහැ. පිළිකාවක් බඳු මේ දේශපාලන ක්‍රමය ලංකාව ගිලගෙන ඉවරයි (නි)

:       0       0

උපාලි Tuesday, 07 June 2016 12:52 PM

හුරේ! දෙන්නම සුදුසුකම් උපයා ගත්ත අනාගතේ පාර්ලිමේන්තු යන්න. හරි, දැන් වාඩිවෙන්න මහත්වරුනි. (බ)

:       0       0

සෙන්සාන් Wednesday, 08 June 2016 02:49 AM

ලංකාව විනාශ කරන කට්ටියක්. රටේ සියලුම යාන්ත්‍රණයන් විනාශ කරන්නන්ට ශාප වේවා! (නි)

:       0       0

ඇසළ Tuesday, 07 June 2016 01:09 PM

ඇයි කලිසමත් ගලවන්න හිතුනේ නැද්ද?(හේ)

:       0       0

සාලිය Wednesday, 08 June 2016 03:29 AM

පුදුමාකාර මහත්තයෙක්නේ මෙයා. ඇඳගෙන සිටි ඇඳුමත් ගළවලාද? (නි)

:       0       0

දිලුම් Wednesday, 08 June 2016 03:59 AM

සමස්ථ දේශපාලකයන්ම මේවා කරන්නේ කාටවත් ආදරේට නෙමෙයි. (ර)

:       0       0

ධම්ම Tuesday, 07 June 2016 02:26 PM

දේශපාලකයාගේ ආගම දේශපාලනයයි. කිසිම ආගමකින් ඔවුන් සංවර කළ නොහැක.(හේ)

:       0       0

ලාලිනි Tuesday, 07 June 2016 02:36 PM

ලැජ්ජයි මේ ගැන.(හේ)

:       0       0

අමිල Wednesday, 08 June 2016 04:35 AM

මොකක්ද ඇත්තටම මේ අපේ නායකයොන්ට වෙලා තියෙන්නේ. (ර)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 June 2016 04:41 AM

ආදර්ශවත් දේශපාලකයෝ රටට බිහිවුණා (ම)

:       0       0

සමන් Tuesday, 07 June 2016 03:30 PM

මේ අයද ජනතාව පත් කරගෙන තියෙන්නේ.(හේ)

:       0       0

ජයන්ති Tuesday, 07 June 2016 04:43 PM

ෂික් විතරක්! මෙහෙමත් ලැජ්ජා නැති මිනිසුන්වද අපි පත්කරගෙන තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 131 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 354 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 239 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 554 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1659 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 76 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 977 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site