IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මන්ත්‍රී රිය ඇඟළුම් බසයේ හැපේ

දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතා ගමන් කළ පැජරෝ රථය අද අලුයම අහංගම කතළුවේදී ඇඟළුම් සේවකයන් රැගෙන ගිය බසයක හැපීමෙන් මන්ත්‍රීවරයා ද ඔහුගේ රියේ ගමන් කළ තිදෙනෙක් ද ඇඟළුම් සේවක සේවිකාවෝ 26 දෙනක් ද කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබූහ.



අදහස් (0)

මන්ත්‍රී රිය ඇඟළුම් බසයේ හැපේ

බණ්ඩාර Friday, 05 July 2013 09:03 AM

පව් අහිංසක ළමයි ගැනයි දුක.‍ (ස)

:       0       0

සංජීව Friday, 05 July 2013 09:03 AM

දැන් ලංකාවේ ජනගහනයට සමානව දේශපාලකයොත් ඉන්නවනේ. (ස)

:       0       0

බණ්ඩාර Friday, 05 July 2013 09:13 AM

අපේ රටේ මන්ත්‍රීලා යන්නේ උඩින්. චන්දෙ කාලෙට විතරයි බිමින් යන්නේ. (ස)

:       0       0

නාරද Friday, 05 July 2013 09:25 AM

වාහනේ දැක්කම පේනවා දුප්පත් මන්ත්‍රී කෙනෙක් කියලා, විපක්ෂේ කෙනෙක් වෙන්න ඇති. (ස)

:       0       0

වරුණ Friday, 05 July 2013 09:33 AM

මෙයාලත් ඇවිල්ල හැපෙන්නෙම දුප්පත් අසරණයන්ගේ ඇගේම තමා. (ස)

:       0       0

සංජීව Friday, 05 July 2013 09:41 AM

ලංකාවේ මොන දේ වුනත් දේශපාලකයෙක් ඒකට සම්බන්ද වෙලා තියෙනවා. (නි)

:       0       0

චානක Friday, 05 July 2013 09:49 AM

මේ රිය ඇතුළේ මුකුත් තිබිලා නැද්ද? (නි)

:       0       0

රංග ශනි Friday, 05 July 2013 09:57 AM

මත්පැන් පානය කරලද බලන්න . (නි)

:       0       0

හේරත් Friday, 05 July 2013 10:06 AM

ඔබතුමා රස්සාවල් දෙන්නවත් ඉර්දී උනාද මේ හිමිදිරියේ? (ස)

:       0       0

කුමා Friday, 05 July 2013 10:12 AM

අර අහිංසක නංගිලා සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (ස)

:       0       0

චන්දි Friday, 05 July 2013 10:12 AM

වාහන දෙකම ගොඩක් පොඩි වෙලා නේද? අහිංසක ළමයින්ට ගොඩක් අමාරුද, අනේ එයාලට ඉක්මන් සුවය පතමු. (ස)

:       0       0

ලකී Friday, 05 July 2013 10:13 AM

මේක නරුමයෝ ඉන්න රටක් වෙලා. මන්ත්‍රීලා විතරක් නොවෙයි, සාමාන්‍යය මිනිස්සු පවා වාහන එලවන විදියෙන් තේරෙනවා.

:       0       0

චන්දි Friday, 05 July 2013 10:16 AM

ගොඩක් දවසකින් පත්තරේ බලන්න ගත්තේ ඩෝං ගාල දැක්කේ දෙසපාලකයෙක් සම්බන්ද දෙයක් අනේ මන්ද...? අනේ!! මගේ රටට ගිය කල! (ස)

:       0       0

සරත් Friday, 05 July 2013 10:30 AM

මේවා දකින්න දකින්න මගේ රට ගැන මටම කලකිරෙනවා. නංගිලාට ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

උපුල් Friday, 05 July 2013 10:33 AM

ලංකාවේ ඇමති-මැතිතුමන්ලා රිය අනතුරු වලට ලක්වන අවස්ථා සලකන විට මට හිතන්නේ මෙතුමන්ලා වැඩිහරියක් ඉන්නේ මහපාරේ කියලා. ඒ වුනාට මගේ හාමිනේ කියන්නේ මෙතුමන්ලගේ රිදුරන්ගේ නොහැකියාව කියලා. පොඩි එකා නම් කියන්නේ අනෙක් අයට හෙන ගැහුනත් වේගයෙන් යන එක මෙතුමන්ලා විනෝදාංශය කියආ. (අපි දෙන්නා නම් එහෙම හිතන්නේ නැහැ). කොහොම නමුත් එක්කෝ මෙතුමන්ලා ගෙදරට වෙලා ඉන්න ඕනෑ. නැතිනම් හරි හමන් රියදුරන් ගන්න ඕනෑ. නැත්නම් අපේ සල්ලිවලින් මෙතුමන්ලා හෙලිකොප්ටර ගන්න ඕනෑ. නැතිනම් මෙතුමන්ලට රේස් යන්න පාරවල් ටික දීලා අපි හෙලිකොප්ටර ගන්න ඕනෑ (අපේ සල්ලි වලින්). (නි)

:       0       0

ලකී Friday, 05 July 2013 10:38 AM

ඔහොම ඔහොම හරි දේශපාලුවෝ ටික එක එක්කෙනා හරි මැරිලා යනවා නම් මේ රටට හොද කාලයක් එයි.(නදී)

:       0       0

කළුආරච්චි Friday, 05 July 2013 10:38 AM

පින්තූරය අනුව මට නම් හිතෙන්නේ ජීප් එක වෙන ‍වාහනයකට ඉස්සර කරන්න හදද්දී බස් එකේ වැදිලා ආපස්සට හැරිලා කියලයි (නි)

:       0       0

සරත් Friday, 05 July 2013 10:39 AM

උපුල්, ඔබ හරියටම හරි. (නි)

:       0       0

විල්සන් අධිකාරී Friday, 05 July 2013 03:41 PM

මොහු ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක්. මොහුගෙ පදි‍චිය මාතර වල්ගම. ගමේ නම වගේම මේ මිහිහත් (අ)

:       0       0

තිසරණ Friday, 05 July 2013 08:52 PM

රාජ උෂ්ණය තිබෙන කෙනෙක්. (අ)

:       0       0

සෑම් Friday, 05 July 2013 10:46 AM

පේන විදිහටනම් මන්ත්‍රීගේ වැරැද්ද වගේ. ඔය කිවුවත් වගේ මන්ත්‍රීට දෙවියන්ගේ පිහිට තමා. රියදුරාටත් කාගේහරි පිහිටයි. (නි)

:       0       0

පැතුම් Friday, 05 July 2013 03:45 PM

සංජීව ඔයා හරි. දැන් ලංකාවේ ජනගහනයට සාපේක්ෂව 50%ක් දේශපාලඥයෝ. අර හැප්පිච්ච නංගිලා අක්කලා ඉතුරු 50%ට අයිති අසරණ අය. එයාලට දෙවියන්ගේම පිහිටයි. අපේ රටටත් ඊජිප්තුවට වගේ ලොකු වෙනසක් අවශ්‍යයි කියලා මට හිතෙනවා. අපේ ගමටනම් ඔය එක සභාවකින්වත් කරලා ඇති දෙයක්නම් නැහැ. (දී)

:       0       0

අර්ෂා Friday, 05 July 2013 10:52 AM

කව්ද මේ මන්ත්‍රී ? මොන දොරෙන්ද මන්ත්‍රීව එලියට ගත්තේ ? (නි)

:       0       0

නිමල් Saturday, 06 July 2013 10:15 AM

ඡායාරුපය දුටුවහම නම් සිතෙන්නේ මන්ත්‍රී රියදුරා වාහනයෙන් උඩින් යාමට උත්සහ කර ඇති බවයි. වෙරිමතින් සිටි මන්ත්‍රී අසැබි වචනයෙන් බැන වැදුණු බවක්ද සදහන් වෙනවා.එය එසේ නම් සාප කලයුත්තේ මනාප ඡන්ද ක්‍රමයට. කොට්ඨාස ක්‍රමයට චන්දය තිබුනා නම් ජනතාවට බොරු පොරොන්දු දී බලයට පැමිණ ජනතාවට යකුන් පෙන්වන අය බලයට එන්නේ නැහැ. එදා සිංහලය රැක ගැනීමට මහා සඟ රුවන සිටි නමුත් අද වැඩියෙන් සිටින්නේ දේශපාලනය රකින අය (නි)

:       0       0

විදානගේ Friday, 05 July 2013 11:05 AM

හීනෙන් ඇවිදින ලෙඩක් තිබිලා ‍වාහනේ අරන් ගියාද දන්නේ නැහැ හිමිදිරියෙම? (නි)

:       0       0

රුක්මන් Friday, 05 July 2013 11:12 AM

පැජරෝ රථය හුඟාක් හෙමින් ඇවිත් කියලා බැලුවම පේනවා (නි)

:       0       0

මායා Friday, 05 July 2013 09:26 PM

මෙම පැජොරෝ රථය දුටු විට පෙනෙනවා මෙහි ඉදිරි පස බෆරයට අමතරයව එයට උඩින් ක්ලෑස් බාර් එකක් සවි කර තිබී ඇති බව. එම බාරය සවි කිරීමේ ඇති වැදගත් කමනම් අනතුරකදී එම වාහනයට වන හානිය අවම කරීමයි. නමුත් මෙම වාහනයේ බාරය සමග ගැටෙනා අනිත් වාහනය හෝ වෙන යම් දෙයකට සිදු වන දෙය ඉතා බරපතලයි.(නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 05 July 2013 11:15 AM

අනේ අපිට සේවය කරන්න ඉන්න අපේ මන්ත්‍රීලාට මේ වකවානුවේ හරියට අපලයි. අපි මේ ගැන ජනාධිපතිතුමාට කියලා මහ සංඝරත්නය කැඳවලා අරලිය ගහ මන්දිරයේදී ශාන්ති කර්මයක් කරන්න සුදානම් කරමුකො. (නි)

:       0       0

ජයන්ත Friday, 05 July 2013 11:29 AM

ඇයි හැමදාම රථ වාහන අනතුරු වෙන්නේ. මේවා නතර හෝ අඩු කරන්න විසදුම් ගන්නේ නැත්තේ ඇයි. හැමදාම සාකච්ඡා කරලා වැඩක් නැහැ. විසදුම් ගෙනල්ලා ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ නේද. මිහින් ගුවන් සේවයට සල්ලි මිලියන් ගණන් හැම අවුරුද්දෙම දීලා උඩින් යන්න හදන එකද හරි. මේවා අඩු කරන එකද. පාරවල් හැදුවට වැඩක් නැහැ. ඒවායේ යන අයට මාර්ග නීති ගැන අවබෝදයක් දෙන්න ඕනේ නේද. පාරේ යන හැම කෙනාම ගැන හිතා මාර්ග වල ආරක්ෂාව හැම කෙනාටම සලසා දීම රජයේ යුතු කමක්.(නදී)

:       0       0

ධර්මසිරි Friday, 05 July 2013 11:31 AM

මෙතුමන්ලගේ වාහන ඈතට හඳුනා ගන්න පුළුවන් නිවෙන පත්තුවෙන බලුප් දැම්ම නම් හොඳයි නේද. පාට පළාත් සබා අනුව වෙනස් උනාට කමක් නැහැ. නැත්නම් නිමල් කිව්ව වගේ අනෙත් රියදුන්ට සාතන්ගේ පිහිටයි.(නදී)

:       0       0

මොහොමඩ් Friday, 05 July 2013 11:37 AM

මත් පැන් පානය සම්පුර්ණයෙන් නතර කරන්න. රථවාහන අනතුරු අඩුවෙයි. එළවෙන ජාමේ ගංජා ටිකක් හරි අදියි. දුප්පත් ළමයි ටික රෝහලේ.(නදී)

:       0       0

නිහාල් Thursday, 11 July 2013 04:51 PM

වාහනයේ බෆරයට උඩින් යකඩ බාර් ගහන්න තහනම්. පොලිසියට මේවා පෙනෙන්නේ නැද්ද?අහිංසක ත්‍රීවීල් කාරයොයි මෝටර් සයිකල් කාරයොයි නැති වරදවල් දාලා නඩුවලට පටලනවා.ගාලු පාරේ වැඩි හරියක් ඉන්නේ නොම්බර එකේ පගා මරුවෝ ටිකක්. මාත් රුපියල් 500 ඒවා ඕනෑ තරම් දීලා තියනවා ඔය අම්බරුවන්ට.... (නි)

:       0       0

මනුර Friday, 05 July 2013 11:51 AM

අපේ රට කරවන උතුමන්ලා ටොයිලට් ගියත් යන්නේ හයි ස්පීඩ් වටේ ඉන්න මිනිස්සු යට කරගෙන. මම නම් දැක්ක තැන වහනේ අයින් කරගන්නවා.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 06 July 2013 10:55 PM

ඔහොම ඔහොම හරි දේශපාලුවෝ ටික එක එක්කෙනා හරි මැරිලා යනවා නම් මේ රටට හොද කාලයක් එයි. සමස්ත ජනතාවගේම ප්‍රාර්ථනය ඕකම තමයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 06 July 2013 10:56 PM

මන්ත්‍රී මලේ නැද්ද?(නදී)

:       0       0

සුනිල් Friday, 05 July 2013 12:07 PM

මේ වගේ වාහන වල ඉගිල්ලෙන මන්තිරි තුමාලාට ඇමති තුමාලටත් ඒගොල්ලන්ගේ පරිවාර තුමාලටත් හෙමින් යන්න කවදාවත් බැහැ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ පාරේ යන අනික් උදවියට වැඩිය ඒගොල්ලෝ උසස් කියලා. හෙමින් යන්න දැන්වත් ඉගෙන ගනීවිද දන්නේ නැහැ. (නි)

:       0       0

සුනිල් Friday, 05 July 2013 12:14 PM

මේ වාහන මේ උත්තමයලට නිකන් ලැබුන ඒවානේ. ඒවාට මොනවා වුනත් එයාලට ගානක් නැහැ. තව අලුත් එකක් වෙලාවට ලැබේවි. පාඩුව මේ රටේ මහා ජනතාවටනේ. එයින්ද කමක් නැහැ. අපි ගන්න පරිප්පු 500 නුත් අපිට ඕවලට ගෙවනවා . (නි)

:       0       0

ප්‍රසන්න Friday, 05 July 2013 12:19 PM

අහිංසක ළමයි වෙනුවෙන් දුක් වෙමු. (ස)

:       0       0

ඇසළ Friday, 05 July 2013 12:25 PM

මන්ත්‍රී ගිහින් තියන වේගයේ හැටියට හැපිලා අනිත් පැත්තට හැරිලා වගේ තමයි පෙන්නේ. කොහොමත් මේ දේශපාලුවන්ට හෙමින් ගමනකුත් නැහැ කරන දෙයකුත් නැහැ. (නි)

:       0       0

අසේල Friday, 05 July 2013 12:37 PM

ෂෙරිෆ් අපි අල්ලටවත් කියමු මන්ත්‍රීලා බේරලා දෙන්න කියලා.බුදු දහමේ හැටියට සංඝ රත්නයටනම් බැහැ එයාලා බේරෙන්නේ නැතුව කාවවත් බේරන්න.(අ)

:       0       0

රණේ Friday, 05 July 2013 05:18 PM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

රන්දි Friday, 05 July 2013 01:16 PM

ඊයේ රෑ ගිය ගමනද කොහෙද ? නෝනාගෙන් බේරෙන්න, එළිවෙන්න කලින් ගෙදරට බඩගා ගන්න හිතාගෙන ඉගිල්ලෙන්න ඇති. දැන් උන්දෑ ඉවරයි. කොසු පාර තමයි ගෙදර මහයියගෙන්.(නදී)

:       0       0

සම්පත් Friday, 05 July 2013 01:24 PM

ශේරිෆ්ලා දන්නේ ඔච්චරයි තමා. සංඝරත්නය කොහෙද ශාන්තිකර්ම කරන්නේ?නොදන්නා දේ කියවලා වරිගේ නහගන්න එපා. (දී)

:       0       0

කසුන් Friday, 05 July 2013 05:37 PM

අසාදාරන සල්ලි වලට වෙන්නේ මේක තමා.(නදී)

:       0       0

ශාන්ත Friday, 05 July 2013 05:46 PM

මේ අය පාරක ගියත් මිනිස්සුන්ට අපලයිනේ. ඒකෙත් හැටි? (දී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 07 July 2013 07:54 AM

මිනීමරු ප්‍රභාකරන්වත් නැති එකේ මේ ඔක්කොම මැරිලා යනවා නම් රටට සෙතක් වෙනවා. දුක පවුලක් නඩත්තු කරන්න දුක් විදින අසරණ ළමයි ගැනයි.(නදී)

:       0       0

සජිත් Monday, 08 July 2013 12:57 PM

මන්ත්‍රීට කරදරයක් නැද්ද... (නි)

:       0       0

ලුම්බිණි Friday, 05 July 2013 08:51 AM

මේ කාලේ හැම සිද්ධියකටම වගේ දේශපාලකයෙක් සම්බන්ධයි. (ස)

:       0       0

සෑම් Friday, 05 July 2013 06:35 PM

බීපු මන්ත්‍රී කුනුහරුපෙනුත් බැනලා බස් එකේ යට ඉදන්. අසික්කිතයි නේද වැඩේ. අපේ ඡන්දෙන් ගිහිල්ලා අපිටම කෙනෙහිලිකම් කරනවා.(නදී)

:       0       0

නිමල් Friday, 05 July 2013 08:58 AM

වැරදිකරු මන්ත්‍රී තුමාගේ රියැදුර නම් දෙවියන්ගේ පිහිටයි. බස් රථයේ රියදුරු නම් සාතන්ගේ පිහිටයි. පිහිට පැතිය යුත්තේ අහිංසක දුප්පත් ඇඟලුම් සේවක සේවිකාවන් වෙනුවෙන්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 73 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 133 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2424 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 889 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 516 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1520 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37754 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site