IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මන්ත්‍රී රෝහිත දැඩිසත්කාර ඒකකයේ

මහ බැංකු අධිපතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රැලියකට එක්ව සිටි හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන යකඩ බැරියරයකට හිරවී තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව පොලිසිය කියයි.

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම බිම ඇද වැටීම නිසා රෝහල් ගත කළ බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි කියයි.

රැලිය කොටුව රීගල් සිනමාහල අසලින් ඇරඹී ලංකා බැංකු මූලස්ථානය හරහා මුදල් අමාත්‍යංශය දෙසට ගමන් කරයි.

Rohitha-1 Rohitha-2 Rohitha-3 Rohitha-4

(දෙරණ අනුග්‍රහයෙනි)

DSC_1936 DSC_1984 DSC_2007 DSC_2085 DSC_2104DSC_2042

ඡායාරූප - ඉෂංක සුනිමල්

Untitled-1 Untitled-2 Untitled-3

Untitled-2

 

වීඩියෝ - ඉෂංක සුනිමල්



අදහස් (0)

මන්ත්‍රී රෝහිත දැඩිසත්කාර ඒකකයේ

සිරිමලි Friday, 24 June 2016 08:39 AM

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ,ජනතාව පත්කළ ආණ්ඩුවට එම කාලයට රට පාලනය කල යුතයි. (ම)

:       0       0

මංජුල Friday, 24 June 2016 05:51 PM

හිවල් දේශපාලනය සහ කුරුම්බැට්ටි දේශපාලකයෝ කවුදැයි අපි හොඳින් හඳුනන්නෙමු (නි)

:       0       0

යොහාන් Sunday, 26 June 2016 07:38 AM

වෙනස සැපද වැඩ කරලා හොරකම් කරනවද වැඩක් නොකරම හොරකම් කරනවද දැන් වෙන්නේ මොකද්ද හැබැයි අල්ලපු හොරෙක් තවම නැහැ (බ)

:       0       0

අතුල Friday, 24 June 2016 05:57 PM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 24 June 2016 08:48 AM

අසරණ උගත් දරුවන්ට කදුළු ගෑස් වලින්,ජල ප්‍රහාර වලින් පහර එල්ල කරන රටේ නායකයෝ ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)

:       0       0

හර්ෂ Friday, 24 June 2016 06:17 PM

රටේ අවනීතිය නවත්වන්න උත්සුක වූ සහෘදයාණෙනි, ඔබට ඉක්මන් සුවය! (නි)

:       0       0

ජයරත්න Friday, 24 June 2016 08:46 AM

එතකොට මේ රැළියට විරුද්ධ අදහස් පළකරන අය කියන්නෙ මහ බැංකුවේ සිදුවී තිබෙන මූල්‍ය වංචාව හරිම හොඳයි, තව ඉදිරියත් ඒ වගේ දේවල් වියයුතුයි කියලද? (නි)

:       0       0

ගයාන් පෙරේරා Monday, 27 June 2016 05:08 AM

බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන් (බ)

:       0       0

ප්‍රදීප් Friday, 24 June 2016 08:49 AM

මේගොල්ලෝ හිතන්නේ අපිට මෙච්චර ඉක්මනට අතීතය අමතක වෙනවා කියලද? අද ඕනෑම කෙනෙකුට කිසිම බයක් නැතුව, පෙළපාලි උද්ඝෝෂණ කරන්න පුළුවන්. මේකත් යහපාලනයේ ප්‍රතිඵලයක් තමා (නි)

:       0       0

අනුර Monday, 27 June 2016 05:06 AM

රජුන් ළඟ වැඳ වැටී යටි මඩිය තද කරන්... හොරෙන් ගිය ගමන කොටඋඩ ගියා එක සැරෙන්... ඉතින් ඒ සැප හොයන් ආවාම පෙරහැරෙන්... බැරියරේ වැටුණාම රිදුනාද රත්තරන්... (නි)

:       0       0

නිහාල් Friday, 24 June 2016 08:47 AM

අපි වෙනුවෙන් නේද මේ උතුමන් මෙහෙම දුක් විඳින්නේ? (නි)

:       0       0

බීනු Friday, 24 June 2016 06:26 PM

රණවිරුවන්ගේ කළු ඔලු පටිය ඇයි දාගෙන ඉන්නේ මේ අය? (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 24 June 2016 08:47 AM

සත්‍යය කවදා හෝ ජයගන්නවා ඇත (නි)

:       0       0

ටිරෝන් Friday, 24 June 2016 08:48 AM

අපේ අවාසනාව තමයි! (නි)

:       0       0

චමින්ද Friday, 24 June 2016 08:53 AM

අර විශ්ව විද්‍යාල ළමයි ඔහොම යනකොට පාරවල් අවහිර වෙනවා කියලා අදහස් දාපු අය අද නැහැ නේද? (නි)

:       0       0

නාවලගේ Friday, 24 June 2016 07:18 PM

තමන්ටම දෙයක් වෙන්න ඕනෑ වේදනාව දැනෙන්න (නි)

:       0       0

බණ්ඩාර Friday, 24 June 2016 08:53 AM

දැන් තමයි පළදෙන්නේ (නි)

:       0       0

මෙරිල් Friday, 24 June 2016 07:27 PM

අපි වෙනුවෙන් සේවය කරන්න ගිහිල්ලා නේද මේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 24 June 2016 08:51 AM

හොරු තවම නිදැල්ලේ. වහාම අල්ලා ගස් බඳිනු! (නි)

:       0       0

චිත්‍රා Friday, 24 June 2016 08:53 AM

හොරා කාලා දැන් සුදනෝ වගේ. මිනිස්සු මැරිලා ඉපදිලා කියලා හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Saturday, 25 June 2016 10:46 AM

කතාකළොත් රට වෙනුවෙන් පන දෙන්න. ඒ වුණාට බදු රුපියලකින් වැඩිකළොත් මැරෙන්න හදනවා (නි)

:       0       0

පෙරේරා Friday, 24 June 2016 08:10 PM

අනේ ඇයි මේ වගේ රත්තරන් මනුස්සයෙකුට මෙහෙම වුණේ? (නි)

:       0       0

හෆීල් Friday, 24 June 2016 09:01 AM

මෙතුමාගේ රෝහල් ගාස්තුවත් මහජනයාටද ගෙවන්න වෙන්නේ? (නි)

:       0       0

සමීර Friday, 24 June 2016 09:03 AM

දෙගොල්ලෝ යාලුවෙලා ඉන්න එපායැ. මොකද මේ එළවන්න කියන්නේ? (නි)

:       0       0

සමිත Friday, 24 June 2016 08:33 PM

ලෝකයේ තිබෙන නරකම යහපාලනය තියෙන්නේ ලංකාවේ අපේ ලංකාවේ. (නි)

:       0       0

විජේ Friday, 24 June 2016 09:09 AM

නඩු අහන්න කලින් රජය පෙරළාගන්න වගේ බලන්නේ. (නි)

:       0       0

දමිත් Friday, 24 June 2016 08:34 PM

කේශල අමන්දා, ඔයා කියන්නේ ජනතාව මෝඩයෝ කියලද? ඔයා එහෙම වුණාට, අනිත් අයත් එහෙමයි කියලා හිතන්න එපා. දැන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. (නි)

:       0       0

රනිල් Saturday, 25 June 2016 11:51 AM

රටට වෙන්න යන හෝ වෙලා තියෙන නස්පැත්තිය පාට කණ්ණාඩි ගළවලා හොඳට බලන්න (නි)

:       0       0

ප්‍රියාන් Friday, 24 June 2016 09:17 AM

ජයවේවා..!! විපක්ෂයේ කාර්ය කව්රුත් කරන්නේ නැත්තම් ඔබතුමන්ලාවත් කරන්න. අපේ සහයෝගය. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 24 June 2016 09:18 PM

මේ අය හදන්නේ කොහොමහරි රජය පෙරළන්න. (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 25 June 2016 11:55 AM

තමන් කළ කී දෑ කවදාහරි විඳවන්න වෙනවා (නි)

:       0       0

යොහාන් Friday, 24 June 2016 09:17 AM

ඇති යන්තම් ඔයින් බේරුනා (නි)

:       0       0

අසාද් Saturday, 25 June 2016 12:04 PM

පහුගිය ආණ්ඩුවේ හොරු ටික පවතින ආණ්ඩුවේ හොරු එළවන්නලු.හිනාවෙන්න ඕනෑ කොහෙන්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සදහම් Friday, 24 June 2016 09:18 AM

සමහරු රටට කරන වින්නැහියට මහජන ශාප වදිනවා (නි)

:       0       0

ඔසී Saturday, 25 June 2016 12:08 PM

ඔබට ඉක්මනින් සුව ලැබේවා! (නි)

:       0       0

දේවා Friday, 24 June 2016 09:19 AM

මම අදත් කියන්නේ මේක තමයි යහපාලනය කියලා (නි)

:       0       0

චිත්රක Friday, 24 June 2016 09:19 AM

2500-3000 ගෑස් ගත් අපිට, 166/- තෙල් ගහපු අපිට වැට් එක මොන කජ්ජක්ද? (නි)

:       0       0

අබේවර්ධන Saturday, 25 June 2016 12:15 PM

මන්ත්‍රිතුමනි, ඔබට යළිත් මෙවන් අනතුරු නොවේවා. (නි)

:       0       0

ගුණේ Friday, 24 June 2016 09:55 PM

කර්ම විපාක යම් කොටසක් මෙලොවදීම පටිසන් දෙනවා (නි)

:       0       0

කලන Friday, 24 June 2016 09:22 AM

ඒ කාලේ යුද්ධයට යවන්න තිබුනේ මේ වීරයෝ. මහ බැංකු අධිපති නැවත පත්කරන්නේ නැහැ කියලා කිව්වට පස්සේ මෙයාලා කරන්නේ නිකන් ලකුණු දාගන්න හදන එක. (නි)

:       0       0

නිලූ Friday, 24 June 2016 09:26 AM

මට නම් දුකක් නැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 24 June 2016 10:12 PM

සිරිමලී, කොහෙද ජනතාව පත්කළ රජයක් තිබෙන්නේ? ජනතාවට බොරු කියා මෝඩයින් කර එම 60% මෝඩයින් පත්කළ විකට රඟ මඬලක් ඇත්තේ. මාස 17 මෙලෙස නම් ඔබ සිතන කාලයම තිබුනොත් ශ්‍රී ලංකාව කොතැනක තිබේවිද කියා සිතා ගැනීමටත් අපහසුයි (නි)

:       0       0

කමල් Friday, 24 June 2016 09:25 AM

කළ කළ දේ පළ පළ දේ කියලා හිතෙන්නේ මට විතරද? (නි)

:       0       0

ඉන්දික Friday, 24 June 2016 09:27 AM

මේවට ජල ප්‍රහාර, කදුළු ගෑස් වදින්නේ නැත්තේ මොකද? (නි)

:       0       0

තිලංක Saturday, 25 June 2016 02:19 PM

සටනට සුදානම්ද?මියගියත් අපි නැහැ පස්සට යන්නේ, සටන ජයගන්නාතුරු (නි)

:       0       0

ගයාන් ද සිල්වා Friday, 24 June 2016 09:28 AM

අනේ තුවාල කරගන්න, මොන එහෙකට ගියාද මේ වැඩ වලට? (නි)

:       0       0

දිස්න Friday, 24 June 2016 11:13 PM

අර අහවලාගේ මකර කටටත් මොකක්හරි වැටුනා නම් මම සතුටුයි කටේ දත් ටික බඩට යන්න (නි)

:       0       0

පෙරේරා Friday, 24 June 2016 09:38 AM

සිරිමලී, එහෙනම් අද කසාද බැඳලා මාසෙන් දෙකෙන් දික්කසාද වෙන අය ගැන මොකද කියන්නේ. තේරුම් ගියාම වෙන්වෙනවා. එ්ක ස්වභාවය (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 25 June 2016 03:41 PM

ගහපු පොල් ටික ටික වැඩකරනවා වගේ (නි)

:       0       0

වින්සන්ට් Saturday, 25 June 2016 03:41 PM

තිලක් ඩුබායිගේ මීටරය මාරුවෙලාද? කවුරුහරි මාරුකරලද? (නි)

:       0       0

උදයසිරි Friday, 24 June 2016 09:41 AM

අනේ හැබෑට අපිට බණ කියන කට්ටියගේ උජාරුව? (නි)

:       0       0

පිටිගල Friday, 24 June 2016 09:42 AM

එක හොරෙක් කළාය කියන හොරකමකට විරුද්ධව විරෝධතාවේ යෙදෙන කට්ටිය දැක්කහම මේවට අපි කොහෙන්ද හිනාවෙන්න ඕනෑ (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 24 June 2016 09:50 AM

'දිට්ට ධම්ම වේදනීය කර්මයද' මන්දා...?? (නි)

:       0       0

උපතිස්ස Saturday, 25 June 2016 03:48 PM

අපේ කාලයේ ජාතික වීරයෙක් වූ ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

ලක්ෂි Friday, 24 June 2016 09:48 AM

ගරු ජනාධිපතිතුමනි, දිනෙන් දින අගාධයට යන මේ රට ගොඩගන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. වැඩ වර්ජන, උද්ඝෝෂණ වලින් අපි හෙම්බත් වෙලයි ඉන්නෙ. (නි)

:       0       0

උමේශ් Saturday, 25 June 2016 03:47 PM

මට නම් කිසිම දුකක් දැනෙන්නේ නැහැ (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 24 June 2016 09:48 AM

කිරුළපන වේදිකාවට නැගපු අයට හොඳ නැහැ වගෙයි (නි)

:       0       0

ශාන්ත Saturday, 25 June 2016 12:18 AM

මහා බැංකු අධිපති හොරා කියමුකෝ. එතකොට මෙයාලා කවුද? සිල් ගත්තාට උපාසකයෝ වෙනවද? මෙතනින් බාගයක් විතර හොරුන්ගෙත් හොරු නේද? (නි)

:       0       0

උපතිස්ස Friday, 24 June 2016 09:49 AM

රෝහිත මන්ත්‍රිතුමා නියම ජනතා නායකයෙක් (නි)

:       0       0

ජගත් Saturday, 25 June 2016 12:28 AM

අනේ දෙවියනේ, මේ මොකද වුණේ? (නි)

:       0       0

බෝගල Saturday, 25 June 2016 04:08 PM

ඇයි මෙහෙම වෙන්නේ කියලා තේරුම් කරලා දෙන්න (නි)

:       0       0

සුනිල් Sunday, 26 June 2016 10:10 AM

පොල් වැඩ කරනවා (බ)

:       0       0

ආනන්ද ආර්. Saturday, 25 June 2016 05:33 PM

අනේ! රත්තරන් මහත්තයෝ, මොකද මේ වුණේ? (නි)

:       0       0

උපාලි Friday, 24 June 2016 10:02 AM

රට වෙනුවෙන් නියම හැඟීමක් ඇති අය (නි)

:       0       0

උදය Friday, 24 June 2016 10:06 AM

රෝහිත මහත්තයට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 25 June 2016 01:35 AM

සමිත, ලෝකයේ සිටින දරුණුම ගණයේ කම්බා හොරුන්ගෙන් ජනවාරි 8 වෙනිදා රට නිදහස් කරගත්ත. ඒ අය අද වියරු වැටිලයි තියෙන්නේ. (නි)

:       0       0

තිලකසිරි Saturday, 25 June 2016 06:23 PM

දේශපාලකයො කරනකොට කමක් නැහැ. කැම්පස් කොල්ලන් කළොත් අදහස් දාන අය එක් කෙනෙක්වත් නැහැ. (නි)

:       0       0

දිලානි Friday, 24 June 2016 10:12 AM

ලේ ගලනවා නේද? අනේ දෙවියනේ! (නි)

:       0       0

තිලකසිරි Saturday, 25 June 2016 01:37 AM

හතර පෝයට සිල් ගන්න තරුණ දේශපාලකයෙකුත් ඉන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 25 June 2016 06:22 PM

මට දුක සමාජවාදියෝ කියලා හඳුන්වාගත් සෙට් එකත් මේ කම්බා හොරු රෑනට එකතුවෙලා ඉන්න එකයි. (නි)

:       0       0

නිශාන්ත Saturday, 25 June 2016 01:43 AM

අනේ ඔබතුමා මේ දුක්විඳින්නේ අපි නිසා නේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 25 June 2016 01:41 AM

දැන්වත් පසුගිය රජය රටේ ගසාකාපු ධනස්කන්දය ජනතා සතු කරලා දැඩි දඬුවම් දෙන්න. අමතක නොවෙන දැඩි දඬුවම් දෙන්න. (නි)

:       0       0

සහන Friday, 24 June 2016 10:19 AM

බලාගෙන ගියාම ඔක්කොම මෙතැනනේ (නි)

:       0       0

අන්වර් Friday, 24 June 2016 10:17 AM

මගේ හිතට ලොකු බයක් දැනුනා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 25 June 2016 01:46 AM

මේ කට්ටිය දඟලන්නේ වැරදි වැඩ මොනවත් නොකළ මිනිස්සු වගේනේ. මහා බැංකුවේ එදා හිටිය ලොක්කෝ කරපුවත් ටික ටික එළිවෙනවා නේද? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 25 June 2016 07:42 PM

තිලක් ඩුබායි, යහපාලනයට කඩේ ගිය ඔබ මොකක්ද ඔබට වෙච්ච අලුත් වෙනස? කෙසේවෙතත් පසුව හෝ රට ගෙනයන වැරදි දිශාව ගැන අවබෝධ කරගැනීම අගය කරමි (නි)

:       0       0

සේපාලි යසෝදරා Saturday, 25 June 2016 02:13 AM

මේ වගේ විපතක් වුණ වෙලාවට ඊට විරුද්ධව මේකට අදහස් දාලා තියෙන හැම කෙනෙක්ම දේශද්‍රෝහියෝ විදියටයි මම දකින්නේ. තමන්ගේ රට ගැන නොහිතන තමන්ගේ වාසි ගැන විතරක් හිතන අය. නුඹලට මේ රටට වෙන්න යන විපත ගැන තේරුණත්, නුඹලගේ මොළේ තියෙන්නේ මැටිනෙ. ඒ නිසා මේ දේවල් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

මොහොමඩ් Saturday, 25 June 2016 02:20 AM

පිකටින් කරන ළමයින්ට ඔයවගේ පහරදෙද්දී ඔය කවුරුත් ඒ ළමයි ගැන බැලුවද? ඇහුවද? (නි)

:       0       0

සුප්‍රබුද්ධ Sunday, 26 June 2016 12:27 AM

පීඩිත පන්තිය වෙනුවෙන් සටන් කරන ජනතාවාදී රත්තරන් මිනිසුන්ට ජය වේවා! ධනවාදී ආණ්ඩුව පන්නාදමා ජනතාවාදී මහින්ද පාලනයක් නැවත ගෙන එමු. හොරකම් නැති මරබිය නැති සාධාරන සමාජයකට මහින්ද දිනවමු. (නි)

:       0       0

විශාඛා Friday, 24 June 2016 10:32 AM

කම්බා හොරු පන්නා දමමු (නි)

:       0       0

අශෝක Saturday, 25 June 2016 02:19 AM

ඕවා දිට්ට ධම්ම වේදනීය කර්ම ලෙසයි මම නම් දකින්නේ. (නි)

:       0       0

වීරසේන Sunday, 26 June 2016 12:49 AM

මෙයාලා සටන්කරන්නේ එයාලගේ නැතිවුණ බලය වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවේ (නි)

:       0       0

ඩිලන්ත Friday, 24 June 2016 10:30 AM

යහපාලනයට කඩේ යන අය ගැන ලැජ්ජයි (නි)

:       0       0

ටෙෂාන් Friday, 24 June 2016 10:36 AM

විශිෂ්ටයි. යහපාලනය රට කනවා (නි)

:       0       0

විදානේ Friday, 24 June 2016 10:33 AM

ඕවා ගානක් නැහැ එයාලට. මේවා කරන්නේ අපි වෙනුවෙන් (නි)

:       0       0

නිශාන්ත Sunday, 26 June 2016 02:05 AM

පහුගිය ආණ්ඩුවේ හොරු ටික පවතින ආණ්ඩුවේ හොරු එළවන්නලු නේද හදන්නේ? (නි)

:       0       0

බෝධි Saturday, 25 June 2016 02:43 AM

අවාසනාවන්ත ජාතියක්. තම තමන්ට වදිනතුරු සටන් කරන අයට හිනාවෙවී හිටපල්ලා. වදිනදාට වදින්නෙ නුඹලාගෙ දරු පරපුරටත් එක්ක. එදාට නුඹලා ප්‍රමාද වෙලා වැඩියි කියලා දැනෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 June 2016 10:36 AM

සොබාදහමට යටනොවන කිසිවක් නැත! (නි)

:       0       0

තිස්ස Sunday, 26 June 2016 03:01 AM

ඔබට සිදුවුණ දේ ගැන අපිට හරි දුකයි (නි)

:       0       0

යසස් Friday, 24 June 2016 10:41 AM

මේ ඔක්කොම හොරු ටික අපිට එපාවෙලා. ආණ්ඩුවෙන් කරන පාටකුත් නැහැනේ (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 26 June 2016 03:02 AM

කරුණාකරලා ඩුබායි රටේ බැංකු ගිණුම් වල තිබෙන රුපියල් කෝටි ගණනක මුදල් සම්බාරය ගැන හොයන්න. ඒ මුදල් ජනතාව සතු කරන්න. කම්බා හොරුන්ට දැඩි දඩුවම් දෙන්න. (නි)

:       0       0

සිරි Friday, 24 June 2016 10:42 AM

ඉක්මන් සුවය ලැබේවා! ඔබලාට ජය වේවා! (නි)

:       0       0

රම්සි Sunday, 26 June 2016 03:44 AM

මට පෙනෙන්නේ එකම දෙයයි. කෝ උසාවි නියෝග? කෝ ජල විදින? කෝ කඳුළු ගෑස්? පේනවා නේද පොලිසියේ පක්ෂග්‍රාහිත්වය. පොලිසියේ මේ පක්ෂග්‍රාහිත්වයට විරුද්ධව යහපාලකයෝ වහාම පියවරක් ගතයුතුයි. (නි)

:       0       0

කමල් Friday, 24 June 2016 10:46 AM

ඔබේ සටනට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

සමන් Friday, 24 June 2016 10:43 AM

ජය වේවා! හොරු පන්නා දමමු (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Sunday, 26 June 2016 04:28 AM

සුප්‍රබුද්ධ, ඔබගේ සත්‍ය අදහස මොළයක් තිබෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. (නි)

:       0       0

දසුන් Friday, 24 June 2016 10:44 AM

ඒකාබද්ධ විපක්ෂයට ජය වේවා! හොරු භංග වේවා! (නි)

:       0       0

තිළිණ Sunday, 26 June 2016 04:26 AM

ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

ගාමිණි Friday, 24 June 2016 10:49 AM

යහපාලන හොරු එළවමු (නි)

:       0       0

එඩ්වඩ් Friday, 24 June 2016 10:52 AM

දෙවියනේ! ඔලුව පැලිලා නේද? (නි)

:       0       0

එරන්ද Friday, 24 June 2016 10:53 AM

පහුගිය කාලයේත් මෙතුමාට සෑහෙන කරදර වුණා. ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

මහේන්ද්‍ර Saturday, 25 June 2016 04:03 AM

තව ඉල්ලනවා හොරකම් කරන්න. ලැජ්ජා නැති හැටි? (නි)

:       0       0

ඔෂාන් Friday, 24 June 2016 10:57 AM

කණගාටුදායක ආරංචියක්නේ අහන්න ලැබුණෙ උදෙන්ම (නි)

:       0       0

පර්සි Friday, 24 June 2016 11:05 AM

ඝෝෂාකළාට මහජනතාව ඔබ සමඟ නැත (නි)

:       0       0

චානක Friday, 24 June 2016 11:04 AM

අනේ දෙවියනේ, දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

උපසේන Friday, 24 June 2016 11:09 AM

මදැයි මෙතුමා කරගත් දෙයක් (නි)

:       0       0

වීරසේකරගේ Friday, 24 June 2016 11:08 AM

මහින්ද රාජපක්ෂගේ කාලේ මේ වගේ පෙළපාලි වලට වෙඩි තිබ්බා. මේ අය මහජනතාව මුලාකරගෙන මේ යහපාලන රජය ලබාදීපු නිදහස භුක්තිවිඳින හැටි දැක්කහම ඇත්තටම යහපාලන රජය ගැන සතුටුයි (නි)

:       0       0

අර්ජුන Friday, 24 June 2016 11:19 AM

දශකයක් පුරා එකදු චෝදනාවකටවත් ඉල්ලා අස්නොවූ මරාවාදීන් යහපාලන ආණ්ඩුවේ චූදිතයන්ට ඉල්ලා අස්වෙන්නැයි කියමින් පෙළපාලි යෑම පට්ටපල් විහිළුවක් (නි)

:       0       0

අසංක Sunday, 26 June 2016 02:30 PM

පොල් පොල් පොපොල් පොල් ... පොල් පොල් පොල් ... ලංකාවේ වතුවල වැවෙන පොල් ....(බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 24 June 2016 11:58 AM

ස්වභාව ධර්මයේ ක්‍රියාකාරකම් හරිම ගුප්ත වුනත් බේරෙන්න හරිම අමාරුයි.(ම)

:       0       0

ජයවීර Friday, 24 June 2016 06:39 AM

බොහොම හොඳ කථාවක් (බ)

:       0       0

ශාන්ත Sunday, 26 June 2016 02:51 PM

සත්‍යය කවදා හෝ ජයගනිවි (බ)

:       0       0

කේෂලා අමන්දා Friday, 24 June 2016 06:42 AM

මේ අයට පුදුම අමාරුවක් තියෙන්නේ මිනිස්සු කුල්ලප්පු කරන්න. (බ)

:       0       0

තිලක් ඩුබායි Sunday, 26 June 2016 06:46 AM

අපේ නැහැ මාරු වෙන දේශපාලනේ විපතට පත් ඔබ තුමාට ඉක්මන් සුවය පතනවා (බ)

:       0       0

රොමේෂ් Friday, 24 June 2016 06:52 AM

කවද කාපු ටකරන්ද මේවා.. පොලේ බලේද දන්නෙත් නැහැ (බ)

:       0       0

තිලක් Sunday, 26 June 2016 06:52 AM

දැන් ඉන්නේ වැඩක් නොකර නිකන් ඉදල හොරකම් කරන අය (බ)

:       0       0

රුවන්ක Friday, 24 June 2016 12:19 PM

උද්ඝෝෂණය කළේ දුප්පත් අපි වෙනුවෙන්නේ (නි)

:       0       0

උදාර Friday, 24 June 2016 12:26 PM

අපි ඔබ වෙනුවෙන් බෝධි පූජා පවත්වමු (නි)

:       0       0

අනුරාධ Saturday, 25 June 2016 05:59 AM

අශෝක, ඔබ හරි. (ර)

:       0       0

අබේසිරි Friday, 24 June 2016 12:28 PM

අපි වෙනුවෙන් පාරට බැස්ස අපේ කාලේ වීරයෝ! (නි)

:       0       0

චතුරි Friday, 24 June 2016 12:41 PM

නාමල්ලා කටේ හිරි ඇර ගන්නවා. තමන්ගේ පියා දීලා තිබුන නිදහස තිබුනේ සල්ලිකාරයින්ට, දුෂිතයින්ට. අසරණයට සුදුවෑන්. (නි)

:       0       0

කමල් Saturday, 25 June 2016 06:07 AM

ඔබ තුමාට සුවය පතමි.! (ර)

:       0       0

සරත් Saturday, 25 June 2016 06:16 AM

ඔබලා ගත් උත්සාහයට සුබ පතමි.! ඔබ තුමාට ඉක්මන් සුවය පතමි.! (ර)

:       0       0

සිරී Saturday, 25 June 2016 06:20 AM

සටන් කරන කොට ඔහොම තමා සැලෙන්න එපා සුවපත් වේවා.! (ර)

:       0       0

හෆීල් Friday, 24 June 2016 07:07 AM

මේ ඒකාබද්ධ විපක්ෂය මොනවා කළත් මෙහම තමයි. පොල් ගහන්න ගිහින් දිනේෂ් ගුණවර්ධනගේ මුදල් පර්ස් එකට කවුදෝ විද්දා. රවීගේ විශ්වාසභංග යෝජනාවේදී පාර්ලිමේන්තුවේ ශබ්ද විකාශන ක්‍රියාවිරහිත වුණා. දැන් මෙයා තුවාලවෙලා. මෙහෙම ගියොත් කොහොමද බලයට එන්නේ? (නි)

:       0       0

රොහාන් Friday, 24 June 2016 01:09 PM

දේශපාලන මතවාද මොනවා වුණත් මිනිසුන් වශයෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

රොෂාන් Friday, 24 June 2016 07:09 AM

මෙන්න රටට ආදරේ ඇති මිනිස්සු! (නි)

:       0       0

රකිත් Friday, 24 June 2016 07:16 AM

ඔබේ සටනට ජයවේවා! (නි)

:       0       0

ආසිරි Friday, 24 June 2016 01:16 PM

නාමල් විමල් ඉන්නේ නිකන් මෙලෝදෙයක් නොදන්නා බබාලා වගේ. (නි)

:       0       0

පියල් Saturday, 25 June 2016 06:37 AM

කණගාටු වෙනවා. ඒ වගේම ඉක්මන් සුවය පතනවා සමහරුන් මෙතන දමන අදහස් උතුම් මනුස්සකම් නැති බව පේනවා. (ර)

:       0       0

ලාල් අතුකෝරල Saturday, 25 June 2016 06:40 AM

පුදුම කණගාටුවක් තියෙන්නේ අපේ මිනිසුන්ගේ අදහස් දැක්කම වෛර හිත් තුල කකියනවා, ඔබ තුමා සුවපත් වේවා.! (ර)

:       0       0

නිමල් Saturday, 25 June 2016 06:38 AM

මේ සටනට හැමදෙනාම එකතු වෙලා සහය වෙන්න. (ර)

:       0       0

ජනහිත Friday, 24 June 2016 01:38 PM

රොහාන් කියන්නේ ඕනෑදෙයක් කරනතුරු නිදාගෙන කටපියාගෙන ඉන්න කියලද? (නි)

:       0       0

සුනිල් Friday, 24 June 2016 01:40 PM

බාල යකඩද දන්නෙ නැහැ ඒකත් (නි)

:       0       0

ලෙස්ලි Friday, 24 June 2016 07:17 AM

කළු ඇඳුමට මෙයාලා හරි හැඩයිනේ (නි)

:       0       0

අර්ජුන රණවන Friday, 24 June 2016 07:18 AM

මෙත් සිතින්, සාමකාමිව විසඳියයුතු ප්‍රශ්න තර්ජනයෙන් කරන්න ගියාම කළකම් පළදෙන හැටි! පොල් ගහනකොට ඕවා ආපහු එන බවද සිතිය යුතුය (නි)

:       0       0

ගයාන් Friday, 24 June 2016 07:22 AM

කළු ඇඳුමට හරි ලස්සනයි. හින්දි ෆිල්ම් මතක්වෙනවා. අපහසුතාවය මහජනයාට තමා කවදත්. මොකද මෙයාලා ඔක්කොම ඉවරවෙලා වාහනවල නැඟලා පිටත්වෙලා යයි (නි)

:       0       0

අමර Friday, 24 June 2016 07:20 AM

ඔබතුමා ගැන අපිට කණගාටුයි (නි)

:       0       0

සත්‍යයා Friday, 24 June 2016 01:57 PM

ඔව් ..ඔව්..! වැඩ බැරි ආණ්ඩුව පන්නමු. හොරු ටිකට නැවත බලය අරන්දෙමු. (නි)

:       0       0

ශාන් Saturday, 25 June 2016 06:53 AM

ඉක්මනට නීතිය ක්‍රියාත්මක කලොත් හොඳයි අපේ රටේ සල්ලි හොරකම් කරපු උදවියට. (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 24 June 2016 07:26 AM

ඕකනේ කියන්නේ බැරි වැඩ වලට, අසාධාරණ දේවලට යන්න එපා කියලා. රෝහිත බැරියරයට හිරවීම ගැන යහපාලන රජය පතුරු ගහන්න දැන් ගොඩක් අය මාන බලා ඉන්නවා ඇති (නි)

:       0       0

සෑම් Friday, 24 June 2016 07:27 AM

මහ බැංකු අධිපති ඉවත්කරන්න පාර්ලිමේන්තුවෙන් හරි අධිකරණයෙන් හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා මිස මෙවැනි විහිලු වැඩවලින් ලැබෙන ප්‍රතිඵලය ඕක තමයි (නි)

:       0       0

ජයතු Friday, 24 June 2016 02:01 PM

රට වෙනුවෙන් සටන් වදින ඔබතුමාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

අමල් Saturday, 25 June 2016 07:00 AM

ඉක්මන් සුවය පතමු. (ර)

:       0       0

දර්ශන Friday, 24 June 2016 02:03 PM

යහපාලන හොරුන්ට විරුද්ධව සටන් වදින ඔබ සැමට සුබ පතමි! (නි)

:       0       0

තිලක් Friday, 24 June 2016 02:04 PM

ඉක්මණින් සුවපත් වේවා! (නි)

:       0       0

ශ්‍රීනාත් Friday, 24 June 2016 07:37 AM

අනේ අපේ රත්තරං දේශපාලකතුමෙක් නේද මේ? (නි)

:       0       0

ධම්ම Friday, 24 June 2016 02:11 PM

මෙතුමා එක්වරකුත් බේරුනේත් අනූනවයෙන්. ඉක්මන් සුවය පතනවා. (නි)

:       0       0

අර්ජුන රණවන Friday, 24 June 2016 07:33 AM

ස්වභාව ධර්මය හරි අපුර්ව දේවල් කරන බව දැන්වත් කවුරුත් සිතිය යතුය (බ)

:       0       0

උපාලි Friday, 24 June 2016 07:38 AM

මේ ගොල්ලන්ගේ හිතේ පොල් ගැහිලි, මිරිස් අඹරිලි විනෝදෙට කරන වැඩ කියල. බැරිවෙලාවත් ආපහු කැරකිලා එන්න ගත්තහම දුවන්ඩ වෙනවා. (බ)

:       0       0

ශ්‍රිනාත් Friday, 24 June 2016 07:35 AM

අනේ රත්තරනේ මොකක්ද මේ කරගත්තේ (බ)

:       0       0

අශාන් Friday, 24 June 2016 07:38 AM

කොහොමද යහපාලානේ? දැන් හොරු එළවන්න හිටපු හොරු පාරට බැහැලා. හරි සතුටුයි. (බ)

:       0       0

ජයතු Friday, 24 June 2016 02:18 PM

ස්වහාව ධර්මය ඹවුන්ට දඬුවම්දිමට පටන්ගෙන අැත. (නි)

:       0       0

ශාන සෞදි Friday, 24 June 2016 02:26 PM

අයි මොවුන්ට කදුළු ගැස් ගැහුවේ නැත්තේ? පොලිසියට ඒවා කරන්න පුළුවන් ළමයින්ට පමණද? (නි)

:       0       0

දුමින්ද Friday, 24 June 2016 02:25 PM

සිරිමලි, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පැරදුන අපේක්ෂයෝ දාගෙන දුවන ආණ්ඩුවක් කියන්නේ මහා විහිළුවක් නේද? මෙයාලා හොරුන්ට ගෙදර යන්න කියන්නේ අපට ආදරේට නොවේ. කියනවාට වැඩේ වෙන හැටි පේනවනේ (නි)

:       0       0

ලහිරු Saturday, 25 June 2016 07:56 AM

තමුන්ගේ දේශපාලනය නිසා නැති කරගත් මනුස්සකම්, කණගාටු වෙනවා මෙතන අදහස් දැකලා. (ර)

:       0       0

ශ්‍රියා Saturday, 25 June 2016 08:01 AM

මේ ගෙනයන සටනට දිවි හිමියෙන් අපි ඉන්නවා. (ර)

:       0       0

සමන්ත Friday, 24 June 2016 02:33 PM

ආණ්ඩුව ගෙදර යවන්න කලින් ඔය පිරිස ජනතාවගේ දේපොළ හොරකාපුවා ගැන උත්තර දීලා හිටියා නම් තමයි හොඳ. (නි)

:       0       0

තිලක් Saturday, 25 June 2016 08:03 AM

සැලෙන්න එපා මලත් සටන අපි නොහරිමි අපි දන්නවා සටන අමිහිරි බව නමුත් ජය ගන්නකන් අත් නොහරිමි. (ර)

:       0       0

සරත් Friday, 24 June 2016 02:42 PM

කට්ටියම එකතුවෙලා රට කන එක තමයි කරන්නේ. (නි)

:       0       0

රත්න Friday, 24 June 2016 02:57 PM

ගහපු පොල් වදින්න පටන් අරගෙන වගෙයි නේද? (නි)

:       0       0

නිම්මි Friday, 24 June 2016 03:06 PM

මේ රටේ මිනිස්සු කියනවා නම් මේ ආණ්ඩුව හොඳයි කියලා, අපරාදේ මේ මිනිස්සු තුවාල කරගන්නේ. මහා බැංකුව බිමට කඩා වැටුනත් මොකද වැට් එක සියයට 50 වුණත් මොකද, රට කෑලි කැඩුනත් මොකද ආණ්ඩුව මිනිසුන්ට රුපියල් 10000 වැඩිකරලා දුන්නනේ. (නි)

:       0       0

ධනුෂ්ක Friday, 24 June 2016 07:47 AM

අහිංසක විශ්ව විද්‍යාල ළමුන්ට ගහන කදුළු ගස් අද නැහැ ...අපේ රටේ හැටි ... (ම)

:       0       0

පරාක්‍රම Friday, 24 June 2016 03:13 PM

මේ අය බලන්නේ පොදු යැයි පෙනීයන මහබැංකු අධිපති පිළිබඳ මාර්තෘකාව ඉදිරියට දමාගෙන, ඒකාබද්ධ විපක්ෂය යැයි කියාගන්නා කණ්ඩායමට ආණ්ඩුවේ අය යම් කොටසක්ද හවුල් කරගෙන, රජයට එරෙහිව ගොඩ තරවී ඇති බව පෙන්වීමේ සංදර්ශනයක් පවත්වන්න වගෙයි. (නි)

:       0       0

අරවින්ද Friday, 24 June 2016 07:55 AM

ශිෂ්‍යන්ගේ උද්ඝෝෂණ වලට බනින අයගේ කටවල් කෝ ? (බ)

:       0       0

රජිත් Friday, 24 June 2016 03:15 PM

ලොකු අනතුරක් වගෙයි. ඉක්මන් සුව! (නි)

:       0       0

කමල් Saturday, 25 June 2016 08:43 AM

මෙතන ඉන්නවා හිතක් පපුවක් නැති වෛරය පිරී අය... (ර)

:       0       0

රත්න Saturday, 25 June 2016 08:57 AM

පොලිසියෙන් මාර්ගය වසා ඇති නම්, ඒ මාර්ගය වැසී ඇති බව අපි ත්රුම් ගත යුතුයි නේද ... (ර)

:       0       0

ප්‍රියංකර Friday, 24 June 2016 03:18 PM

විමල් මන්ත්‍රීතුමාලට ගොඩඑන්න තියෙන්නේ මේවා කරලා තමයි. නැත්නම් ඇපත් නැහැ. ඔහොම කෑ ගහන්නේ නැතුව පොඩ්ඩක් හිතන්න. මාර්ග බාධක කඩාගෙන යන එකකටද සාමකාමී පාගමන කියන්නේ? (නි)

:       0       0

විජේසිංහ Friday, 24 June 2016 03:22 PM

මේ පුංචි රට කවදාවත් දියුණුවක් නම් ලබන්නේ නැහැ (නි)

:       0       0

නිමල් Friday, 24 June 2016 03:30 PM

මේ ප්‍රහාරය ගැන පරීක්ෂණ කළයුතුයි යැයි සිතනවා (නි)

:       0       0

නිශාන්ත Friday, 24 June 2016 08:03 AM

ඒකාබද්ධ විපක්ෂයවත් ශක්තිමත් වෙනවා නම් මේ ආණ්ඩුවේ සැර බහිනවා (නි)

:       0       0

ගාමිණී Saturday, 25 June 2016 09:10 AM

සටනට ජය පතමි.! (ර)

:       0       0

නිවන්තක Friday, 24 June 2016 08:02 AM

මන්ත්‍රීතුමා ගැන අපිට හරිම දුකයි (නි)

:       0       0

තෂීරා, ලන්ඩන් Friday, 24 June 2016 08:05 AM

පව්! ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

අරවින්ද Friday, 24 June 2016 03:51 PM

මට නම් හරි දුක හිතුනා. ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

විමල් Friday, 24 June 2016 08:07 AM

මෙන්න මිනිස්සු. මොනවාහරි කරලා ජනතාවට සහනයක් දෙන්නයි මහන්සි වෙන්නේ. සමහර අය සැපට පුටුවේ ඉඳලා හැමදෙයක්ම ලබා ගන්නකොට, මේගොල්ලෝ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් සටන් කරනවා. (නි)

:       0       0

සුසන්ත Friday, 24 June 2016 03:57 PM

හතුරෙකුට වුණත් විපතක් වුණාම සිංහල බෞද්ධයන් වශයෙන් අපි කණගාටු වෙනවා. නමුත් අනුන්ට ශාපකරලා ගහපු පොල් වල ආනිසංසය ආපහු කැරකිලා වගේ. (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 25 June 2016 09:18 AM

මව්බිම වෙනුවෙන් පෙරට එන විමල් වීරවංශ වීරයා ඇතුලු සැබෑ දේශප්‍රේමීන්ට ජයෙන් ජයම වේවා.! (ර)

:       0       0

කවි Friday, 24 June 2016 08:12 AM

මේතරම් දූෂිත චෝදනා තිබෙන මහ බැංකු අධිපති මෙම තනතුරේ නැවතත් පත්කරගන්නේ මොකටද? අල්ලපු රටේ ජනතා විරෝධය පිළිගෙන මහ බැංකු අධිපති ඉල්ලා අස්වුණා නේද? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 24 June 2016 04:17 PM

අර හොර පොල් ගහපුවා මතක්වුණා මට නම් (නි)

:       0       0

යාපා Friday, 24 June 2016 08:15 AM

මෙහෙම වැඩ වලට මොනවට යනවද මන්දා? (නි)

:       0       0

නිශාන්ත Saturday, 25 June 2016 09:45 AM

කට්ටිය දඟලන්නේ වැරදි වැඩ මොනවත් නොකළ මිනිස්සු වගේනේ. (ර)

:       0       0

යු. එස්. මංජුල Tuesday, 28 June 2016 06:24 AM

2500-3000 ගෑස් ගත් අපිට, 166/- තෙල් ගහපු අපිට වැට් එක මොන කජ්ජක්ද? (නි)

:       0       0

රොමේෂ් Friday, 24 June 2016 08:20 AM

වීරවංශලා කලින් ආණ්ඩුවේ සිටි ආර්ථික ඝාතකයන්ටත් එරෙහිව මෙහෙම කෙරුවානම් අපිට හිතන්න පුළුවන් මේ කෑගහන්නේ රටේ ජනතාව වෙනුවෙන් කියලා. නමුත් ඇත්තටම ඔවුන් කරන්නේ බලයට ඒමට දැඟලීමක් විතරයි. (නි)

:       0       0

සුජිත් Friday, 24 June 2016 04:45 PM

පොල් ගහලා දෙවියන්ට කන්නලව් කළ ඒවා මතකද? (නි)

:       0       0

දුමී Saturday, 25 June 2016 09:56 AM

දේශපාලනය මොකක් වුණත් ඔබට බුදුසරණයි! ඉක්මන් සුවය. (නි)

:       0       0

සහන් Friday, 24 June 2016 04:59 PM

අනේ අම්මේ! පුදුම කට්ටියක්නේ ඇවිදින් තියෙන්නේ පිකටින් එකට (නි)

:       0       0

මහේන් Friday, 24 June 2016 05:04 PM

ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

විමලදාස Friday, 24 June 2016 05:01 PM

ආ! ඔක්කොම මේ පෙළපාලියේ වගෙයි (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Friday, 24 June 2016 05:01 PM

ඔබතුමන්ලාගේ සටනට ජයවේවා! (නි)

:       0       0

ඉසුරු Friday, 24 June 2016 08:35 AM

කල කම් තම ඉතින් (ම)

:       0       0

හේවාවසම් Saturday, 25 June 2016 10:17 AM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

චන්දන Friday, 24 June 2016 05:05 PM

අපොයි! මහින්ද මහත්තයට ඉස්පිරිතාලේ යන්නත් වෙනවනේ දැන්. පන්සල් යන්නත් ලැබෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් Friday, 24 June 2016 08:40 AM

බැරි වැඩ නොකරන් රෝහිත ඇමැතිතුමෝ කිව්වාලු (ම)

:       0       0

අන්වර් Friday, 24 June 2016 05:30 PM

අයියෝ! කණගාටුදායක පුවතක් (නි)

:       0       0

කමනි Sunday, 26 June 2016 07:38 AM

මට දුක දැන් ඇවිත් ඉන්න අය අපේ ඡන්දය රවට්ටලා ගත්තා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 168 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 213 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 198 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 231 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1297 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 836 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site