IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මන්ත්‍රී වරප්‍රසාද: කමිටුව මැතිසභා ලොක්කන්ගෙන් විමසයි



(සුජිත් හේවාජුලිගේ )

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම බීම ඇතුළු සියලුම පහසුකම් සම්බන්ධයෙන්  හිටපු ජනාධිපතිවරුන්ගේ  හිටපු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන්  කරුණු සොයා බැලීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල  කමිටුව  පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් වාර්තාවක්  ලබාගෙන ඇත.

මේ අනුව   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලැබෙන සියලු පහසුකම් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක්   පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් එම කමිටුවට බාර දෙනු ලැබ ඇති බව  පාර්ලිමේන්තු  ආරංචි මාර්ගවලින් පැවසේ.

මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා, ආහාරපාසුකම්, ගිනි අවි, ඉන්ධන, කාර්ය මණ්ඩල පහසුකම් ඇතුළු සියලු කරුණු පිළිබඳව මෙම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබ ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ  හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට මෙම කමිටුව පත් කරනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

කමිටුව හිටපු ජනාධිපතිවරුන්ගෙන්ද  පසුගියදා ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු විමසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බලන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ විශ්‍රාමික  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත්‍ර සිරි මහතාය.

විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා මුළුමුල්ල යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.

 

 



අදහස් (1)

මන්ත්‍රී වරප්‍රසාද: කමිටුව මැතිසභා ලොක්කන්ගෙන් විමසයි

antonyto tissera Wednesday, 23 October 2024 09:22 AM

ඔවුන් සඳහා අවම වරප්‍රසාද සහිතව යන්න

:       1       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2339 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 663 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1014 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 952 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1090 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1233 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2030 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site