IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නවතී?

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු  මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ කාරණය පසුගිය 9 වැනිදා පැවති  සාකච්ඡා කර ඇතත් විවිධ ප්‍රතිවිරෝධතා හේතුවෙන් පැහැදිලි තීරණයක් ගැනීමට හැකිවී නැතැයි එම වාර්තා කියයි.

ජනතාව ආර්ථික අතින් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින මොහොතක වාහන බලපත්‍ර ලබාදීම සුදුසු නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් එම කාරක සභාවේදී දැඩිව පෙන්වාදී ඇත. මේ මොහොතේදී වාහන බලපත්‍රය ලබාදීමට සමගි ජන බලවේගය විරුද්ධ බවද කිරිඇල්ල මහතා එහිදී සඳහන් කර තිබිණ.

නිලධාරීන් කිරිඇල්ල මහතාගේ එම විරෝධය එහිදී සටහන් කරගෙන ඇත.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් පසුගියදා කතානායකවරයාට ලියවිල්ලක් බාර දුන්හ. එම ලියවිල්ල කතානායකවරයා පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඒ පිළිබඳව සාකච්ඡාවට ගැනුණද පැහැදිලි තීරණයක් ගැනීමට හැකිවී නොතිබිණ.

 



අදහස් (15)

මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නවතී?

Lakmal Saturday, 11 May 2024 09:10 AM

ජවිපෙ සද්ද නෑ. ඒක තමයි ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත..!

:       49       44

sachithSaturday, 11 May 2024 10:46 AM

අත්සන් කරපු 116 එයාලා ඉන්නවද? මේ ඔක්කොම නාට්‍ය විතරයි, මොන ප්‍රතිරෝද ආවත් හෙට අනිද්දාට ඕවා දෙනවා කියලා ලංකාවේ දේශපාලනය දෙන්න ඕනෙ කෙනෙක් දන්නවා. කිරිඇල්ලලා කරන්නේ රඟපෑමක් විතරයි කියලා තේරුම් ගන්න ඉතින්. ඔබතුමාලාට දැනුම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

:       6       25

Asela Saturday, 11 May 2024 12:22 PM

Lakmal, ජවිපේ සද්ද කරන්න දෙයක් නැහැ. එයාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මන්ත්‍රීවරුන්ගේ වාහන පර්මිට් අහෝසි කරන බව කියලා ඉවරයි. ගොන් ජෝන් දාන්න එපා. ජවිපෙන් කොපි කරලා තමයි දැන් ඕවා කරන්නේ. ජනතාව ඕවාට රවට්ටන්න බැහැ. පුළුවන් නම් හිටපු ජනාධිපතිවරුන්ගේ දීමනා, මහජන මුදලින් නඩත්තුව නවත්වන්න කියන්න. කැට තියලා කියන්නම් කිසිම කෙනෙක් කරන්නේ නැහැ මාලිමාව හැර...

:       7       40

Jayaweera Saturday, 11 May 2024 01:53 PM

ගොබ්බ කතා කියන්න එපා අසේල... පාර්ලිමේන්තුවේ මන්ත්‍රී නිවාස මන්ත්‍රී නොවන අය ඒවායේ සිටීමම නුඹේ අවස්ථාවාදී බව පෙන්නුම් කරනවා... කොහොම වුණත් නලින් හේවගේ හා මෝල් කාන්ත කියපු දේ නිසා අබමල් රේණුවකට චුට්ටක් වැඩියෙන් මොළයක් තිබුණු බොහෝමයක් පිරිස් මේ වනවිටත් මාලිමාව පිළිකුල් කරන්න පටන්ගෙන තියෙනවා... මට ඊයේ මංගල උත්සවයක් වෙලාවේ ජවිපෙ ආරම්භ කාලයේ ජෙපී පංති හතරකට ගියපු කෙනෙක් හමුවුණා... ඔහු කියන්නේ ජෙප්පන්ට තියෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය හා වෛරය පමණයි කියලා තමයි. මම කියන්නම්කෝ මම දුටු දෙයක්. කවුරු හෝ මාලිමාව වෙනුවෙන් ඡන්දය දෙන්න හිතාගෙන ඉන්නවා නම් බලන්න ඔවුන් තමතමන්ගේ ගම්වල තමන්ගේ කාලය හා ශ්‍රමය වැයකර කරන සුලුම හෝ සමාජ සේවයක් තිබේ නම් කියන්න. අපිට නම් එහෙම දෙයක් දකින්නට නැහැ.. අපි සජිත් ගැන තීරණයක් නැහැ... ඒත් විපක්ෂයේ නායක හැටියට ඔහු කරන සමාජ සේවාවන් බලන්න..

:       20       13

NimeshSaturday, 11 May 2024 04:23 PM

ජයවීර ලොක්කෝ, අබමල් රේණුවක් තරම් මොළයක් තියන කෙනෙක් ආපහු මහා බැංකු හොරුන්ටවත්, සීනිබදු හොරුන්ටවත් ආණ්ඩුවක් බාරදෙන්නේ නැහැ... කෝච්චිවල වහලේ එල්ලිලා, වාහනවල පැත්තේ එල්ලිලා වැඩට ගිහිනුත් තාමත් බයියන්ට ලැජ්ජාවක් නැහැ...!

:       3       19

LakmalSaturday, 11 May 2024 02:37 PM

ප්‍රතිපත්ති ප්‍රකාශ විතරයි එයාලාට තියෙන්නේ... ප්‍රතිපත්ති නෑ.

:       7       9

පැරකුම් Saturday, 11 May 2024 09:50 AM

අනේ ඕක නොදුන්නොත් ඒ ගොල්ලන් කොහොමද ජනතා සේවය කරන්නේ? ඡන්දෙත් කිට්ටුයි... ඉක්මණට දීල දාන්න.

:       3       22

ravin Saturday, 11 May 2024 10:07 AM

දැනට අවුරුදු දෙකකට පමණ ඉහතදී සිදුවූ ලක් ඉතිහාසයේ කලු පැල්ලමක් වූ සිදුවීම් හා පසුබිම් දෙසවත් ආපසු හරි බාල තීන්දු තීරණ ගැනීම වඩාත් සුදුසුවේ.

:       1       24

B.Kuruppu Arachchi Saturday, 11 May 2024 10:22 AM

ඔය ඉන්න පිරිසට බලයේ ඉන්න තියෙන්නෙ තවත් මාස හතරක් පමණයි. ඉතින් එහෙම තියෙද්දි දීලා මැතිවරණය අවසන් වුණාම පත්වෙන අයට නැවත දෙන්න වෙනවා. එහෙම නාස්ති කරන්න ඉඩක් දෙන්න බැහැ. රටේ මේතරම් අහේනියක් ඇතිවුණේ ඔය හිටපු එවුන්ගේ දක්ෂතා නිසා තමයි. එහෙම ගසාගෙන කාල යනකොට සුනාමිය ආවා වගේ සෝදාපාලු වෙන්න අනුමැතිය නොදිය යුතුයි. යම් ලෙසකින් රට ගැන නොසිතා බල ලෝභිත්වය මත බලපත්‍ර දීමට එකඟ වුණොත් එම බලපත්‍රය විකිණීමට කෙසේවත් ඉඩක් නොදිය යුතුයි. සමහරක් එවුන් බලපත්‍ර විකුණා ඔවුන්ගේ පක්ෂය තර කරනවා කියලා අහලා තියෙනවා. එහෙම ජනතා මුදල් පක්ෂ හදන්න දෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒවා රාජසංතක කරන්න ඕනෑ...

:       0       26

BITTER TRUTH Saturday, 11 May 2024 10:51 AM

ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRAGRAM, YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි. මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහ රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි. පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව ඔබගේ පවුලේ උදවිය සහ මිතුරන් දැනුවත් කරන්න.

:       7       26

සුනිල් Saturday, 11 May 2024 01:02 PM

රාජපක්ෂලාට වඩා ලොකු කන්ඩායමක් බොරු පෝස්ට් දාන්න අපේ මාලිමා සහෝදරයෝ යොදාගෙන ඉන්නවා කියලා ඔත්තුවක් අපට ආවා...!

:       10       7

ජයනාත් Saturday, 11 May 2024 01:05 PM

මේ බොරු වලට රැවටෙන්න එපා... පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් දවසේ ඔය සේරටම බලපත්‍ර නිකුත් කරනවා ෂුවර්... මේ කතාව හොඳටම මතක තියාගෙන බලන්න බොරුද කියලා...

:       0       9

Raajya Amathi Saturday, 11 May 2024 02:02 PM

එහෙම කොහොමද? අපිට වාහන ලැබුණේ නැතිනම් අපි ඡන්දය වර්ජනය කරනවා.

:       0       1

Chandima Saturday, 11 May 2024 02:39 PM

නවත්තලා නැහැනේ? කල් දාලා....!

:       0       3

Siripala Gamlath Sunday, 12 May 2024 05:03 AM

ගමේ ජවිපෙට ඡන්ද නැතෙයි කියන මෝඩයෝ, බලාපල්ලා ගමට ඇවිල්ලා. රටේ ලක්ෂ ගානක ගෙවල්වල ලයිට් කපලා කියල පොන්න ඇමතියාම කියනවා.රටේ පින්පි නායකයා ලොල්ල ගගහ කුලියාපිටියට ගිහින් කියනවා, එයා ලෝකෙවටේ ගිහින් හිඟා කාලලු සල්ලි හොයාගන්නේ. අපි ඉන්නේ නිධානයක් උඩ නිදාගෙන කියලා තේරුම් ගන්න බැරි වහල්ලු ඉන්න රටක් මේක.මේකේ මාලිමාවට මඩ ගහන්න ලියල තියෙන මහපක්ශවල ඉඳුල් කන වහල්ලු ජිවිතයේ අපා දුක් විඳින ගමන් මහපක්ශවල එවුන්ට රෙදි නැතුව කඩේ යනවා..කලකිරීමක් තියෙන්නේ මෝඩ හැතිකරේ ගැන..

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site