IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මන්ත්‍රී සිසිර පාර්ලිමේන්තුවේ විදුලි පන්දමක් දල්වයි

ගම්පහ දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පාර්ලිමේන්තු සභා ගැබේ කුඩා විදුලි පන්දමක් දල්වා එහි ආලෝකය පාර්ලිමේන්තුව පුරා විහිදුවීම නිසා අද (23) එහි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

විදුලිබල හා බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විදුලිය ඇන හිටීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර අසුන් ගන්නවාත් සමග ජයකොඩි මහතා එසේ විදුලි පන්දමක් දල්වා ‘දැන් හැම වෙලාවෙම විදුලිය යන නිසා රටේ හැම පුද්ගලයකුටම විදුලි පන්දමක් දෙන්න‘ යනුවෙන් ඉල්ලීමක් කළේය.



අදහස් (0)

මන්ත්‍රී සිසිර පාර්ලිමේන්තුවේ විදුලි පන්දමක් දල්වයි

චන්දා Wednesday, 23 March 2016 07:25 PM

අපිට හරියට කරන්න පුළුවන් කියලා බලය ඉල්ලු අය කෙසේවෙතත් සමහරුන්ගේ බහට කන්දී වැඩි ඡන්ද ප්‍රතිශතයකින් කැමැත්ත දුන් පිරිසක් මේ රටේ හිටියනේ. (නි)

:       0       0

ලයනල් Thursday, 24 March 2016 07:12 AM

සමන්ත හරියටම හරි. මන්ත්‍රී සිසිරගේ ක්‍රියාව අනුමත කරන්න බැහැ (නි)

:       0       0

අන්වර් Friday, 25 March 2016 05:48 PM

අපේ සමහරු දවල් කාලෙත් විදුලි පන්දම් දල්වාගෙනනේ පාරේ යන්නේ. අපි එවන් අයට අනුකම්පා කරමු (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 24 March 2016 07:54 AM

අනේ මෙහෙම අයද අපි දියවන්නාවට යවලා තියෙන්නේ? නැවත වරක් පත්කරලා යවමු. එතකොට හුළු අතුත් පත්තු කරයි (නි)

:       0       0

ඉන්දු Thursday, 24 March 2016 08:06 AM

අනේ! බලනකොට අපි ඡන්දෙ දීලා තියෙන්නේ තැනක හැසිරෙන්නවත් දන්නෙ නැති අයටනේ... (නි)

:       0       0

එරන්ද Thursday, 24 March 2016 02:03 AM

මේ වගේ මහජන නියෝජිතයෝ තමයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ (නි)

:       0       0

සෝමරතන, රාජාංගනය Thursday, 24 March 2016 02:20 AM

සුසන්ත, ඔබ මොනවිදිහේ කෙනෙක්ද කියලයි තේරුම්ගන්න අමාරු (නි)

:       0       0

ජගත් ලියනගේ Thursday, 24 March 2016 03:00 AM

දැන් කිසිම වැඩක් හරියට කර ගන්න බැරි කට්ටියක් ඉන්නේ. (ම)

:       0       0

ගම්පළගෙදර Thursday, 24 March 2016 04:05 AM

ලයිට් නැත්තේ ඇයි සිසිර ? මේවා කරන්නේ තාමත් එයාල කියන දේ විශ්වාස කරනයි කියල හිතන 10% වගේ මිනිස්සුන්ට නේ.ප්‍රබුද්ධ මිනිසුන් කලබල නොවන්න. (බ)

:       0       0

දුමින්ද Thursday, 24 March 2016 04:15 AM

හොඳ විකල්පයක්ද (බ)

:       0       0

උපාලි Wednesday, 23 March 2016 03:19 PM

නිකම් පන්දම් අල්ලනවට වඩා විදුලි පන්දම් ඇල්ලීම නවීන තාක්ෂණයට එකඟයි.(කෞ)

:       0       0

අමල් Thursday, 24 March 2016 05:13 AM

මොනවද මේ කරන වැඩ. (ර)

:       0       0

සුසන්ත Wednesday, 23 March 2016 03:50 PM

දැන් වෙලා තියෙන්නේ කිසිම දේකට කිසිම කෙනෙක් වග නොකියන එකයි - ලොක්ක මම දැනන් හිටියේ නෑ ඉස්සරනම් හැම දේටම බැනුම් වගේම මලුත් ගියේ රාජපක්සලටනේ. අද වැඩක් නොකෙරෙන නිසා මලුත් නැහැ, ගල් වලට අයිතිකාරයොත් නැහැ (බ)

:       0       0

අන්වර් Wednesday, 23 March 2016 04:16 PM

සිසිර මන්ත්‍රීතුමාට අතීතය අමතක වෙලා. චන්ද්‍රිකාගේ කාලේ මහින්දගේ කාලේ ලංකාවේ කීවාරයක් විදුලිය ඇන හිටියාද කියලා ඒ දෙන්නාගෙන් අහලා දැනගෙන විදුලි පන්දමක් පාර්ලිමේන්තුවේ එල්ලුවනම් නේද හොඳ (බ)

:       0       0

ජයරත්න Thursday, 24 March 2016 05:33 AM

ඩ්‍රයිවින් බැරි කෙනෙක් වාහනයක් එලවන්න ගත්තහම වාහනෙත් ඉවරයි පාරෙ යන මිනිස්සුත් ඉවරයි. අන්තිමේ වාහනේ වැරදියි පාරෙ ගිය මිනිස්සුන්ගෙ වැරදියි කිය කියා ඉදීවි. මෙතනත් වෙලා තියෙන්නෙ ඒ වගේ දෙයක්. (බ)

:       0       0

දයාන් Wednesday, 23 March 2016 04:28 PM

මොලේ කචල් මිනිස්සු. (බ)

:       0       0

සමන්ත Thursday, 24 March 2016 06:38 AM

දේශපාලනයට එන්නට පෙර මහා බුද්ධිමතුන් විදිහට රටේ ජනප්‍රිය වුණු අය දේශපාලනයට අාවහම මන්ද බුද්ධිකවෙන හැටි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 41 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 671 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 459 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3120 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1727 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37993 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site