IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මෙන්න නුවන් ගුණවර්ධන පුතා කියන දේවල්

2016-12-01-ent-67

 

කුඩා කල සිට හැදුණු වැඩුණු, කලා කටයුතු කළ පවුල් පසුබිමත් සමග ඔහුද ගීතය ගායනයට ආසක්ත වන්නේය. තම පියාගේ මග පෙන්වීම යටතේ ක්ෂේත්‍රයට අවතීරණය වන ඔහු "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ තේමා ගීතයටද, "දින සති මාස","දන්නවද මං දැන් තනිවෙලා", "ඉසබෙලා" වැනි ඔහුගේම ගී නිර්මාණවලට දායක විය. මේ වනවිට නිවේදකයෙකු, නිරූපණ ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරන්නේය. ඔහු ගයාන් ගුණවර්ධනය.

 

මේ දිනවල ගයාන් සිදු කරන වැඩ කටයුතු ගැන මුලින්ම කතා කරමු?

2016-12-01-ent-68මේ දිනවල ටීවි වන් නාළිකාවෙ සතියේ දින පහේම විකාශය වන "දඟ රැල්ල" කියන වැඩ සටහනට නිවේදකයෙක් ලෙස දායක වෙනවා. ඒ වගේම ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයකට ආරාධානා ලැබුණා. මේ දිනවල එම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. අලුත් ටෙලි නාට්‍යයකට උරේෂා රවිහාරි සමග "හංගන්න බැරිමේ කඳුළද බර නෑ" කියන තේමා ගීතය ගායනා කළා. නුගා රෙකෝඩ් කියන රෙකෝඩින් ස්ටුඩියෝ එකේ වැඩ කරනවා. පෙබරවාරි මස ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට යන්න සැලසුම් කරලා තියනවා. වෙළෙඳ දැන්වීමකටත් දායක වෙන්න හැකියාව ලැබුණා.

 

ගායකයෙකු ලෙසම කටයුතු නොකර රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් ලෙස කටයුතු කරන්න යොමුවෙන්නේ ඇයි? එයට හේතුව වෙන්නේ ජනප්‍රියත්වයද?

මමත් ගොඩක් කැමතියි ගායන ශිලිපියෙක් බවට පත්වෙන්න. දැනුත් වැඩි ඉඩක් දීලා තියෙන්නේ ගායනයට. රංගනයට, නිවේදනයට වගේම නිරූපණයටත් ආරාධනා ලැබුණා. ඒ වගේම නර්තනයෙනුත් දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙම ආරාධනා ලැබුණා වගේම ඒ දේවල්වලට මම කැමති නිසා ඒ හැමදෙයක්ම කරන්න යොමුවුණා. ඒ අතර ගායනයටත් යොමුවෙනවා. "ඉසබෙලා" කියන මගේ අලුත් ගීතය ජනවාරි මස එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. තිසර බණ්ඩාර තමයි එය සංගීතවත් කළේ. රශ්මික මන්දවල පද රචනය සිදු කළා. මේ සියලු කටයුතු අතර ශබ්ද පරිපාලන ඉංජිනේරුවෙකු ලෙසත් කටයුතු කරනවා. එක දෙයකට කොටුවෙලා නැහැ. මට එක රැයෙන් එහෙම ජනප්‍රිය වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. හොඳ නිර්මාණයක් කරලා එයට වටිනාකමක් ලැබෙනවට තමයි මම කැමති.

 

මේ වනවිට රංගන ශිලිපියෙක් ලෙස කටයුතු කරනවා. හැදෑරීම කියන දේ ඔබ සිදුකර තිබෙනවද?

ඇත්තටම රංගනය ගැන කිසිම දෙයක් හදාරලා නැහැ. එය ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. එය අසීරු කාර්යය භාරයක්. මට අධ්‍යක්ෂකවරයා ආරාධනා කළා. ඒ වගේම එහි තිර රචනයට මම ගොඩක් කැමැතියි. ඒ නිසාම තමයි මම ඒ ටෙලි නාට්‍යය භාරගත්තේ. ප්‍රවීන රංගන ශිල්පීන්ගේ උපදෙසුත් අරගෙන තමයි මම වැඩ කරන්නේ. ඉදිරියෙදි වැඩි දුර රංගනය ගැන හදාරන්න බලාපොරොත්තු වෙනවා.

 

තාත්තා හඳුනන්නේ චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස. ඔබ, ඔබේ අනන්‍යතාවය සහිතව මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමට තිබෙන ඉදිරි සැලසුම් මොනවද?

මමත් කැමැතියි අපේ තාත්ත වගේ ලංකාවෙ ජනප්‍රිය ගායකයෙක් ලෙස කටයුතු කරන්න. ඒ වගේම පවතින රැල්ලෙන් මිදිලා අරුත්බර නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. විවිධ ආරයන් හි සංගීත ශෛල අනුගමනය කරමින් මුදල් ඉපැයීමේ චේතනාව පසකලා ලංකාවෙ ශ්‍රාවකයන්ට, ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණයක රස වින්දනයක් ලබාදෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ජනවාරි මාසදී මගේ සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බොහෝ අය ගීත කරන්නේ මුදල් ඉපැයීමට හා ජනප්‍රිය වීමට තිබෙන කැමැත්ත මත. ක්ෂේත්‍රය තුළ කටයුතු කරන තාත්තලා, අම්මලා ඉන්න දුවලා පුතාලට තියෙන වගකීම වැඩියි. අපිට නිවැරදි නිර්මාණ කරන වගකීම තියනවා. ඒ වගකිම ඉටුකරන නිර්මාණවලින් ඉදිරියට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

ඔබ තාත්තගේ ගීත ගායනා කරනවා. එහෙම සිදු කරන්නේ ඔබේම ගීතවලින් අනන්‍යතාවයක් ගොඩනගා ගත නොහැකියි කියන විශ්වාසය නිසාද?

නැහැ, නැහැ. මම තාත්තගේ ගීත බොහොම අඩුවෙන් දැන් ගායනා කරන්නේ. මගේම ගීත නැති කාලේ තාත්තගේ ගීත ගායනා කළා. "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ තේමා ගීතය මම ගායනා කළා. ඒ ගීතයත් මගේ "ඉසබෙලා" කියන ගීතයත් මම ගායනා කරනවා. මගේම ගීතවලින් තමයි මම ඉදිරියට එන්නෙ. නුවන් ගුණවර්ධනගේ ගීත සදාකල් නුවන් ගුණවර්ධනට අයිතියි. නුවන් ගුණවර්ධනගේ ගීත නුවන් ගුණවර්ධන ජීවත්වෙලා ඉන්න කාලේ කියලා තියනවා කියන්නේ මම ෆේල් කියලා තමයි මට හිතෙන්නේ. මම මගේ ගීත තාත්තත් එක්ක එකම වේදිකාවක ගායනා කරනවා කියන්නේ තාත්තත් දිනුම්, මමත් දිනුම් කියලයි මට නම් හිතෙන්නෙ. එතනට එන්න තමයි මගේ බලාපොරොත්තුව. තාත්තගේ ගීත ඕනෑම අවස්ථාවක ගායනා කරන්න මට අවස්ථාව තියනවා. කාගෙන් හෝ තාත්තගේ ගීත ගායනා කරන්න කියලා ඉල්ලීමක් ආවොත් මම තාත්තගේ ගීත ගායනා කරනවා. අපේ තාත්ත මේ ක්ෂේත්‍රයට ආවේ හින්දි ගීත ගායනා කරලා. මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවෙත් හින්දි ගීත කවර් සෝන්ස් කරලා. ඉංග්‍රීසි ගීත කවර් සෝන්ස් කරලා. මම හින්දි හා ඉංග්‍රීසි ගීතත් ගායනා කරනවා. කිසියම් දිනක නුවන් ගුණවර්ධනගේ ගීත ඉතුරු වෙනවා වගේම, ගයාන් ගුණවර්ධනගේ ගීතත් කලාකරුවෙකු ලෙස ඉතුරු වෙනවා දකින්න තමයි මම කැමතියි.

 

මතක් කළ යුතු පිරිසක් ඇති?

ලලිත් වසන්ත මහත්තයා මතක් කළ යුතුයි. ඒ වගේම දිලිප් ගබඩා මුදලි මහත්මා ළඟ තමයි මම ඕඩියෝ ඉංජිනියරින් ඩිප්ලෝමාව කළේ. ඔහුවත් මතක් කළ යුතුයි.

 

නිදුක් මදුෂික/ඡායාරූප ශමීර රාජපක්ෂ

 

2016-12-01-ent-66



අදහස් (0)

මෙන්න නුවන් ගුණවර්ධන පුතා කියන දේවල්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 146 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5606 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1186 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2064 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site