IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මෙන්න සෙනේ සහ ලලිතා මිස්...

 

 

ඔහු තරංග දිසානායකය. ඇය චලනි බාලසූරියයි.

ඔහු තරංග දිසානායක වුවද, බොහෝ දෙනා අද ඔහු අමතන්නේ සෙනරත් හෙවත් සෙනේ කියාය. ඇය චලනි බාලසූරිය වුවද, වැඩි දෙනෙක් අද ඇය අමතන්නේ ලලිතා මිස් නමිනි.

මේ සෙනේ සහ ලලිතා මිස් කවුද කියා අමුතුවෙන් කියන්න  ඕනෑ නැහැනෙ. මේ චරිත ද්විත්වය අපට හමුවන්නෙ විකාශය කෙරෙන තූර්යා ටෙලි මාලාවෙනි. අද වැඩි දෙනෙක් මේ දෙන්නගෙ මේ චරිත ගැන කතා බහ කෙරෙන මොහොතක අපටත් මේ දෙන්නා එක්ක කතා බහක යෙදෙන්නට හිතුණා. බලමු මේ දෙන්නගෙ ආගිය තොරතුරු මොනවද කියලා.

 
 

තරංග දිසානායක ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූයේ ප‍්‍රවීණ අධ්‍යක්‍ෂ නාලන් මෙන්දිස් මහතාගේ නාට්‍ය නිර්මාණවල සහාය අධ්‍යක්‍ෂ ලෙසයි. එලෙසින් ඔහු එම ක්ෂේත‍්‍රයට පැමිණියේ කුඩා කාලයේ ඉඳලාම රඟපෑමට ආස කළ නිසාලූ. පසු කලෙක ඒ අදහස ලස්සන වුණේ ‘‘ජීවිතය ලස්සනයි’’ ටෙලි නාට්‍ය නිසාලූ. එහි විශ්ව නම් වූ මැරවරයකුගේ චරිතය රඟපාමින් ටෙලි රංගනයට ආ තරංගට ඉන්පසුව අපි අපි වගේ, සරා, මලී, රුවන් මාළිගා ඇතුළු නාට්‍ය කීපයකම රඟපෑමට ලැබුණා.

ගම්පහ උපන් තරංග මුලින්ම රඟපාලා තියෙන්නේ කිතුණු නාට්‍යවලයි. ඒ ආභාෂය යෞවන සම්මාන දක්වා විහිදී ගියා. මෙලෙසින් කලාකාමී ගමනක යෙදෙන්න අත්තිවාරම ලැබුණේ ආදරණීය අම්මා නිසාලූ. අම්මාට ඇති ගෞරවය නිසාම අම්මාගේ නමින්, එනම් දුරුතු ක‍්‍රියේෂන් නමින් නිෂ්පාදන ආයතනයක් මේ වන විට පවත්වාගෙන යනවා. නාට්‍ය කීපයක්ම මේ වන විට එම ආයතනය විසින් නිර්මාණය කර ඇති අතර, ළඟදීම සත්පියවරු නමින් නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වෙනවා. තරංග ගැන අද බොහෝ දෙනා කතා කරන්නේ ‘‘ඇයි අනේ’’ කියලා. සෙනේ නිතරම එතෙම කියන නිසයි.

‘‘ඒක ඇත්තටම පිටපතේම තිබුණු දෙයක්. පිටපත ලියපු මල්ලිලා කිව්වෙ, අයියෙ හැම තැනකදීම ඒ වචනය කියන්න කියලයි. මුලදී නම් මට ටිකක් බය හිතුණා.’’

තූර්යා නාට්‍යයේ රඟපාන චරිතයෙ දෙබස් ගැන තරංග එහෙම කියන අතරේ චලනි බාලසූරිය හෙවත් ලලිතාගෙන් අපි මුලින්ම ඇහුවේ ඇත්තටම ඔයාගෙ පෙනුම අනුව ගොඩක් අය හිතන්නෙ ලංකාවේ කෙනෙක් නොවේ කියලයි නේද?

‘‘ඇත්තටම මුල් වරට තමයි මම මාධ්‍යයට කියන්නෙ, මගේ සීයාගේ තාත්තා අප‍්‍රිකානු ජාතිකයෙක්. සමහර විට ඒ ආභාෂය නිසා වෙන්න ඇති මේ පෙනුමට හේතුවත්. කාලයක් මම ලංකාවේ ජීවත් වුණෙත් නැහැ. ඇමරිකාවේ අවුරුදු තුනක් විතර සහ ඩුබායිවල සෑහෙන කාලයක් ජීවත් වුණා’’

ඒ විදියට කාලයක් පිටරට හිටපු චලනි දැන් ලංකාවට ඇවිත් වසර පහක් විතර වෙනවා. චලනිගෙ ගම මාතර කැකුණදුරයි. අම්මාගෙ ගම වන නිට්ටඹුවෙ හැදීවැඩුණ චලනි පාසල් ගියේ සංඝබෝධි විදුහලටයි. එකල ඉගෙනීමට වගේම, ක‍්‍රීඩා අංශයටත් කැපී පෙනෙන චරිතයක් වූ බව පවසනවා. අත්පන්දු, දැල්පන්දු, වගේම මලල ක‍්‍රීඩා අංශයෙන් සමස්ත ලංකා ජය ලබා ඇති චලනි, බාලදක්‍ෂිකාවක ලෙසත් කටයුතු කර තිබෙනවා. ඊට අමතරව බටහිර තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකාවකද වුණා. එහෙම හිටපු චලනි රඟපෑමට ආවේ කොහොමද?.
‘‘ඒක නම් හීනෙකින්වත් හිතපු නැති දෙයක්. නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉන්නකොට ප‍්‍රවීන වේෂ නිරූපන ශිල්පී නලීන් පේ‍්‍රමතිලක නිසා අජිත් ලොකුගේ මහත්තයාගෙ සිහින සාප්පුව නාට්‍යයයේ රඟපාන්න ලැබුණා. නලීන් මහතාව හඳුනා ගත්තෙ එයාගෙ නැගණිය මගේ පාසල් කාලයේ සිටම මිතුරියක් වූ නිසයි’’

ඒ විදියට ආගිය තොරතුරු ගැන කියන ඔබ ලලිතා මිස් වගේ සැරයිද? චලනිගෙන් අපි එහෙම ඇහුවාම එයා ඒ ගැන කිව්වේ මේ විදිහටයි.
‘‘අපෝ මම සැබෑ ජීවිතයේදී කලබල නැති, බොහොම නිශ්ශබ්ද චරිතයක්. මේ චරිතයේදී කෑ කෝ ගැහුවාට, සැබෑ ජීවිතයේදී හරිම තැන්පත් චරිතයක්.’’

මෙහෙම කියන චලනි ‘‘අම්මා පෙව් කිරි කඳුලින් මේ ලොව මෙතරම් හැඩවුණේ’’ ගීතයට පුදුම විදයට කැමතියිලූ. හැබැයි එහෙම වුනාට තරංග නම් වැඩිපුර කැමති විරහා ගීතවලටයි. සරල, සාමාන්‍ය විදියට බොහෝ දෙනාට උදව් කරමින් ජීවත් වන තරංග තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙකි. ඒ තනිකඩ බවට හේතුව ඔහු තම පණටත් වඩා ආදරය කළ ආදරය අහිමි වීම නිසාලූ.

‘‘මම හොයන ආදරය තවම මට හම්බ වුණේ නැහැ’’ එහෙම කියන තරංග ජයන්ත චන්ද්‍රසිරිගෙ නවතම සිනමා නිර්මාණය වන සමනළ සංධ්වනියෙ අමරසිරි පීරිස් ගයන ‘‘මට මගේ නොවන ආදරයක් තිබුණා.’’ ගීතයට බෙහෙවින් ආසයිලූ.

ඒ විදියට ආදරයක් ගැන තරංග කතා කරන අතරේ චලනි කිව්වේ ජීවිතය යනු වෙලාවකට ඇයට පුදුමයක් කියලයි. ඒ පුදුම වූ ජීවිතයට රංගනය බද්ධවීම ඇය සලකන්නේ භාග්‍යයක් ලෙසයි. අද තූර්යා නාට්‍ය නරඹන වැඩි දෙනා අතර මේ දෙදෙනා ජනප‍්‍රියයි වගේම, තූර්යා නාට්‍ය කණ්ඩායමේ අය අතරත් වැඩිපුරම ජනප‍්‍රිය මේ දෙදෙනා කිව්වොත් නිවැරදියි. මේ දෙන්නා රඟපාන සීන් (දර්ශන) රූගත කරද්දී ඔක්කෝම වට වෙන්නෙ දෙන්නගෙ රඟපෑම් දැක බලා ගන්නට ඇති ආසාව නිසාලූ.

 


 

හැඩගැන්වීම් -  වරුණි අල්පොන්සෝ

 

 



අදහස් (0)

මෙන්න සෙනේ සහ ලලිතා මිස්...

චතුරංග Wednesday, 09 October 2013 09:27 AM

ගමේ කොල්ලෙක් විදියට තරංග අයියා ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා (නි)

:       0       0

ඉන්දු - මෙල්බන් Monday, 30 September 2013 10:35 AM

අනේ ඔයාො දෙන්නම ටිකක් ව්‍යායාම කරලා බඩ ටිකක් අඩු කර ගන්නකො. තවත් ලස්සන වෙයි. (ස)

:       0       0

බන්දුල Monday, 30 September 2013 03:58 PM

අනුන්ගේ ඒක මේක කතා අහන්නේ නැතුව ඔයා ඇග පොඩ්ඩක් අඩුකරගන්න බලන්න (නි)

:       0       0

ලාරා Sunday, 29 September 2013 05:24 PM

මම හිතුවේ රොබට් මුගාබේගේ කව්රුහරි කියලා (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 29 September 2013 05:41 PM

මට ‍නම් පෙනෙන ලෙසට ඇයට ඇත්තෙ අප්‍රිකානු හැඩරුවක් (නි)

:       0       0

ක්‍රිස් Tuesday, 01 October 2013 03:21 AM

ඉන්දු , ඔයාගේ ෆොටෝ එකක් බලන්න කැමතියි වෙනස් විදියකට (නි)

:       0       0

රුවනි Tuesday, 01 October 2013 03:51 AM

මේ නළුවා නම් තුවෙනි ෆොටෝ එකේ හැටියට විජය වගේ (නි)

:       0       0

දුම්මලසූරිය. Monday, 30 September 2013 01:40 AM

මමත් චලනිව මුලින්ම ටීවී එකෙන් දකිද්දීම හිතුවා ඇයට අප්‍රිකානු සම්භවයක් ඇති කියලා.ඒ මොනවා වුණත් ඔබ අපේ සිංහල දුවණියක්. ඔබේ ඉදිරි ගමනට සුබපැතුම්!! (නි)

:       0       0

ලසන්ත Monday, 21 October 2013 02:21 PM

තරංග අයියා අපෙ ගමේ. අපිට ගොඩක් ලොකු ආඩම්බරයක් දැනෙනවා. (ස)

:       0       0

සාම Wednesday, 02 October 2013 08:35 PM

මේකේ ඔක්කොම අය මේ දේන්නගේ බඩ ගැන කතා කරනවා. හොද වෙලාවට මගේ පින්තුරේ ලන්කාදීපේ නොදම්මේ. මගේ බඩට මේ සේරම පරාධයි (දී).

:       0       0

සෑම් Wednesday, 02 October 2013 08:39 PM

අහන්න නෙල්සන් මැන්ඩෙලා එයාගේ නැදෑයෝද කියල. (දී)

:       0       0

අනංග Sunday, 29 September 2013 06:59 PM

මොනවා වුණත් මේ දෙන්නා නියමෙට ගැළපෙනවා (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 30 September 2013 12:43 PM

ලංකාවේ නළු නිලියන් තම ශරීරය ගැන කිසිම අවධානයක් නැහැ. බත් පිගානේ දැක්කම ඔක්කොම අමතක වෙනවා වගේ.(නදී)

:       0       0

දුමින්ද Thursday, 03 October 2013 09:53 AM

ඉදිරි ගමනට සුබ පැතුම් .රසිකයෝ ගොඩක් ආදරෙයි ඔයාලට. (ස)

:       0       0

කුමාරිහාමි Thursday, 10 October 2013 04:58 PM

'අපි අපි වගේ' ටෙලි නාට්‍යයේ අයියයි නංගියි ලෙස මේ දෙන්නා රඟපෑවා. චලනි 'එතුමයි මෙතුමයි' චිත්‍රපටයේ මිටි මිනිසාගේ බිරිය ලෙස රඟපෑවා. 'සිහින සාප්පුවේ' අෆ්රිකානු කාන්තාවක් ලෙසම රඟපෑවා. 'මුතු පිහාටු' චරිතය අමතක වෙන්නේත් නැහැ. (නි)

:       0       0

දීප්ති පෙරේරා Sunday, 29 September 2013 09:06 PM

මොනවා වුණත් මේ දෙන්නා නියමෙට ගැළපෙනවා(නදී)

:       0       0

සුභාෂිණි Monday, 30 September 2013 09:45 AM

මම කැමතිම රංගන ශිල්පීන් දෙදෙනෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 236 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 740 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 811 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 818 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 915 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1029 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23508 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23101 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site