IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මිනිපුර කත වන්දි නඩුව ගොනු කරයි

තමාට සිදුවූ කායික මානසික පීඩනය හා අපහාසය වෙනුවෙන් කෝටි පහක වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලමින් රත්නපුර බස් නැවතුම්පොළේ දී පොලිස් සැරයන්වරයකුගෙන් පහර කෑ බව කියන වීරසිංහ ආරච්චිලාගේ කාන්තිලතා හෙවත් බට්ටී අද නීතිවේදී ලක්ෂාන් ඩයස් මහතා මාර්ගයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

පහර දුන් සැරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඇගේ පෙත්සමෙන් ඉල්ලා සිටී.

පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ නීතිපති ඇගේ පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.



අදහස් (0)

මිනිපුර කත වන්දි නඩුව ගොනු කරයි

දීපාල් Saturday, 04 October 2014 06:38 AM

කුරුටු ගාමින්ට වැඩ නැති නිසා ඔන්න කාලෙකින් වැඩක් ආවා (නදී)

:       0       0

රවිඳු Saturday, 04 October 2014 07:29 AM

ඔය සුපිරි ගණිකාවන්ට පොලිසියේ මහත්තුරු මැඩම් කියල කතාකරල හරියට නිතිය ක්‍රියාත්මක නොකරන නිසා තමයි මෙහෙම වෙන්නේ ? (නදී)

:       0       0

රොහාන් Saturday, 04 October 2014 07:49 AM

ඕක පිටිපස්‌ස ඉන්නේ ඔය උදුල් ප්‍රේමරත්න කියන විශ්ව විද්‍යාලයේ අවරුදු ගානක් පාස්වෙන්න බැරිව හිටිය කෙනා (නදී)

:       0       0

රෝහණ Saturday, 04 October 2014 07:58 AM

බන්දුලයෝ ආණ්ඩුවට කඩේ ගියාට කමක් නැහැ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. (නදී)

:       0       0

උපාලි Friday, 03 October 2014 06:34 PM

රසිකා කියා තිබෙන්නේ වැදගත් කරුණක්. තංගල්ලේ නඩුවේදී ලෝකයක් අපි දිහා බලාහිටියා. වාසනාවකට වගේ යුක්තිය බොහෝදුරට ඉටුවුණ නිසා අපි ලෝකාපවාදයෙන් ගැලවුණා. මේකත් ලෝකය පුරා ගිය සිද්ධියක්. ලෝකයා මේක දකින්නේ 'රාජ්‍ය මර්දනය' හැටියට. අපි දකින්නේ 'නිල බලයේ මර්දනය' හැටියට. අපේ රටේ නීතියේ ආධිපත්‍යය (ටිකක් හරි) තිබෙන බව පෙන්වන්න හෝ නොපෙන්වන්න මේ නඩුව වැදගත් වේවි. (නි)

:       0       0

ජයන්ත Friday, 03 October 2014 06:37 PM

එයා පොලිසියට විරුද්ධව නඩු දානවද? මේකේ අනික් පැත්ත තමයි සිද්ධ වෙන්න ඕනෑ. වන්දිය කෝටි 5ක්? (නි)

:       0       0

ජයන්ත Friday, 03 October 2014 07:08 PM

කාන්තා හිංසනය යටතේ පොලිස් නිලධාරියාට නඩුවකුත් ගණිකා වෘත්තිය යටතේ කාන්තාවට නඩුවක් දාල දෙන්නම කුඩුවට දාන්න. (නදී)

:       0       0

ඇන්ටන් මනෝජ් කුමාර් පෙරේරා Friday, 03 October 2014 07:08 PM

රසිකා වැනි අය අතරේ මනෝජ්, බන්දුල පරේරා වැනි අයත් සිටීම ගැන මා ආඩම්බර වෙනවා (නදී)

:       0       0

සේරම් පැරිස් Saturday, 04 October 2014 09:21 AM

අර පහුගිය කාලේ දරුවකු පැහැර ගත් අය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයට ගැහුවා වගේ මෙම කාන්තව වෙනුවෙන් ඉන්නා නීති වේදියාට ගසාවිද? (නදී)

:       0       0

සනත් Friday, 03 October 2014 08:10 PM

දවසක් මම මගේ ළමයි බිරිද එක්ක කහවත්තට යන්න රත්නපුර බස් හෝල්ට් එකේ ඉන්නකොට ඔය කාන්තාව තවත් කාන්තාවකට අමු කුනුහරුපෙන් බනිනවා. මම ළමයි ඉස්සරහ අසරණ වුනා. (නදී)

:       0       0

චතු Friday, 03 October 2014 08:28 PM

මෙතන ගොඩක් පිරිමි ඒ කාන්තාවට දොස් කියනවා. මතක තියාගන්න එයාගේ සේවය ලබාගෙන හරියට ඇයි සන්තුවරයෝ වගේ කතාකරන්නේ? ඔය පොලිස් නිලදාරියට දඩුවම් කල යුතුයි. (නදී)

:       0       0

පිටිගල Friday, 03 October 2014 08:50 PM

මේක පිටුපස නම් කවුරුහරිම ඇති. සල්ලි ! සල්ලි!! (නි)

:       0       0

අසංක Saturday, 04 October 2014 10:21 AM

මෙතන සමහර අයට ඒ කාන්තාව ගැන පුදුම අමාරුවක් තියෙන්නේ (නදී)

:       0       0

විකුම් Friday, 03 October 2014 09:34 PM

දැන් පොලිසිය පාරේ තියන උද්ගෝෂණ වලට විතරක් නෙමේ දැන් දැන් පාරේ ඉන්න ගනිකාවන්ටත් බුරනවා. (නදී)

:       0       0

ලියනගේ Friday, 03 October 2014 12:07 PM

නීති මහත්වරුත් සෑහෙන්න උනන්දුයි වැඩේට. සෙල්ලම් වන්දියක් නෙමෙයිනේ ඉල්ලන්නේ. මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවන බව අපි දන්නවා (නි)

:       0       0

ඇසළ Friday, 03 October 2014 12:13 PM

මේ වැඩෙන් වෙන්නේ ඉදිරියේදී පොලිසිය විදි ගණිකාවන් ඇල්ලීම අතහැර දැමීම සහ සමාජ රෝග රට පුරා පැතිරීම. හවස 6 න් පසු වැදගත් කියල කාන්තාවකටවත් පාරේ බැහැල යන්න බැරි වෙන එක. (නදී)

:       0       0

ප්‍රදීප් Friday, 03 October 2014 10:14 PM

අපි ඇය රත්නපුරයෙන් වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවමු. දැන් අපිට එච්චරයි අඩු. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 04 October 2014 11:19 AM

නීතා, 50 දශකයේ අග බාගයේ සතර පෝයට පන්සල් යන ,මහා පෝයට සිල්සමාදන් වන බොහොම වැදගත් අහිංසක විදිහට ජීවත් වුන විදුලි කාර්මිකයෙක් අතේ තිබුන ඉස්කුරුප්පු නියනෙන් ඇනලා මිනිහෙක් මැරුවා. හේතුව ඒ මිනිසා අතින් වූ සුළු වරදකට සමාවෙන්න කීවත් අර මිනිසා ඔහුගේ මව හා සංවාසයක් ගැන කතා කිරීම. තම ආත්ම ගරුත්වය කෙලෙසීම හා බැදුණු හදිසි කෝපය නිසා එවන් තත්වකක් ඇතිවූ බව උසාවියේදී මනාව පැහැදිලිවුනා. අර ගහපු පොලිස් නිලදරුවට එවැන්නක් වුණා දැයි මා නොදනිමි. එහෙත් එසේ උනි නම් එවන් අවස්ථා ඔබට මෙන්ම මටත් සිදුවිය හැක. (නදී)

:       0       0

චමිල Saturday, 04 October 2014 11:32 AM

නීතිය නම් මුළු රටටම එක නීතියක් වෙන්න ඕනා. එක තැනක බිම දාගන ගහනවා. අනිත් තැන්වල ගණිකා මඩම් වල නෝනලට තොප්පිය ගලෝල අාචාර කරනවා . ගහනවා නම් ගහල මුළු රටේම ඉන්න ගනිකාවන්ව එලවල දාන්න. අනික එයාලගේ සේවය ගන්න අයවත් අත්අඩංගුවට ගන්න. (නදී)

:       0       0

සදුනි Friday, 03 October 2014 12:31 PM

වැඩේ වැරදියි. ඒකේ තර්කයක් නැහැ.නමුත් මෙයා හදන්නේ බොරදියේ මාළු බාන්න. එයාගේ කෙරුවාවල් දැන් දැන් ආරංචියි. (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Friday, 03 October 2014 12:45 PM

කෝටි පහක වන්දියක්? ඇයගේ වටිනාකම මෙතරම් ඉහළද?ඒ වගේ කටක් කොළඹ වීදි කාන්තාවන් ළඟවත් නැතිතරම් ! (නි)

:       0       0

තාරක Friday, 03 October 2014 01:36 PM

පොලිස් පඩියෙන් කොහොමද කෝටි 5ක් ගෙවන්නේ ? (නදී)

:       0       0

රසකා Friday, 03 October 2014 02:20 PM

සියල්ල මේ දෙස බලාසිටින්නේ තවත් වරක් නිතිය හෑල්ලුවට ලක්වේද යන්න අද මෙයට සාධාරණය නොලැබුනොත් කඩා වැටෙන්නේ නීතියේ ආධිපත්‍යයයි ඇයගේ තරාතිරම වැදගත් සාධකයක් නොවන බව උද්ඝෝෂක නරුමයන් දැනගත යුතුයි (අ)

:       0       0

කමල් Friday, 03 October 2014 02:34 PM

මෙහෙම මෙහෙම හරි නීතිය ආරක්ෂාව ජනතාවට දැනෙනවා නම් ලොකු දෙයක්, ගාන තමයි සැර (අ)

:       0       0

ලසන්ත Saturday, 04 October 2014 03:40 PM

සමහරු පාලුගෙයි වළං බිඳින්නේ නැතුව සතිඅන්ත පුවත්පතුත් කියවලම අදහස් දැම්මොත් හොඳයි. බට්ටි කවුද කියලත් ඒවායේ තියෙනවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 03 October 2014 03:44 PM

කවුරුන් හෝ වැඩේ වවාගෙන කනවා.. මේ මෝඩ පරානෙත් ඒකට අහු වෙලා..තමන් ගණිකාවක් බවත් තමුන්ට එම වෘත්තිය කරන්න ඉඩ ඇරලා ඒකෙන් යැපෙන නපුන්සක මිනිහෙක් ඉන්න වගටත් ප්‍රසිද්ධියේ පිළිගත්තට පස්සේ තව මොන කායික මානසික පීඩාද? අපහාසද? ගහපු දෙයින් නෙමෙයි අපහාස වුනේ .. මාධ්‍ය ඉස්සරහ ඇදපු කෙප්ප වලින් තමන් තමන්ටම අපහාස කර ගත්තේ..අපි නොදන්නා රත්නපුරේ බට්ටිගේ කදුළු කතාව...(අ)

:       0       0

ටෙනිසන් Friday, 03 October 2014 03:50 PM

රසිකා, "තරාතිරම වැදගත් සාධකයක් නොවෙයි " හැදියාව ? ඔය විදිහට සියල්ල සිදුවුනොත් වැඩි දිනක් නොගොසින්ම ප්‍රසිද්ධ මාර්ගයක රති කෙලියේ යෙදුනත් අපිට අහක බලාගන යනවා මිසක් වෙනකල හැකි දෙයක් නැති වෙයි .(අ)

:       0       0

නීතා Saturday, 04 October 2014 04:58 AM

රසික හරි, ටෙනිසන් පොඩ්ඩක් කල්පනා කරන්න හැදියාව පිළිබද නෙමෙයි ප්‍රශ්නය ප්‍රසිද්දියේ පහරදීමක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 4 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 37 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 114 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 238 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 193 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site