දේශීය නාට්‍ය සම්ප්‍රදායට නව ජීවයක් ලබාදීමේ පුරෝගාමී මෙහෙවරට මූලික වූ මහැදුරැ එදිරිවීර සරච්චන්ද්‍රයන් නිර්මාණය කළ ‘මනමේ’ වේදිකා නාට්‍ය මුල්වරට වේදිකාගත වූයේ මීට වසර 60කට පෙරය. එනම් 1956 නොවැම්බර් මස 3 වැනි දිනය. චූල්ල ධනුද්ධර ජාතක කතාව ඇසුරින් නිර්මාණය වූ ‘මනමේ’ නාට්‍යය තුළ එම ජාතක කතාවේ අන්තර්ගතයද ඔහු වත්මන් සමාජයට ඔබින ලෙස නවීකරණය කළේ එවකට පැවැති නාට්‍ය සම්ප්‍රදාය නවීකරණය කරනවා සේය.
"මනමේ" නාට්‍ය නිර්මාණය කිරීමට පසුබිම සැකසූ කතාව "මනමේ" තරම් සුන්දර බව වරෙක සිතෙන්නට පුළුවන.
සරච්චන්ද්‍රයන්ගේ පියා වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු ලෙස සේවය කළ නිසා ඔහු පාසැල් විශාල සංඛ්‍යාවක ඉගෙනුම ලැබූවේය. ගාල්ලේ රිච්මන්ඩ් විදුහල, පානදුර ශාන්ත ජෝන් විදුහල, ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල, බම්බලපිටියේ ශාන්ත පීතර විදුහල ඇතුළු පාසල් ගණනාවක අධ්‍යාපනය ලැබූ සරච්චන්ද්‍රයන් මුලින්ම අකුරැ කියවා තිබුණේ ගම්මැද්දෙගොඩ රජයේ මිශ්‍ර පාඨශාලාවේය.
වැදිතන්ත්‍රිගේ එදිරිවීර රාජිත සරච්චන්ද්‍ර කුඩා කල සිටම පොත්පත් කියවීමට දැඩි ළැදියාවක් දක්වා ඇති නිසා ඔහුගේ පියා ඔහුට නිතර නිතර පොත්පත් මිලටගෙන දී ඇත. සංගීතය හා නාට්‍ය කලාවට කුඩා කල සිටම ඔහුගේ සිත නැඹුරැ වූයේ තම මවගේ ආභාෂයෙන් බව පැවසේ. 1914 ජුනින මස 3 වැනි දින උපන් සරච්චන්ද්‍ර 1934 වසරේදී සරසවි වරම් ලබා කොළඹ සරසවියේ පාලි, සංස්කෘත හා සිංහල භාෂාවන් සඳහා ගෞරව උපාධිය ලබාගෙන ඇත. එතැනින් නොනැවතුණු සරච්චන්ද්‍රයන් සාන්ත පීතර විදුහලේ ගුරැවරයකු ලෙසද, ලේක්හවුස් ආයතනයේ කළමනාකරැවෙකු ලෙසද කලක් සේවය කර ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගොස් සංගීතය, ලලිත කලා හා භාරතීය සහ අපරදිග දර්ශනවාදය හැදෑරීය. ඉන් අනතුරැව කොළඹ සරසවියේ ශ්‍රාස්ත්‍රපති උපාධියද, ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති (PHD) උපාධියද ලබාගත්තේය.
පාසැල් සිසුවෙකු ලෙස තම පියා කලක් සේවය කළ මහනුවර හේවාහැට තැපැල් කාර්යාලයට නිතර ගොස් ති ෙබ්. එහිදී සරච්චන්ද්‍රට හමු වූ ඔහුගේ පියාගේ හොඳ මිතුරෙකු වූ සුභංවි ගුරැන්නාන්සේ යනු නූර්ති නාඩගම් සංගීතය පිළිබඳව හොඳින් හැදෑරෑ අයෙකි. ගැමි නාට්‍ය හා නූර්ති නාඩගම් ගැන බොහෝ විස්තර ඔහු මුලින් දැනගෙන තිබෙන්නේ ඔහු මගින් බව, පසුව කථිකාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවය කළ සරච්චන්ද්‍රයන් එක්තරා ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවක් අතරතුර පවසා ඇත.
1985 ඔක්තෝම්බර් මස 19 දින ශ්‍රී ලංකා ගුවන් විදුලියත් සමඟ ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය පාලිත සමරසිංහ සමඟ පැවැති එම පිළිසඳරේදී ඔහුගේ පෞද්ගලික තොරතුරැ රුසක්ද අනාවරණය කර ඇත.
"අද වගේ සංගීතය රසවිඳින්න ගුවන් විදුලි යන්ත්‍ර තිබුණෙ නැහැ. සමහර ගෙවල්වල ග්‍රැමෆෝන් යන්ත්‍ර තිබුණා. අපේ ගෙදරත් තිබුණා ග්‍රැමෆෝන් යන්ත්‍රයක්. අපි තැටි හොයාගෙන ඇවිත් ඒකෙන් සින්දු අහනවා. මම සංගීතය පැත්තට නැඹුරැ වෙන බව දැනගෙන දවසක් මට කිව්වා සංගීතය ඉගෙන ගෙන කාටවත් හරිගියේ නැහැ, ඒ නිසා කොහොම හරි ඉගෙන ගෙන සිවිල් සේවකයෙක් වෙන්න කියලා. පියාගේ කීම අහලා මම ඉගෙන ගන්න උන්නදු වුණා. ඒත් දෛවය විසින් මාව කලාව පැත්තට යොමු කළා* එදා ඔහු ඒ පිළිසඳරේදී අතීත තොරතුරැ අවධි කළේ එලෙසින්ය.
ඒත් සිවිල් සේවා විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත්තද, සම්මුඛ පරීක්ෂණයෙන් ඔහු නොසිතූ විරෑ ලෙස අසමත් කරවූ නිසා "මනමේ" හදන්න සරච්චන්ද්‍ර කෙනෙකු, දේශීය කලාව නව මං පෙතකට රුගෙන යන්නට සරච්චන්ද්‍ර කෙනෙකු මෙරටට උරැම විය. එය දෛවෝපගත සිදුවීමකි. මිනිත්තු ගණනාවක් ඇතුළත මිනිසෙකුගේ දෛවය වෙනස් කළ හැකි හැරවුම් ලක්ෂයක් තිබිය හැකිද?
සරච්චන්ද්‍රයන් සරසවියට පිවිසීමට පෙර සිටම රවීන්ද්‍රනාත් තාගෝර්, මහත්මා ගාන්ධි වැනි උතුමන්ගේ චරිත ගැන කියවා ඔවුන් ගැන පැහැදී සිටි කෙනෙක්. ඔවුන්ගේ ගති පැවතුම් පමණක් නොව ඔහු ඔවුන්ගේ සිරිත් විරිත්, ඇඳුම් පවා අනුගමනය කළා. ඒ කාලෙ සරසවියේ ඉගෙන ගන්න කාලෙ සරච්චන්ද්‍රයන් ජෝතිය ඇඳගෙන, ගාන්ධි තොප්පියත් දාගෙනලු එහෙ මෙහෙ යන්නෙ. ශිෂ්‍ය සංගම්වලට ගිහින් භාරත දේශය ගැනත් සිසුන්ට දේශන පවත්වනවලු. කොළඹ සරසවියේ එකල අධිපතිවරයා ලෙස කටයුතු කළේ උග්‍ර අධිරාජ්‍යවාදියෙක් වූ මාර්ස් නම් පුද්ගලයෙකි. මාර්ස් සරච්චන්ද්‍රයන්ගේ භාරතීය ඇඳුමටත්, දර්ශනයටත් තදින්ම විරැද්ධ වී ඇත. ඔහු සරච්චන්ද්‍රයන්ට කීප විටක්ම මේ ගැන තදින්ම අවවාද කර තිබෙනවා. ඒත් ඔහු කිසිවිටෙකත් ඒවා වෙනස් කළේ නැති නිසා මාර්ස් ඔහුගේ විරැද්ධවාදියෙක් බවට පත්වුණා. ඒ් ඔහු ගැන තැබූ එක්තරා සටහනකි.
සරසවියේදී සිවිල් සේවා ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි සරච්චන්ද්‍රයන් එයින් වැඩිම ලකුණු ලබාගත්තේය. ඒත් ඉන් අනතුරැව පැවැති සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ මාර්ස් සරච්චන්ද්‍රයන්ට ලබාදුන්නේ ලකුණු 15ක් පමණි.
පාලිත සමරසිංහල මහතා සමඟ 1985දී කළ ගුවන් විදුලි පිළිසඳරේදී සරච්චන්ද්‍රයන් ඒ ගැනත් මෙනෙහි කළේය.
"මට අද වගේ මතකයි ඒ සම්මුඛ පරීක්ෂණයේදී මාර්ස් මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය. ඔහු මගෙන් ඇහුවා වික්ටෝරියා පාක් (විහාරමහාදේවී උද්‍යානයට) ගිහින් තියෙනවද කියලා. මම ඔව් කිව්වා. දෙවෙනි ප්‍රශ්නය ඇහුවා එහෙනම් ඒ උද්‍යානයේ මල් වර්ග කීයක් තියෙනවද කියලා. මට හිනා ගියා. එකවරටම මම පුටුවෙන් නැගිටලා යන්න ලෑස්ති වෙලා මාර්ස්ට කිව්වා මම පාර්ක් එකට ගිහින් බලාගෙන ඇවිත් කියන්නම් කියලා. ඔහු හිතාමතාම මාව සිවිල් සේවා විභාගයෙන් අසමත් කළා. ඒත් මට දැන් හිතෙනවා මට කළේ සතුරැකමක් නෙවෙයි කියලා. ඒ මොකද අපේම කියලා නාට්‍ය කලාවක් හදන්න මට ඉඩ ලැබුණෙ ඒ හින්දයි" සරච්චන්ද්‍රයන් කීය.
ඔහු ගැමි නාට්‍ය ගැන බොහෝ දේවල් හැදෑරෑයේ චාර්ලිස් සිල්වා ගුරැන්නාන්සේ යටතේය. ඔහු &මනමේ* නාට්‍ය නිර්මාණයට බොහෝ කැපවී තිබේ.
රමේෂ් උවයිස්
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මනමේගේ රජකමට තුනට හැටක්!