IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මිනීමරන්නාගේ යාදින්න - Assassin's Creed

 

සුප්‍රකට පරිගණක ක්‍රීඩාව චිත්‍රපටයක් ලෙසින් 21 දා සිට තිරගතවෙයි

2016-12-24-ent-16Assassin's Creed යනු පරිගණක ක්‍රීඩාවල මූලික ස්ථානයක් ලබාගන්නා ක්‍රීඩාවකි. යූබීසෝෆ්ට් ආයතනය විසින් මෙය නිෂ්පාදනය කර ඇති අතර, මෙම පරිගණක ක්‍රීඩාවට ලොව බොහෝ පිරිස් ඇල්මක් දක්වති. මෙහි ඇති කතාමාලාව සඳහා විදේශිකයන් මෙන්ම අප රටේ බොහෝ තරුණයන් බොහෝ පිරිසක් මෙයට කැමැත්තක් දක්වති.

පරිගණක ක්‍රීඩා ලෝලීන් මෙන්ම චිත්‍රපට ලෝලීන්ටද Assassin's Creed පුවත ඉතාමත් සතුටු දායක පුවතකි. Assassin's Creed චිත්‍රපටය මේ මාසයේ 21 වැනිදාට එළිදැක්වීමට නියමිතය. මෙහි ප්‍රධාන චරිතය සඳහා පණපොවනු ලබන්නේ මෙම වසරේ එළිදැක්වූ සහ ආදායම් අතින් ඉදිරියට පැමිණි චිත්‍රපටයක් වන X-Men: Apocalypse චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා පණපොවන Michael Fassbenderය.

"යූබී සෝෆ්ට්" ආයතනයේ නිෂ්පාදිත Assassin's Creed පරිගණක ක්‍රීඩාව අශ්‍රීතව නිර්මාණය වන මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන්නේ Justin Kurzel ය. ඔහු නවක අධ්‍යක්ෂකවරයෙකු වන අතර, මෙම චිත්‍රපටය ඔහුගේ 05 වැනි චිත්‍රපටය ලෙස නම් කර ඇත. මෙම චිත්‍රපයට සඳහා නිෂ්පාදකවරුන් 07 දෙනෙකු දායක වී ඇත.

ප්‍රධාන වශයෙන් Assassin's Creed පරිගණක ක්‍රීඩා කොටස් 09ක් මේ වනවිට එළිදක්වා ඇති අතර, ඒ ආශ්‍රිව වෙනත් පරිගණක ක්‍රීඩා 11ක්ද එළිදක්වා තිබේ. මෙහි ඇති ප්‍රධාන ක්‍රීඩා 09 ආශ්‍රිතව නිර්මාණය වන Assassin's Creed චිත්‍රපට සම්පූර්ණ වශයෙන් මිත්‍යා කතාවක් මූලික කර ගනිමින් නිර්මාණය වනු ඇති බවද සඳහන් වෙයි. ප්‍රධාන වශයෙන් මේ සඳහා චරිත 06ක් දායක කර ගෙන ඇත. මෙහි නිර්මාණ කටයුතු සඳහා චිත්‍රපට නිෂ්පාදන සමාගම් 05ක් දායක වී ඇත. එනම්, Regency Enterprises, Ubisoft Motion Pictures, DMC Films, The Kennedy/Marshall Company සහ Alpha Pictures යන සමාගම් මේ සඳහා දායක වී ඇත්තේ මෙහි පරිගණක ක්‍රීඩාවේ ඇති තාක්ෂණය මේ සඳහා උපයෝගි කර ගැනීමේ අරමුණෙනි.

මෙම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර ඇත්තේ 2011 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදීය. Sony Pictures සමාගම විසින් Ubisoft Motion Pictures සමාගම සමග ඇති කරගත් ගිවිසුමක් හේතුවෙන් මෙම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු Sony Pictures සමාගමට ලබා දී තිබේ. 2012 වර්ෂයේදී ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කර අවසන්කර ඇති මුත්, ඔවුන් නැවත නිෂ්පාදන කටයුතු අලුත් කරන්නේ මෙම චිත්‍රපයට අයමැක්ස් තාක්ෂණයට ඔබින වන සේය. මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකර ඇත්තේ ලන්ඩනයේ සහ ස්පාඤ්ඤයේය. එහි නගර ආශ්‍රිතව මෙය සිදුකර ඇති අතර, මිත්‍ය කතාව නිර්මාණය කර ඇත්තේ "Ubisoft Motion Pictures" නම් චිත්‍රාගාරය තුළය. මෙහි නවීන තාක්ෂණය වන In3D තාක්ෂණයට අමතරව 9D තාක්ෂණයෙන්ද මෙම චිත්‍රපටය එළිදැක්වීමට නියමිතව ඇත.

2016 වර්ෂයේ දෙසැම්බර් 21 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටයේ වියදම ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ මිලියන 200කි. මෙහි අධ්‍යක්ෂකවරයා වන Justin Kurzel පවසන්නේ මෙහි පරිගණක ක්‍රීඩාව මෙන්ම මෙම චිත්‍රපටයද ආදායම් අතින් ඉහළ ස්ථානයක් ලබාගන්නා බවය. මේ වනවිට මේ ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්වූ අතර, ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමුවී තිබේ. කෙසේ නමුත් මෙම චිත්‍රපටය සඳහා වැඩිම අවධානයක් යොමුව ඇත්තේ මෙම චිත්‍රපටය පරිගණක ක්‍රීඩාවක් නිසා බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත



අදහස් (0)

මිනීමරන්නාගේ යාදින්න - Assassin's Creed

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 252 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 548 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 367 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1126 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 105 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 215 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site