ඉලෙක්ට්‍රෝනික උපාංග නිපදවීම සඳහා ඉතා අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යක් වන ග්‍රැෆීන් නම් ස්ථරය මිනිරන් වලින් වෙන් කර ගැනීමට නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයන් සමත් වූ බව එහි විද්‍යා අංශයේ ප්‍රධානී කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ එම් නලීන් ද සිල්වා කියයි.
පරමාණු ප්‍රකෝටි ගණනකින් සමන්විත මිනිරන් කැබැල්ලකින් ග්‍රැෆීන් යනු එක් අණුවක් ඝනකම ඇති කාබන් ස්ථරයකි. නැනෝ විද්‍යාඥයන් විසින් වෙන් කැර ගැනුණේ එක් ස්ථරයක් පමණි.
මෙම කාබන් ස්ථර ඉලෙක්ට්‍රෝනික උපාංග නිපදවීමට යොදා ගැනේ.
ශ්‍රී ලංකාවේ ඉතා පිරිසිදු මිනිරන් ඇති බවත්, එහෙත් අගය එකතු කිරීමකින් තොරව මිනිරන් කුණු කොල්ලයට අපනයනය කරන බවත් මහාචාර්යවරයා කියයි.
නැනෝ තාක්ෂණයෙන් මිනිරන් වලින් එවැනි කාබන් ස්ථර වෙන් කැර ගැනීමෙන් ලැබූ සාර්ථකත්වය අනුව අපේ මිනිරන්වලට පෙර නොවූ විරූ මිලක් විදෙස් වෙළෙඳ පොළෙන් උපයා ගත හැකි වෙතියි ද මහාචාර්යවරයා පවසයි.
මිනිරන්වලින් ලබා ගන්නා ග්‍රැෆීන් ස්ථර යොදාගෙන තුනී ජංගම දුරකතන, මිනිත්තුවකින් ආරෝපනය කළ හැකි බැටරි පමණක් නොව මුද්‍රණ හා පරිගණක කර්මාන්තයේ මහා විප්ලවයක් කළ හැකි බව එම කර්මාන්තයට සම්බන්ධ විශේෂඥයෝ පවසති.
ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණයෙන් නිපදවෙන අර්ධ සන්නායක කර්මාන්තයට ග්‍රැෆීන් අවශ්‍ය බවත්, 2015 සහ 2020 කාලයේ දී එම කර්මාන්තයේ ව්‍යාපාරික වර්ධනය සියයට 58 ඉක්මවන බවත් පර්යේෂකයෝ පවසති.
මෙම ග්‍රැෆීන් යොදා ගැනීම ඉතා නම්‍යශීලී හා ඉතා කුඩා එහෙත් ප්‍රබල උපාංග නිෂ්පාදනය කළ හැකි බවත් ඔවුහු කියති.
විදුලි සංදේශ, වෛද්‍ය හා ජීව වෛද, හමුදා සහ ආරක්ෂක, ඉදිකිරීම්, බලශක්ති, බැක්ටීරියා නාෂක, අභ්‍යවකාෂ හා වාහන කර්මාන්ත වැනි අංශවල විද්‍යුත් උපකරණ නිෂ්පාදනයේ මූල ද්‍රව්‍යයක් ලෙස ග්‍රැෆීන් සැළකේ.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මිනිරන් පතුරෙන් අණුවක් වෙන් කරයි
සත්‍යයා Tuesday, 18 February 2014 06:11 AM
අන්තිමට බැලුවහම මේව හොයා ගන්න මිනිස්සුත් දරදිය අදින්නේ මේ බංකොලොත් පාලනයටමයි. මේවා ඉතින් පවතින්න කරන වැඩනේ. (අ)
නිශාන්ත Monday, 17 February 2014 01:34 PM
ජයවේවා මහාචාර්ය තුමනි, තවතවත් මේ පිලිබදව ඇසීමට දැකීමට අපට වාසනාව ලැබේවා. නියම මිල කොමිස් වලින් තොරව ලාංකිකයන්ට ලැබෙන ක්‍රමයකට මෙය දියුණු වේවා. (නදී)
නාරද Monday, 17 February 2014 02:10 PM
සුභ පැතුම් (දිල්)
ඉන්දික Monday, 17 February 2014 03:17 PM
අති විශිෂ්ටයි! (දිල්)
0 Monday, 17 February 2014 04:16 PM
0
ජගත් Monday, 17 February 2014 07:29 PM
අපේ රටේ කරන ප්‍රබල සොයා ගැනීම්වලට රට ඇතුලෙ තැනක් හිමිනොවෙන්නේ ඇයි (අ)