IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


මනාලිය හෝටලයේ : මනාලයා ගල් ගුහාවේ

දෙල්තොට හෝටලයක සිය මනාලිය සමග මධුසමය ගතකරමින් සිටිය දී පසුගිය 29 දින අතුරුදන් වූ බව කියන මනමාලයා ඊට දින හතරකට පසු දාරාඔය මහමග ඇවිද යමින් සිටිය දී හමුවී ඇත.

මෙසේ අතුරුදන් වූයේ දෙල්තොට රැලිමංගොඩ පදිචි යුද හමුදා සෙබලෙකි. (33) ඔහු යුද හමුදාවට බැදී වසර දහයක් පමණ වන අතර උතුරේ සේවය කරයි.

වයස අවුරුදු විසිතුනක පමණ තරුණියක සමග මීට මාස හතකට පමණ පෙර විවාහ ගිවිසගත් ඔහු මනමාලිය කැඳවාගෙන ඒමට අලුතින් නිවසක් ද ඉදිකිරිම අරඹා දෙමාපිය නෑ හිතතුන්ගේ ද ආශිර්වාදෙයෙන් පසුගිය 29දා ජයටම මගුල් කෑවේය.

දෙල්තොට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ග එකට වාසය කරණ බැවින් ඔහුට හා පවුලට හිතවත් දෙමළ මුස්ලිම් හිතවතුන් ද මේ මංගල උත්සවයට සහභාගී වූහ.

මංගල උත්සවයෙන් පසු මේ යුවළ මධුසමය ගත කිරීම සදහා දෙල්තොට පිහිටි හෝටලයකට පිටත්ව ගියහ. රාත්‍රි දහයයි තිහට පමණ කාමරයෙන් එළියට ගිය ඔහු නැවතත් කාමරයට නොපැමිණි නිසා මනාලිය එළියට පැමිණ විපරම් කොට ඇත. එවිට එහි සිටි ආරක‍්ෂක නිලධාරියෙකු පවසා ඇත්තේ ඔහු එලියට යනු තමා දුටු බවයි. දීර්ඝ වේලාවක් නොපැමිණි නිසා ඇය විසින් ගලහ පොලීසියට මේ පිළිබද පැමිණිලි කලේය.

පොලිසිය ඔහු සෙවීමට මහත් වෙහෙසක් දැරුවද පසුගිය දින කිහිපය පුරාම ඔහු සොයා ගත නොහැකි විය. පොලිස් නිල සුනඛයින්ගේ සහාය පවා යොදා ගත්තද කිසිම තොරතුරක් සොයා ගත නොහැකි විය.

ඊට දින හතරකට පසුව  දාරාඔය ප්‍රදේශයේ ඔහු මහ මග ඇවිද යමින් සිටිනු දුටු  ප්‍රදේශවාසින්ට මේ පිළිබදව ගලහ පොලිසීයට දැනුම් දී ඇත. ගලහ පොලිසිය ඔහු සොයාගන්නා විට ක්ලාන්ත ගතියකින් සිටි බැවින් ප්‍රතිකාර සදහා පේරාදෙණිය මහ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

ඔහු පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තමාට මුදල් නොමැති ප්‍රශ්නයක් තිබූ බවයි. පසුදා මනමාලිය නිවසට කැදවාගෙන යාමට එම මුදල් නොමැති ප්‍රශ්නය තමාගේ හිතට වදයක් වූ බැවින් ඒ පිළිබද කල්පනා කරමින් හෝටලයෙන් එළියට ගිය බව ද එසේ ගොස් ලූල්කදුර තේ වත්ත පැත්තේ ඇති ගල්ගුහාවකට වී මෙම ඒ කාලයේ දී කිසිම අහරක් නොලැබුණු බව ද ඔහු කියා ඇත.

ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කැර ඇතැයි රෝහල් ආරංචි සඳහන් කරයි.

ගලහ පොලිස් ස්ථානාධිපති පො.ප. චන්දන නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති කළුආරච්චි මහතා පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (0)

මනාලිය හෝටලයේ : මනාලයා ගල් ගුහාවේ

කාන්ති Tuesday, 02 June 2015 01:46 PM

දැන් විවාහ උත්සව සේවාවන් සපයන්නන්ගේ මඩිය තරකරන ව්‍යාපාරයක්. අලුත්ම සමයම තමයි වෙඩින් ප්‍රි ශුට්. තව තැනක මනමාලිට රුපියල් මිලියනයක් වටිනා සාරියක් තෑගි ලැබෙනවා. හෙලිකොප්ටරයෙන් මධුසමයට යනවා. ලිමොසින් එකෙන් පිටත්ව යනවා. කමක් නැහැ තමන්ට සල්ලි තිබෙනවා නම්. ඒ වුණාට අන්තිමේ පවුලේ අයවත් ණය කරවලා උත්සවයෙන් පසුව ජීවත්වෙන විදිය හිතාගන්න බැරි කට්ටිය මෙහෙම අමාරු වල වැටෙනවා. සාමාන්‍ය අදායමක් ඇති කෙනෙකු සමාගම් අධ්‍යක්ෂක කෙනෙක් වගේ විවාහ උත්සව ගන්න ආසාව තිබුනත් නුවණට හුරුයිද ? (නි)

:       0       0

ෂේන් Thursday, 04 June 2015 07:20 AM

මනමාලියට තියෙන ආදරේ ඔතනින්ම තේරුම් ගත හැකි වෙනවා. ඉදිරියට එන රන්දුසරුවල් වලදී මනාලිය කියාවී මෙම මහත්තය කළ දෙය. මගුල් දවසේ මෙහෙමනේ කරේ කියලා. (ම)

:       0       0

දිනේශ් කමල්ප්‍රිය Tuesday, 02 June 2015 08:19 AM

ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්. ප්‍රශ්නවලින් පැනයාම පිළිතුරක් නොවේ. (බ)

:       0       0

පියලාල් Tuesday, 02 June 2015 08:28 AM

දුක හිතෙන කතාවක්. යුධ හමුදා සුබ සාධක අරමුදලින් මේ සෙබළාට පිහිට වන්නේනම් හොදයි. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංසය Tuesday, 02 June 2015 08:30 AM

සේවය හැර ගිය සෙබලක් නම්, එයා දෙවන වරටත් "ජීවන ගමන් සේවය හැර ගියා" වගෙයි මේ කතාවෙන් පෙන්නේ ! ගල් යුගයේ ජීවත්වීමට උත්සාහ දැරූ මේ අහිංසකයාට පිහිට විය යුතුමයි. (ර)

:       0       0

නිලාන් Wednesday, 03 June 2015 07:49 PM

මනමාලිය කොපමණ අපහසුතාවයට පත්වෙන්න ඇද්ද ඒ දවසේ ? මෙයා ලොකු වරදක් කරලා තියෙන්නෙ ඇයට. (නි)

:       0       0

අරුණි Tuesday, 02 June 2015 10:01 AM

කොහොම උනත් ඒ ගෑනු ලමයව එහෙම තනියම හෝටලේක දාල ගිය එක අනුමත කරන්න බෑ. දුප්පත් කම ප්‍රශ්නයක් තමයි ඒ උනත් ප්‍රශ්න වලින් පැනල ගිහින් වැඩක් නෑ නේ (නදී)

:       0       0

පහන් Wednesday, 03 June 2015 02:12 AM

ඒත් මේ කොල්ලා කරපු වැඩේ හරිද ? කෙල්ල සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? (නදී)

:       0       0

අනිල් ප්‍රසන්න Tuesday, 02 June 2015 11:08 AM

නන්දලාල් ආයෙ ලිපිය කියවල අදහස් ලියන්න..(බ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 03 June 2015 03:30 AM

රුවනි, එහෙම කියන්න එපා. අද රටේ හැම තරුණ තරුණියක්ම , විශේෂයෙන් තරුණියන් තමන්ගේ විවාහ උත්සවය ඉතාමත් ඉහලින් ගන්න කැමතී. මෙය එකිනෙක පරයා යන තරඟයක් වගේ.හමුදා සහෝදරයාටත් තම මනාලියගේ ඉල්ලීම ඉටු කරන්න ගිහින් මුදල් පැනයට මුහුණ දෙන්න බැරිවෙන්න ඇති කියල හිතා ගන්න පුළුවන්. (ම)

:       0       0

රුවනි Tuesday, 02 June 2015 11:15 AM

මේ ප්‍රශ්න ඔක්කොම ලෝකෙටම පේන්න විවාහ වෙන්න ගියාම . තමන්ට ඇති හැකි විදියට විවාහ වුනාම මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (බ)

:       0       0

ටෙනිසන් Tuesday, 02 June 2015 12:31 PM

රුවනි ඔබ කිවූ දේ එක්තරා දුරකට සත්‍යක් වුනත් පෘතග්ජන අපි හැමෝටම ආසාවන් තිබෙනවා. උපතත් මංගල්ලයක්, විපතත් මංගල්ලයක්, ඒ දෙකම අපේ කැමැත්තට අනුව සිදුවන්නේ නැහැ. එසේ අපේ කැමැත්තට අනුව සිදුවන දේ විවාහය පමණයි. එය තමන්ට හැකි උපරිමයෙන් පැවැත්වීමට කවුද අකමැති. එනිසා මතුවට සිදුවන දේ ගැන සිතීමට ඔවුන්ට අමතක වෙනවා. එයයි සත්‍ය. අප එවැන්නන්ට අනුකම්පා කලයුතුයි. (ර)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 04:35 AM

පසුගිය ආණ්ඩුව අපේ යුද්ධය දිනු වීරයින්ට සලකපු ආකාරය පෙන්නුම් කරන තවත් කතාවක් මේක . මුළු ලොවම දන්නවා දීර්ගකාලීන යුද්ධ වලට මුහුණ දෙන සොල්දාදුවන් එක්තරා මානසික ආතතියකට ගොදුරු වෙන බව. යුද වලට සම්බන්ධ රටවල් මේ ආතතියට ගොදුරු වන සොල්දාදුවන් සුවපත් කිරීමට කෝටි ගණන් වැය කරනවා. අපේ රටේ පාලකයෝ කෝටි ගණන් වියදම් කර පුත්තුන්ට රේස්කාර්, හෙලිකොප්ටර්, අශ්වයෝ සහ ජංගම රති-මැදුරු අරන් දෙනවා. මේ තරුණයා මේ ඛේදවාචකයේ එක් වින්දිතයෙක් පමණයි. (බ)

:       0       0

ඩිල්ශාන් Tuesday, 02 June 2015 01:16 PM

අහිංසක මනුස්සයට පිහිට වෙන්න. රටේ ජනතාවගේ අගහිඟකම් තමයි මෙයින් පෙනෙන්නේ. දේශපාලුවෝ මහජන මුදල් සූර කනවා. ජනයා දුක් විඳිනවා. (බ)

:       0       0

මොහාන් Tuesday, 02 June 2015 01:25 PM

මොහු මානසික වෛද්‍යවරයෙකුට යොමුකළොත් හොඳයි කියා සිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2338 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1531 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2320 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3217 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site