IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මැනලා නුදුන්නත් අම්මා කිරි අපට : දීපල්ලා කොටස මළගම කරන්නට‘

මවගේ බැංකු ගිණුමේ මුදල් ගැනිමට ප්‍රමාද වන නිසා මවගේ අවසන් කටයුතු වලට යන වියදම පොලිසිය මැදිහත් වී තම අනික් සොහොයුරියන්ගෙන් ද සම සමව ලබා දෙන ලෙස ඉල්ලා ‍මියගිය මවගේ එක් දියණියක් පැමිණිලි කළ බව ‍පේරාදෙණිය පොලිසිය පවසයි.

ඇය දියණියන් පස් දෙනකුගේ මවකි. එම දූවරුන් මව මාරුවෙන් මාරුවට රැකබලාගත් බවත් රෝගාතුරව වැඩිමහල් දියණියගේ නිවසේදී මව මිය ගිය බවත් කියති. මවගේ බැංකු පොත හා මවගේ රන් ආභරණද වැඩිමහල් සහෝදරිය සතුව ඇති බවත් තුන්වන සහෝදරිය පොලිසියට පවසා ඇත.

අවමගුල කටයුතු අවසන් කිරිම සදහා අනික් සහෝදරියන්ගෙන් මුදල් ඉල්ලු විට අවමගුල් කටයුතු සඳහා මුදල් දිම ප්‍රතික්ෂේප කර ඇත. මවගේ අවමගුල් කටයුතු සඳහා මව විසින්ම බැංකු ගිනුමේ මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගැනිමට ප්‍රමාද වන නිසා දියණියන් අතර ගැටලු කාරි තත්වයක් මතු වි ඇති බවත් පොලිසිය පැවැසිය.

මව මියගිය මොහොතේ තුන්වැනි දියණියගේ නිවසේ සිට ඇති අතර මවගේ අවසන් කටයුතු සදහා දේහය සුසාන භුමියට ගෙන යාමට හා මරණයේ කටයුතු වලට හා මල්ශාලවට යන මුදල රුපියල් 40,000 ක් පමණද වෙනත් වියදම් සදහා රුපියල් 30,000 ක් වැය වන බවත් දූවරුන් කියා ඇත.

ඒ මුදල් පොලිසිය මැදිහත් වි අනික් සහෝදරියන්ගෙන්ද ලබා දෙන ලෙස ඉල්ලා දේහය තැන්පත් කර ඇති තුන්වැනි දියණිය විසින් පේරාදෙණිය පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති බවත් පොලිසිය පවසයි.

ඉන් පසු පොලිස් නිලධාරින් විසින් දියණියන් සියල්ලන්ටම කතා කර ඔබලාට මවගේ  අවසන් කටයුතු කරන්නට නොහැකිනම් පේරාදෙණිය පොලිසිය මැදිහත් වි මවගේ අවමගුල් කටයුතු කරන බව පැවසු විට ‘එහෙම කරන්න එපා එහෙම වුනොත් අපට ලජ්ජාවන බවත්‘ දියණියක කියා ඇත. වියදම් සමව බෙදා ගැනීමට දූවරුන් අන්තිමේදී එකඟවූ බව කියති.



අදහස් (0)

‘මැනලා නුදුන්නත් අම්මා කිරි අපට : දීපල්ලා කොටස මළගම කරන්නට‘

තුෂාර Saturday, 18 July 2015 04:31 AM

මේ කුමාරි, රුකී කොහේ උනත් මොකද ? කතාව ඇත්ත. මගේ නංගි බැඳලා ඉන්න මල්ලි නුවර කෙනෙක්. ඒ මල්ලිගේ ලොකු අක්කා තමයි මුළු පවුලේම සල්ලි ගනු දෙනු කරන විදිය තීරණය කරන්නේ. එයාගේ පවුලේ අයට ඇරෙන්න බැඳපු කෙනාගේ අම්මා තාත්තට සිංහල අවුරුද්දට ඇඳුමක් අරන් දෙනවට කැමති නැති ලෝභ බවලතියක් . (නදී)

:       0       0

ජනක Saturday, 18 July 2015 04:34 AM

කුමාරි. අපිටත් ඉන්නවා ඔය පැත්තේ දුර නෑයන්. ඒ පවුල් තනිකරම පාලනය කරන්න ගෙදර පිරිමි නෙවෙයි ගැහැණු. ඒ තරම් කටවල් සැරයි. ගෙදර අයියල මල්ලිලා ඔක්කොම යටකරගෙන ඉන්නේ. බැඳපු දාට සැමියාගේ කරේ නැගලා පවුල ගෙනියන්නේ. රණ්ඩු කෙකි! ඒ නිසා මට මේ පුවත ගැන පුදුම නැහැ. (නදී)

:       0       0

සෙලිනා Friday, 17 July 2015 07:37 PM

අනුෂ්ක., පුත්තු සේරටම හපන් ගෑනිගේ කීම අහල වැදූ අම්මට වෙනස් කම් කරපු නිවුස් කොතෙක් බලා තියෙනවද...?(නදී)

:       0       0

රුවන් Thursday, 16 July 2015 11:00 AM

ලැජ්ජයි මේ සිද්ධිය දැක්කම තමන්ගේ අම්මගේ අවසන් කටයුතු කරන්න මේ තරම් යුද්ධයක්.(හේ)

:       0       0

දුමින්ද Saturday, 18 July 2015 05:55 AM

දුවලා නෙමෙයි මාර දුවලා (නදී)

:       0       0

අනුෂ්ක Friday, 17 July 2015 04:16 AM

ගෑනු ඔහොම තමයි. එක පුතෙක් හිටියා නම් ඔය අම්මට ඔහොම වෙන්න දෙන්නේ නැහැ සත්තයි. (නදී)

:       0       0

කුමාරි Friday, 17 July 2015 09:13 AM

රුකී ඔයා කොහේ කෙනෙක්ද? අපි නම් අත්විඳල තියෙන්නේ ගලෙන් පහල අය ඔය වගේ කියලයි (අ)

:       0       0

ජානකී Friday, 17 July 2015 09:20 AM

අනුෂ්ක මුළු ගැහැණු සංහතියටම බනින්නේ අම්මලා අයත් වෙන්නෙත් ගැහැණු වර්ගයට කියලා අමතක උනාද? පුතාලත් ඔයිට හපන්. මගේ නැන්දා කෙනෙක් දුවට කිසිම දේපලක් නොදී ඔක්කොම සන්තකේ වැඩියෙන් ආදරේ කල පුතාට ලිව්වා. අන්න දැන් නෝනාත් එක්ක එකතුවෙලා තමන්ගේ අම්මාව ගෙදරින් එලියට දාලා. දුවයි බෑනයි තමයි දැන් නැන්දාව බලාගන්නේ. ගෑනු ළමයි බැඳලා පිට යනවා කියලා ඒ නංගිට මොකවත් දුන්නේ නැහැ. දැන් එයාගෙම පිහිට විතරයි. (නදී)

:       0       0

කොස්වත්ත Thursday, 16 July 2015 04:23 PM

පේරාදෙණිය පොලිසියට ස්තුතියි! (නි)

:       0       0

කින් බෙනට් Thursday, 16 July 2015 04:40 PM

අම්මගේ අවසන් මොහොතේ සල්ලි ටිකක් වියදම්වෙන එකට අකමැති දරුවෝ ඉන්නවා කියන්නේ ඒ අම්මා මොනතරම් පවක් කරලා තියෙන්න ඇද්ද? (නි)

:       0       0

කින් බෙනට් Thursday, 16 July 2015 04:44 PM

මව තමන්ගේ දරුවෝ ගැන හොඳ වැටහීමකින් ඉඳලා තියෙනවා. ඒකනේ තමන්ගේ මළගමට තමන්ම සල්ලිත් වෙන්කරලා සැරින් සැරේට දරුවෝ 5 දෙනා ළඟම ටික ටික ජීවත්වෙලා තියෙන්නේ.ලොකුමහත් කරලා කසාද බන්දලා දෙනකම්ම 5 දෙනාව අම්මා ළඟ තියාගෙන හැදුවට ඒ කෙළෙහිගුණවත් සළකන්න දන්නා පාටක් නැහැ. (නි)

:       0       0

පාඨලි Thursday, 16 July 2015 08:59 AM

ඇස්දෙක පියවූනාට පස්සේ වෙන්නේ මොකද කියල මැරුණු කෙනාට පෙන්නේ නෑ දෑනෙන්නෙත් නෑ දකින්නත් බෑ එත් ජීවත් වෙලා ඉන්න අයට ඒ හැමදේම පේනවා. එනිසා මරණයේ වේදනාව මැරුණු කෙනාට නම් නෙවෙයි දරුවනේ.... (අ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 July 2015 06:39 AM

මගේ අම්ම මැරෙන්න කලින් මගෙන් ඉල්ලීමක් කළා, පුතේ මම මලහම උඹ අනිත් සහෝදරයන්ට කරදර නොකර මගේ මළගම කරපන් , අඩුම වියදමෙන් පෙට්ටියක් ගන්න. හත් දවසේ දානේ දෙන්න. සැරසිලි ගොක් අතු මුකුත් එපා කියල අම්ම එහෙම මගෙන් ඉල්ලීමක් කලේ මම හිතන්නේ මම ලොකු පුතා නිසා වෙන්න ඇති , ඔයාල විස්වාස කරාවිද මන්ද අවමංගල්‍ය උත්සවය ඇතුළුව හත් දොහේ පින්කමත් එක්ක සියලු කටයුතු මම කළා. හැබැයි මගේ සහෝදර සහෝදරියෝ එයාලට පුළුවන් විදියට මට උදවු කළා. අපි හොඳට අම්මගේ අවසන් කටයුතු චාමෙට කළා , මේක දැක්කම අපේ මනුස්ස කමට මොකද වෙලා තියෙන්නේ කියල හිතෙනවා. (ස)

:       0       0

ප්‍රනාන්දු Saturday, 18 July 2015 10:44 AM

හරිම කණගාටු වෙන දෙයක් අද දරුවෝ තම දෙමව්පියනන්ට සලකන්නේ නැහැ ඔව්න් හරි අසරණ තත්වයට දාලා (නදී) .

:       0       0

මලිත් Friday, 17 July 2015 10:08 AM

පුදුම දුවලා. එයාලටත් ඕකම වෙයි එයාලගේ දරුවන්ගෙන්. (ස)

:       0       0

කේ. අමර Thursday, 16 July 2015 06:48 PM

තම තමන්ගේ යුතුකම් දෙමාපියන්ට ඉටුකරන්නට හිතට ගනිමු. අනෙකා ගැන බලාගෙන කටයුතු කරන්නේ අම්මා කිරි දෙනකොටත් එහෙම කළා කියලා හිතන නිසාද? (නි)

:       0       0

පීරිස් Thursday, 16 July 2015 06:57 PM

කෙනෙක් මියගියාට එයාගේ මනෝකාය මියයන්නේ නැහැ. එයාට මේ සිදුවෙන හැමදෙයක්ම පෙනෙනවා දැනෙනවා.නමුත් ඒ සිතිවිල්ලට ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ. රූපකායක් නැති නිසා මනෝකාය සතුටින් නම් යහපත් තැනක උප්පත්තිය ලබනවා. අපේ මළගෙවල් වල ගුණ කතා පවත්වන්නේ ඔය මනෝකාය සතුටු කරන්න. දරුවනේ, මෙහෙම හැසිරුනාම ඒ අම්මාගේ මනෝකාය කොහෙද නතරවෙන්නේ? පව් නේද? (නි)

:       0       0

ජයලාල් Thursday, 16 July 2015 11:36 PM

මේ වගේ ගැහැණු අද වසංගතයක් වගේ රටේ බෝවෙලා. හැමදේකටම පොලිසි සහ උසාවි. මොවුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෑ. අනේ මේ අම්මණ්ඩිලාටත් දරුවො ඇති නේද? ඒ දරුවන්ට දෙන ආදර්ශය මේකද? (නි)

:       0       0

දසිත් Friday, 17 July 2015 10:47 AM

කට වචනෙට හරි එහෙම දෙයක් කියුව එකට පේරාදෙණිය පොලිසියට ස්තුතියි !!! (ස)

:       0       0

මනුක Thursday, 16 July 2015 01:02 PM

අපේ මනුෂ්‍යත්වය පිරිහිලා.අපි ජීවත්වන සමාජ රටාව තුළ අපි අතරමංවෙලා. මම මගේ දෙමාපියන්ගේ කටයුතු මමම කරනවා කියලා එක එක්කෙනා ප්‍රතිඥා දෙන්න.මැරුණහම නෙමෙයි. අසනීප වුණත්.....ඒ සඳහා කීයක්හරි සල්ලි දැන්ම ඉඳලා එකතු කරලා තියන්න.මොකද සල්ලි නැතුව අද මොකුත් කරන්න බැහැනේ (නි)

:       0       0

කේතකී Thursday, 16 July 2015 11:40 PM

ඒ අහිංසක අම්මා මරණයට සල්ලිත් එකතු කරලයි මිය පරලොව ගිහින් තියෙන්නේ.නල්ලමලේ දූවරුන්ට ඒක බෙදාගන්න සිහියක් නැහැ. මම දන්නා වැදගත් වයසක අම්මා කෙනෙක්ගෙන් එයාගෙ දුව අම්මාට අවුරුදු 80 වෙනතුරුම වැඩගත්තා. අන්තිමට ඇවිදින්න බැරිවුණාම මහළු මඩමකට දැම්මා අම්මගේ පැන්ෂන් එකෙන් කොටසක් ඒකට හරවලා. (නි)

:       0       0

සංජීව Friday, 17 July 2015 12:46 AM

පිරිස්,මැරුණට පස්සේ තව උපතක් ලබනතුරු සැරිසරන විඥාන හෝ මනෝකායවල් බුදු දහමට පටහැනියි. මනෝමය ශරීර මැවීම එකක්, එහෙත් මේ මැරුණට පස්සේ මනෝකාය සතුටු කරලා හොඳ උපතක් ලබාදීම බොරුවක්. කෙනෙක් මැරෙනකොට අන්තිම සිත නැත්නම් චුති සිත නැතිවෙනකොටම නව උපතක් ලබන ඊළඟ භවයේ පළමු සිත පහළ වෙනවා. ඒ කියන්නේ වෙන තැනක උපදිනවා. පෙරේතයෙක් වෙලා ඉපදිලා ඒ ගෙදර ඉඳලා තමන් වෙනුවෙන් කරන පින්කමකින් සතුටුවෙලා ඉන්න තත්වය දියුණුවීම්ක වුණත් වෙන්න පුළුවන්. (නි)

:       0       0

ලලිත් Friday, 17 July 2015 12:50 AM

ජයලාල් හරියටම හරි. අපේ පැත්තේ ඉන්නවා මැදිවියේ බවලතියක්. අම්මා, තාත්තා සහෝදරියෝ සියල්ලටම පොලිසියේ පැමිණිලි දානවා. සමථ මණ්ඩල වලට ගෙන්වනවා. ඉවරයක් නැහැ. පාරටයි, වැටටයි, දේපොල බෙදාගන්නයි සේරටම නීතිය. ඒත් මේ වගේම දූ සිඟිත්තක් තමයි. (නි)

:       0       0

උදාරි Friday, 17 July 2015 12:51 AM

මේ වගේ ගැහැණු තමයි රටේ හැදියාව කන්නේ. තණ්හාවෙන් මත්වෙලා ඉන්නේ. මේවා බලලා මේ අයගේ දරුවොත් කරන්නේ මේකම තමයි. රට ඉවරයි. (නි)

:       0       0

රත්නවතී Friday, 17 July 2015 12:53 AM

දරුවො නෙමෙයි යමපල්ලෝ. මිනිස් වෙසින් මෙලොවට ඇවිල්ලා විතරයි. ඒ අම්ම‍ො මේ අයගේ වග දන්න නිසාම මරණෙට සල්ලිත් එකතු කරලයි තිබිලා තියෙන්නේ. ඒත් සැනසීමක් නැහැ (නි)

:       0       0

හර්ෂ Friday, 17 July 2015 12:57 AM

චික් විතරක් මේ වගේ ගැහැණු! මේ අය තමන්ගේ දරුවන්ට විරුද්ධවත් යයි පොලිසි තව ටික දවසකින්. හිතාගෙන ඇති පොලිසි ගියාම හරි ලොකු වැඩක් කියලා. " ‘එහෙම කරන්න එපා එහෙම වුණොත් අපිට ලැජ්ජාවන බවත්‘ දියණියක කියා ඇත." ලැජ්ජා ඇත්නම් කරයිද මෙහෙම වැඩක්. (නි)

:       0       0

ටිහාන් Friday, 17 July 2015 12:59 AM

රට කන්නේ මේ වගේ ගැහැණු. අර එක්කෙනෙක් පොලිසියෙන් ලයිසන් එක ගත්තා කියලා නටපු නැටුමත් අපි දැක්කනේ. (නි)

:       0       0

රුකී Friday, 17 July 2015 07:46 AM

මගේ අත්දැකීම අනුව ඔය ප්‍රදේශයේ බහුතරයක් බවලතුන් හරිම පංගු පේරුයි. කාගෙන් හරි කඩා වඩා ගන්න මිසක් අනෙක් අයට දෙන්න කැමැත්තක් නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 375 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2694 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2011 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 211 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1215 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1325 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26949 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23513 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site