(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බව බොහෝ පිරිසක් නොදන්නා හෙයින් ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මාර්ගයෙන් මෙන්ම පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් ජනතාව ඒ ගැන නිසි පරිදි දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව( කෝපා කමිටුව) පරිසර අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය.
පරිසර අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳව පාසැල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව නිරික්ෂණය කර ඇත
අමාත්‍ය මණ්ඩල තීරණයක් අනූව ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට ප්‍රකාශයට පත්කර ඇතත් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමටද ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත්වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස බොහෝ අවස්ථාවල තවමත් භාවිතා වන බව කෝපා කාරක සභාව පවසයි.
මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ එම කාරක සභා පළමු වාර්තාවේය.
කෝපා කාරක සභාව විසින් 2021.08.04 සිට 2021.11.19 දක්වා කාලයේදී කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වෙයි.
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මානෙල් මලේ ප්‍රශ්නයකටත් කෝපා කමිටුව අතගසයි
ලුම්බිණි Saturday, 21 May 2022 09:39 AM
මේකද දැනට කළයුතු වැදගත්ම වැඩේ...?
Pradeep KumaraSaturday, 21 May 2022 12:35 PM
වරද දුටු විගසම නිවැරදි කිරීම කළයුතුයි.
Nandalal DE SILVA - FranceSaturday, 21 May 2022 03:05 PM
අද කළ යුතු දේ අදම නොකළොත්, එය හමස් පෙට්ටියට වැටී අමතක වෙනවා. මෙය හොඳයි අනාගත පරපුර වෙනුවෙන් ගත් වැදගත් තීරණයක් ලෙස මා දකිනවා..