IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මිනුවන්ගොඩ පෙරහර මනනුවන් පුබුදයි

මිනුවන්ගොඩ, හීනටියන පොත්ගුල් විහාරයේ 72 වැනි වාර්ෂික පොසොන් පෙරහර පසුගියදා විදි සංචාරය කළේය.

මෙහි විශේෂත්වය වන්නේ විවිධ සතුන්ගේ නිර්මාණ පනහක් පමණ පෙරහරට එක් කිරීමයි.



අදහස් (0)

මිනුවන්ගොඩ පෙරහර මනනුවන් පුබුදයි

දයා අළහකෝන් Wednesday, 26 June 2013 10:55 AM

මනරම් රැගුමන්, කදිමයි මේ මනුලොව කෙළි මඩුවකි, කැරකි කැරකි පාරේ... (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 25 June 2013 07:27 PM

නච්ච ගීත වාදිත විසූක දස්සන අනේ බුදුදහමට ගිය කල (අ)

:       0       0

දිසා Tuesday, 25 June 2013 07:32 PM

ඉතා හොදයි (නි)

:       0       0

නීල් රනා Tuesday, 25 June 2013 07:57 PM

ඔක්කොම සත්තු හරිම ලස්සනයි. ඒත් හරකා තමයි වැඩියෙන්ම සුන්දර. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 26 June 2013 05:20 AM

ලස්සන දර්ශනයක්. ගොඩක් කාලෙකින් දැක්කෙ.මේ වගේ දේවලට දරුවෝ යොමු වෙනකොට ඔවුන්ගේ සිත් මත්පැනට අපරාධ වලට යාම අඩුවෙනවා.ඉතාම හොදයි. (නි)

:       0       0

අනුර Tuesday, 25 June 2013 08:14 PM

අගය කළ යුතු වැඩක්. කොහොම ස්තූති කරන්නද මන්දා. ඉදිරියටත් මේ වගේ කරන්න වාසනාව ලැබේවා! (නි)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 26 June 2013 05:37 AM

බොහොම ලස්සනයි. කුඩු, ගංජා , අරක්කු බීලා තමන්වම විනාශ කරගන්න තරුණයෝ ඉන්න රටේ මේ තරුණ පරපුර රටට ආදර්ශයක්.මේ තරුණ පරම්පරාවට මග පෙන්නපු වැඩිහිටින්ටත් අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

රෙමා Tuesday, 25 June 2013 08:32 PM

අමුතු ඇඳුම් ඇද හඬවන රබානකි අතේ, පොලවේ ඉඳල අඩි 10 ක් විතර උස ඇතේ, විදුලි වයරේ කකුල වැදෙයි කියල බය හිතේ, බොරු කකුල් කාරයෙක් එන්නේ අන්න අර පුතේ... (නි)

:       0       0

රුවන් Wednesday, 26 June 2013 06:47 AM

ප්‍රසන්න වගේ මෝඩයෙක්... නච්ච ගීත වාදිත විසූක දස්සන තියෙන්නේ අට සිල්වල. ප්‍රසන්න දන්න බුදු දහම (නි)

:       0       0

සම්පත් Tuesday, 25 June 2013 08:41 PM

ඉතාම හොද වැඩක් (නි)

:       0       0

යෂ්මාල් Tuesday, 25 June 2013 08:48 PM

විශිෂ්ටයි. ආයේ කතා දෙකක් නැහැ (නි)

:       0       0

නිමල් Tuesday, 25 June 2013 08:53 PM

කොයිතරම් ලස්සනද සිංහල බෞද්ධ සංස්කෘතික අංග පෙරහැරකට එකතු වුනහම. මේ බෞද්ධ රට රැකගන්න බොදුබල සේනා කරන සේවය විවේචනය කරමින් සිංහල බෞද්ධ රට රැකගන්න එකතු නොවන අයගේ අනාගතය අදුරු වේවී. (නි)

:       0       0

උපාලි Wednesday, 26 June 2013 07:42 AM

ගොඩක් කාලෙකින් දැක්කෙ.සංස්කෘතික අංග පෙරහැරකට එකතු වුනහම බොහොම ලස්සන දර්ශනයක්. (නි)

:       0       0

තුසිත Wednesday, 26 June 2013 12:43 PM

ඉතා හොඳ වැඩක්. මෙය ඉදිරිපත් කරන්න කොපමණ මහන්සි වෙන්න ඇතිද? මේවගේ දේවල් අපි අගේ කරන්න ඕනා ඒ අය දිරිමත් කරන්න ඕනා.(නදී)

:       0       0

ටෙනිසන් Wednesday, 26 June 2013 12:43 PM

ඔය නිර්මාණ කොතෙක් දුරට පෙරහරට යාවිද කියන්න නම් මම දන්නේ නැහැ. නමුත් ඒවා අරගන යන්නේ නම් පාසල් දරුවෝ. ඔය අදහස් ප්‍රකාස කරන අය ඒ වයස් සීමාවට තමන්ගේ හිත අරන් යන්නකෝ. අනේ ඒ ආඩම්බර සතුට විස්තර කරන්න වචන හොයා ගන්න හැකිද? ළමයින්ගේ වැඩ ගැන වැඩිහිටි මනසින් නැතුව ළමා මනසින් හිතන්න.(නදී)

:       0       0

පියන්ත Wednesday, 26 June 2013 08:11 AM

අති සාර්ථක දෙයක්. ලස්සනයි. (නි)

:       0       0

අමිට් Wednesday, 26 June 2013 12:52 PM

අපරාදේ සල්ලි. ගමේ ණය ගෙවාගන්න බැරුව කී දෙනෙක් දුක් විඳිනවා ඇතිද? නරකද ලබන පාර මේ සල්ලි එකතුකරලා ගමේ දුප්පත්/පීඩිත මිනිසුන්ට උදව් කරන එක ගැන හිතුවොත්? මේ මල්ලි නංගිලාගේ දුක් පීඩන අඩුකර අපි සතුටු වෙමු. (නි)

:       0       0

රීටා Tuesday, 25 June 2013 09:32 PM

මොකද්ද සත්තු එකතු කරන එකේ තේරුම? (නි)

:       0       0

කිරිහාමි Wednesday, 26 June 2013 08:43 AM

ඉස්සර හීනටියන කියද්දී මිනිස්සු බයවෙනවා. දැන් මේක දැක්කහම හිතෙනවා ඒවා වෙනස් වෙලා කියලා (නි)

:       0       0

සුජිත් Wednesday, 26 June 2013 08:54 AM

මේ පෙරහැර මම කුඩා කාලයේ (1980 ගනන් වල) ආශාවෙන් නරඹපු පෙරහැරක්. දැන් මගේ දරුවොත් මේ පෙරහැර අශාවෙන් බලනවා. හීනටියන කියන්නෙ මැරකම් වලට ප්‍රසිද්ධ ගමක් (සමාවෙන්න අපහාස කරනවා නෙමේ) අපි කුඩා කාලයේ නිකමටවත් මේ ගම මැදින් යන්නෙ නැහැ. හීනටියන කියන නමට ඒ තරම් බයයි.මෙවැනි ගමක් පාලනය කරගෙන, පිහියෙන් ඇනලා තවත් මිනිහෙක් මරන්න පසුබට නොවෙන පුද්ගලයෙක්ව ධර්මය කරා පොලඹවාගෙන මේ වගේ පෙරහැරක් නිර්මාණය කරපු හීනටියන හිටපු නායක ස්වාමින් වහන්සේට පින් ප්‍රාර්තනා කරන්න ඕනෑ. සත්තු සැරසිලි කොතරම් බුදු දහමට අදාලද දන්නෙ නැහැ. මාස ගානක් තිස්සෙ මේ වගේ සත්ව රූපයක් ලස්ස්සනට හදාගෙන හැතැම්ම ගානක් බයිසිකල් පැදගෙන පෙරහැරට සහභාගී වෙන එකම මදිද? (නි)

:       0       0

අමල් Wednesday, 26 June 2013 01:07 PM

හරි ලස්සන ,හොද අගේ කළ යුතු වැඩක් (නි)

:       0       0

රාණි Tuesday, 25 June 2013 10:05 PM

නැට්ටුවෝයි බෙරකාරයෝයි ගහ ගත්තා කිවුවේ මේ පෙරහැරේද? (නි)

:       0       0

මහවැලි Tuesday, 25 June 2013 10:17 PM

මෙම නිර්මාණ සංකල්පය ඉතා ඉහලින්ම අගය කරමි. ඒවා නිර්මාණය කළ ඇත්තෝ සුවපත් වේවා! නමුත් මෙම අංගය බෞද්ධ පෙරහරකට සුදුසුද? කියලා දෙවරක් සිතා බැලිය යුත්තකි. (නි)

:       0       0

තරූ Wednesday, 26 June 2013 09:50 AM

ලස්සනයි.(නදී)

:       0       0

රංජිත් Wednesday, 26 June 2013 09:52 AM

සුජිත් ඔය හරි. මම පොඩිකාලේ මේ පෙරහරේ වෙස් නටලා තියෙනවා. අද හරි සතුටක් දැනෙනවා මගේ දරුවොත් ඒ පෙරහැර බලනකොට. ඔය ගොඩක් අය කියලා තියෙනේ දේවල්වල හැටියට සත්තු නොවේ මොන නැටුමක්වත් බුදු දහමට අදාල නැහැ. සතෙක් හදාගෙන පෙරහරේ ගියාට පව් සිද්දවෙන්නේ නැහැනේ. ඒ තුලින් අපේ දරුවන්ගේ ආකල්ප සිතුවිලි ධර්මයට ලැදී කරන්නට උදව් වෙනවා. එක සිල් ඇදුමක් දරුවෙකුට අන්දනවට වඩා ලේසියි. අනේ කරුමක්කාර මිනිසුනි, ඉන්දියාවේ ගැනුන්ගේ හෙලුවෙලි නැටුම්වලට උඩ පනින්නවට වඩා තමන්ගේ රටේ, දරුවන්ගේ දේ අගේ කරන්න පුරුදු වෙයල්ලා.(නදී)

:       0       0

රූපවතී Tuesday, 25 June 2013 10:44 PM

ඇත්තටම හරී.....ම ලස්සනයි. මට ලියන්න අකුරු ගලපා ගන්න බැහැ. මේ මල් වගේ ලස්සන දරු පැටවුන්ගේ ,වැඩිහිටියන්ගේ වටිනා අනාගත හැමෝම අගයකල යුතුයි. අකාලයේ මියැදෙන්නේ මේ තරම් දක්ෂ ළමයි නේද ? අනේ දෙවියනේ, අපේ රටට ,අසරණ මිනිසුන්ගේ ජීවිත වලට සැනසීම , සතුට උතුම් මිනිස්කම් වලින් , ඔව්න්ගේ ජීවිත පිරිලා ඉතිරිලා යන්න ශක්තිය ධෛර්ර්ය ලැබේවා! මගේ රටට දළදා හිමිසරනයි! (නි)

:       0       0

රොෂාන් Wednesday, 26 June 2013 09:59 AM

ඉතාම හොද වැඩක්.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 25 June 2013 10:59 PM

හරිම ලස්සන පෙරහැරක්. මොනතරම් මහන්සි වෙන්න ඇද්ද? අවුරුද්දක් පාසා මේ පෙරහැර කරගන යාමට මේ හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

දමිත් Wednesday, 26 June 2013 10:17 AM

මෙවැනි දේවල් දිනෙන් දින වැඩිවේවා. සියල්ල සමගි වේවා. සියලුදෙනාටම බුදුන්ගේම සරණ ලැබේවා! (නි)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 25 June 2013 11:39 PM

ඉස්සර පෙරහැර වල අලි ඇතුන් ගෙන ගියා. ඒකත් වෙනස් වෙලා.දැන් යන්නේ හරක් වගේ හදපු රූප. සමහර සත්තු මොකුන්ද නොදනිමි. පෙරහරත් වෙනස් වෙලා කාලයත් සමග. මෙහි බුදුදහමට ඇති සම්බන්ධය කුමක්ද නොදනිමි. බුදුරජාණන් වහන්සේ මේවා දැක්කොත් මොනවා සිතාවිද? මේවා හොඳයි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. බුදුදහම දියුණු වීමක් මෙහි නැත. කීදෙනෙක් මෙතන බුදුදහම ගෙන සිතනවද කියා සිතා ගන්න අමරුයි (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 25 June 2013 11:41 PM

ඇත්තටම අගය කළ යූතූමයි. හරිම ලස්සනයි. විශිෂ්ටයි. සන්විධානය කළ සැමටත් ලංකාදීප පූවත්පතේ නිළධාරින්ටත් ස්තූතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 570 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 525 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1513 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1150 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 444 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site