IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ සේවිකාවක් රිමාන්ඩ්

(කීර්ති ප්‍රනාන්දු)

මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මගහැර සිටි රූපලාවණ්‍යාගාරයේ සේවිකායක ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්  ලලනී එම්. බුලත්සිංහල මහත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සේවිකාවක පොලිසිය බාර වීමෙන් පසු අද දින අධිකරණයට ඉදිරිපත් කළ පසු එසේ රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුවාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිනුවන්ගොඩ  පදිංචි සඳුනි හංසිකා පියුමාලි (22) නමැති එම රූපලාවන්‍ය ආයතනයේ සේවය කළ සේවිකාවක්ය.

එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවක තවමත් සැඟව සිටින බැවින් ඔවුන් හට විදේශගතවීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් එහිදී ඉල්ලා සිටියේය .

ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය රූපලාවන්‍යාගාරයේ හිමිකාරියට සහ අනෙක් සේවිකාවට විදේශ ගතවීම තහනම් කරමින් නියෝග නිකුත් කළ අතර ඊට අමතරව ඔවුන්ගේ දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට හා ඡායාරූප ජන මාධ්‍ය ඔස්සේ පළ කරන ලෙසට පොලිසියට නියෝග කෙරිණ .

මෙම අවස්ථාවේදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන රංජිත් දිසානායක සහ අෂාන් ලක්මාල් මහත්වරුන් මෙම රූපලාවණ්‍යාගාරය තුළ දී පැමිණිලිකාර කාන්තාවගේ හිස කෙස් සැකසීම සඳහා ගල්වන ලද ආලේපන සහ අනෙකුත් ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය .

 



අදහස් (2)

මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ සේවිකාවක් රිමාන්ඩ්

don Saturday, 14 September 2024 07:50 AM

ඇයි මේ මිනිස්සු හැංගිලා ඉන්නේ.තමා වංචාවක් කලේ නැත්නම් බය වෙන්න නැතුව ඉදිරිපත් වෙන්න පුළුවන් නේ

:       0       7

ජයනත් Saturday, 14 September 2024 10:12 AM

දැනටමත් පැනලාද දන්නෑ. උපරිම දඬුවම් දෙන්න.

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 2329 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 2424 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1733 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 328 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 900 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 680 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2115 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site