IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මානවහිමිකම් කොමිසම වැලිවේරිය ප්‍රශ්නෙට බසී

වැලිවේරියේ ළිං ජල ප්‍රශ්නය හා  යුද හමුදාව සමඟ පැවති ගැටුමේදී මිය ගිය  තිදෙනා සම්බන්ධ කරුණු කාරනා ගැන  මානව හිමිකම් කොමිසම මහජන නියෝජියන් හමු වීමට යයි.

 කොමසාරි ආචාර් ප්‍රතිභා මහානාමහේවා පවසනුයේ රතුපස්වල හා අවට ජනයාගේ පානීය ජල පසුබිම ගැන  ප්‍රදේශයේ  පුජ්‍යපක්ෂ නායකයන් , සමිති සංවිධාන හා මහජනයා සමඟ සකච්ඡා කැර  අදාළ බලධරයනට නිර්දේශ නිකුත් කිරීමට අදහස් කරන බව  කොමසාරිස් පවසයි.



අදහස් (0)

මානවහිමිකම් කොමිසම වැලිවේරිය ප්‍රශ්නෙට බසී

සැම්සන් Sunday, 11 August 2013 04:50 PM

රතුපස්වලට ගහන්න හමුදාව යවන්න අණ දුන්නේ කවුද? හමුදාව කැරළි මර්ධනයට යොදා ගැනීමට නම් හදිසි නීතිය තිබිය යුතුය! හමුදාවට කැරළි මර්ධනය සඳහා අවශ්‍ය වන රබර් උන්ඩ දැමිය හැකි තුවක්කු නොමැත! හමුදාව යවා මුලු හමුදාවම අපකීර්තියට පත්කළේ කවුද? හමුදාවේ අවම අවිය ටී 56ද? ඔවුන්ට වෙඩි තැබීමට තරම් දුරදිග යාමට ඇතිවූ බලපෑම කුමක්ද? මේ සඳහා යැවීමට කැරලි මර්ධන කණ්ඩායම් නොසිටියේද? රතුපස්වල ඇතිවූයේ කැරැල්ලක්ද? රතුපස්වල ඇති කර්මාන්තශාලාව වෙනුවෙන් කඩේ යන්නන්ට ජනතාව ගැන කැක්කුමක් නැත්තේ ඇයි? කර්මාන්ත ශාලාව ගැන මේ තරම් ඇති කැක්කුම කුමක්ද? මේ ගැටුම පිටුපස කර්මාන්තශාලාවෙන් 2013 වසරේ ජනවාරි මස දොට්ට දැමූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිටියාද? පල්ලියේ පියතුමන්ට හා පූජකවරියන්ට පහර දුන් බවත් ඔවුන්ගේ පපුවට තුවක්කු එල්ල කර තරජනය කළ බවත් වාර්ථා නොකරන්නේ ඇයි? ජනමාධ්‍ය එහිදී ගුටි කෑවේ යැයි හොටු පෙරමින් හඬති. ඔවුන්ට එය වාර්ථා කිරීමට නිදහස ලබාදී තිබුනේ නම් මෙම සිද්ධිය අගක් මුලක් නෑර කපන්නේ කොටන්නේ නැතිව ඇත්ත ඇති හැටියේ වාර්ථා කරයිද? මුදල් සහ බලය ඉදිරියේ බොහෝ ජනමාධ්‍ය නැමෙන බව ජනතාව දනී. ජනතාව විසින් ජනමාධ්‍ය, බලය ඇත්තන්, සල්ලි ඇත්තන් හා ආයුධ අතැත්තන් පිළිකුල් කරමින් සිටී.(නදී)

:       0       0

සුමන Monday, 12 August 2013 12:54 PM

බන්දුල මහත්තයෝ,මනෝජ් අභයදීරත් ඔයවගේ කඩේ යනකෙනෙක් (අ)

:       0       0

සත්‍යපාල Monday, 12 August 2013 04:30 AM

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. "ලග්ගලදී වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක ගැටී මව-පුතු මියයෑමෙන් පසු ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට මැදිහත් වුණු තරුණයන් සොයා ලග්ගල පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එසේ පොලිස් අත්අඩංගුවට ගැනුණු තරුණයකුට සිදුකර ඇති පහරදීමක් හේතුවෙන් එම තරුණයා අසාධ්‍ය තත්ත්වයෙන් මාතලේ මූලික රෝහල වෙත ඇතුළත් කොට ඇත. ලග්ගල, කළුගඟ, හත්තොට අමුණ පදිංචි ඒ. එම්. නිලන්ත බණ්ඩාර (25) යන අය මෙසේ රෝහල් ගතකර තිබේ. ඉකුත් 8 වැනිදා ලග්ගල පොලිසියෙන් දැනුම් දුන්නා ප්‍රකාශයක් සටහන් කරගන්න පොලිසියට එන්න කියලා. ගිය ගමන් මගේ හිසට, පපු පෙදෙසට, පිටට, යටිපතුල්වලට හොඳටම පහරදීලා ඇහුවා උද්ඝෝෂණයට සම්බන්ධයක් තියෙනවාද කියලා. මම නැහැ කිව්වා. ඊට පස්සේ පොලිස් කූඩුවට දැම්මා. රාත්‍රියේ ෂොපින් බෑගයකට පෙට්රල් දාලා ඒකෙන් මගේ මූණ වැහුවා. මම මැරෙන්න යනවා කියලා කෑගැහුවා. ඊට පස්සේ ඒක ගලවල දාලා මාව ජීප් එකේ දාගෙන කළු ගඟට අරන් ගිහිල්ලා ගඟට දාන්න උත්සාහ කළා." පසුදා මාව නාඋල අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ශරීර ඇප මත මුදාහැරියා. ක්ලාන්තය, හිස කරකැවිල්ල, වමනය, ශරීරයේ වූ දැඩි වේදනාව නිසා හත්තොට අමුණ රෝහලට ඇතුළු වුණා. එතැනින් මාතලේ රෝහලට මාරු කළා."(නදී)

:       0       0

කමල් Sunday, 11 August 2013 05:31 PM

රතුපස්වලට ගහන්න හමුදාව යවන්න අණ දුන්නේ කවුද? හමුදාව කැරළි මර්ධනයට යොදා ගැනීමට නම් හදිසි නීතිය තිබිය යුතුය! හමුදාවට කැරළි මර්ධනය සඳහා අවශ්‍ය වන රබර් උන්ඩ දැමිය හැකි තුවක්කු නොමැත! හමුදාව යවා මුලු හමුදාවම අපකීර්තියට පත්කළේ කවුද? හමුදාවේ අවම අවිය ටී 56ද? ඔවුන්ට වෙඩි තැබීමට තරම් දුරදිග යාමට ඇතිවූ බලපෑම කුමක්ද? මේ සඳහා යැවීමට කැරලි මර්ධන කණ්ඩායම් නොසිටියේද? රතුපස්වල ඇතිවූයේ කැරැල්ලක්ද? රතුපස්වල ඇති කර්මාන්තශාලාව වෙනුවෙන් කඩේ යන්නන්ට ජනතාව ගැන කැක්කුමක් නැත්තේ ඇයි? කර්මාන්ත ශාලාව ගැන මේ තරම් ඇති කැක්කුම කුමක්ද? මේ ගැටුම පිටුපස කර්මාන්තශාලාවෙන් 2013 වසරේ ජනවාරි මස දොට්ට දැමූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිටියාද? පල්ලියේ පියතුමන්ට හා පූජකවරියන්ට පහර දුන් බවත් ඔවුන්ගේ පපුවට තුවක්කු එල්ල කර තරජනය කළ බවත් වාර්ථා නොකරන්නේ ඇයි? ජනමාධ්‍ය එහිදී ගුටි කෑවේ යැයි හොටු පෙරමින් හඬති. ඔවුන්ට එය වාර්ථා කිරීමට නිදහස ලබාදී තිබුනේ නම් මෙම සිද්ධිය අගක් මුලක් නෑර කපන්නේ කොටන්නේ නැතිව ඇත්ත ඇති හැටියේ වාර්ථා කරයිද? මුදල් සහ බලය ඉදිරියේ බොහෝ ජනමාධ්‍ය නැමෙන බව ජනතාව දනී. ජනතාව විසින් ජනමාධ්‍ය, බලය ඇත්තන්, සල්ලි ඇත්තන් හා ආයුධ අතැත්තන් පිළිකුල් කරමින් සිටී.(නදී)

:       0       0

සුමනා Sunday, 11 August 2013 05:34 PM

ඔබතුමා ගැන අපි දන්නවා (නි)

:       0       0

අරුණ Monday, 12 August 2013 07:30 AM

ප්‍රතිභා, ඔයා කව්ද කියල මුළු රටම දන්නවා. ඔයා ආණ්ඩුවේ ඒජන්තයෙක්.(නදී)

:       0       0

රෝහන Monday, 12 August 2013 07:47 AM

පිස්සු කතා කරන්න එපා. සමාගම දැන්මම යන්නේ නැහැ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 August 2013 09:07 PM

මිනී කාක්කන්ට වලංගු නැහැ කිව්වට මිනී කාක්කෝ පැන පැන දෙනවා..(අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 August 2013 07:56 AM

මේ ප්‍රශ්න දිහා සදාරනව මධ්‍යස්තව බලන අදහස් දාන අයගෙන් ඉල්ලනවා සති අන්ත පුවත් පතක මනෝජ් අබයදීර කියන මාධ්‍ය වේදියා ලියලා තියෙන ලිපිය කියවන්න කියලා. සැම්සන්ට ඇසලට අවශ්‍ය උත්තරය එතන තියෙනවා. මිනී කාක්කන්ට වලංගු නැත.(නදී)

:       0       0

කුමාර Sunday, 11 August 2013 06:18 PM

නිර්දේශ දෙන හැටි බලමුකෝ දැන්. (නි)

:       0       0

චමිල - පානදුර Sunday, 11 August 2013 06:20 PM

මෙතන ජනතාව හැසිරුණ විදියේ ප්‍රශ්නයකුත් තියනවා, එහෙත් මේ ප්‍රශ්නේ මේ තරම් ඔඩු දුවන්න දෙන්නේ නැතුව විසදලා දෙන එක ප්‍රදේශයේ දේශපාලයක්න්ගේ වගකීම.විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලුවන්ගේ වගකීම නම් ජනතාවගේ සල්ලි වලින් තමන්ගේ මඩිය තර කර ගන්නේ නැතුව මේ වගේ පොඩි ප්‍රශ්ණ වලට මැදිහත් වෙලා හොද විසදුමක් ලබලා දෙන එක. මේ ප්‍රශ්නයේ සම්පුර්ණ වගකීම ගන්න ඕනෑ, ප්‍රදේශයේ දේශපාලකයන් , සහ මුරණ්ඩු ලෙස වැඩ කළ සමහරක් ගම්වැසියන්. (නි)

:       0       0

බන්දුල Monday, 12 August 2013 09:12 AM

සත්‍යපාල මහත්තයා,ඉවසලා ඉන්න (නි)

:       0       0

ටිකිරි බංඩා Monday, 12 August 2013 09:30 AM

සැම්සන් 2013-08-11 16:50:53 රතුපස්වලට ගහන්න හමුදාව යවන්න අණ දුන්නේ කවුද? හමුදාව කැරළි මර්ධනයට යොදා ගැනීමට නම් හදිසි නීතිය තිබිය යුතුය! හමුදාවට කැරළි මර්ධනය සඳහා අවශ්‍ය වන රබර් උන්ඩ දැමිය හැකි තුවක්කු නොමැත! හමුදාව යවා මුලු හමුදාවම අපකීර්තියට පත්කළේ කවුද? හමුදාවේ අවම අවිය ටී 56ද? ඔවුන්ට වෙඩි තැබීමට තරම් දුරදිග යාමට ඇතිවූ බලපෑම කුමක්ද? මේ සඳහා යැවීමට කැරලි මර්ධන කණ්ඩායම් නොසිටියේද? රතුපස්වල ඇතිවූයේ කැරැල්ලක්ද? රතුපස්වල ඇති කර්මාන්තශාලාව වෙනුවෙන් කඩේ යන්නන්ට ජනතාව ගැන කැක්කුමක් නැත්තේ ඇයි? කර්මාන්ත ශාලාව ගැන මේ තරම් ඇති කැක්කුම කුමක්ද? මේ ගැටුම පිටුපස කර්මාන්තශාලාවෙන් 2013 වසරේ ජනවාරි මස දොට්ට දැමූ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සිටියාද? පල්ලියේ පියතුමන්ට හා පූජකවරියන්ට පහර දුන් බවත් ඔවුන්ගේ පපුවට තුවක්කු එල්ල කර තරජනය කළ බවත් වාර්ථා නොකරන්නේ ඇයි? මුදල් සහ බලය ඉදිරියේ බොහෝ ජනමාධ්‍ය නැමෙන බව ජනතාව දනී. ජනතාව විසින් ජනමාධ්‍ය, බලය ඇත්තන්, සල්ලි ඇත්තන් හා ආයුධ අතැත්තන් පිළිකුල් කරමින් සිටී.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 August 2013 09:35 AM

ඔය සති අන්ත සමහර පුවත්පත් වල ලියන ගොඩ දෙනෙක් සත්‍ය ලියන මාධ්‍යවේදීන් නෙමෙයි. ඔවුන්ට රටේ මොළ හෝදනවට දහසින් බැදී පියලි වලින් ලැබෙනවා වගේම සති අන්තයේ තමන් කැමති හොටලේක පවුලත් සමග විනෝද වීමට අවස්තාව ලැබෙනවා. කවදාවත් මුහුදු වතුර බොන්න වෙන්නේ නැති රක්සාවක් එයාලා කරන්නේ. ඔහේ වගේ මෝඩයෙක් එයාලගේ ලිපි කියෙව්වට මොලේ තියෙන මිනිහෙක් ලිපියේ අග කව්ද කියල බලල ලිපිය කියවීම පවා ප්‍රතික්ෂේප කරනවා. කරුණා කරලා මෙය ඵලකරන්න.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 August 2013 09:38 AM

ඉස්සර යුද්දය තිබුන කාලේදී සමහරු ලිව්වා ජෙනරාල් සරත් පොන්සේකා කියන්නේ ලෝකයේ හිටිය දක්ෂම හමුදා නායකයා කියලා. කොටින්ම මාස්ටර් මොළ කාරයා ඔහුයි. දැන් යුද්දය ගැන ලියවෙනවා. රට නිදහස් කර ගත්තු එක ගැනත් ලියවෙනවා. ඇත්ත ජෙනරල් එස්.එෆ් ඒ ගැන වචනයක්වත් පල නොකළේ ඇයි?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 August 2013 09:40 AM

ලංකාවේ මානව හිමිකම් කොමිසම කියන්නේ හරියටම කියනවනම් සිංහ සමාජය වගේ. ලෝකයෙන් ලැබෙන කෝටි ගණනින් මුදල්වලින් තරු පහේ හෝටලයක් බූක් කරලා මුළු පවුලම හොදට කාල බීලා නටලා යන්නේ. අන්තිමට අසරණ මිනිසුන් වෙනුවෙන් කරපු දෙයක් නැහැ.(නදී)

:       0       0

පිටිගල Sunday, 11 August 2013 07:20 PM

දැන් සකලවිධ ප්‍රශ්නනිවාරණය වෙයි. බය වෙන්න එපා.නිර්දේශ ආ ගමන් ක්‍රියාත්මක වෙයි.ජනතාව ගොඩ. (නි)

:       0       0

අරුණ Sunday, 11 August 2013 07:21 PM

ඔක්කොම ජිනීවා යැවුවා නම් හරි (නි)

:       0       0

තාරක Monday, 12 August 2013 10:07 AM

බල බල හිටියෙත් පොටක් පෑදෙනකල්

:       0       0

අරුණ Sunday, 11 August 2013 07:24 PM

සමාගමට වැඩි ආයුෂ නැහැ.(නදී)

:       0       0

චන්දා Sunday, 11 August 2013 07:25 PM

පව් උතුරු මැද, වයඹ පළාත්වල වකුගඩු රෝගී රට වැසියන්. මානව හිමිකම් හොයන්න බලන්න යන්න දුර වැඩි ද? බොරුවට නිදන් ඉන්න අය ඇහැරවන්න කවදාවත් බැහැ.(නදී)

:       0       0

තිලක් Monday, 12 August 2013 10:20 AM

ඔන්න වැඩේ වැරදුන තැන

:       0       0

ඇසළ Sunday, 11 August 2013 07:53 PM

මෙතන වෙලා තියන ප්‍රශ්නය මුලික හේතුව නොසොයන එකයි. කවුද මේ උද්ගෝෂණ මෙහෙයුවේ. (නි)

:       0       0

අරුණ Sunday, 11 August 2013 08:16 PM

ප්‍රතිභා ශ්‍රී ලංකික ජනතාව මෝඩයා කරන්න ඔයාට බෑ. මම දන්නවා ඔයා කව්ද කියල. (ස)

:       0       0

දසුනි Sunday, 11 August 2013 08:26 PM

තමන් හැමදාම බීපු වතුර වල වෙනසක් දැනුනම ඒකට උද්ඝෝෂණය කරන්න කව්රුත් උගන්නන ඕනෙද?අපිට නොමිලේ ලැබුනේ වතුර ටික විතරයි. (ස)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 11 August 2013 08:29 PM

ඇසල මල්ලි..මේ මානව හිමිකම් ඔක්කොම මෙයාලට විතරද?..එතකොට පාර දෙපැත්තේ හිර කරන් හිටපු මිනිස්සුන්ට එහෙම හිමිකමක් නැද්ද? .හමුදාව වෙඩි තිබ්බ එක ගැන හොයනවා වගේම මිනිස්සුන්ට හිරි හැර පීඩා ගෙන දෙන විදියට මානව හිමිකම් කඩ වෙන විදියට මේ උද්ඝෝෂණය මෙහෙයවපු උන් ගැනත් හොයන්න..හමුදාව වෙඩි තිබ්බේ ආසාවට නෙමෙයි ..තමන්ගේ ජීවිත බේර ගන්න. එතරම් තත්වයක් එතන ඇති කරපු මරණ කීපෙකට වග කිව යුතු අය කොහොමද අද නිදහසේ ඉන්නේ කියන එකය් අපේ ප්‍රශ්නය.

:       0       0

අමිළ කටුනායක Sunday, 11 August 2013 08:51 PM

අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීම. දැන් බොරුවට හේතු හෙයනවා.(නදී)

:       0       0

පාලිත Sunday, 11 August 2013 09:02 PM

මෙතෙන මේ උද්ඝෝෂණය මෙහෙයෙව්වේ කවුද කියන එක නොවේ ප්‍රශ්නය. මොකද මිනිස්සු උද්ඝෝෂණය කලේ කියලා හොයන්න. කව්රුත් දන්නවා ලක්ෂ සංඛ්‍යාත දරුවන් මෙන්ම වැඩිහිටියන් පීඩා විදින ආකාරය. බොරුවට දැන් කව්රුත් තොත්ත බබාලා වෙන්න හදනවා. අසරණ මින්ස්සු වෙඩි තියලා පොලු මුගුරු වලින් ගහලා, පල්ලියට ගිහින් ගහලා, දන ගස්සවලා තුවක්කු බටවල් වලින් ගහලා. පාරවල් දිගට ලේ පෙල්ලම්. අපේ සිංහල මිනිස්සුන්ට මෙහෙම කරනවානම් අර ද්‍රවිඩ යට කොහොම කරන්න ඇතිද? මේ සම්බන්ධව සැවොම හොයලා පෝරකේට යවන්න ඕනි. වීර හමුදාවේ නම කෙලෙසුවා. මිනිසුන්ගේ ආදරය අනුකම්පාව නැවත ලැබෙන්නේ නැහැ. සමහර අය කියනවා හමුදාව වෙඩි තිබ්බේ ආත්ම ආරක්ෂාවට කියලා. ඒ මිනිස්සු බාල මහලු තරුණ අය අතේ ආයුද තිබුනේ නැහැ. හැම තැනදීම ඔය කතා කියන්නේ අහිංසකයෝ මරලා.(නදී)

:       0       0

රවිනාත් Monday, 12 August 2013 04:13 PM

මානව හිමිකම් කොමිසම මගින් වැලිවේරිය ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇත්දැයි සොයා බැලීම පොදුවේ සියලුම රට වැසියට වැදගත් වේ. නිර්දේශ ඉදිරිපත් කර ප්‍රශ්න අමතක වූ කල්හි අමතක කර දැමීමට නොව රටෙහි කොතැනක සිදුවුඋවත් පුර්වාදර්ශයක් ලෙස ගත හැකි නිසාය. සිතීමේ නිදහසත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් නැවත අර්ථ දැක්වීමෙන් විධායකයේ බලපෑමෙන් මහජනතාවට වන පීඩා අවම කර ගැනීමට එම අර්ථ දැක්වීම වඩා වැදගත් වනු ඇත. මෙහිදී මූලික මිනිස් අයිතිවාසිකම් ගැන සාකච්චා කල යුතුය. ජීවත් වීම සඳහා යහපත් පරිසරයක් සදා ගැනීමට ඉදිරිපත් කරන අදහස් දැක්වීම බලය යොදා සීමා කිරීම පැහැදිලිවම මූලික මිනිස් අයිතිවාසිකමක් උල්ලංගනය කිරීමක් වන නිසා ඒ පිලිබඳ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පොදුවේ රටෙහිම වැසියන්ගේ යහපත සඳහා ඇතිවන ප්‍රවනතාවයක් ලෙස සැලකිය යුතුය. මූලික අයිතිවසිකමකට පසුව අනෙක් අයිතිවාසිකම් එයි. එක් ජන කොට්ඨාශයක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගන්ය වෙද්දී වඩා සුළු (උද්ගෝෂණයක් නිසා මාර්ගයක් අවහිර වීම නිසා ප්‍රමාදවීම වැනි) අයිතිවාසිකමක් ගැන ඉල්ලා සිටීමත් විහිළුවක් වැනිය. (ත)

:       0       0

දම්මික බන්දුලගේ Monday, 12 August 2013 11:30 AM

ප්‍රතිබා වැඩේ ගානට අල කරයි.(නදී)

:       0       0

බණ්ඩාර Monday, 12 August 2013 12:17 PM

ලංකාවට ආවසියක්නේ එතකොට (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 August 2013 07:02 PM

සත්‍යපාල මහත්තයෝ, ඇත්තටම එහෙම වෙලාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9022 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4768 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6583 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4487 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1099 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1911 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36462 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24186 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site