( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද ප්‍රගතිය පිළිබද සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිට එම කවුන්සිල මූලස්ථානයේදී හෙට (13) ආරම්භ කෙරේ.
මානව හිමිකම් කවුන්සිලයේ ඉකුත් 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කර ගත් ශ්‍රී ලංකාවේ සංහිදියාව හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එය හෙට (13) දිනයේදීම කවුන්සිලයේ සාමාජික රටවල් 47 ට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ජිනීවා හී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට සැසිය ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ වාචික වාර්තාව සම්බන්ධයෙන් වන විවාදය පසුදින (14) දිනියේදී පැවත්වේ.
ඒ සම්බන්ධයෙන් කවුන්සිලයයේ සාමාජික රටවල් නිත්‍ය නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් , ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය , හියුමන් රයිට්ස් වොච් ආදී ජාත්‍යන්තර සිවිල් සංවිධාන අදහස් දැක්වීමට නියමිත අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජීනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වෙනම අදහස් දැක්වමට නියමිතය.
ශ්‍රී ලංකාවට අමතරව අද දින ඇෆ්ගනිස්ථානය, නිකරගුවාව , ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපයේ, මියන්මාරය , සහ යේමනය මානව හිමිකම් තත්ත්වය පිළිබඳව මහකොමසාරිස්වරියගේ වාචික වාර්තා ද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳව දැඩිව පරීක්‍ෂා කළ යුතු බවත් , අතර සැබෑ වැඩිදියුණු කිරීම් සඳහා බලපෑම් කළ යුතු බවය.
ශ්‍රි ලංකාව තුළ දිගින් දිගටම දිගින් දිගටම සිදුවන ස්වාධීන රාජ්‍ය ආයතන දුර්වල වීම, සිවිල් පාලනයේ බිදවැටීම් ,නීතියේ අධිපත්‍යයට සිදුවන හිරිහැර පෙන්වා දෙමින් ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට මානව හිමිකම් කවුන්සිලය කටයුතු කළ යුතු බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටී.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මානව හිමිකම් ගැන සොයන 48 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිය හෙට
amila Sunday, 12 September 2021 06:30 PM
බැරි වෙලාවත් යුද්ධය ඉවර කරන්න බැරි වෙලා කොටි රට අල්ලන් සිංහල මිනිස්සු පේළියට තියලා වෙඩි තියාගෙන ගියානම් ඔය කවුරුවත් නැහැ මානව හිමිකම් කතාකරන්න. ඔක්කොම නැට්ට පස්සෙ ගහගෙන කෙඳිරි ගගා ඉඳියි කොටි ඉස්සරහ. අපරාදෙ නිකන් සල්ලි නාස්ති නොකර මේ වගේ වැඩකට නැති දේවල් වලට යන සල්ලි අසරණ මිනිස්සු වෙනුවෙන් වැය කරන්න.
RaveendraMonday, 13 September 2021 06:29 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. ජාතින් බේද බින්න කිරීමේ සමිතියේ අනුබද්ද ශාඛාවක් නේ මේ මිනිසුන්ගේ අයිතීන් අහිමි කරන කෞන්සිලය නොහොත් "ත්‍රස්තවාදීන්ගේ හිමිකම් සුරකින කවුන්සිලය"...
Demuni Uduwara Monday, 13 September 2021 02:24 AM
ප්‍රභාකරන් මැව්වේ අපේ පාලකයින් විසිනි.