IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාවට චෝදනා

(ඒ.එෆ්.පී ඇසුරිණි- 055)

සිවිල් යුද්ධය සමයේදී සිදු වූ බව කියන මානව හිමිකම් සහ යුද අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු බදාදා (22) චෝදනා කළේය.

සිවිල් යුද්ධය සමයේ මානව හිමිකම් කඩකළ සොල්දාදුවන්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව බිය වී ඇතැයි කොමසාරිස්වරයා පැවසීය.

තිස් හත් වසර කාලයක් මුළුල්ලේ පැවැති ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය 2009 වසරේ මැයි මාසයේදී අවසන් වූ බවත් එම කාලයේදී සිදු වූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (22) උණුසුම් වාග් සංග්‍රාමයක් ඇති වූ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

“යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ පිරිස් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට, ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දරුණු ගණයේ අපරාධ කළ පිරිස්වලට එරෙහිව දඬුවම් කිරීමට වත්මන් ශ්‍රී ලංකාව අඛණ්ඩව අසමත් වී තිබෙනවා. වත්මන් ආණ්ඩුව අපරාධ කළ ආරක්ෂක අංශ පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට වත්මන් අණ්ඩුවට නොහැකි වී තිබෙනවා. එසේත් නැතිනම් වත්මන් ආණ්ඩුව එවැනි පියවර ගැනීමට බියක් දක්වනවා” යැයි හුසේන් මහතා පැවැසීය.

යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සහයෝගය ගත යුතු බව ද ඒ ඔස්සේ විමර්ශනවල අපක්ෂපාතී බව තහවුරු කළ යුතු බව ද සෙයිද් කුමරු එහිදි කීවේය.

විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නැති බවත්, රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුව කළ යුත්තේ කෙසේ දැයි තමන්ට උපදෙස් දිය යුතු නැති බවත් තමන්ගේ සේනාංකවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ මස මුලදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 



අදහස් (21)

මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ශ්‍රී ලංකාවට චෝදනා

kulatilake Thursday, 23 March 2017 04:00 AM

හුසන් ට ඕන විදියට නෙවේ අපේ රට පාලනය කරන්නේ අපේ ව්‍යවස්ථාවට අනුව ඇමරිකාවට එක විදියකුයි එංගලන්තෙට එක විදියකුයි බහු ප්‍රජාතන්ත්‍ර වැඩේ රටක්

:       87       446

hasantha Thursday, 23 March 2017 04:23 AM

හිරෝෂිමා,නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙලීමෙන් ඝාතනය කල මිනිසුන් ප්‍රමාණය 220,000ක්. ඇමරිකාවට තාම එය වීර ක්‍රියාවක් ලෙස සලකයි. ලංකා හමුදාව දෙමල මිනිසුන් බහුතරයක් මුදාගත් පසුවත් එය යුද අපරාධයකි!

:       88       285

baran Thursday, 23 March 2017 04:50 AM

ඔය එක එක හුසේන්ලට ඕන විදියට වැඩ කරන්ට අපි සූදානම් නැහැ කියල කියන්නට තමයි තියෙන්නේ.....මැද පෙරදිග හැමදාම බෝම්බ පුපුරන එක ගැන හොයල බලන එක ඊට වඩා හොඳ නැද්ද?

:       52       312

VJ Thursday, 23 March 2017 04:57 AM

හුසන්. අරාබියට ගොස් මානව හිමිකම් හොයන්න.

:       54       286

රොමේෂ් Thursday, 23 March 2017 05:37 AM

ඕන එකෙක් ඕන දෙයක් කියාගත්තදෙන්. මේවගේ බහුබූත චෝදනාවලට මුහුණ දෙන්න අපි කව්රුත් පක්ෂ පාට භේදයකින් තොරව පවතින ඕනෑම ආණ්ඩුවක් සමග සිටිනවා. ආණ්ඩුව යම්විදිහකින් කෙලින් තීරණ ගන්නේ නැතිනම් ඊට විරුද්ධව ආණ්ඩුවට පීඩනයක් එල්ලකලයුතුයි. මේ රටක් විදිහට එක්විය යුතු අවස්තාවක්.

:       11       421

දිමුත් Thursday, 23 March 2017 05:43 AM

ඔයාා‍ට ඇමරිකාව තෙල් වලට මිනි මරන එක ‍පේන්නේ නැත්තේ ඇයි. ඒවාට ඔයාට ගෙවනවාද? නිකං රස්සාවට කරන නිසා ඒවා වහන්න මේ බොරු චෝදනා විතරක් කරන්නේ ඇයි. ඔහේගේ සාමයේ ආගමේ එවුන් ඔහේගේ දෙයියන්ගේ නම කිය කිය බෙලි කපන එක සාධාරණයි නේද. ඔහේ‍ට ඒවා පේන්නේ නැත්තේ ඔහේත් ඒ බෙලි කපන ආගමේ නියොජිතයා නිසා නේද..

:       133       526

akila Thursday, 23 March 2017 05:44 AM

මෙයාගේ රටේ හමුදාව ගිහින් ජර්මනියේ කරන දරුණු සමුල ඝාතන ගැන හොයන්න කියන්න ඉස්සෙලම

:       21       190

priyantha Thursday, 23 March 2017 05:46 AM

ශ්‍රී ලංකාවේ හමුදාව මිනිස්සු මැරුවේ නෑ කොටි සංවිධානය පොඩි දරුවාගේ ඉදල සමුල ඝාතනය කල ගම බිම් වලට පැනල අපේ ආණ්ඩු එකකට වත් බැරි උනා කොන්ද කෙලින් තියාගෙන කට කරන්ඩ මේගැන ජාත්‍යන්තරය ඉස්සරහ ඇමරිකාවත් මානව හිමිකම් ගැන කතා කරන හුසේන්ලවත් මැදපෙරදිග රටවල් වල අමු අමුවේ සමුල ඝාතනය කරන ඒවා ගැන කතා කරන්න යන්නෑ මොකද ඒ රටවල නායකයෝ කොන්ද පන තියෙනඅය නිසා මේක තමා ඇත්ත දෙකට නැමිලා නොකරපු දෙකට නමෙනවට වැඩ හොදයි ඇත්ත කතා කරලා මැරෙන එක හුසේන්ට පෙන්නේ නැති දේවල් අපිට පේනවා මොකක්ද සිද්ද වෙන්නේ කියල රටේ නායකයින්ට කොන්දක් නැති එක ගැන හරිම දුකක් දැනෙනවා කොහෙවත් ඉන්න අය අපේ රටට ඇගිලි ගහද්දි කොටි සමුල ඝාතනය කරපු ඒවා ජාත්‍යන්තරයට ගෙනියන්ඩ එකම එක සිංහල නායකයෙක්වත් නැති එක ගැන හරිම අවාසනාවක් රටක් විදිහට

:       209       663

palitha Thursday, 23 March 2017 05:56 AM

එයාට කියන්න ගිහින් සිරියාවේ ඇෆ්ගනිතානයේ, ඉරාකේ, ලෙබනනයේ, වෙච්ච සහ දැනට වෙන අපරාද ගැන බලන්න කියල, එයාට වැඩක් නෑ අපේ මේ ඉවර වුන යුද්දේ ගැන කතා කර කර ඉන්න. රොමේෂ් හරි පාට පක්ෂ නෑ. රටේ ප්‍රශ්නෙදි අපි එකට ඉන්න ඕන. ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදයෙන්ම පිළිතුරු දිය යුතුමයි

:       10       342

Truthweda Thursday, 23 March 2017 06:17 AM

මේක ත්‍රස්තයන් මැඩලීමේ එක් ප්‍රයන්තයක් විතරයි. රටේ පාලකයාට කොන්දක් තියෙන්න ඕන එක හරියට පැහැදිලි කරන්න සහ එහි ජාත්‍යන්තර බලපෑමක් අවශ්‍ය නොවන බව. ශ්‍රී ලංකාව කියන්නේ සියලු ජාතින් සමගිව ඉන්න රටක්. කාටවත් ඕන විදියට ඉන්න අපිට අවශ්‍ය නෑ. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපල්ලා පාලකයිනේ

:       0       55

dayiya Thursday, 23 March 2017 06:24 AM

ලංකාවේ මිනිස්සු අවුරුදු 30ක් තිස්සේ යුද්ධෙන් බැට කනවා මේ අය දැක්කේ නැද්ද? යුද්දේ ඉවරවෙලා මිනිසුන්ට රටක් හැදුනම එකේ පහුගිය අලගිය දේවල් හොයන මේවගේ ආයතන නැති කරලා දන්නා ඕන. කොහොමත් තව සති කීපයකින් අපේ අය වැඩ පටන් ගනී. තව රණවිරුවෝ ටිකක් ඇතුලට දායි. මෙයාල බලයට අවේ ඕව කරලදෙන්නම් කියලනේ.

:       77       296

kumar (galf) Thursday, 23 March 2017 06:25 AM

කොටි අමු අමුවේ මරාදැමූ, අපේ යටත් වූ 800 කට වඩා සෙනගට වූ දේ ගැන මානව හිමිකම් හොයා බැලුවොත් හොඳ නැද්ද?

:       36       303

adiri Thursday, 23 March 2017 06:44 AM

මෙහෙ කියපුව ජනාදිපති ලිව්වද කුමාරයට ? නැහැ ..කුමරයටත් බයයි

:       20       226

shan Thursday, 23 March 2017 06:48 AM

අපි වැනසුවේ මිනි මරු ත්‍රස්තයින් බවත් විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නැති බවත්, රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුව කළ යුත්තේ කෙසේ දැයි උපදෙස් දිය යුතු නැති බවත් සේනාංකවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියා පිට අය කිව යුතු නැති බවත් කියන්න කෙනෙක් නැහැනේ ආණ්ඩුවේ වත් විපක්ෂේවත් ?

:       51       316

chandima fonseka Thursday, 23 March 2017 06:55 AM

අපට තියෙන ලොකුම අඩු පාඩුව තමයි අර ප්‍රියන්ත කියනවා වගේ කොටි කරපු අපරාධ ගැන ලෝකෙට කියන්න අපේ දේශපාලන නායකයෝ ක්‍රියා නොකිරීමේ කරුමය. කධිර්ගාමර් මහත්තයට පස්සේ කවුරුත් ඒ යුතුකම රටට කලේ නැහැ. අනේ කවුරුහරි කොටි කරපු අපරාධ හොඳට පින්තුර වීඩියෝ හදල ලෝකෙට ඉදිරිපත් කරනවානම් ඔය හුසේන්ට, චැනල් 4 කාරයට කට උත්තරත් නැහැනේ? මේ අපි මේ විදියට හැල්ලුවට ලක්වෙන්නේ අපිට ගොඩක් වාසී සහගත කරුණු අනන්තවත් තිබෙද්දියි.

:       57       302

Rajith Thursday, 23 March 2017 07:41 AM

හුසේන්ට මොකද අපි අපි මරගත්තම අනුන් අනුන් මරාගන්නවා නැ තොත්ත බබාලා

:       1       92

DAMMIKA Thursday, 23 March 2017 08:47 AM

හිසරදයක් ව තිබුන ඊලම් යුද්ධය අවසන් වෙලා ඉවරයි මෙතැනදී සිංහල ජනතාව නැති වුනා දෙමල ජනතාව නැති වුනා. මෙයාල කරන්න හදන්නේ නැති වුන යුද්දයක් නැවත ඇති කිරීමට. කරුණාකරලා ඒ දේ විතරක් කරන්න එපා.යුද්දක් කරනකොට මිනිස්සු මැරෙන එක අරුමයක් නෙමෙයිනෙ .

:       0       92

upul Thursday, 23 March 2017 09:26 AM

රටක් වසයෙන් රජය විසින් දෙපාර්ශවයේම වැරදි සොයාබල වැරදි කරුවන් සිටිනවානම් හදුනාගත යුතුව ඇත. ලංකාවේ රජය හරියට වැඩ කරන්නේ නැ. කියවනවා පමණි. හරියට පරීක්ෂණයක් තියල කොටි වැරදි කල කියල පෙන්වීමත් හමුදාවේ පුද්ගලයන් යුද්දයට පරිබාහිරව වැරදි කරලා ඇත්නම් දඩුවම් දීමත් කල යුතුය. ලංකාවේ පොලිසිය හා අදිකරණය ගැන කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැ.

:       0       235

lalithjm Thursday, 23 March 2017 09:57 AM

යුද්ධයකදී දෙපැත්තේම කට්ටිය මැරෙනවා. සව්දියේදී මිනිස්සු පොඩි වරදට බෙල්ල කපන්නේ කෝ ඒවාට මානව හිමිකම්. මේ ගොල්ලෝ ජාත්‍යන්තර විහිලු සපයනවා.

:       0       225

sarath Thursday, 23 March 2017 11:30 AM

මහා කොමසාරිස් කොටි රූකඩයක් වගෙයි

:       0       0

janahitha Thursday, 23 March 2017 12:03 PM

මේකට අර හුසේන් ට බැනල වැඩක් නැහැ අපේ රට නියෝජනය කරලා ඕකට උත්තර සපයන්න ගිය කොටින්ගේ සල්ලි අරන් අපිවම පාවලා දීල, කැප්පෙටිපොළගේ කට්ටියනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගම්පහ නගරයේ වැරදුණු කුරුමානම
2025 අප්‍රේල් මස 15 463 0

ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.


සිරි දළදා වන්දනාවට ආ යුතු ප්‍රවේශ මාර්ග මෙන්න
2025 අප්‍රේල් මස 15 196 0

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


බන්ධනාගාර විශ්‍රාමික අධිකාරිගේ ඝාතකයා රටින් පනින් හදලා
2025 අප්‍රේල් මස 15 366 0

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය


ඇමෙරිකාව හෙල්ලෙයි
2025 අප්‍රේල් මස 15 1885 0

රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.


සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි
2025 අප්‍රේල් මස 15 1075 0

සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය


අවුරුදු උත්සව විකෘති කරන සංවිධායකවරුන්ට වැඩ වරදි
2025 අප්‍රේල් මස 15 1473 0

අවුරුදු සිරිත් විරිත් වලට නොගැලපෙන දේවල් එක් කිරීමෙන් වලකින්නැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා අවුරුද


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 133 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 284 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 916 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site