මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසන්ධාන වැඩසටහන හරහා රටේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව බ්‍රිතාන්‍ය පවසයි.
එහෙත් මානව හිමිකම් පිළිබඳ තවදුරටත් අභියෝග පවතින බව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශ කාර්යාලයේ මානව හිමිකම් වාර්තාවක් මගින් දක්වා ඇතැයි ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර සිටී.
සිවිල් සමාජය සහ මානව හිමිකම් ආරක්ෂා කරනන්නන් සම්බන්ධ තත්ත්වය ගත වු මාස 6 තුළ වර්ධනය වී ඇති බවත් ඉඩම් නිදහස් කිරීමට පියවර ගැනීමෙන් සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිසන්ධාන ක්‍රියාමාර්ග පැහැදිලි වන බවත් අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබේ
තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, වද හිංසාව සම්බන්ධයෙන් සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද අදාළ වාර්තාවේ අවධානය යොමුකර තිබේ.
හඳුන්වාදීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මානව හිමිකම් ආරක්ෂා කිරීම් සම්බන්ධයෙන් ප්‍රගතියත් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් උදා වී ඇති බව ද බ්‍රිතාන්‍ය රජයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ මානව හිමිකම් වාර්තාවේ සදහන් වේ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මානව හිමිකම් රැකීම හොඳ අතට
සෙනරත් Monday, 25 July 2016 03:21 AM
බ්‍රිතාන්‍යට, ඇමරිකාවට ඕනෑ විදියට රට කරනවා නම් ඕනෑම වරදක් කළාට ප්‍රශ්නයක් නැහැ. ඕනෑතරම් ප්‍රශස්ති ගායනා කෙරෙනවා (නි)
හේවා Sunday, 24 July 2016 08:38 PM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)