එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ලබන 14 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත වීම මෙම සැසිවාරයේ විශේෂත්වයකි.
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු විසින් මෙම ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව කවුන්සිලය හමුවේ සභාගත කිරීමට නියමිතය.ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතීන් ප‍්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් යුතුව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කවුන්සිලයේ සාමාජික රටවල් හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.
මෙම වාර්තාව මෙවර සැසියේදී එළි දැක්වුණද ,ඉකුත් වසරේ මාර්තු මාසයේදී ජිනීවා මානව හිමකම් කවුන්සිලයේ 27 වැනි සැසිවාරයේ දී ලංකාවේ මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට ඇමෙරිකාව සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ නොකැඳවනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ලංකාවට අමතරව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා මෙම සැසිවාරයේදී අයිවරි කෝස්ට්, ලිබියා, බුරුන්ඩි, සිරියාව ආදී රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ සමාලෝචනයක නිරත වනු ඇත.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
මානව හිමිකම් සැසිය ලබන සඳුදා
දුමින්ද Monday, 07 September 2015 10:06 AM
අපි දැන් කීකරුවේ (අ)
නාමල් Monday, 07 September 2015 11:09 AM
ලංකාවේ යුද්ධය අවසාන කාලයේ හමුදාවේ සුළු පිරිසක් අතින් මානව හිමිකම් කඩවීම් සිදු වුණා.. ඒවාට සාක්කි තියෙනවානේ... මේ ගැන දේශීය අධිකරනයකින් සොයා බලා වගකිව යුත්තන්ට දඩුවම් දෙන්න (ම)