(රෝෂන් තුෂාර)
පූර්ව ඇපයක් නියමකරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (22) නියෝග කළාය.
දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු රැකියා සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින් සැපයීමේ "ඊ 8 විසා ගිවිසුම" සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිසිය තමන්ව අත් අඩංගුවට ගැනීමේ අවධානමක් ඇති බැවින් අත්අඩංගුවට ගතහොත් ඇප ලබා ගැනීමට හැකිවන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා සහ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් කිරීමේ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වග උත්තරකරුවන් කරමින් පැවරූ පෙස්සම මෙසේ නිෂ්ප්‍රභ කෙරිණි.
ඊයේ(21) දින රහස් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දුන් මනුෂ නානායක්කාර මහතා අදාළ පෙත්සමය පවරා පවත්වාගෙන යෑමට අදහස් නොකරන බැවින් ඉල්ලා අස්කර ගන්නා බවට නීතිඥ ජනදීස රණසිංහ මහතා අධිකරණයට කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.
නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම පසුගිය 15 දින අධිකරණයට ඉදිරිපත් කළ අතර පෙත්සමේ වග උත්තරකරුවන් නම් කර තිබිණි.
නානායක්කාර මහතාගේ පෙස්සම් ප්‍රකාරව නිකුත් කළ නොතීසියක් පරිදි අධිකරණය පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා පසුගිය 20 දින අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නානායක්කාර මහතා මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස මේ දක්වා නම්කර නොමැතිි බවය. නානායක්කාර මහතා අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සඳහන් කළේය.
රහස් පොලිසියේ එම කරුණු දැක්වීම අනුව ඊයේ(21) දින රහස් පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබාදීමට නානායක්කාර මහතා කටයුතු කර තිබිණි.
මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කර සිටි නීතිඥ රණසිංහ මහතා සඳහන් කර සිටියේ නානායක්කාර මහතා මේ වන විට ප්‍රකාශයක් ලබා දී ඇති බැවින් හා විමර්ශන සිද්ධියෙහි වූ සැකකරුවකු ලෙස නම්කර නොමැති බැවින් පෙත්සම තවදුරටත් පවරා පවත්වාගෙන යෑමට අදහස් නොකරන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප පෙස්සම නිශ්ප්‍රභ කිරීමට නියෝග කළාය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මනුෂගේ ඇපෑල විසි වෙයි
Bunny Preena Wednesday, 22 January 2025 03:17 PM
ඇමෙරිකාවේ වගේ තද සුළඟක් ආවාවත්ද?