IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මනූෂ - හරීන් සජබෙන් නෙරපීම හරි

(රංජන් කටුගම්පෙළ)

අමාත්‍යවරුන් වන මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන මහත්වරුන් සමගි බලවේගය පක්ෂයෙන් නෙරපීම  නීතියානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මීට සුළු වේලාවකට පෙර තීන්දු කළේය.

විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇත.

සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරු ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේය.

 



අදහස් (14)

මනූෂ - හරීන් සජබෙන් නෙරපීම හරි

Perera Friday, 09 August 2024 10:38 AM

මේ දෙපිටකාට්ටෝ දෙන්නාට මරු වැඩේ

:       137       122

ranjith Friday, 09 August 2024 10:38 AM

පක්ෂයක නමින් ඡන්ද අරන් පයින හැම එකාම එවත් කරන්න ඕනෑ...

:       112       115

අරවින්ද මොනරවිල Friday, 09 August 2024 10:44 AM

සැප්තැම්බර් 21 න් පස්සේ බොහෝ අය සජබ දාලා යනවා, එතකොට සජිත්ට ඉතිරි වෙන්නෙ ආර්යාව විතරයි.

:       105       67

Buddika Friday, 09 August 2024 10:45 AM

නියමයි.අධිකරණයට ගරුකරනව.sjb ඡන්ද අරගෙන චන්දෙ දීපු මිනිස්සුන්ට පයින් ගහල වාසිය සහ බලය වෙනුවෙන් පනින මේ වගේ ගෙම්බන්ට නීතිය පිලිතුරු දීල.හොද වැඩේ.මුන් හැමදාම කරපු සෙල්ලමක් මේ නීතිය නවත්තල තියෙන්නෙ.මනූස කියන කෙනා මහින්දගේ දෑත් සක්තිමත් කරන්නත් පැන්න.

:       7       96

Nilantha Friday, 09 August 2024 12:13 PM

බුද්ධික හරියටම හරි සජබ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කියලා තමයි ජනතාව ඔවුන් පත්කර ගත්තේ එම ජනතා අපේක්ෂා සම්පූර්ණයෙන්ම නොසලකා කටයුතු කරන්න ඕනෑ නම් ජනතාව ඔවුන් පත්කලේ ඔවුන්ගේ අභිලාෂයන් ඉටුකර ගැනීමට තමයි. ඒවා නොසලකා කටයුතු කලොත් ඔවුන්ට මංත්‍රී තනතුර අහිමි වෙන්න ඕනෑ එසේ නොකරන තාක් කල් දේශපාලුවෝ රට ගැන නොසිතා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් කටයුතු කරනවා. අවුරුදු 76 ක් ජනතාව මෝඩයින්ට ඇන්දවීම 2024 සිටවත් නතර කරන්න ජනතාව පෙලගැසිය යුතුයි...

:       49       44

Remal Friday, 09 August 2024 11:33 AM

බලයට තන්හාවෙන් පිලිපැන්න මැත කාලයේ ජුඩාස් හොද පාඩම

:       58       77

මහසෙන් Friday, 09 August 2024 11:35 AM

ඒ කියන්නේ මේ දෙන්නගේ මන්ත්‍රීදූර අහෝසි වෙනවා.ඊට පස්සේ වෙන දේ බලමුකෝ..

:       67       60

යෝගා Friday, 09 August 2024 11:40 AM

ගෙඹි සංස්කෘතියට තිත. ඡන්ද දායකයන් තදින්ම බලාපොරොත්තු වූ දෙයක්

:       23       71

Nimal 1 Friday, 09 August 2024 12:33 PM

ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන්ට හොද පාඩම... ළඟදීම මේ දෙන්නා දේශපාලනයෙන් අතුගෑවිලා යනවා.

:       28       45

nanda Friday, 09 August 2024 01:07 PM

මේ දෙන්නාට පුදුම අමාරුවක් තිබුණේ.. දැන් සනීප වේවිනේ...

:       29       39

Jaya Friday, 09 August 2024 01:37 PM

නඩු තීන්දුව ගැන හොඳටම දුකෙන් වගේ ඉන්නේ...!

:       34       29

සුදත් Friday, 09 August 2024 02:33 PM

රනිල් නම් පිට පිටම සොහොන් ලකුණු. ගොක් කොළත් දකීවි තව ටික දොහකින්...!

:       50       33

Asela Saturday, 10 August 2024 09:30 AM

ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරමි. ජනතාවට ඇති එකම ගැලවුම්කරු. මොවුන් දෙන්නාව මීට කලින් පන්නා දැමිය යුතුයි. Dislike කරපු ගොබ්බයෝ ගැන පුදුම වෙන්න දෙයක් නෑ

:       0       0

sukitha Saturday, 10 August 2024 09:55 AM

නීතියේ දෙවඟන දෑස් වහගෙන හිටියේ අපක්ෂපාති වෙන්න. ඒත් ඒකෙන් මේ මිනිස්සු අයුතු ප්‍රයෝජන ගත්තා. මේක දැනුණු දෙවඟන රෙදි කඩ ඉවත් කරලා ටිකකට රට දිහා බැලුවා. සත්‍යය දැකලා කම්පා වුණා. නැවත ඇස් වසාගත්තත් මේ අපරාධකාරයන්ට දඬුවම් කරන්න තීරණය කළා. මේ ඒකෙ ප්‍රතිඵල. පොලිස්පතිගේ ප්‍රශ්නෙදී රනිල්ටත් ලැබුනේ ඒ ප්‍රතිඵලයමයි. වීසා නිකුත්කිරීම සම්බන්ධයෙනුත් ලැබුනේ ඒකේ ප්‍රතිඵල...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 937 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5703 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3256 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 282 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1450 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1569 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28414 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23593 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site