IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘මානසික අසහනය හෘදයාබාධයට අත වනයි‘

(කොළඹ ආසිරි රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය - ආර්.ඒ. රංජිත් පෙරේරා)

සමහර පපුවේ රුදා ආතතිය, තරහායාම, භයවීම වැනි තත්ත්ව වලදී ඇතිවිය හැකි අතර, මෙය බොහෝ දෙනා දරුණු හෘද ආබාධයක් නිසා ඇතිවන්නක් ලෙස වැරදියට තේරුම් ගන්නා අවස්ථා ද ඇත.

මෙවැනි රෝගීන් පවසන්නේ පපුවේ කැක්කුම ඇතිවීම, හුස්ම ගැනීමට අපහසුවීම, පපුවේ ගැස්මක් සමඟ අධික මහන්සි ගතියක් දැනීම මෙන්ම ක්ලාන්තය වීමද ඇතිවන බවයි. සාමාන්‍යයෙන් 10.15% අතර හෘදරෝග චිකිස්සාගාරවලට පැමිණෙන රෝගීන් මෙම (හෘද නියුරෝසියාව) නමැති රෝගයෙන් පෙළෙන්නන් වේ.

ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂය ගත් කළ මෙය ස්ත‍්‍රී පාර්ශවයට වඩා පිරිමි පාර්ශවයට සෑදෙන ප‍්‍රවණතාව වැඩිය. මෙවැනි තත්ත්ව වලින් පෙළෙන සමහරුන්ට, මෙය පපුවේ අමාරුවක් ලෙස පෙන්නුම් කරන අතර තවත් සමහරුන්ට මෙය තරහායාම, බයවී වැනි දේවලින් පෙන්නුම් කරයි.

බොහෝ අවස්ථාවලදී කුඩා කළ සිටම, මෙම නියුරෝසියා තත්ත්වය පවතියි. මෙවැනි පුද්ගලයන් අඳුරට බොහෝ භය වීම, නොයෙකුත් සත්තුන්ට (හූනන්, කැරපොත්තන්, හැකරැල්ලන්) භයවීම හඳුන්වා දිය හැක. සාමාන්‍යයෙන් පොදුවේ ගත් කළ  හැම පුද්ගලයකුම මෙවැනි සතුන්ට බියක් මෙන්ම පිළිකුල් තත්ත්වයක් පෙන්නුම් කරයි. එහෙත් මෙම නියුරෝසියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අස්වාභාවික ලෙස බියක් දැක්වීම විශේෂත්වයකි. ඒ වගේම මෙම නියුරෝසියා රෝග තත්ත්වයේ සිටින පුද්ගලයන් උස් ස්ථානයකට යාමට බිය වේ. මෙවැනි අය නියපොතු සැපීම, කථා කරනවිට ගොත ගැසීම. සම්මුඛ පරීක්ෂණවලට යාමට බිය වීම, අඳුරේ සිටීමට බිය වීම මෙන්ම හීනෙන් භය වීම සහ හීනෙන් ඇවිදීම වැනි ක‍්‍රියා මගින් පීඩා විඳියි.

සාමාන්‍යයෙන් සෑම පුද්ගලයකුම භය වූ විට පපුවේ ගැස්මක් ඇති වීම, ලේ දුටුවිට බයක් දැනීම, අමිහිරි සිදුවීමක් ඇසූ දුටු විට තැතිගැන්මක් ඇති වීම වැනි කාරණා රෝගයක් නිසා යැයි අනුමත කර නොහැකි සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් නියුරෝසියා රෝගයෙන් පෙළෙන අය ලේ නොව රතුපාට දුටුවත් හිත ගැස්සී ක්ලාන්ත වීම, පුංචිම දේකටත් පපුවේ හෘද ස්පන්දනය වේගවත් වීම, වෙව්ලීම මෙම නියුරෝසියා රෝගයේ ලක්ෂණයි.

ඒ වගේම මෙවැනි අය නිතරම තැතිගත් ස්වරූපයෙන් සිටින අතර මොවුන්ගේ ඇසේ කලූ ඉංගිරියාව සාමාන්‍ය කෙනකුට වඩා විශාලව පිහිටයි. මොවුන්ගේ පෙනුමද සුදුමැලි ගතියකින් යුක්ත වන අතර මොවුන් පුටුවක වාඩිවූවත් අඩමානයට වාඩිවන අතර පුටුවේ අගින්ම වාඩිවී බියවෙන දෙයක් දුටුවහොත් දුවන්නට සැරසී හිඳින මෙන් හිඳියි. තවද පුටුවේ ඇඳි දෙක තදින් අල්ලා ගෙන හිඳියි. මොවුන්ට සන්සුන්ව හිඳීමට අපහසු අතර, අතේ තිබෙන කුමන දෙයක් හෝ සොලවමින්, අඹරමින් (ලේන්සුවක්, පෑනක්, පත්තරයක්) සිටියි.

මොවුන්ගේ කට හඬද වෙව්ලන ගතියකින් යුතු වන අතර, නිතරම උගුර පාදයි. මොවුන්ගේ අත පය සීතල ගතියකින් යුතු වන අතර සුදු මැලිවී හීන් වෙව්ලන ස්වභාවයක් පෙන්නුම් කරයි.

විශේෂයෙන්ම මෙවැනි අයට රාත‍්‍රී නින්ද සුවදායක නොවන බැවින් (බයවෙන හීන පෙනීම) උදයට අවදිවූ විට ප‍්‍රබෝධමත් බවක් පල නොකරයි.

මොවුන්ට පොඩි කාර්යයක නිරත වූවත් අධික ලෙස මහන්සි දැනෙයි. ඒ වගේම කරන කුමන කාර්යයක් වූවද නොසන්සුන්තාවකින් නිරත වන බැවින්, කලබලවී ශරීරයට හානිකර ගනියි (උදා - පිහියකින් යමක් කැපීමේදී අතද තුවාලකර ගනියි)

මෙම නියුරෝසියා රෝගයෙන් පෙළෙන අය නිතරම හිස පිපිරෙන්නට එනවා මෙන් හිසේ ඉදිරිපස කැක්කුම බව පැවසීම, හිසේ ලේ නහර ක‍්‍රියා කරන ආකාරය තමාට දැනෙනවා යැයි පැවසීම සුලභ කරුණකි.

මෙවැනි ඇන්සයිටි අවස්ථාවේදී වෛද්‍යවරයකු වෙත යොමු කර පරීක්ෂා කිරීමේදී ඔහුගේ රුධිර පීඩනය වැඩි වන අතර හෘද ස්පන්දනය වේගවත්ම මෙන්ම වැඩි ශබ්දයකින් ක‍්‍රියාකරයි. මොවුන්ගේ පපුවට අත තැබූ විට පපුවේ ගැස්ම අතට දැනෙයි.

මෙම නියුරෝසියා රෝගීන්ගේ තවත් ලක්ෂණයක් ලෙස පපුවේ මැද්දේ වම් පැත්ත රිදෙනවා යැයි පැවසීමය. මෙය වම් අත දිගේ පපුව ප‍්‍රදේශයට යනවා යැයි පැවසීම, මොවුන්ගේ අතෙහි අල්ල ප‍්‍රදේශයට දහඩිය දැමීම මෙන්ම, ක්ලාන්තයවීම ද සිදුවෙයි. මෙය සාමාන්‍යයෙන් හෘද රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. රුධිර පරීක්ෂාවක් මගින් හෘද රෝගයක්ද වෙනයම් රෝගයක්ද යන්න සොයා ගත හැකි වන අතර, විශේෂයෙන්ම වයස 40, 50, 60, යන වයස්වල පසුවන්නන්ගෙන් මෙය හඳුනා ගැනීමට බොහෝ අපහසුය. මෙහිදී රුධිර පරීක්ෂණ සිදු කළ යුතුමය.



අදහස් (0)

‘මානසික අසහනය හෘදයාබාධයට අත වනයි‘

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 137 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5347 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 840 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4165 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3784 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2485 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16880 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 264 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site