IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මානසික රෝගීන් සියදිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවයක්

(බලපිටිය මූලික රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දික මුදලිගේ)

සියදිවි නසා ගැනීම, මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ඇතුළු බොහෝ විද්වතුන්ගේ දැඩි අවධානයට ලක් වූ දෙයකි. එය ලොව පුරා විහිදුණු බරපතළ ප‍්‍රශ්නයකි. ඉතා කුඩා දරුවන් හැරුණුකොට  ඕනෑම වයසක,  ඕනෑම සමාජ තත්ත්වයක, අධ්‍යාපන මට්ටමක, වෘත්තීය මට්ටමක යනාදී සියලූ ක්‍ෂේත‍්‍රවල අඩු වැඩි වශයෙන් ව්‍යාප්ත වූ ඛේදවාචකයකි. ලොවපුරා වසරකට 800,000 කට අධික දෙනෙක් සියදිවි නසා ගන්නා අතර සෑම තප්පර හතලිහකටම එක් අයකුගේ සියදිවි නසා ගැනීමකට සමානය.
වසර 1996 දී ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් ප‍්‍රතිශතය මුළු ලොවෙන්ම අංක එකට පැමිණි අතර එම ප‍්‍රතිශතය ලොව පුරා දෙවැනියට වැඩිම සියදිවි නසා ගැනීමේ ප‍්‍රතිශතය මෙන් දෙගුණයද ඉක්මවා තිබුණි. කෙසේ වෙතත් මේ වනවිට එම ප‍්‍රතිශතයේ අඩුවීමක් දක්නට ලැබුණත් ලංකාව තවමත් පළමු දහය අතර සිටී.
 මෙසේ වැඩිවීමට හේතු කවරේද?
මේ සඳහා උපකල්පනය මෙන්ම සාධනය කළ හේතු ගණනාවක්ම තිබෙනවා. සමාජ විද්‍යාඥයන්ට අනුව සමූහනය, විස්ථානගතවීම, නැවත පදිංචි කිරීම හා හරිත විප්ලවය, විස්ථාරිත පවුල් ව්‍යූහය න්‍යෂ්ඨික පවුල් ව්‍යූහ බවට පත්වීම, ආර්ථික උද්ධමනය, සමාජ, සංස්කෘතික හා බැඳුනු ප‍්‍රශ්න මෙන්ම සියදිවි නසා ගැනීම ප‍්‍රශ්නවලින් මඟහැරීමට පැනයාමට විසදාගැනීමට කරන පිළියමක් ලෙස සමාජය තුළ ප‍්‍රචලිතවීමත් සඳහන් කරන්න පුළුවන්. එමෙන්ම වස විස, වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන බෙහෙත් යනාදිය සුලබව තිබීම හා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබීම සඳහන් කළ හැකියි. කෙසේ වෙතත් ජීවිතක්‍ෂයට පත්වීමේ සංඛ්‍යාව අඩුවූවත්, ආරෝග්‍යශාලාවලට ඇතුළත් වීමේ සංඛ්‍යාව, සියදිවි නසා ගැනීමේ ප‍්‍රයත්න වැඩිවී තිබෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ දියුණුව, දැඩි සත්කාර ඒකක වැඩිවීම, ඉක්මනින් රෝහලකට රැුගෙන යාම, ඒ සඳහා ඖෂධ තිබීමෙන් මෙම පුද්ගලයන් ජීවිතක්‍ෂයට පත්වීමේ ප‍්‍රතිශතය අඩුවී තිබෙනවා.
ඒ කියන්නේ සියදිවි නසා ගැනීමේ ප‍්‍රයත්න වැඩිවී තිබෙන බව නේද?
ඔව්. ඇත්ත වශයෙන්ම සියදිවි නසා ගැනීම් වැඩිවී තිබෙනවා. සියදිවි නසා ගැනීමට අදාලවන හේතු, ඒවායේ යෙදීමේ ප‍්‍රවණතාව, සමාජ ආකල්ප දැනුම හා කි‍්‍රයාමාර්ගවල වෙනසක් සිදුවී නෑ. මෙය විද්වතුන් ඉතාමත් සැලකිල්ලට ගතයුතු කාරණයක්. ඒ සඳහා ඉක්මන් නිවැරැුදි කි‍්‍රයාමාර්ග ගතයුතු වෙනවා. සාමාන්‍යයෙන් දත්තවලට අනුව සියදිවි නසා ගැනීම් යැයි සිය දෙනෙක් තම මතය පළ කළොත් ඉන් දහදෙනෙක් සියදිවි නසාගැනීමේ සඳහා ප‍්‍රයත්න කරනවා. ඉන් එක් කෙනෙක් වසරක් තුළ සියදිවි හානිකර ජීවිතක්‍ෂයට පත් වෙනවා.

සියදිවි හානිකර ගැනීමට වඩාත් නැඹුරු වන්නේ පිරිමිද ගැහැනුදු? කවර වයස් පරාසයකද?
සියදිවි හානිකර ගැනීමේ ප‍්‍රයත්නවල වැඩිපුරම යෙදෙන්නේ තරුණ ගැහැනුන්. (අවු 10x19 හා 20x29 කාණ්ඩයේ). සියදිවි හානිකර ගැනීමෙන් වැඩිපුර ජීවිතක්‍ෂයට පත්වෙන්නේ පිරිමින්. විවාහක පිරිමින් සියයට 75, විවාහක ගැහැනුන් සියයට 62ට වඩා ජීවිතක්‍ෂයට පත් වෙනවා. කෙසේ වෙතත් වයසක පුද්ගලයන් ජීවිතක්‍ෂයට පත්වීම වැඩිවෙමින් තිබෙනවා. වයසක පුද්ගලයන්ගේ ජනගහනය වැඩිවීම හා සමාජ ආකල්පවල වෙනස්වීම් මීට හේතුවිය හැකියි.
සියදිවි නසා ගැනීම මානසික රෝගයක්ද?
මානසික රෝග හා ආබාධ තිබෙන පුද්ගලයන්, අන් අයට වඩා සියදිවි නසා ගැනීමේ ප‍්‍රයත්නවල යෙදීමේ අවධානම වැඩියි. එය එසේ වූවත් සියදිවි නසාගැනීම් වැඩිපුරම යෙදෙන්නේ එවැනි රෝග හෝ ආබාධ නොමැති අයයි. කෙසේ වූවත් සියදිවි නසාගැනීමේ ප‍්‍රයත්නවල යෙදෙන අවස්ථාවේ ඔවුන්ගේ මානසික තත්ත්වය වියවුල්ව හෝ සමාජ අපගමනයන්ට ලක්ව තිබීම සුලභව දක්නට ලැබෙනවා. බොහෝ අය ආවේගශීලියි. ඉක්මන් තීරණ ගැනීම වෙනත් විකල්ප මාර්ග නොපෙනෙනවා.
මෙම අවදානමෙන් මුදවා ගන්නේ කෙසේද?
සමාජ ප‍්‍රවේශය හා පුද්ගල ප‍්‍රවේශය යනුවෙන් ආකාර දෙකකින් මෙම අවධානමෙන් මුදවා ගත හැකියි. 
සමාජ ප‍්‍රවේශය: ආකල්ප, දැනුම හා පුරුදුවල වෙනස්, දරා ගැනීම පුදුරු පුහුණු කිරීම, අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර, රැුකියා ක්‍ෂේත‍්‍රවලට යොමු කිරීම, සාරධර්ම වැඩි දියුණු කිරීම, අනිත් පුද්ගලයාගේ මානසික තත්ත්වය අවබෝධ කර ගැනීම වැනි කරුණු හේතුවෙන් සියදිවි නසා ගැනීමෙන් මුදවා ගත හැකියි. 
පුද්ගල ප‍්‍රවේශය: සානුකම්පිත අවධානය, වැඩිහිටියන්ගේ පවුලේ අවධානය, සමීපතමයන් හැඟීම් හා සෙනෙහසින් බද්ධව සිටීම, පුද්ගල ගැටලූ විසඳීමේ ක‍්‍රමවේද පුහුණු කිරීම, මනෝ වෛද්‍ය විශේෂඥ වෛදවරුන් කුසලතා සහිත මනෝ උපදේශකවරුන් සමාජ සේවකයන් වෙතට යොමු කිරීම ආදී කරුණු මේ සඳහා සඳහන් කළ හැකියි.
 



අදහස් (0)

මානසික රෝගීන් සියදිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 341 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 85 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1332 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 9166 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 4389 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 354 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29521 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23640 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 133 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 412 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site