IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘‘මිනිසුන්ගේ දුක හදවතට තදින් දැනෙනවා‘‘

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික ජාතිය දුක් විඳින අයුරු දැකීම පුරවැසියකු සහ අගමැතිවරයකු වශයෙන් තමාට දරුණු ලෙස දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් පුවත් ඒජන්සි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

තමා මීට පෙර ආණ්ඩු නියෝජනය කරද්දී මිනිසුන්ට ආහාර වේල් තුනක් ලබා දී ඔවුන්ගේ ආදායම වැඩි කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා නැවතත් පෙර තත්ත්වය ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පැවසීය.

මෙවැනි දෙයක් ශ්‍රී ලංකාවේ කිසි දිනෙක දැක නැති බවත් කිසිදා එසේ වනු ඇතැයි නොසිතූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අමාරු කාල තිබුණත් ඉන්ධන නැති, ආහාර නැතිව දුක් විඳින ලාංකික මිනිසුන් තමා මීට පෙර දැක නොතිබූ බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (35)

‘‘මිනිසුන්ගේ දුක හදවතට තදින් දැනෙනවා‘‘

nanda Sunday, 12 June 2022 03:45 PM

කිඹුල් කඳුළු...!

:       24       85

senaSunday, 12 June 2022 04:12 PM

හරියටම හරි මෙයා තමයි අපිව මේ හිඟනකමට දාපු අය තවත් බලයේ තියාගන්න උදව් වුණේ..

:       17       82

ගල්පරMonday, 13 June 2022 01:26 PM

රනිල් රට අගාධයෙන් බේරගන්න දක්ෂයෙක් වෙනවා නම් බැරියැ. මතකයිනේ යහපාලනය කාලේ තනතුරු අරන් රට කාල UNP යත් පොළොවට සමතල කරලා කුජීත වෙලා තමයි ගෙදර ගියේ. රනිල් දැන් කපටිකමෙන් රට බාර අරන් මේ කරන විහිලු සෙල්ලම සමස්ත රටම අරන් යන්නේ මහා අගාධයකට... අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා ලෝකේ උදව්වෙන් රට ගොඩගන්න තියෙන අන්තිම සහ අවසාන අවස්ථාවත් අපේ කරුමෙට රනිල් මුක්කුව ගහලා මගහැරී යනවා.

:       3       6

ගමේ එකාලා Sunday, 12 June 2022 03:59 PM

දුක දැනෙනවා නම් දූෂිත පවුල් පාලනේ ඔවුන් හොරාකාපුවා අයකරගන්න ක්‍රමයක් හදලා ජනතාවට සහන සළස්වන්නනේ ඕනේ. පාර්ලිමේන්තුවට ඇවිත් නිකම් බහුබූත කියවන්නේ නැතුව.

:       10       117

විනිවිද Sunday, 12 June 2022 04:57 PM

‘‘මිනිසුන්ගේ දුක අගමැතිතුමාගේ හදවතට තදින් දැනෙනවා‘‘ නම් සහ විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයා හදවතටත් තදින්ම දැනෙනවා ඇත. එයට හේතුව ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සිටි කෙනෙකු නිසාත් මේ වනවිටත් ඔහුගේ පුතා, බිරිඳ සහ දරුවත් කිසිදු පීඩාවක් (ගෑස්, ඉන්ධන) නොමැතිව සිටිනුයේ ඇමෙරිකාවේ නිසාත්ය. මේ වනවිට ලංකාවේ දැනට දේශපාලන සහ ආර්ථික අර්බුදයට මැදිව පීඩා විඳින්නා වූ ශ්‍රී ලාංකිකයන් හට විසඳුම් අවශ්‍ය වේ... ගෑස්, ඉන්ධන සහ පොහොර ලබාදෙන්නේ නම් මෙම පීඩනය යම් තාක් දුරට සමනය කළහැකි වේ. ත්‍රීවිල් කරුවාගේ සිට කුඩා වෙළෙඳ ව්‍යාපාරිකයා සහ ගෑස්, ඉන්ධන නොමැතිව ඔවුන්ගේ කාලය පෝලිම්වල ගත කරමින් සිටියි. මෙවැනි ආකාරයට කාලය විනාශ වීම රටේ ආර්ථිකයට දැඩිලෙස බලපානු ඇත...

:       2       49

විනිවිද Sunday, 12 June 2022 04:57 PM

දෙවනුව ලොවපුරා පදිංචිව සිටින්නා වූ ඩයස්පෝරා (සිංහල සහ Tamil) කණ්ඩායම් ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳීමට විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කළහැකි බව කියා සිටියත් ජනාධිපතිවරයා ඉවත් වනතුරු එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. එම නිසා සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයාට රටේ ජනතාවගේ පීඩනය හදවතට තදින්ම දැනෙනවා නම් විදේශ සහයෝගයත් නොලැබෙන්නේ නම් පාර්ලිමේන්තුවෙන් පවා ඔහුට සහයෝගයක් නොමැති නම් රටේ ගැලවුම්කරුවා ඔහුටම විය හැකියි. විසඳුම් නොමැතිව තනතුරේ රැඳී සිටිනවාට වඩා අර්බුදයට විසඳුම ජනාධිපතිවරයා ජනාධිපති තනතුරින් ඉවත්වීම නම් ඔහුට එසේ කළ නොහැකි මන්ද?

:       7       56

mahee Sunday, 12 June 2022 05:16 PM

මම ඔබටවත්, ඔබේ පක්ෂයටවත් කවදාවත් ඡන්දේ දීලා නැහැ. ඇත්තටම මට ඔබ දිරවන්නේ නැති පොරක්. 2004 මහා මැතිවරණය ජවිපෙට දුන්නාට පස්සේ 2015 යහපාලනේට මෛත්‍රිට නම් දුන්නා. නමුත් මේ වගේ වෙලාවක මේ වගේ වගකීමක් ගන්න කොන්දක් තිබ්බ එකම නායකයා ඔබ. ඒකට ගරු කරනවා...

:       52       34

sharm warnMonday, 13 June 2022 09:57 AM

තමන්ගේ නඩයව බේරාගන්න බෙල්ල තිබ්බාම කොන්දක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? මෙයාට කොන්දක් තිබුණා නම් යහපාලන කාලේ රාජපක්ෂලාව නඩුවලින් බේරාගන්න හැංගිමුත්තන් කරනවද? දැනුත් කරන්නේ රාජපක්ෂලාව සුරකින එක...

:       2       19

lakvidu Monday, 13 June 2022 10:17 AM

මේ අවස්ථාවේ ඔහුගත් එකම වගකීම... රාජපක්ෂ හොර නඩය ආරක්ෂා කිරීම පමණි..

:       1       20

කෝලිත Sunday, 12 June 2022 05:26 PM

අනේ පව් අහිංසකයා... මෙයත් මේ විනාශයට වගකියන්න ඕනෑ. 5 වතාවක් රටේ අගමැති ආර්ථිකයට මොනවද කළේ...? හම්බන්තොට වික්කෙත් මෙයා... ඒ වගේම බැඳුම්කර වංචාව වහන්න මොනතරම් සෙල්ලම් දැම්මාද? මෙයත් එකයි, රාජපක්ෂලත් එකයි.. දැන් ඩීල් දාගෙන රදළ දේශපාලන බලය රැකගන්නයි ට්‍රයි එක.. අගමැති ඔයා අපි ගැන දුක් වෙන්න එපා... ආපු වැඩේ කරන්න බලන්න. රාජපක්ෂලත් නිදහස් කරලා කරපු පව් හිලව් කරගන්නවත් රට ගොඩදාන්න අවංකව වැඩ කරන්න. ඔයාලා මොන සෙල්ලම් දැම්මත් දේශපාලුවන්ට රටේ පිළිම හදලා මල් පූජාකරපු කාලය ඉවරයි...!

:       8       42

fairoos Sunday, 12 June 2022 05:42 PM

අපි කිව්වේ මේ ආණ්ඩුවට සහ නන්දසේනට ඉල්ලා අස්වෙන්න කියලා. ඔබතුමා නන්දසේන එක්ක ඩීල් එකක් ගහගෙන හිටපු අයටම ඇමැතිකම් දීලා තවත් රට බංකොළොත් කරන්නයි යන්නේ..

:       6       47

Randula Sunday, 12 June 2022 06:07 PM

මෙතෙක් කිසිඳු සාධනීය ක්‍රියාමාර්ගයක් ආර්ථික අර්බුදය පිළිබඳව ගත් බවක් පෙනෙන්නට නැත. ලෝකයම ආර්ථික අර්බුදයකට යමින් සිටියදී තවමත් එදාවේල ආර්ථිකයක් ගෙනයාමට සිතීම අමු මෝඩවැඩක්. මොකද අනික් රටවල් වලට තමන්ගේ ආර්ථිකය බේරගන්න මිසක් ලංකාව වගේ ණය නොගෙවන රටක් බේරගන්න තරම් පිස්සු නැහැ. ඒ නිසා ගන්න පියවරක් දැම්ම කරොත් මිසක් පරක්කු වුණොත් වැලේ වැල් නැතිව ඉන්න වෙන්නේ...!

:       4       30

මහජනයාMonday, 13 June 2022 09:55 AM

සහතික ඇත්ත. මොවුන් තවදුරටත් කරනුනේ ආණ්ඩුවේ දේශීය වියදම් පියවීම උදෙසා මුදල් ටොන් ගණනින් අච්චු ගැසීමයි. රට වලපල්ලට දැමීමට කරන කාලකන්නිම අමන වැඩේ මුදල් අච්චු ගසමින් බලයට පත්වන වසර 5 ගෙවා දැමීමයි. කෝ... පොර ටෝක්...? ආණ්ඩුවේ පාඩු අවමකරන්න මොනවද කරලා තියෙන්නේ...? කෝටි ගණන් කුලී ගෙවමින් රාජ්‍ය ආයතන සිය ගණනක් පවත්වා ගෙනයාම කොතරම් රජයට බරක්ද? හැමදාම දුම්රිය පාඩුලු ඉන්ධන මිල කී වරක් ඉහළ ගියාද එත් ඊට සරිලන ලෙස ගාස්තු සංශෝධනය වුණාද? පෞද්ගලික බස් නොතිබුණා නම් ctb එකත් පාඩු පිට පරණ ගාස්තුවම අයකරයි. අපිට යථාර්තයට මුහුණ දෙන්නම වෙනවා.. අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් රජයේ මුල්‍ය අර්බුදය විසඳාගන්න. ඩොලර් ගැන පමණක් දොඩවමින් කාලය කන්න එපා...

:       0       7

මහජනයාMonday, 13 June 2022 09:58 AM

මොවුන්ගේ දැක්ම කොතරම් කෙටියිද කියා තේරෙන්නේ අධ්‍යාපනයට කරන විනාශයෙන්... හිතූ ගමන් නිවාඩු ප්‍රකාශ කරනවා, දැනටමත් දරුවන් වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණනින් අඩක්වත් සපුරා ගැනීමට නොහැකිව සිටින්නේ... කොරෝනා නිසා වසර දෙකකටත් වඩා කිසිඳු වාර විභාගයකට මුහුණ නොදී ඉදිරියට යන සිසු කැලක් අනාගතයේ කෙලෙස නම් වලටම වැටුණු රටක් පරිපාලනය කරන්නද? ජාත්‍යන්තර සමීක්ෂණ ආයතන අපගේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් පියවරින් පියවර පහළ හෙලයි. ඉහළ දැනුමක් අවැසි විදේශීය ආයෝජන මෙරට රැඳී සිටීද..? නව ආයෝජන එයිද? විවෘත මනසින් ගැටලුව නිවැරැදිව නිරාකරණය කරන්න. අපි පව්...!!!

:       1       7

Muditha Sunday, 12 June 2022 06:25 PM

මේ වගේ වේලාවක මේ වගේ වගකීමක් ගන්න කොන්දක් තිබ්බ එකම නායකයා ඔබ. ඒකට ගරු කරනවා.

:       43       13

Ratawasiya Sunday, 12 June 2022 06:29 PM

එහෙනම් දැන් ඉන්නේ ඉස්සර හිටපු රනිල් නෙමෙයි.

:       7       27

Rane Sunday, 12 June 2022 06:43 PM

විකාර තමයි.

:       4       33

chandima Sunday, 12 June 2022 06:53 PM

එහෙම දෙනවා නම් අර යුද්ධය කාලේ ඒ යුද්ධය ඉවර කරන්න ආධාර දෙන්න එපෝ කියලා ලෝකය වටේ දිව්වේ...? සමහරවිට දුක දැනෙන්න ගත්තේ මේ ළඟදී නවගුණ වැල ගනින්න පටන්ගත්තාට පස්සේ වෙන්න ඇති..

:       10       27

nandaMonday, 13 June 2022 12:11 PM

සහතික ඇත්ත, මෙයාට ඕනෙ රටවත්, තමන්ගේ පක්ෂයවත් නොවේ. තමන් නායකයා වෙන්න විතරයි. UNP එක නැති වුණේ මෙයා නිසයි. එක වතාවක් රට පාවාදුන්නු නිසා හිටපු ජනාධිපතිනිය අගමැතිකමෙන් ඉවත් කරලා දැම්මා..

:       0       5

Rohana Sunday, 12 June 2022 07:06 PM

දුක දැනෙනවා නම් පළමුවෙන් කළයුත්තේ රජපක්ෂලා නොමැති පාලනයක් ගොඩ නැගීමයි. රාජපක්ෂලා බලයේ සිටිනතුරු අපට විදේශ විනිමය නොලැබෙන අතර එමගින් තෙල්, ගෑස් මිලදී ගැනීමට නොහැකිවීමෙන් රට තවතවත් ආර්ථික පරිහානිය කරා ගමන් කරනවා.

:       5       36

Kanthi Sunday, 12 June 2022 07:36 PM

නැතුව නැතුව... අනේ ඉතිං රනිල් දුප්පතාගේ හිතවතා වෙලානේ... අපි නොදන්න රනිල්...! 

:       5       25

Rata Perata Sunday, 12 June 2022 08:29 PM

මේ තවත් කෙනෙක්. දැන් අපිට තව පිස්සන් කොටුවක් තියෙනවා...

:       0       7

sam Monday, 13 June 2022 04:35 AM

මේවා අහලා පණ පලයං පෙරේදා. අපායෙ ඉඳලා හිටලා හරි මතක් වෙන ගමන් සුදු කොඩිත් පෙනිලා යම රජ්ජුරුවන් කතාකරලා වගේ. මෙයාටත් හදවතක් නැහැ... මයිනා ඇතුළු රාජපක්ෂ හොර නඩේ වගේම තමයි.

:       0       1

සුරංග Monday, 13 June 2022 05:47 AM

මිනිස්සුන්ගේ දුක දැනුණාට රටේ අහිංසක ජනයාගේ දුක දැනෙන්නේ නැහැනේ.. මොකද රජයේ ප්‍රධානියෙකුට රටවැසියා මිනිස්සු නොවන නිසා...!

:       0       1

sam Monday, 13 June 2022 06:55 AM

"සේ වනු ඇතැයි නොසිතූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය". අපි නම් මේවා දැක්කා, නුඹලාට දකින්න තරම් මොලයක් නැති නිසා තමයි රටට මෙහෙම වෙන්නේ. ණය අරගෙන, ණය ගෙවන්න මාර්ග සකස් නොකර, ඒ ණයෙන් කකා බිබී ඉඳලා (පාරවල් හදලා, ගොඩනැගිලි හදලා ටිකක් ගසාත් කාලා), පස්සේ ඒ ණය ගෙවන්න වෙන ණය ගන්න කොට, අපිට නම් තේරෙනවා වැඩි කල් නොයාම කෙළවෙනවා කියලා.. නූගතුන් රජ කළාම මෙහෙම නොවෙනවා නම් තමයි ප්‍රශ්නේ...!

:       0       3

ranji Monday, 13 June 2022 07:14 AM

ජනතාව වෙනසක් අපේක්ෂා කරත් ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙක් ඇවිත් පැවැති ක්‍රමයම ආරක්ෂා කරගෙන හොර දූෂණ ගැන කතා නැතිව ඔහේ යනවා... හොඳට තිබුණු රටක්... අද විනාශයටම යනවා.

:       0       2

sudath Monday, 13 June 2022 07:31 AM

ඇත්තටම දුක දැනේ නම් පළමුව ඔබ කළ යුත්තේ විශ්‍රාම යෑමයි. අපට යහපත් ආර්ථිකයක් හදාගන්න ආචාර්ය මහාචාර්යවරු ඕනෑතරම් ඉන්නවා.

:       0       3

sam Monday, 13 June 2022 08:17 AM

ඒක නිසාද ඔයා මහබැංකුව හොරා කන්න ඇරියේ? ඇලෝසියස් රවීට අල්ලස් දුන්නේම නැද්ද? අර කොල්ලුපිටියේ ගෙදර කේස් එක බොරුවක්ද?

:       0       3

ashok Monday, 13 June 2022 08:37 AM

රට බංකොලොත් කිරීමට වගකිවයුතු එක්කෙනෙක් මෙයත්... 6 වතාවක් රටේ අගමැති වෙලා හිටිය ඒ කරපු දේවල් වල ප්‍රතිඵල තමයි මේවෙලා තියෙන්නේ.. !

:       1       2

Rakitha Monday, 13 June 2022 08:44 AM

මේකට වැඩියෙන් වගකියන්න ඕනේ මෙයා තමයි. මහ බැංකුව හොරා කමින් තමයි ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ. මේ අර්බුදයේ නිර්මාපකයා මෙයා තමයි. මෙයාගේ කාලේ ආපහු කාටවත් ණය ගන්න බැරි විදිහට ඩොලර් බිලියන 12.5 බැඳුම්කර ගත්තා වැඩි පොළියට... චීනෙන් ඊට වඩා අඩු පොලියට ගන්න පුළුවන්. මත්තල විනාශ කළා. හම්බන්තොට විකුණුවා... රටට විශාල හානියක් කළා..

:       1       5

dantha Monday, 13 June 2022 09:37 AM

අඩුම ගානේ යුද්ධය අන්තිම කාලෙවත් වචනයකින්වත් සහයෝගයක් දුන්නේ නැති කෙනා අද කිඹුල් කඳුළු සලන හැටි. රට බේරාගත්ත අය පැත්තක.. අද වෙනත් අයට වාසිය..

:       2       5

sharm warn Monday, 13 June 2022 09:59 AM

නන්දසේනට පණ බේරාගන්න මුක්කු ගහලා දැන් අපිට බණ දේශනා කරන්න හදන්නේ අපි මැරිලා උපන්නා කියලා හිතාගෙනද? මේ කට්ටිය එකතුවෙලා රටට කරපු හරිය තමයි අපි අද මේ ගෙවන්නේ... මෙයාව එළවන්නේ නැද්ද අපි?

:       0       12

මහින්ද Monday, 13 June 2022 12:13 PM

කොහොම වුණත් දර්ශනයක් හා දැක්මක් අති එකම දේශපාලන නායකයා ඔබයි. නමුත් අර්බුදයෙන් ගොඩ එන්න දෙන නව ලිබරල්වාදි ප්‍රතිපත්ති වට්ටොරුව නම් සැර වැඩියි.. වැට් වලින් බදු ගහන කොට භාණ්ඩ මිල වැඩිවේ. මේ නිසා පරිභෝජන ප්‍රමාණය අඩුවෙනවා. එතකොට නිෂ්පාදනය අඩුවෙලා තවත් ආර්ථිකය පිරිහෙනවා. මෙයට මිනිසුන්ගේ ආදායම වැඩි කරන ක්‍රමයක් තිබිය යුතුමයි.

:       8       0

lakvidu Monday, 13 June 2022 05:38 PM

මහින්ද මහත්තයෝ, ඔයාගේ වාසගම රාජපක්ෂද?

:       0       2

Sapumal Monday, 13 June 2022 02:01 PM

අනේ යන්න...! 

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 88 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 82 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 278 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 30 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3347 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2680 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site