IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිනිසුනේ ඔහොම නොකරන් වන වැසි අපට

දඹුල්ල හබරණ කැලේ මැදින් මහා මාර්ගය කැපෙන්නට පෙර සිටම එහි අයිතිකරුවෝ නිදහසේ සැරි සැරූහ.  දැන් ඔවුනට ඒ නිදහස නැත. මිනිසා ඔවුන්ගේ කැලය ආක්‍රමණය කැර ඇති හෙයිනි.  දිගම්පතහ දී මේ හස්තියා කැලෙන් එළියට බැස්සේ සංවර්ධනයේ නාමයෙන් තව වාස භුමියට  මිනිසා විසින් කැරෙන හානියට විරෝධය පළ කිරීමට විය හැකිය.  මිනිසාගේ බොහෝ විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්ත ද මේ වල් අලියා ඔවුනට ද පාඩමක් කියා දෙමින් දෙපස වාහන පොලිම කිලෝ මීටර් ගණනක් දික් කරමින් පාර මැද සිටගෙන මිනිත්තු 40ක සාමකාමී  විරෝධයක් පෑවේය.



අදහස් (0)

මිනිසුනේ ඔහොම නොකරන් වන වැසි අපට

යූ.බන්ඩාර Tuesday, 24 April 2012 09:48 PM

මේ බලාගෙන ඉන්න අම්මලාට මොළේ නැද්ද මන්දා.අවදානමක් තියාගෙත පොඩි ළමයිනුත් අරන් බලා ඉන්න හැටි.

:       0       0

ධම්මික Tuesday, 24 April 2012 11:59 PM

ඔය අලියා ඇවිත් තියෙන්නේ ලංකාවේ ඉන්ජිනේරුවන්ගේ වැඩ බලන්න

:       0       0

එම්.නිසාම් Wednesday, 25 April 2012 01:29 AM

ලලිත් හරියටම හරි. අනතුරකට අත වනනවානේද?

:       0       0

භාතිය Wednesday, 25 April 2012 01:55 AM

පුවත සත්‍ය වීමයි වැදගත් වෙන්නේ. මමනම් දකින්නේ පුවත් විපරමා පුවතට සාහාත්‍ය රසය එකතු කරලා කියලයි.

:       0       0

සාලිය Wednesday, 25 April 2012 05:56 AM

මාත් කියන්නේ පුව්ත් විපරමා හරි

:       0       0

කේ.පී.ජී.පී.පතිරණ Wednesday, 25 April 2012 07:21 AM

දඹුල්ලෙන් එහා ගම්වල වැසියන්ට අලින් කියන්නේ සාමාන්‍ය හුරැපුරුදු සත්තු විශේෂයක්. මේ ගම්වැසියන්ට ළමයින්ට උදේ හවා පාර තොටේදි අලි මුණ ගැහෙනවා. අලි මිනිසුන් දකින කොටම ඇවිත් පහර දෙන්නෙ නෑ. අනික මිනිස්සු නුරුස්සන අලියෙක් නම් දහවල් වෙලාවක මිනිස් වාසයක් හෝ සමූහයක් ඉන්න තැනකට එන්නෙ නෑ. මේ හරියෙ තියෙන කඩවලට හා නිවස් අසලට නිතර අලි රංචු/ තනි අලි එනවා. මේ මාර්ගයේ නිතර යන එන කෙනෙක් හැටියට මමත් පුවත් විපරමාට එකගයි.

:       0       0

තරිදු Wednesday, 25 April 2012 08:29 AM

ඒකත් හොදයි නේ...

:       0       0

නුවන් Wednesday, 25 April 2012 08:39 AM

අපි විසින් තිරිසනුන් යැයි හංවඩු ගසාගෙන සිටින මෙවැනි අහිංසක සතුන්ගේ මනස අද කාගේ කකුල් දෙකේ සතුන්ට වඩා උසස් කියලයි මට නම් හිතෙන්නේ.

:       0       0

සදුනි Wednesday, 25 April 2012 08:49 AM

මොනවා උනත් අලියා අෙප් අයට වඩා හොදයි.සාමකාමියිෙන්

:       0       0

එන්.සරත් Wednesday, 25 April 2012 09:50 AM

සාමකාමී උපවාසයක්

:       0       0

සකු Sunday, 29 April 2012 06:15 PM

මේ මිනිස්සුන්ට මොළයක් නැද්ද මන්දා දරුවොත් වඩාගෙන මෙහෙම අනතුරුදායක තැනකට වෙලා ඉන්න

:       0       0

ඒ.කටුනායක Wednesday, 25 April 2012 10:46 AM

පනාමුරේ පරපුරේ අයෙක්

:       0       0

වනිතා Wednesday, 25 April 2012 12:10 PM

කොහොම වුණත් ළමයි වඩාගෙන අලියා ළගට වෙලා ඔහොම ඉන්න එක අවදානම්.වාහන වල යන අය කන්න දීලා පුරුදු උණාමත් ඔහොම අලි පාරට එනවා. පරිස්සම් වෙන එක වැඩිය හොදයි

:       0       0

දමිත් Wednesday, 25 April 2012 12:52 PM

අපි සත්තු තේරුම් අරං වැඩ කලොත් ප්‍රශ්න අඩුකරගන්න පුලුවං.

:       0       0

නාමල් Wednesday, 25 April 2012 06:33 PM

දැන් කැලේට නීතියක් නෑ. මේ ප්‍රවෘත්තියෙන් හැමෝටම හොද පාඩමක් කියලා දෙනවා

:       0       0

චරිත Tuesday, 24 April 2012 05:28 PM

අලියව බලන්ඩ ඇවිත් ඉන්නෙ, මිනිස්සු වෙන්ඩ බැහැ. මීහරකුන්වත් මෙහෙම එන්නේ නෑ

:       0       0

ප්‍රසන්න Tuesday, 24 April 2012 05:33 PM

හොඬවැල දිග හැරල දුන්නම, ඊට පස්සෙ කියන අලි ගැහැව්ව කියල උද්ඝෝෂණය කරනව ඉතින්.

:       0       0

sahan saudi arabia Tuesday, 24 April 2012 05:44 PM

මිනිසාට වඩ සිවුපාවුන් සාමකාමී ගණගරුකයි මිනිසාට බොහෝ වට්‍නා පාඩමකි

:       0       0

ලලිත් Tuesday, 24 April 2012 05:46 PM

ඔය අලියා කුලප්පු වුණොත් මොකද වෙන්නේ දරුවොණුත් වඩාගෙන ඔහෝම ඉන්නවදා? ඔයවගේ අය කන්න ඕනේ බත් නොවේ කොළ

:       0       0

Thusitha Tuesday, 24 April 2012 06:18 PM

ලලිත් හරියටම හරි අනතුරකට අත වනනවානේද?

:       0       0

ඩී.සිල්වා Tuesday, 24 April 2012 06:57 PM

ඔය අලියා හදිස්සියේ කුලප්පු උනානම් එහෙම ???

:       0       0

රුවන් Tuesday, 24 April 2012 07:09 PM

වනය අයිති සත්තුන්ට නේද? පවු, අහිංසක සත්තු. මේකට වෙන විසදුමක් දෙන්න පුළුවන්නම් කොච්චර හොදද?

:       0       0

ආර්. ශානි Tuesday, 24 April 2012 07:16 PM

රටේ වෙන සංවර්ධනය බලන්න එයා ඇවිත් තියෙන්නේ

:       0       0

පුවත් විපරමා Tuesday, 24 April 2012 08:23 PM

දඹුල්ල -හබරණ මාර්ගය ඉදිවුනේ අදඊයේ නෙවෙයි.සුද්දා රට පාලනය කරන්නත් කලින්. මේ මාර්ගයේ සැරිසරන වන අලි මිනිසුන්ට හීලෑ බවක් දක්වනවා. මේ අලියත් එවැනි එකෙක්. කිලෝමීටර ගණනක් වාහන පොලීම දික්වුනේ මාර්ගයේ නවීකරණ කටයුතු නිසා මිස අලියා නිසා නෙවෙයි. මේ දිනවල මේ මාර්ගයේ ගමන්කරන කාටත් එය දකින්න පුළුවන්.ඡායාරූප වලින්නුත් පේනවා අලියාගෙන් වාහන ගමනාගමනට බාධාවක් නොවනබව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 412 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 412 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 3568 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 916 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 2287 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1369 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21103 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20352 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 109 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 318 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 166 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site