ගෘහස්ථ සේවකයන් බඳවා ගන්නා මිනිස්බල ආයතන ශ්‍රේණිගත කිරීමේ නීති කෙටුම්පත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට රජය තීරණය කර ඇති බව කටාර් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
එසේම මෙම කමිටුව මගින් බඳවා ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම, බඳවා ගැනීමේ ගාස්තු පහළ දැමීම සහ ගෘහස්ථ සේවකයන්ගේ පරිවාසකාලය වැඩි කිරීම සඳහාද යාන්ත්‍රණයක් සකස් කරනු ඇත.
පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු ආමාත්‍ය ආචාර්ය ඉසා බින් සාද් ජෆාලි අල් නුඅයිමි, කටාර් වාණිජ මණ්ඩලයේ සභාපති ෂෙයික් කාලීෆා බින් ජාසිම් බින් මොහොමඞ් අල් තානි, අභ්‍යන්තර අමාත්‍යාංශයේ දේශසීමා, ගමන් බලපත්‍ර සහ ප්‍රවාසික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ බි්‍රගේඩියර් මොහොමඞ් අහ්මඞ් අල් අටික් සහ මිනිස්බල නියෝජිතායතන මෙහෙයුම්කරුවන්ගේ සහභාගිත්වයෙන් කටාර් වාණිජ මණ්ඩලයේදී පැවැති සාකච්ඡාවකදී ඉහත තීරණය ගෙන ඇත.
මිනිස්බල නියෝජිතායතනවල නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉහත කාරණය සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට රැස්වීමේදී තීරණය කළ බව කටාර් පුවත් ඒජන්සිය පවසයි.
බඳවාගැනීමේ පමාව සහ ගාස්තු ඉහළ යාම සම්බන්ධයෙන් පුරවැසියන් සමාජජාල සහ දේශීය මාධ්‍ය ඔස්සේ මතු කළ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් ඉහත තීරණය ගෙන ඇත. මෙම කමිටුව අභ්‍යන්තර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, පරිපාලන සංවර්ධන, කම්කරු සහ සමාජ කටයුතු අමාත්‍යාංශය, කටාර් වාණිජ මණ්ඩලය සහ මිනිස් බල ආයතන නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සමන්විත වෙයි.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මිනිස්බල ආයතන ශ්‍රේණිගත කිරීමට රජයේ මැදිහත් වීමෙන් විශේෂ කමිටුවක්